Saturday, November 10, 2012

| සොඳුරු නවෝදය 2 | ආදරණීය බෙකම් | යෞවන සමින්ද්‍ර රත්නායක |


සිකුරාදා හවස් වරුවෙ මායි, ඇම්ඩයි, මාධවයි නගර සභා ශාලාවට ගියා. ඒ වෙනකොටත් එතන රිහසල් එක යස අපූරුවට යනවා. අපිව දැක්ක ගමන් ඉමාන් එළියට ආවා.

උඹ අද ඉස්කෝලෙත් ආවෙ නෑනෙ බං..

ඉමාන්ගෙ පිටට ගහන ගමන් මං කිව්වා.


ඔව් බෙකම්.. අද ඉස්කෝලෙ ආවා නම් මේ වැඩේ හරි විදියට කරගන්න වෙන්නෑ.. උමට කියන්න.. හෙට වෙනකන් මං මාර ආසාවෙන් බං ඉන්නෙ.. මේක මාර විදියට නැගල යයි බං..

ඒක අනිවා ඉමාන්.. මට හුඟක් සතුටුයි උඹ ඔහොම කතා කරන එකට.. හුඟාක් වෙලාවට උඹේ මහන්සියට, මුදල් පැත්තෙනුත් යමක් කරන්න අපිට පුළුවන් වෙයි..

මං සල්ලි බලාගෙන කරපු ඉලව්වක් නෙමෙයි බෙකම්.. උඹේ වචනෙටයි මං මේක කරේ.. හැබැයි මේක මේ විදියට ගොඩ නැගිලා ලස්සන අවසානයක් වෙන එකක් නෑ කියලා මට පොඩි බයක් දැනුණා. ඒත් මං වගේම උඹලත් උපරිමේටම හැමදේම කරලා තිබුණා. හෙට ලස්සන ප්‍රසංගයක් තියෙයි බෙකම්..

මාත් එහෙම හිතනව ඉමාන්.. තව අඩුපාඩු මොනවද තියෙන්නෙ..?

ඔය සංග්‍රහ කටයුතු වගේ දේවල්වල තමයි.. ඒවත් ආට් ක්ලාස් එකේ මංගලයා බලාගනියි..

එහෙනම් ඉමාන් වැඩ ටික කරගනිං.. මං දිල්රංගිවත් හම්බවෙලා එන්නම්..

ඒ වෙනකොට ඇම්ඩයි, මාධවයි නගර ශාලාව ඇතුළට ගිහින් තිබුණා.. ඒ මියුසික් බෑන්ඩ් එකේ අඩුපාඩුයි තව අත්‍යවශ්‍යම දේවල් මොනවද කියල බලන්නයි. මං කිව්වෙ ඒ හැම අඩුපාඩුවක්ම කොලේක ලියා ගන්න. එතකොට කිසිම දෙයක් මිස් වෙන්නෑ.

නවෝද්.. අපි මෙහේ...

නගර ශාලාවෙ ස්ටේජ් එක කොනෙන් මං එබෙනකොටම මාව දැකපු දිල්රංගි කෑගැහුවා. නැටුම්වලට අදින පරණ ඇඳුමක් ඇඳන් ප්‍රැක්ටිස් කර කර හිටියත් මං දිල්රංගිගෙ අමුතුම ලස්සනක් දැක්කා. තවත්, ආට් ක්ලාස් වල කෙල්ලො ගැන්සියකුයි, ගුණසිංහ සර්ගෙ නැටුම් කණ්ඩායමේ දහය වසරෙ නංගිල වගේකටයි මැදිවෙලා හිටියෙ එයා. කෙල්ලොම බර ගානක් හිටපු හින්දා මං එතනම නතර වුණා.

ඇයි බයද අපි ගාවට එන්න..?

ස්ටේජ් එක උඩ ඉඳල හෙමින් හෙමින් මං ළඟට ආපු දිල්රංගි ඇහුවා. ඒ මූණෙ මැවිලා තිබ්බෙ, මාව සවුත්තු කරන්න ඕන වගේ බැල්මක්. මං ඒක මගෑරලා කතාව පටන් ගත්තා. ඒ කතාව දිගේ ගියොත් හුඟාක් දුර යන්න වෙනවා.

දැන් වැඩ ටික කොහොමද දිල්..?

හොඳට කරන් යනව නවෝද්..! එන්න අපි අර පැත්තට යමු.. මෙතන සද්දෙ වැඩියි..

බෑන්ඩ් එකේ සද්දයි, ඉමාන් ආයෙ ප්‍රැක්ටිස් කරන හඬයි එකට එක්කහු වෙලා මහා ඝෝෂාවක් වගේ ඇහුණා. හෙටත් මේ විදියට කන් අඩි පැලෙන්න ගේම දුන්නොත් හෙම එකෙක්වත් ප්‍රසංගෙ බලන්න නම් ඉන්නෑ.

ඇඳුම් ටික හරිද දිල්..

නගර ශාලාවෙ, අනිත් පැත්තෙ හිස් කොරිඩෝවෙ හිටියෙ මායි දිල්රංගියි විතරයි. ගෘප් එක බලන්න කියලා ගියපු ඇම්ඩත්, මාධවයත් පේනතෙක් මානෙක නෑ.

ඇඳුම් ටික..?

දිල්රංගිගෙ මූණ ටිකක් අමුතු වුණා. එයා මං දිහා බැලුවෙ දුකෙන් වගේ. හිටපු ගමන් මේ වෙච්ච වර්ණ විපර්යාසෙ මොකද අප්පා.

ඔව්.. හෙට ප්‍රසංගෙට අඳින ඒවා..

ආ.. ඒ..ව..ද..? ඒවා ඔක්කොම හරි..

ඇයි ඔයා අවුල්වෙලා වගේ කතා කරන්නෙ දිල්..?

ඒ පැත්තට මේ පැත්තට තෙල් බෙද බෙද ඉඳලා බෙකම් කවදාවත් වැඩක් පලක් කරගෙන නෑ. ඒක හින්දා මං කෙලින්ම කතන්දරේට බැස්සා. ඒක විවෘතයි, වඩාත් හොඳයි.

ඇයි අනේ.. ඔයා ආපු වෙලාවෙ ඉඳලා මගේ අඩුපාඩු ගැන අහුව මිසක් මං කෑවද බිව්වද කියලවත් ඇහුවෙ නෑනෙ.. ඔන්න ඉතිං අපේ ළඟම යාලුවොන්ගෙ හැටි..

එහෙනම් ඒකයි මේ මූර්ත කලාබරේ අවුල්වෙලා තියෙන්නෙ.. ෂහ්.. ඒකත් වස වැරැද්දක් තමා..

අනේ සොරි දිල්.. ඉන්න මං මොනව හරි අරන් එන්නම්.. මෙතන ඉස්සරහ රෙස්ටෝරන්ට් එකක් තියෙනවනේ..

මං ආපහු හැරුණා. මගේ වචනෙකට මේ වගේ කැපවෙන මේ කෙල්ල ගැන මීට වැඩිය හොයලා බලන්න තිබ්බා කියලා මගේ හිත මට දොස් කිව්වා.

හෝව්.. හෝව්.. කොහෙද මේ පණ කඩාගෙන දුවන්නෙ.. මං විහිලුවටනේ කිව්වෙ.. අපි දවල්ට කාලා ඉවරවෙලා තමයි ප්‍රැක්ටිස් කරන්න පටන්ගත්තෙ...

හ්ම්.. ඒකත් එහෙමද..?

නගර ශාලාව ඇතුලෙ හුඟාක් උණුසුම් උනත්, ඒකෙ එළියෙ ඒ තරම් උණුසුමක් තිබ්බෙ නෑ.. මං ආයෙත් දිල්රංගි දිහා බැලුවා. එයාගෙ ඇස් තිබ්බෙත් මගේ මූණෙමයි.

න.. වෝ.. ද්..

මෙච්චර වෙලා ටිකක් සද්දෙට ඇහිච්ච කටහඬ ඒ පාර ස්ලෝම වෙලා තිබුණා. මොකද අප්පා ඒ..?

ඇයි දිල්..?

ම.. මං ඔයාගෙන් බඩ්ඩක් අහන්න.. ඔයා මට ඇත්තම කියනවද..?

මොකක්ද..?

මෙච්චර වෙලා ලාවට හරි හිනාවකින් පිරිලා තිබ්බ කෙල්ලගෙ මූණ මොකක්දෝ අහේතුවකින් අඳුරු වෙලා තිබුණා. වැඩේ කියන්නෙ එහෙම අඳුරු වෙලා තියෙද්දිත් දිල්රංගිගෙ මූණ තවත් ලස්සනට මට පෙනිච්ච එක. මගේ පෙනීමේ දෝෂයක්වත් තියෙනවද මංදා.

චතුරංග අයියා ඩ්‍රග්ස් ගන්නවද..?

කෙල්ල එක පාරටම අහපු දෙයින් මං උඩ ගිහින් බිම වැටුණා. මොනව ගැනද මේ අහ්නනෙ.. අරක්කු, සිගරැට් නම් චතුරංගයා අනිවා ගන්නවා කියලා මං දැනන් හිටියා. ඒත් එතනින් එහාට ගියපු දේවල් ගැන කියන්න මට දැනුමක් තිබ්බෙ නෑ. ඒක හින්ද මං මුකුත්ම කියන්න ගියේ නෑ.

ආ.. නවෝද්.. කියන්නකො..

කියන්න තරම් දේවල් මං දන්නෑ දිල්..

බොරු කියන්නෙපා.. ඔයා හුඟක් දේවල් දන්නවා.. ප්ලීස් නවෝද්.. මේක මගේ ජීවිතේ සම්බන්ධ ප්‍රශ්නයක්.. මට ඇත්ත කියන්න..

ජීවිතයට සම්බන්ධ ප්‍රශ්නයක් කියල කිව්වෙ, කෙල්ල චතුරංගයට බහක් දීලද දන්නෑ තියෙන්නෙ.. මං දිල්රංගි දිහා හොඳට බැලුවා. ඒ ඇස් දෙක පුරාම තිබ්බෙ ජීවිතේ ගැන, ආදරේ ගැන බලාපොරොත්තු.

මං මොනවද දිල් කියන්න ඕන..

ආයෙ මාව ප්‍රශ්නෙ මුලට ගෙනියන්නෙපා නවෝද්.. ඔයාට මං ගැන පුංචි දුක්කවත් නැද්ද..? පුංචි අනුකම්පාවක්වත් නැද්ද..? ආ.. මං ඔයා ගැන හිතනව වගේ ඔයා මං ගැන ඩිංගක්වත් හිතන්නැද්ද..?

මහා වේදනාවකින් කියවගෙන කියවගෙන ගිහිල්ලා දිල්රංගි මගේ අතේ එල්ලුණා. ඒ අත අයින් කරල දාන්න තරම් ශක්තියක් මට ඒ වෙලාවෙ තිබුනෙ නෑ. හැමෝටම පේන්න සතුටින් මේ කෙල්ල හිනාවෙලා හිටියත්, හදවතේ තියෙන්නෙ මොන තරම් දුක් ගංගාවක්ද කියලා මට තේරුණාඤ.

ඔයා ගැන සහෝදරියක් වගේ මගේ හිතේ නැත්නම් එදා ඔයාලගෙ ක්ලාස් එක ළඟට ඇවිල්ලා චතුරංග ගැන ඔයාට අනතුරු අඟවන්නෑ. මොන දහපඳුරා බලු වැඩේ කරත් කොල්ලෙක්ව පාවල දෙන්න මට බෑ.. හැබැයි ඔයා වගේ කෙනෙක් හින්දා මං ඔයාට කෙලින්ම කියනවා චතුරංගගෙන් ඈත්වෙන්න කියලා.. ඒක ඔයාගෙ ලස්සන අනාගතේට හුඟක් හොඳයි..

ඒ කියන්නෙ ඒ කතා ඔක්කොම ඇත්ත..?

මං ඒවා ගැන කතා කරන්නෑ දිල්.. ඔයා චතුරංගට ගුඩ් බායි කියන්න.. ඌ වගේ කැත සතෙක්, ඔයා වගේ සියුමැලි කෙල්ලෙකුට කොහෙත්ම මැච් වෙන්නෑ.. මේ තීරණේ ගන්න ඔයාට ගොඩක් අමාරු වෙයි.. ඒත් පස්සෙ දවසක ඒ තීරණේ ගැන ඔයා ආඩම්බර වෙයි..

මං කියවන් ගියපු හැම වචනයකටම දිල්රංගි ඔලුව වැනුවා. ඇස් දෙකේ හීනියට කඳුලු බිංදු දෙකකුත් පුරවගෙන එයා මං දිහා බලන් හිටියෙ, යාපා පටුන ජයගත්තු සපුමල් කුමාරයා දිහා බලනව වගේ.

මං ඒ දේ කරනව නවෝද්.. මං ඒ දේ කරනවා.. මට වගේම චතුරංගටත් හුඟාක් විඳවන්න වෙයි..

විඳවන්න ඕන චතුරංග.. මොකද ඔයා වගේ අංග සම්පූර්ණ ස්ත්‍රී රූපයක් අහිමි කරගත්තට.. ඔයාට තියෙන්නෙ සැනසෙන්න.. ඒ වගේ ජීවිතේ විනාස කරගන්න කාළකණ්නියෙක්ගෙන් බේරෙනවට.. තේරුණාද..?

හ්ම්..

එතනින් එහාට තවත් කතා කරන්න දෙයක් නෑ වගේ, දිල්රංගියි මමයි මූණින් මූණ බලාගෙන හිටියා. ඒ එක්කම තමයි හුරු පුරුදු කටහඬක් නගර ශාලාවෙ පැති දොර ගාවින් ඇහුණෙ.

න..වෝ..ද්..

මායි, දිල්රංගියි එකපාරටම ඒ දිහා බැලුවා උනත්, දිල්රංගිගෙ අත් දෙක ඒ වෙනකොටත් තිබ්බෙ මගේ දකුණු අත උඩ.

ස..මින්දි..

කවුද නවෝද් ඒ..? හරිම හැඩ කෙල්ලෙක්නෙ.. නිකං දැකල පුරුදුයි වගේ..

මගේ යාලුවෙක් දිල්.. එන්න අපි යමු එතෙන්ට..

ම්.. යාලුවෙක් වෙන්න බෑ..

ඇයි..?

හේතු ගොඩක් තියෙනවා.. එකක් කවදාවත් නැති විදියට ඔයා එක්සයිට් වෙලා.. අනික ඒ ළමයා අපි දිහා බලන් ඉන්න හැටි බලන්නකො..

ඇයි..?

ඇයි තමයි.. මට ඔරවන ගමන් ඔයත්තෙක්ක හිනා වෙනවා..

දිල්රංගි කියපු තාලෙට මට ලොකු හිනාවක් ආවා. ඒ හිනාව පිටින්ම මං සමින්දි ළඟට ගියා.

සමින්දි..

මං එයාට කතා කරත්, සමින්දිගෙ ඇස් තිබ්බෙ දිල්රංගි ගාව. මේ කෙල්ලට මොනව වෙලාද මේ..?

ම.. මට ඔයාට ටිකක් කතා කරන්නෝන..

ආයතේ පාරක් දිල්රංගි දිහා බලන ගමන් සමින්දි කිව්වා. එයාගෙ වැඩෙන් දිල්රංගිත් අවුල් වුනා වගේ.

න.. නවෝද්.. මං යනවා.. හෙට හම්බවෙමු..

සමින්දි දිහා බලන ගමන් ඒ ටික කියපු දිල්රංගි නගර ශාලාව ඇතුළට ගියා.

ක.. කවුද නවෝද් ඒ..?

අපේ ඉස්කෝලෙ ළමයෙක්..

ඉතිං ඔච්චර ලංවෙලා හිටියෙ.. අනිනුත් අල්ලන් හිටියෙ..

එළ.. එළ.. ඔන්න දැන් තමයි මට ඇත්ත කතන්දරේ නීත්‍යානුකූලව තේරුනේ. මොනව නැතත් සමින්දිට සෑහෙන තරමෙ ඉරිසියාවක් ඇතිවෙලා දිල්රංගි ගැන. ඒ වගේම දිල්රංගි මට ළංවෙලා හිටපු එක ගැන. මට නිකං අමුතුම ගතියක් ආවා. ඔහොම එකක් ඔයාට දැනෙනවා කියලා මේ බෙකම් හාන්කවිසියක් හරි දැනන් හිටියා නම් මේ වෙලාවෙ බෙකම් ඉන්නෙ දිල්රංගිගෙ ඔඩොක්කුවෙ.

ආ.. ඒ අපි යාලුවො හින්ද..

යාලුවො හින්දද..? එයා ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් හින්දද..?

අපි ඒ වෙනකොට, නගර ශාලාවෙ, අපි හිටපු පැත්තෙ ඉඳල ආයෙත් පාර පැත්තට ඇවිදන් ඇවිල්ලා තිබුණා. නගර ශාලාව මැද්දෙන් එද්දි සමින්දි වටපිට බැලුවෙ දිල්රංගි ඉන්නවද කියල බලන්න කියලා මට තේරුණා. ඒත් දිල්රංගි පේන්න හිටියෙ නෑ. එයා කෙලින්ම ඩ්‍රෙසින් රූම් එකට යන්නැති කියලා මට හිතුණා.

මට තාම එහෙම වාසනාවක් නෑ..

ඒ කිව්වෙ..?

මට තාම ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ..

ස්.. සූ.. ඇයි ඔයා මේ තරම් බොරු කියන්නෙ..?

බොරු..

ඔව්.. මං දැක්කනේ.. ඔයා ඒ නටන ළමයා දිහා බලන් හිටපු හැටි.. එයා ඔයා දිහා බලන් හිටපු හැටි..

ඒ කොහොම උණත් අපි අතරෙ සම්බන්ධයක් නෑ.. ඉතිං..

තවත් දුරට අත පත ගගා, අරහෙන් මෙහෙන් කෙරෙන මේ කතාව මට දිරෙව්වෙ නෑ.. සමින්දිට උනත් මං මේ තරම් දේවල් පුන පුනා කියන්න ඕන කමක් නෑ..

මං ආවෙ ඇයි කියලා ඔයා දන්නවද..?

නෑ..

සමින්දිගෙ මූණෙ අර කලින් තිබ්බ අමනාපකම ගති ලක්ෂණ මැකිලා ගිහින් යස අපූරු හිනාවක් පහළ වුණා. හනේද කියන්නෙ.. මේ තරම් යස අපූරුවට සිරික්කිය දාන්න පුළුවන්කම තියෙද්දිනේ.. මූණ එල්ලගෙන මාව කන්න හදන්නෙ..

ආ.. මෙන්න ගන්න..

බ්‍රවුන් පේපර් බෑග් එකක ඔතපු පාර්සලයක්, සමින්දි මට දික් කරා.

මොනවද සමින්දි මේ..?

ඔයාගෙ ටිකට් පොත් විකුණලා හම්බවෙච්ච සල්ලි..

ටිකට් පොත්..?

ඔව්.. ඔයා ඉන්කිට දුන්නෙ.. මායි ඉන්කියි එකතුවෙලා ඔක්කොම විකුණුවා..

මං සමින්දිගෙ මූණ දිහා බලන් හිටියෙ, එයා කියන දේවල් අදහා ගන්න බැරිව.. මේක වෙන්න පුළුවන් දෙයක්ද අප්පා.

ඔක්කොම විකුණුවා..? පොත් තිහම..?

ඔව්.. ඔතන තිස් දාහක් ඇති.. ගණන් කරලා බලන්න..

මං උඩ ගිහින් බිම වැටුණා. එදා ඉන්කිට පනහෙ ටිකට් පොත් දොළහක් දෙද්දි, ඇම්ඩයි මායි හීනෙකින්වත් හිතුවෙ නෑ එයාලා ඒ හැම ටිකට් එකකටම සල්ලි අරන් ඒවි කියලා. ඒ කියන්නෙ සමින්දිල ටිකට් දෙදාස් පන්සීයක් විකුණලා.. හප්පේ.. වෙන්න පුළුවන් දෙයක්ද මේ..?

හුඟාක් පින් සිද්ධ වෙනවා.. ඇත්තමයි.. ම.. මට හිතා ගන්නවත් බෑ..

මං සමින්දිගෙ අත් දෙකෙන්ම අල්ල ගත්තා. එයා එක පාරටම මං දිහා බැලුවා. හරියට නිකං මං කිව්ව දේ එයාට විශ්වාස නෑ වගේ.

කාත් කවුරුවත් නැති අන්ත අසරණ මනුස්සයෙක්ගෙ ජීවිතේ අන්තිම අවුරුදු කීපය ලස්සන කරාට.. ඔයාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.. සතුට කියන දේ හැමදාම.. හැමදාම ඔය හිතේ පදිංචිවෙලාම තියෙන්න ඕන..

නවෝද්.. ඔහොම කතා කරලා මාව අඬවන්නද හදන්නෙ..? ආ.. මෙතන මිනිස්සුත් ඉන්නවා.. ප්ලීස්.. අපි ඔය ගැන පස්සෙ කතා කරමු..

සමින්දිගෙ ඇස්වලට කඳුලු උනතා තිබ්බා. එයා හෙමින් සීරුවෙ අතේ ගුලිවෙලා තිබ්බ ලේන්සුවෙන් කඳුලු පිහිදාගත්තා. එයා ඒ දේවල් කරපු විලාසය. ඒකෙ තිබ්බ අව්‍යාජකම මගේ හිත පුරාම ඇඳුණා. ජීවිතේ මෙච්චර දවසකට මං දැක්කෙ නැති අහිංසකකමක් ඒ සුදු මූණෙ සිත්තම් වෙලා තියෙනවා මං දැක්කා.

පස්සෙ කතා කරමු කිව්වෙ..  අපි ආයෙත් හම්බවෙනවද..?

මං හිතනව එහෙම..

කවදද සමින්දි..?

හෙට..

හෙට..?

ඔව්.. හෙටනේ මේ හැමදේකම අවසාන ප්‍රතිඵලය ලැබෙන්නෙ.. ඉතිං ඔයයි, මමයි කොහොමත් හෙට හම්බ වෙනවා..

සමින්දි කියපු කතාවෙ තේරුම මට හරියකට පැහැදිලි උනේ නෑ.. මං එයාගෙ මූණ දිහා බලන් හිටියෙ තවත් මොනව හරි කියයි කියල බලාගෙන.. ඒත් ඒක එහෙම උනේ නෑ.

මං යනව නවෝද්.. හෙට දවසෙ වැඩ කටයුතු හැමදේම සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා..

සමින්දි ආපහු හැරුණා. අඩු ගානෙ එයා මගේ තැන්ක් යූ එකවත් ගත්තෙ නෑ.. බලන් ගියහම සමින්දි කියන්නෙත් තේරුම් ගන්න බැරි චරිතයක්.

වැඩේ පත්තු වෙලාම ගියා නේද..?

සමින්දි ගියා විතරයි මෙන්න ඇම්ඩයි, මාධවයයි මං ගාව. මාධළුයගෙ කෙසේ වෙතත් ඇම්ඩගෙ මූණ නම් තිබ්බෙ ඌ උපදිනකොටම තිබ්බයි කියන කුණු හිනාව.

එහෙම දෙයක් නෑ නාලක..

නෑ..? මං බලාගෙන උඹ සමින්දිගෙ අතිනුත් අල්ලනවා.. ඇයි බං උඹලා දෙන්න මරාගෙන මැරෙන්න නේද හිටියෙ.. දැන් උඹලා දෙන්නා සමීප වෙලාද..?

උඹට තේරෙන්නෑ ඇම්ඩා.. සමින්දි ඇවිත් තිබුණෙ සල්ලි දීලා යන්න..

සල්ලි..?

මං එතන ඉඳලා මේ දැන් වෙච්ච හැම දෙයක්ම ඇම්ඩටයි, මාධවයටයි කිව්වා. කිසිම දෙයක් හංගන්නවත් කිසිම දෙයක් වැඩි කරල කියන්නවත් මං ගියේ නෑ.. කාලෙකට පස්සෙ ඇම්ඩගෙ කට ඇරිලා තියෙනවා මං ඒ වෙලාවෙ දැක්කා.

ලොවෙත් නෑ.. සුපිරියි බෙකම්..

මැක්සා ගේම් එකක්නේ ඒකියි, ඉන්කියි දීලා තියෙන්නෙ..

ඒක තමයි නාලක.. අපේ වැඩෙන් භාගයක්ම ගොඩනේ..

ඒක නේන්නම්.. ඒක නේන්නම්.. උඹ ඒකිගෙ අතින් නෙමෙයි වෙන වෙන අවයව වලින් ඇල්ලුවත් කමක් නෑ. මේ කරපු පට්ට හෙල්ප් එකට.. මැක්සා ආ..

කියන්න ඕන ටික කියලා ඇම්ඩා අන්තිමට අලුගුත්තේරු කතාවකුත් කිව්වා.


වතුර බිංදුවකින් පටන් අරගෙන මහා විසාල ගඟක් බවට පත් වෙච්ච භාරදූර වැඩක අවසාන පැය කීපය ළංවෙලා තිබුණා. ඇම්ඩා, මම, පැතුම්, බලයා, මාධව, කල්හාර අපි හැමෝම සෑහෙන තරමට කාර්ය බහුල වගේම කලබල වෙලා හිටියෙ. මෙච්චර දවසක් හැම දෙයක්ම අමාරුවෙන් ඇදගෙන ආව මෙන්න මේ අවසාන මොහොතටනේ. තව ටිකකින් මේ හැමදේම පටන්ගන්නවා. සෙනසුරාදා උදේ පාන්දර ඉටන් අපි හැමෝම නගර ශාලාව ළඟට වෙලා, අන්තිම මොහොතක දක්වා තියෙන, තිබ්බ අඩුපාඩු එකින් එක හරි ගැස්සුවා. වෙන්න තිබ්බ වැරදීම් අඩුම කරගත්තා. ෂෝ එක පටන් ගන්න පැය දෙකක් වගේ තියෙද්දි, හැමදේම නූලට තිතට තියෙනවා කියලා අපි තේරුම් ගත්තා. පිච්ච මල් මාලා හතර පහකින් වටවෙච්චි යෝධ පොල්තෙල් පහන ස්ටේජ් එකට ප්ලලෙහා ප්‍රේක්ෂකාගාරය ඉස්සරහින්ම ලස්සනට තියල මායි, ඇම්ඩයි, බලයයි එළියට බැස්සා. ඒ අලුත් කිට් එකක් ඇඳගෙන පිළිවෙලකට එන්න. නැතුව බෑනෙ අප්පා.. දහස් සංඛ්‍යාත ජන ගංගාවක් අතරෙ අපිත් ලස්සනට එන්න එපෑය.

බෙකම්.. මං මොකක්ද අඳින්නෙ..?

අපි පාරට එනකොටම නගර ශාලාවෙන් එළියට ඔලුව දාපු පැතුමා ඇහුවා. ඕන බලපල්ලකො ඉතිං.. මං මුගේ ලොකු බාප්පොච්චි වගේ හැම දෙයක් ගැනම හොයල බලන්න වෙලා. මේක ඇත්තටම පිස්සු ලෝකයක් අප්පා.

ඇඳුම් මුකුත් නැතුව වරෙන්..

මගේ උත්තරේට පැතුම මොනවදෝ කියල බනිනවා මට ඇහුණා. ඒ එක්කම තමයි ප්‍රදීප් හතිදාගෙන මායි ඇම්ඩයි ළඟට දුවගෙන ආවෙ. ප්‍රදීප් කියල කිව්වෙ චතුරංගගෙ බාස්කට් බෝල් ටීම් එකේ ඉන්න අහිංසක කොල්ලෙක්.. උගේ ගම සියඹලාන්ඩුවෙ. එදා තරු පිරි අහස් වියන යට බලන්න යද්දි රහුමානියා හෝටලේදි ජෙල් කාලා මඤ්ඤං වෙලා හිටියෙ ප්‍රදීප් තමයි. අපි ඌට වතුර පොවලා, ත්‍රීවිල් එහෙකත් දාලා බෝඩිමට යැව්වනේ.. ඔන්න ඊට පස්සෙ අද තමයි සිරාවටම ෆේස් ටු ෆේස් හම්බවුණේ.

“”බෙ..කම්.. හ්.. හ්ග්.. හ්ග්..

මොකද බං මේ හති දාගෙන.. කරදරයක්වත්ද..?

මට මොකක්දෝ අමුත්තක් දැනුණා. මට එහෙම දැනෙන්නෙ මගේ තරහකාරයෙක් කොහේ හරි වේගයෙන් ක්‍රියාත්මක වෙද්දි.. ඒක හරිම පුදුම දෙයක්. මගේ ඔලුවට පටාස් ගාලා ආවෙ චතුරංග..

අ.. අරගෙ පරණ පාරෙ.. චතුරංග අයියලා බොනවා..

ඕක ඉතිං අහන්නත් දෙයක්යෑ.. ඌ හදන්නෙ ලංකාවෙ නොම්මර එකේ බේබද්දා වෙන්නනේ.. ඊට පස්සෙ අපේ ඉස්කෝලෙට ලොකු නම්බු නාමයක් දෙන්න.. නොදකිං වහුකුණා.

ඉතිං උං එහේ බිව්වට, උඹ ඇයි හතිදාන්නෙ.. මෙන්න මෙහේ ඉඳන් අපිත්තෙක්ක ෂෝ එක බලපං...

චතුරංගයල හදන්නෙ ෂෝ එකට කචල් එක අඳින්න..

ප්‍රදීප්ගෙ කතාවෙන් මායි ඇම්ඩයි උඩ ගියා.

මොකක්..?

ඔව්.. නගර ශාලාවට ඇවිත් හූ කියලා වැඩේ චාටර් කරලා දාන්නයි හදන්නෙ..

ඒවා කොහෙද.. කවුද උං ඇතුළට ගන්නෙ..?

උං ආවොත් ගන්න වෙනවා ඇම්ඩා.. උංගෙ අතේ ටිකට් ඇති.. එතකොට කොහොමද නොගෙන ඉන්නෙ..

තව චතුරංග අයියයි, පෙත්තාවඩුයි ලෑස්ති වෙනවා..

මොනාටද..?

ප්‍රදීප්ගෙ කතාව ඉවර වෙනකන්වත් අපිට ඉන්න බැරිවුණා. ඒ තරම් ඉක්මනට ඒ ප්‍රශ්නෙ අපෙන් එළියට ඇඳිලා ආවා.

ගෘප් එකේ මියුසික් කචල් කරල දාන්න..

මොකක්..?

ඔව්.. ටියුනින් අප්සට් කරල දාන්න.. බේස් එහෙම උපරිමේටම වැඩි කරලා..

යකෝ මුංව කොටියම කන්න ඕනනේ.. දැන් මොකද කරන්නෙ.. හවස තුන වෙන්නත් තව ඒ තරම් වෙලාවක් නෑ..

දැන් මොකද කරන්නෙ බෙකම්..?

ඇම්ඩත් ටිකක් විතර අවුල් වෙලා. පෙන්නුවෙ නැති උනාට මාත් අවුල් වෙලයි හිටියෙ. ඇයි අප්පා අන්තිම මොහොතෙ මේ වගේ හෙණගෙඩියක් පාත්වෙයි කියල කවුද හිතුවෙ..?

තව මොනවද ප්‍රදීප් උං කතාවුණේ..?

දැල්ලා අංකල්ට දෙකක් ඇනලා ෂෝ එක බලන්න එන්න බැරි කරනවා කිව්වා...

මට හීන් දාඩියයි, මහ දාඩියයි දෙකම දැම්මා.. දෙයියනේ දැල්ලා අංකල්නෙ ප්‍රධාන අරාධිත අමුත්තා.. එයා නැතුව ප්‍රසංගෙ කොහොමද තියන්නෙ.. එයා වෙනුවෙන් අපි මේ තරම් දෙයක් කරා කියලා එයා දැනගන්නත් ඕනනේ.

ඇම්ඩා.. අපි යමු..! ප්‍රදීප් ඔය කතන්දරේ මෙතන කාටවත් කියන්නෙපා.. හැමෝම අවුල්වෙයි.. තේරුණාද..? අපි එන්න පරක්කු උනොත් බලයටයි, පැතුමටයි වැඩේ ඇදගෙන යන්න කියපං..

ප්‍රදීප් කට ඇරගෙන බලන් ඉද්දි මායි ඇම්ඩයි මගේ පුටාර් එකට නැග ගත්තා. බඩල් දාලා හැටට හැටේ පාගල යන්න ඇම්ඩා කොහොමත් දක්ෂයා. මං කෙරුවෙ හරස් බාර් එකේ පාඩුවෙ වාඩිවෙලා හිටපු එක. විනාඩි පහලොවක් විතර යද්දි මායි ඇම්ඩයි, පරණ පාරෙන් දැල්ලා අංකල්ගෙ ගේ ළඟට ඇවිත් තිබුණා. ඒ එනකන්ම මායි ඇම්ඩයි වචනයක්වත් කතා කරේ නෑ. මාව දාගෙන හැටට හැටේ පාගල ආපු හින්ද ඇම්ඩගෙන් හති කූඩයක් පිටවුණා.

බෙකම් අර බලපං..

අපි දැල්ලා අංකල්ගෙ ගේ ඉස්සරහ පාර ගාවට එද්දිම තමයි දැල්ලා අංකල් ගෙයින් එළියට බැස්සෙ. සුදු පාට අලුත් සරමක් ඇඳලා ඊට උඩින් ඇඳපු සුදු ෂර්ට් එකට උඩින් කලු කෝට් එකක් දාගෙන, හිතාගන්න බැරි තරම් ප්‍රසන්න ගතියකින් අපි ඉස්සරහට ආවෙ. මෙච්චර කාලෙකට අපි දැකපු දැල්ලා අංකල් නම් නෙමෙයි. රැවුල කපලා, කොණ්ඩෙ හොඳට පීරලා ඉන්න මේ මනුස්සයා  දැක්කම මායි ඇම්ඩයි මූණින් මූණ බලා ගත්තා. මාර මොඩ් වීමක්නේ.

යකෝ.. මේ මනුස්සයා හැඩවෙලා තියෙන හැටි..

ඒකනේ බෙකම්.. මට අඳුනගන්නත් බැරිවුණා..

කෝ බං චතුරංගයලා..?

සුපුරුදු විදියටම උං අඩිය ගහලා නන්නත්තාර වෙලා ඇති.. උං කොහෙද බෙකම් අපිට බකට් අදින්නෙ..?

හානේ.. බෙකම් පුතා.. මගටත් ආවද..?

අපිව දැක්ක ගමන් හීන් බංඩා අංකල් කට පුරාම හිනාවෙලා ඇහුවා.

ඔව්.. ඔව්.. ප්‍රධාන ආරාධිත අමුත්තා වුණාම මගටම ඇවිත් එක්ක යන්න එපැයි..

කලින් දවසක ඇවිත් දැල්ලා අංකල්ගෙ ගෙදර වටපිටාව දැකල අපි සෑහෙන්න අවුල් උනානෙ.. ඊට පස්සෙ කුලීයට මිනිස්සු තුන්දෙනෙක්ව දාලා, වත්ත පිටිය සුද්ධ පවිත්‍ර කරලා, දැන් ටිකක් අමුතු ගතියකට අපි ගෙනල්ලයි තිබුණෙ. දැනට ඉතිං ගේ විතරයි අප්සට් එකකට තිබුණෙ. ප්‍රසංගයට පස්සෙ ඒකත් ගොඩදාන්න පුළුවන් වේවි කියන විශ්වාසෙ මට තිබුණා.

එහෙනම් අපි යමු..

මං පුටාර් එක තල්ු කරගෙනම ඉස්සර උනා. දැල්ලා අංකලුයි, ඇම්ඩයි එක පෙළට වැටුණා.

මේ කරන කියන දේවල් වල ණය ගෙවන්න මට ආත්ම තුන හතරක් ගියත් බැරිවෙයි බෙකම් පුතා.. ඇත්තමයි ලබන ආත්මෙ මං සතෙක් වෙලා හරි මේවයෙ කළගුණ සලකණවා..

දැල්ලා අංකල් හදවතින්ම කියාපු ඒ කතාවෙන් අපේ පපුවෙ තුන් හතර පොළක්ම ඇවිලෙද්දි මායි ඇම්ඩයි මූණින් මූණ බලාගත්තා. දැල්ලා අංකල්ගෙ වියපත් ඇස් අද්දට ඒ වෙනකොට කඳුලු බිංදු දෙකක් ඇවිල්ලා තිබුණා.

දැල්ලො.. උඹේ ණය අපි ගෙවල දාන්නම්..

මහා සද්දෙට එහෙම කියන ගමන් චතුරංග අපි ඉස්සරහයින් මතුවුණා. ඒ උගේ අපත ගැන්සියයි, ටවුමෙ මදාවියො දෙන්නෙකුයි එක්ක.. එහෙනම් ඇම්ඩා හිතුවට වැඩිය මුං ක්‍රියාශීලියිනේ.. අපි දැල්ලා අංකල්ව මෙතනින් ගන්න කලින් මුං ගේමට හැබැලනේ.

හීන් බංඩා අංකල්ට අතක් තියන්නෙපා..

දැල්ලා අංකල් කවර් කරගන්න කියලා ඇම්ඩට කියන ගමන් මං චතුරංග ඉස්සරහට ගියා. මට ඇත්තටම ඌත් එක්ක මරාගෙන මැරෙන තරමෙ කේන්තියක් ඇවිල්ලයි තිබුණෙ.

ඇයි අත තිබ්බොත් තියවෙන්නෙ නැද්ද..?

චතුරංගගෙ උජාරු කතාවට මගේ ඇඟේ ලේ රත්වෙලා උතුරන්න ගත්තා. අනික එදා මූ මට මිරිස්කුඩු ගහපු එකත් මගේ හදවතේ පතුළෙම තැන්පත් වෙලා තිබුණා.

යකෝ උඹල මේ මහන්සිවෙලා හොයන සල්ලි වලින් හොඳ ෆන් එකක් ගනිපියව්.. හොඳ ඩ්‍රින්ක් එකක් දාලා සුස්ති පාරක් ගහලා, පොඩි මසාජ් පාරක් දාගන්න මසාජ් ක්ලීනික් එක පැත්තෙ ගිහින්, දාර සයිස් එහෙකට බැහැපියව්.. මේ කොහෙද ඉන්න වල් උගුඩ්ඩෙක්ව මුදුනා කරන්නැතුව..

මොනවා නැතත් චතුරංගයා, ඌ උගේ සාමාන්‍ය හැසිරීම් ක්‍රියා පටිපාටිය අපි ඉස්සරහ කියල දැම්මා. ඔය කියෙව්වෙ ඌ කරන දේවල් වෙන්නැති.

ඔය තියරි එක උඹේනේ චතුරංග.. මගේ නෙමෙයි..

තියරි විතරක් නෙමේ යකෝ.. ප්‍රැක්ටිකලුත් මගේ.. උඹටත් හැදෙන්නයි මං ඔය ටික කිව්වෙ.. හැබැයි පුතේ.. උඹ අද දැල්ලව මෙතනින් ගෙනියනව බොරු.. මං මෙතන ඉන්නකල්ම දැල්ලත් අද මෙතන තමයි.. තේරුණාද..? හැබැයි එක ක්‍රමයක් තියෙනවා.. අපෙන් කිසිම අවුලක් නැතුව දැල්ලව මෙතනින් නිවාඩු පාඩුවෙ අරගෙන යන්න..

චතුරංග කතාව නැවැත්තුවා.. තව ඕන නම් තත්පරයක් දෙකක් මං ඉවසනවා.. ඊට පස්සෙ අනිවා ගේමට බහිනවා.

උඹලා එකතු කරපු සල්ලි වලින් විසි දාහක් අපිට දීපල්ලා පොඩි ෆන් එකක් ගන්න..

මගේ ඉතුරු වෙලා තිබ්බ යකත් උපරිමේටම නැග්ගා.. චතුරංගගෙ අමන කතාවෙන්.. තවත් ඉවසල වැඩක් නෑ.. අරගෙ උත්සවේ අත ළඟම එනවා..

ආ.. උඹට හොඳ ආතල් එකක්..

අත ගුලි කරලම මං චතුරංගගෙ මූණ මැදට ඇන්නා. ඒ තත්පරයෙම ඇම්ඩත් ගේම පටන් ගත්තා. හීන් බංඩා අංකල් කවර් කරගෙන වලිය ඇදගෙන ගියත් ඒක අසාමාන්‍ය සටනක් වුණා. මොකද චතුරංගගෙ ගැන්සියෙ එකොලොස් දෙනාට මූණ දෙන්න හිටියෙ මායි ඇම්ඩයි විතරක් හින්දා. සටන අපේ පැත්තට අවාසියක් වේවි කියලා මට තේරුණේ පෙත්තාවඩුයි තවත් ටවුමෙ මදාවියොයි නොහිතපු විදියට ඇම්ඩගෙ අත් දෙකෙන් අල්ලගෙන හිරකර ගත්තු වෙලාවෙ. ඒකෙන් මාත් සෑහෙන්න අවුල් වුණා. මොකද මාවව කවර් කරන්න පස් දෙනෙක් ගේමට බැහැලා තිබුණ හිංදා.. ඒත් අන්තිම ධෛර්යය බිංදුවත් බිමට වැටෙනකල්ම ගේම ඇදගෙන යනවා කියලා බැරි මරගාතෙම මං හිතාගත්තත් ජීවිතේටම අදහාගන්න බැරි දේ සිද්ධ වුණෙත් එකම වෙලාවෙ. ඒ තමයි මෙච්චර වෙලා අන්ත අසරණ අහිංසකයෙක් වගේ අපෙන් ආරක්ෂාව බලබා මුලු ගැන්විලා හිටපු දැල්ලා අංකල් ගේමට බැහැපු එක. එයා පුදුමාකාර ශක්තියකින්, චතුරංගගෙ සෙට් එකට හයේ හතරෙ පාරවල් ඇදලා ඇරියා. ඇත්තටම බලන් ඉන්න ආසයි. චතුරංගගෙ හඩු ගැන්සිය කාපු කෑම නම්, සනත් ජයසූරිය ගහපු දාර සයිස් හයේ පාරවල් වලට වැඩිය සැර පාරවල් දැල්ලා අංකල් දියත් කරා. කොටින්ම වෙච්ච දේ චතුරංගයලට වගේම මටත් අදහගන්න බෑ. මේ තරම් වයසක මනුස්සයෙක්ගෙ ඇඟේ මේ තරම් හයියක්.. කොටින්ම ඩෝප් මරගාතෙ ඉඳපු චතුරංග වඳින කල්ම දැල්ලා අංකල් ඌට නෙලුවා. පෙත්තාවඩු නම් සුපුරුදු පරිදි දෙක තුන වදිනකොට උගේ කල්‍යාන මිත්‍රෙයා සෙට් එක මඟ දාලා පැනලා දිව්වා.

හ්හ්.. හ්.. අපි යමු බෙකම් පුතා..

කලු කෝට් එක උඩට වැටිලා තිබ්බ වැලි පාරවල් දෙක තුනක් පිහදාන ගමන් දැල්ලා අංකල් කිව්වා. මට වටපිට බලද්දි ඇම්ඩා පුටාර් එකත් අරගෙන අපේ ළඟට ආවා. උගේ නම් මූණ ඩිංගක් ඉදිමිලා වගේ. ෂුවර් එකට පාරක් වදින්නැති. මම නම් මූණ ගාඩ් කරගෙනමයි හිටියෙ.. නැත්නම් හැම කොල්ලා, බල්ලම ඔය ගැන අහනවා.

කොහෙන්ද හීන් බංඩා අංකල් ඒ චීනඩි සෙට් එක පුරදු වුණේ. අරුන් ටික දිව්වෙ ගාල කඩාගත්තු කේප්ප වස්සො වගේ...

ඕවා මං තරුණ කාලෙ ප්‍රගුණ කරපු දේවල් නාලක පුතා.. ඒත් මං හිතුවෙ ඕවා කවදාවත් ප්‍රෙයෝජනවත් වෙන එකක් නෑ කියලා.. ඒත් හිතුවෙ නැති විදියට මගේ ජීවිතේ ලස්සනම දවසෙ, ඒ හැමදේම මට උපකාරි උනා..

අංකල් නිකංවත් අපිට අඟවල නෑනෙ ඕවා දන්නවා කියලා.. හැබැයි කොල්ලො විහිලුවටවත් විහිලු කරන එකක් නෑ.. අංකල් චීනඩිකාරයෙක් කියලා දන්නවා නම්..

ඇම්ඩා කියපු දේට හීන් බංඩා අංකල් මුකුත් නොකියා හිනාවුණා. ඒ හිනාවෙ තිබ්බෙ තමන් ගැන ආඩම්බරවෙන වියපත් මනුස්සයෙක්ගෙ අව්‍යාජම හැඟීම් කන්දරාවක්.

එහෙනම් හීන් බංඩා අන්කල් මේ ත්‍රීවිල් එකේ නගර ශාලාවට යන්න.. මායි, නාලකයි ඇඳුමක් දාගෙන පටස් ගාලා එන්නම්..

ඒ වෙලාවෙම අපි ඉස්සරහට ආපු ත්‍රීවිල් එකේ දැල්ලා අංකල්ව නග්ගවලා මායි ඇම්ඩයි ආපහු ගෙදර එන්න හැරුණා.

බෙකම්..

ම්..

යාන්තං වැඩේ ගොඩ නේද බං..?

තාම නෑ නාලක.. අරුන් අපේ මියුසික් වලටත් ලෙඩක් අදිනවා කියල කතා වෙනවනේ.. කෝකටත් අපි ඉක්මනට යමු..

කාපු කෑමට නම් උං ආපහු එන එකක් නෑ බෙකම්.. මං මේ කල්පනා කරේ වෙන දෙයක්..

ඒ මොකක්ද නාලක..?

දැල්ලා අංකල්ට මාත් නොහොඹිනා විදියට විහිලු කරලා තියෙනවනේ බං.. ඒ වගේ වෙලාවක මිනිහගෙ අතට මං අහුවුණා නම් අර පැතුමා කියන්න වගේ හයියෝ සල්ලි කියල තමයි කියන්න වෙන්නෙ..

ඇම්ඩගෙ මූණ සවුත්තු වෙලා තියෙන හැටි දැක්කහම මටත් හිනාවක් ආවා. කොහොම නමුත් වෙච්ච වැඩේ නම් එළම කිරි.. චතුරංගයලා ඔය ටික කරගන්න සෑහෙන්න වලි කෑවා. කලින් නැව් ගානට ගුටි කාලා ඉස්පිරිතාලෙත් ඉඳල දවස් කීයද ගියේ.. ඌ නම් ඇත්තමයි කෝවක දාලා මකලගවත් හදන්න පුළුවන් එකෙක් නම් නෙමෙයි..


හරියටම දහයයි දහය වෙද්දි, හැම දෙයක්ම අංග සම්පූර්ණ වෙච්ච අපේ ප්‍රසංගය ආරම්භ වුණා. මුලින් පැතුමා කොහෙන්දෝ උස්සගෙ ආපු දාර සයිස් පොල්තෙල් පහන ආරාධිත අමුත්තො පත්තු කරයින් පස්සෙ දිල්රංගිගෙ සරස්වතී නැටුමත් එක්ක වැඩේ ගානටම පත්තුවෙලා ගියා.

මුළු නගර ශාලාවම පිරිලා තියෙද්දි ඉමාන් ඉස්සෙල්ලම අමරදේව මාස්ටර්ගෙ රත්නදීප ජන්ම බූමි සිදුවෙන් වැඩේ ආරම්භ කරා. ඒ කතන්දරේ එකෙන්ම ගොඩ කියන්නෙ ආයෙ ලොවෙත් නෑ.

හැම අංගයක්ම අදුන්වල දෙන්නයි, තවත් රටේ ලෝකෙ තියෙන වැදගත් දේවල් එකට අමුනල තෙලකුත් බෙදාගෙන කතා කරන්නයි මං සෙට් කරල තිබ්බෙ මිලාන්ව. ඌ දහය වසරෙ කොල්ලෙක් උණත් එනවුන්ස් පාර ගජරාමෙට තිබ්බා.උගේ කෙල්ල නිලංකාත් සෙනග ගොඩ අස්සෙ ඉන්නවා මං දැක්කා. ඇම්ඩයි, මමයි, බලයයි, පැතුමයි හිටියෙ කොරිඩෝ එකේ. මියුසික් ගෘප් එක කිට්ටුවෙන්. මොකද කියනව නම් චතුරංගයා ආයෙත් ඇඳගෙන නාන්න ඒවි කියලා මගේ හිතේ පුංචි සැකයක් තිබුණා. ඒත් උගේ වෙලාවටද අපේ වෙලාවටද මංදා ඌ ආවෙ නෑ.

බෙකම්.. ඉන්කිල ඇවිත් හිටියද..?

ඉමාන් ඔරුවක පාවෙන රෑ ඝන අඳුරේ සිංදුව පටන් ගනිද්දිම චමිල් ඇවිත් ඇහුවා.

මං නම් දැක්කෙ නෑ..

ඇත්තටම ඉන්කිටත් වැඩිය මගේ ඇස් හෙව්වෙ සමින්දිව.. එයා අද එනවමයි කියල කිව්වනේ.. මගේ ඇස් කීප සැරයක්ම හෝල් එක ඇතුළෙ එහෙට මෙහෙට ගියත් මං සමින්දිව දැක්කෙ නෑ.. ස්ටේජ් එක ඉස්සරහින්ම සමහර විට එයාලා ඇති කියලා මට හිතුණෙ අපි හිටපු තැනට ඒ හරිය පෙනුනෙ නැති නිසා.

වැඩේ හිතුවටත් වැඩිය හොඳට පත්තු වෙලා යනව නේද..?

කියල වැඩක් නෑ බං.. මැක්සා තමයි..

ලොවෙත් නෑ බං.. මෙහෙම ගේමක්..

පුදුමත් හිතෙනව නාලක.. අපි මෙහෙම දෙයක් කරාද කියල හිතෙනකොටත්.. බලපංකො වැඩේ යන ලස්සන..

ඒක තමයි බෙකම්.. මිනිස්සු ගත්තු ටිකට් එකේ වටිනාකමට වඩා වැඩි දෙයක් අපිට දෙන්න පුළුවන් වෙච්චි එක කොයි තරම් දෙයක්ද..?

මේ හැමදේකම වටිනාකම දැනෙන්නෙ අපි මේ ඉස්කෝලෙ ජීවිතෙන් සමුගත්තාම.. මේ ගෙවන ලස්සන දවස් මතක් වෙනකොට පපුවත් එක්ක හිරවෙයි මචං.. ඇත්තට ඉතිං තව අවුරුද්දකින් අපි කොහේ කොහේට විසික් වෙලා යයිද..?

චමිල් කියපු කතාවත්තෙක්කම අපි හැමෝගෙම කටවල් වැහුණා. හැම එකාම තනි තනියෙන් ඒ වචන දිගේ කල්පනා කරන්න ගත්ත වගෙයි. ඇත්තටම ඒ කතාව මගේ පපුවෙ ඉතාම සංවේදී තැනක් ස්පර්ශ කරා. තව අවුරුද්දකින් පස්සෙ කොයි තරම් නම් දේවල් වෙනස් වෙයිද..? අපේ යාලුවොන්ගෙන් කවුරු කවුරු අපි ළඟ ඉඳියිද..?

මේකා මේ තරම් ටැලන්ට් පොරක් කියලා මම නම් හිතුවෙ නෑ.. බලපංකො දෙන එනවුන්ස් පාර..

කරගෙන ආපු කතාවෙන් පිට පනින්න අපි හැමෝටම උවමනා වෙලා තිබුණා. ඒකට මූලික අඩිතාලම දැම්මෙ පැතුම්..

ඕකා එදා අඬාගෙන මායි, බෙකමුයි ඉස්සරහට දුවන් ආවෙ, චතුරංගයා උගේ කෙල්ලට ලයින් කියලනේ.. ඒ වෙලාවෙ ඌට හරියකට කතා කරගන්නවත් බැරිවුණා.. දැන් බලහංකො මුගේ කටේ සද්ද..

ඌ මොකක්දෝ බයිලයක් ගහන්න යන්නෙ.. ඉමාන්ටත් මහන්සි ඇත්නේ.. වරෙල්ලා..

කොල්ලො සෙට් එක, එක එකාට ඉඟි කරගන්නවා මං දැක්කා. ඒත් මට කාගෙන්වත් ඉඟියක් හම්බවුණේ නෑ.. ඒ කියන්නෙ බෙකම්ට රස ගුණ පිරි පෝෂ්‍යදායී ආහාර වේලක් ලැබෙන්නද යන්නෙ.

කොරිඩෝව දිගේ අපි කට්ටිය ස්ටේජ් එක ළඟට යද්දි පොඩ්ඩක් ඈත්වෙලා තිබ්බ නගර ශාලාවෙ කර්ට්න් එකක් අතරින් යාංතමට වගේ මං සමින්දිව දැක්කා. එයත් එක්ක තවත් උෂ මහත පාංශු දේහදාරී පුද්ගලයෙක් හිටියා. ඒත් මං ස්ටේජ් එක පිටිපස්ස පැත්තට ආපු හින්ද මට එයාලව පේන්නැති වෙලා ගියා.

ඔව්.. පැමිණි සිටින ආරාධිත අමුත්තනි.. දයාබර හිතවත් මිත්‍රයිනි.. සහෝදර සහෝදරියනි.. වාදක මඬුල්ලත් ගීතයකට සූදානම් වෙන අවස්ථාවේ කිව යුතුම දෙයක් පැවසීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා......

.. අපේ පාසල් සීනුව හඬවන හීන් බංඩා මහතාගේ ඉදිරි අනාගතය වෙනුවෙන් කරනා මේ මහගු කාර්යයේ මූලික අඩිතාලම, එහෙමත් නැත්නම් මුල්ම වස්තු බීජය ඉපදුනේ ඔහුගේ සිතෙයි.. කරන්නට තබා සිතන්නටවත් අපහසු මෙවැනි දැවැන්ත ප්‍රසංගයක් කිරීමට අවැසි ධෛර්යය, අධිෂ්ඨානය තිබුණේ ඔහුටයි.. ඔහුගේ ඒ කාරුණික හදවතෙහි ඇති රිද්මයට, අපි හැමෝම එකතු කර ගැනීමේ ශක්තියකුත්, එයට ආවේනික වූ පෞර්ශත්වයකුත් ඔහුට තිබුණා. ඔහු අපේ පාසලට දැවැන්ත ගෞරවයක්.. අපිට සම්පතක්.. තව ඉදිරියේදී මේ රටට සමාජයට වැඩදායි යුග පුරුෂයෙක්.. මේ කාලයෙදී ඔහුත් සමග එකට එකම පාසලේ සිටියා යැයි කීම පවා අපට ආඩම්බරයට හේතුවන කරුණක්.. ඉතිං..

මිලාන් කියවගෙන කියවගෙන ගිහින් මිනිස්සුන්ගෙ කුතුහලය අවුස්සන්න වගේ කියල හිතලද කොහෙද කතාව ඩිංගක් නතර කළා..

ඇම්ඩා මූ මොනවද කියවන්නෙ..?

මං ඇම්ඩගෙ අතින් ඇද්දා.. ඒත් උගේ මූණ හිනාවෙන් පිරිලා.. එහෙනම් මුංගෙ ඉඟි කර ගැනීමේ රහස මේකයි.. මං හිතුවෙ ඔය කියපු ටිකෙන් කතන්දරේ ඉවරයි කියලා.. ඒත් මේ වගේ ප්‍රසංගයක කවදාවත් නොකරන දෙයක් ඇම්ඩල කරල තිබුණා. එයින් එහාට මිලාන් කියවගෙන ගියපු දේවල් අහලා මං ගල් ගැහුණා. මේකා මොනවද දෙයියනේ මේ කියවන්නෙ..?

ඉතිං.. මා මෙපමණ කියූ.. අප සැමගේ ආදර බුහුමන් වලට ලක්වූ.. ආදරණිය ඔහු.. වේදිකාවට කැඳවන්නයි මා මේ සූදානම.. ඒ කිසිවක් සඳහා නොවේ.. ඔහුගේ මියුරු කටහඬින් ගීතයකින් අපව රසවත් කිරීමට.. ඉතිං මා ප්‍රේක්ෂකාගාරයෙන් ඉල්ලා සිටිනවා දැවැන්ත අත්පොලසන් නාදයකින් ඔහුව පිළිගන්නා ලෙස.. ඉතින් මෙන්න දැන් වේදිකාවේ.. බෙකම් නම් සුරතල් නාමයෙන් හඳුන්වන අප සැමගේම ශක්තිය වූ නවෝද් රත්නායක සොයුරා..

එතනින් එහාට මට කිසිම දෙයක් ඇහුනෙ නෑ.. දිගටම හතර වටින් අත්පොඩි සද්දෙ විතරයි මට ඇහුණෙ.. ඒ අතරින් පතරෙ විසිල් සද්දත් මට ඇහුණා.

මොනවද යකෝ මේ කරේ.. අරක උඩ ගිහිල්ලා මං මොන බම්බුවක් කියන්නද..?

මං ඇම්ඩට කඩන් පැන්නා.. උං හිනාවෙනවා.. හිනාව තමයි.. මේ තරම් ජන ගංගාවක මට ලැජ්ජාවෙ ගිලිලා මැරෙන්නයි වෙන්නෙ.. මොන සිංදුද අප්පා.. දැන් එනවුන්ස් කරලා තියෙන එකේ මොන අලගෙඩියක් හරි කියන්නම වෙනවා.. හයියෝ.. සල්ලි..

බෙකම්.. ඉක්මනට පලයං..

ගිහින් මොනවද වස්සො කියන්නෙ..? උඹල හිතුවද මේක ඉස්කෝලෙ විවිධ ප්‍රසංගයක් කියලා.. නෑ.. මේක සල්ලි දීලා පෙන්වන ෂෝ එකක්..

ඒවා වැඩක් නෑ.. උඹට පුළුවන් බෙකම්.. උඹට පුළුවන්.. ලස්සනට දීපන්.. අපි හැමෝටම සදාකාලික මතකයක් වෙන්න..

ඇම්ඩා මාව ස්ටේජ් එකට තල්ලු කරන ගමන් කිව්වා.. කියන්නෙ මොකක්ද කියලා කල්පනා කර කර මං මයික් එක ළඟට ආවා. හපොයි.. බලන් ඉන්න ජනකාය දැක්කම හීන් දාඩියයි, මහ දාඩියයි දෙකම දානවා.. ඒ එක්කම බෑන්ඩ් එක මියුසික් පටන්ගත්තා..  හප්පේ.. මං කියන්නත් කලින්ම නේද..? ඒත් මියුසික් පටන්ගත්ත සිංදුව මොකක්ද කියලා හිතට එද්දි මට හැමදේම තේරෙන්න ගත්තා.. කොල්ලො ටික එහෙනම් ප්ලෑන් එකට වැඩේ සෙට් කරා.. මේක අපේ සුපුරුදු සිංදුවනේ..

සුළගේ ලෙලෙනා - මල් සේ දඟ පා..
අප පාසල් ගිය කාලයේ..
යාලුවො අද නැත - වෙන අය එහි ඇත..
කාලය මැව් වෙනසක අරුමේ..

ඉන්ට්‍රො එක ඉවරවෙලා මං හෙමින් සීරුවෙ වටපිටාව බැලුවා.. අවුලක් නෑ.. ශාලිත අබේවික්‍රම වගේ නොවුණත් ඒ ළඟ පාතකින් හරි යනව ඇතිනේ..

ලොකු පන්තියෙ අය.. පොඩි පන්තියෙ අය
හැමදෙන එක පන්තියෙ විලසේ..
අප පොත්වල දුටු රජවරු සිටුවරු
වෙන්නයි කවුරුත් සිත් මැවුවේ..

කොරස් එකත් අවුලක් නැතුව කියාගත්තු හින්දා මගේ හිතට ලොකු ශක්තියක් ලැබුණා. ඊගාවට තියෙන්නෙ වර්ස් එක විතරයි.. පන්තියෙ ඩෙස්ක් එකට ගගහ කියනව වගේද අප්පා මේක.. හෙණම ආතල්නේ.

සාමල අමරල පොත් තුළ තව ඇත
එන එන අය හා යාලු වෙතේ..
අපේම පාසල අපේම මව විය
එදවස් අප හට නැත ආයේ..

සිංදුව අවසාන වීගෙන එද්දි මගේ ඇස් නැවතිලා තිබුණෙ සිටේජ් එකේ ඉඳලා තුන්වෙනි පේලියෙ ඉඳපු සමින්දි අක්කා ගාව. එයාට දකුණු පැත්තෙන් ඉඳපු ඉන්කියි, වම් පැත්තෙන් අර මං කලින් දැකපු පාංශු දේහදාරී පුද්ගලයා හිටියා. කවුද අප්පා ඒ.. සමින්දිගෙ මූණෙ නම් පුංචි සතුටක්වත් මං දැක්කෙ නෑ.. මොනවා වෙලාද මංදා.. අද මේ තරම් සතුටු දවසකත් ඇයි එයා දුකින් ඉන්නෙ.. මගේ හිතට තිබ්බෙ එකම ප්‍රශ්නෙ ඒක.

වෙල්ඩන් බෙකම්.. වෙල්ඩන්..

සුපිරි ගැයීමක් මචං..

ස්ටේජ් එකෙන් කොරිඩෝව පැත්තට බැස්සා විතරයි කොල්ලන්ගෙන් උසස් ප්‍රතිචාර මට ලැබුණා. හැම එකාම කිව්වෙ මං එකෙන්ම ගොඩ ගියා කියලා.

අනිවා මචං.. දැන් ඉමානයට සහය ගායනයට උඹව ගන්නවා..

නිකං ඉඳපං පැතුමා.. මං මාර බයෙන් ගියේ..

උඹ වැඩකරු කියලා අපි දන්නවා බෙකම්.. අපිට උඹේ සලකුණක් මේ ප්‍රසංගය ඇතුළෙ තදබල විදියට තියෙන්න ඕන උනා.. ඒකයි අපි ඒ දේ කෙරුවෙ..

අනික අපි දන්නවනේ උඹට ඔය සිංදුව කට පාඩම් කියලා.. ඒකයි අපි ඒක ගෘප් එකට දුන්නෙ..

කොල්ලො හැමදෙනාම කරපු ඒ දේ ගැන විග්‍රහ කරද්දි මං හිතපු දේ හරි කියලා මට තේරුණා.. මුං කවදාවත් මේ වගේ ලොකු තැනක මාව අමාරුවෙ දාලා මාව සවුත්තු කරන්නෑ කියලා මට හිතුණ එක ගැන මං ආඩම්බර වුණා.

නවෝද්..

ප්‍රංසගය ඉවරවෙලා කට්ටිය පිටවෙලා යද්දි, තවත් සමහරු ඉමාන්ගෙ දක්ෂතාවලටයි, දිල්රංගිගෙ නර්තන හැකියාවටයි ස්ටේජ් එක ළඟටම ඇවිත් සුභ පතලා ගියා. ඒ අතරෙදි තමයි ඉන්කි මගේ ළඟට ආවෙ.

ඉනිකි.. කෝ සමින්දි..?

සමින්දි ගියා..

සමින්දි ගියා..? ඇයි ඒ.. මට කතා කරේවත් නෑ..

සමින්දිගෙ තාත්තා ඇවිත්..

ආ.. එහෙනම් අර සමින්දි ළඟ හිටපු හයේ හතරෙ යුග පුරුෂයා තමයි එයාගෙ තාත්තා.. මං හිතාගත්තා..

ඉතිං තාත්තා ආවහම මොකද..?

මේ වෙලාවෙ ඒවා විස්තර කරන්න බෑ.. මං යනවා.. හෙට හවස මං ඔයාව හම්බවෙන්නම්..

ඇයි ඉන්කි මේ හදිස්සියෙ..?

සමින්දි අක්කිගෙ තාත්තා එක විදියක්.. කලින් හමුදාවෙ හිටියෙ.. මේජර් කෙනෙක්වෙලා.. මාව හොයනවත් ඇති.. බායි නවෝද්... ඔයා ලස්සනට සින්ග් කරා.. ඔයාලගෙ වැඩේ හරිම ලස්සනයි..

වතුර ගලනව වගේ ඒ ටික කියපු ඉන්කි පාර පැත්තට දුවල ගියා. මං වගේම කොල්ලො සෙට් එකත් හොල්මං වෙලා ඉන්න හැටි මං දැක්කා.

මොකක්ද බං ඒ ඇවටියෙල් එක..?

ඒකනේ හත්තිලව්වෙ.. අපි මේ බලන් හිටියෙ, බාලිකාවෙ කුමාරිකාව ඇවිත් අපේ බෙකම්ව බදාගනියි කියලා..

මොකක් නමුත් කුණුහරුපයක් මචංලා.. නැත්නම් එකෙන්ම ගොඩ යන්න තිබ්බ වැඩක් මේක..

ඉන්කි මොනවද බෙකම් කිව්වෙ..?

හෙට කියන්නම් කිව්වෙ..

ඔය කෙල්ලන්ගෙ හැටිනේ බං.. තියෙන නොසංඩාල කමක හැටි බලාපියව්.. තියෙන ලඩඩ්ක් දැන් කියල ගියා නම් මොකද..? දැන් ඉතිං අපි බොක්කයි අනිත් අවයවයි පත්තු කරන් හෙට වෙනකල් හිටපියව්කො.. හනේ මංදා.. මුංටත් ඉර හඳ පායනවනේ..

චමිල්ගෙ කතාව සහතික ඇත්ත කියලා මට හිතුණා. සියලු දේම හෙටට කල් දැමුණු ඒ වෙලාවෙ, දැල්ලා අංකල් වෙනුවෙන් උපය ගත්තු මුදල හෙට පිනා සර් අතින් දැල්ලට දෙන්න අපි කට්ටිය තීරණය කරා. තවත් පැය බාගයක් විතර ඉමානුයි දිල්රංගියි එක්ක ඉඳලා, හිත උඩින් ලොකු සන්තෝෂයක් එයාලට පෙන්නලා මුඩු වෙච්ච හිතත් කර තියන් මං ගෙදර එන්න ආවා. මොන තරම් බාධක අවහිරතා මැද සතුටින්  කරගෙන ආපු වැඩක්ද මේක.. ඒත් දැන් මගේ හිතේ තියෙන්නෙ දුකක් එකක් මුහුවෙච්ච නොසන්සුන් කමක් විතරයි.. ඒ නොසන්සුන්කම මැද්දෙන් මහා පාලුවක් මට දැනෙන්න ගත්තා. තවත් ටික වෙලාවක් කොල්ලොත් එක්ක හිටිය නම් හරි කියලා හිතට තේරෙද්දි මං ආයෙත් මගේ පුටාර් එක පටාස් ගාලා හරව ගත්තා. ඒ එක්කම තමයි රතු පාට වීල් එකක් මං ගාව නතර වුණේ.

නවෝද්..

මගේ හිතේ තිබ්බ දුකයි, නොසන්සුන්කමයි කොහෙන් ඈතට ගියාද මංදා. සමින්දියි, ඉන්කියි දෙන්නම මං ළඟට තත්පරේට දෙකට දුවගෙන ආවා. සමින්දිගෙ මූණත්තෙක්ක රතුවෙලා.. අඬලද මංදා.. ඒත් ඇයි ඒ..?

අනේ මට සමාවෙන්න න..වෝ..ද්..?

මහ පාර මැද්දෙම සමින්දි අක්ක මගේ අතේ එල්ලුණා.

ඇ.. ඇයි මේ..?

ඔ.. ඔයාට විෂ් කරන්න බැරි වුණාට..

ඒකට කමක් නෑ.. ඔයා දැන් ආවනේ..

අ.. අනේ නවෝද්..

මං කවදාවත් දැකල තිබ්බෙ නෑ සමින්දි අක්කා මේ තරම් සංවේදී වෙලා ඉන්නවා. මේ වගේ අසරණ වෙලා ඉන්නවා. අපි දේනනා මුලින් මුලින් මහා තරහකාරයො වගේ හිටියත්, දැන් ඒක අතීතයට අයිති දෙයක් වෙලා ඉවරයි.. දැන් තියෙන්නෙ අපිට යමක් කමක් කරන්න පුළුවන් වර්තමානය. ඒත් සමින්දිගෙ ඇස්ව තියෙන කඳුලු දැක්කහම මේ වර්තමානයෙත් අපිට කරන්න පුළුවන් දෙයක් නෑ කියලා මට හිතුණා.

ආ...! ඇයි සමින්දි මේ.. ඔයාට මුකුත් ප්‍රශ්නයක්ද..?

ඇස් දෙක පුරවලා කඳුළු උතුරද්දි සමින්දි මං දිහා බලන් හිටියා.. එයාට මං අහපු දේ ඇහුනෙ නැති ගාණයි.

සමින්දි.. මොකද මේ..?

මං එයාගෙ උරහිස් දෙකෙන් අල්ලල හොලවන ගමන් මහා සද්දෙට ඇහුවා. ඉන්කිත් හිටියෙ ගල්වෙලා වගේ. වෙනදට ගිරව් වගේ කියවන කෙල්ලො දෙන්නට මොනව වෙලාද මංදා..?

අ.. අනේ නවෝද්.. ම.. මට ඔයාලා දාලා යන්න වෙලා..

මොකක්..? කොහේටද..? මොකටද..?

ප්‍රංශයට..

ප්‍රංශයට..?

මං අන්දමන්ද උනා.. මොන හෙණ ගෙඩියක්ද මේ අහිංසක කෙල්ලට කඩන් පාත්වෙලා තියේනනෙ..

ඔව් නවෝද්.. තාත්ති ඉන්නෙ එහේනේ.. මේ පාර මගේ එග්සෑම් ඉවර උනාම අම්මිවයි, මාවයි එක්කං යන්න ඇවිත් තියෙන්නෙ..

ලොකු ශක්තියක් හිතට අරගෙන, සමින්දි එක දිගට කියවගෙන ගියා. ඒ රතුවෙච්ච ඇස් දකිනකොට මගේ හිතට කවදාවත් නොදැනුණු තරමෙ ලොකු දුකක් දැනුණා.

ඒ කියන්නෙ ඔයා අපිව දාලා යනවා.. තව මාසයක්වත් නෑනෙ..

ඔව්.. නවෝද්.. ඔව්..

ඔයාට නොගිහින් ඉන්න බැරිද සමින්දි..?

ඒ වෙලාවෙ අහන්න තියෙන ගොන්ම ගොන් ප්‍රශ්නෙ මං ඇහුවා.

ඒක කොහොම කරන්නද..? අනේ මට නම් පිස්සු වගේ.. ඔයාව හම්බ නොවී උන්නා නම්.. ඔය ගමන යන්නෙ මං හුඟක් සංතෝසෙන්.. ඒත්.. ඒත්..

ඒත් කිව්වෙ..?

ඔයයි, මායි අතර වෙච්ච හැම අංශුමාත්‍ර සිදුවීමක්ම මට මතකයි නවෝද්.. හුඟාක්ම තියෙන්නෙ අපි රණ්ඩු වුණ ඒවා. මං ෆේන්ට් වෙලා ඉන්දෙද්දි ඔයා මාව උස්සන් ආපු හැටි.. අපි බැනගත්තු ඒවා.. ඔයාට හොරෙන් ඔයා ප්ලේ කරන මැචස් මං බලපු හැටි.. ඕවා ඔක්කොම හිතේ පෙරලි පෙරලි එද්දි.. මට ඉවසන් ඉන්න බෑ නවෝද්.. මේ මතකය අතෑරලා මං කොහොමද දෙයියනේ ඉන්නෙ..?

පුංචි එකෙක් වගේ මගේ ඇඟේ එල්ලිලා සමින්දි ඇහුවා. ඒ හැම මතකයක්ම මගේ ජීවිතේට හුඟක් තදින් ළංවෙද්දි මට කියල කියන්න කිසිම දෙයක් තිබ්බෙ නෑ.

හැමදේටම කලින් එග්සෑම් ඉවර කරගන්න සමින්දි.. ඔයා ගියාට අපිට අවුරුදු ගානකින් හරි දකින්න පුළුවන් වේවිනේ.. හ්ග්.. අන්තිම මොහොතෙදි අපි හුඟක් ලංවුණා. මේ තරම් හිතට දුක දැනෙන්නෙ ඒකයි.. ඉන්න තැනක ඔයා සංතෝසෙන් ඉන්න.. ඔයාට කවදාවත් වරදින්නෑ..

අනේ.. ඔහොම කතාකරන්නෙපා නවෝද්.. හ්..ග්..

ඔයා ගියාට, මෙහෙන් ගියාට මට ඔයාව කවදාවත් අමතක වෙන්නෑ සමින්දි..

අ.. අනේ.. මටත් එහෙමයි.. නවෝද්.. මගේ හිතේ ඔයා ගැන මතකය සදාකාලිකවම තියෙයි.. මට ඔයාව හැමදාම මතක්වෙයි..

කිසිම දෙයක් අමතක නෑ සමින්දි අක්කෙ.. කිසිම දෙයක් කවදාවත් අමතක නෑ..

අ..ක්කී.. ලොකු තාත්තගෙ කැබ් එක..

ඉන්කිගෙ කටහඬත් එක්ක සමින්දි අක්කා කලබල වුණා..

මං යනවා න..වෝ..ද්.. අපි ආයෙ හම්බවුණේ නැතත්.. මගේ හිතේ හැමදාම ඔයා ඉන්නවා.. ඒක හැමදාටම එහෙමයි.. සතුටින් ඉන්න ඩියර්..

හතරට නමපු පුංචි කොල කෑල්ලක් මගේ දිහාට විසි කරන ගමන් සමින්දි පාරෙන් එහාට පැනලා ඉන්කිට එක්කහු උනා. ඒ එකක්ම ආපු නිල් පාට ටොයොටා විග්‍රෝ කැබ් එක මාවයි, එයාලා දෙන්නයි අතරෙ හරස් බාධකයක් වගේ නතර වුණා. ඒකෙ වීදුරු සම්පූර්ණයෙන්ම කළු කරලා තිබ්බ හින්දා මට ඇතුලෙ මුකුත්ම පෙනුනෙ නෑ.. ටිකකින් දූවිල් වලාවකුත් අවුස්සගෙන සමින්දියි, ඉන්කියි නංවගත්තු කැබ් එක මං ගාවින් ඈතට ඇදිලා ගියා..

කැබ් එක පේන්නැතිවෙලා යනකන් ඉඳලා, සමින්දි අක්කා මට විසි කරලා ගියපු සුදු කොල කෑල්ල දිගෑරියා.. සමින්දි අක්කගෙ අත් අකුරු වලින් ඒකෙ ලියැවිලා තිබ්බෙ ටී.එම්. ජයරත්නගෙ අතිශයින් සංවේදී සිංදුවක පේලි කිහිපයක්.. මං ඒවා එකින් එක කියවන්න ගත්තා.

මේ පුංචි රටේ..
කොතැනකදී හෝ
මතු කවදා හෝ..
යළි අප හමුවේවි.. යළි අප හමුවේවී..

ජීවන ගමනේ.. කොතැනකදී හෝ..
අප යළි හමුවන දිනයේ..
මේ දුක් කඳුළැලි වියැකුනු දෑසින්
හිනැහෙනු මැන පෙරසේ.. හිනැහෙනු මැන පෙරසේ..

පුංචි කොලේ කියවල ඉවර වෙනවත් එකක්ම මගේ ඇස් වලට කඳුලු උනාගෙන ආවා. ඒ හැම කඳුළක්ම අපේ මේ නමක් නොදන්නා සම්බන්ධයේ සාක්ෂිකාරයා කියලා මට හිතුණා. හිතට දැනුණ මහා හිස් බවයි, තනිකමයි එක්ක ඇම්ඩවයි, පැතුමවයි, බලයවයි හොයාගෙන යන්න මං මවුන්ටන් බයික් එකට නැග්ගා. අඩු ගානෙ උංගෙ මිත්‍ර සමාගමෙදී වත් මගේ මේ හිතේ අමාරුව නැතිවෙලා යාවි කියලා මට හිතුණා.

තවත් කොටසක් එන්නත් පුළුවන් සමහර විට.. හරි හැටි අවසානයක් දකින්න ලැබුණෙ නැති නිසා. බලමු ඉදිරියෙදි..

17 comments:

  1. Mamath godak kathandara
    kiyawala thiyana
    kollek. E atharin
    me kathawath
    pattama patta
    kathawak.
    loweth naa..

    ReplyDelete
  2. Chooo barak hira karagena hitapu
    ekek eka paratam choo karaddi
    thiyena sirama gathiyak wage gathiyakin mulu kathawa eka husmata kiyawala damme awurudu ganak badaginne hitapu ekekta bath ekak labunama kagena kagena yanawa wage....

    ReplyDelete
  3. Ape pasal kaleth mathak wela mata hodatama aduna(iki gasamin) ape set eka kuna, lapaya, dobaya, gota, kapuwa, sewalaya, kubuka, gona mark wagema thawath loke inna godak saththunge nam thiyana ewun hitiya. Tikak kalu nisa mage pet name eka kaluwa. Kuna nam dan docter kenek u private bus ekaka tiket kadanawa. Uge katha ahala Bus eke yana kello bahiddi badawela. Lapaya para athuganawa. Dobaya viplawa wadiya u dan hire. Gota wawe malu allanawa. Mama nam army eke.* dekai. Ape sirlatath maru nam thibuna. Pina, hapaya, benja, gemba, sira,mina, sara, thilaka, misla-dobi, samanali,saro. Eth dan e kale horen wunath eyalata ehema katha karapu eka gana godak dukai. Monawa wunath apata uganwapu ape guru mawu piyawarune appa.

    ReplyDelete
  4. අපි ඉල්ලන්නෙ අපේ ඉල්ලීම් අපට දෙන්න කියලයි. අපිට අපේ ඉල්ලීම් දුන්නෙ නැත්නම් අපි පාරට බහිනවා. 2.50 මොනර කොල වලට සටන පාවලා දෙන්නෙ නෑ අපි. අපි ඉල්ලන්නෙ එක දෙයයි ඒ අපේ බෙකම් අයියගෙ කතාව දිගටම ලියන්න කියලයි.
    අපේ ඉල්ලීම් අපට දියව්!
    දියව්!... දියව්!... දියව්!....

    ReplyDelete
  5. දවසෙම කලේ මේ කියවපු එක.කියන්න දෙයක් නෑ.මැක්සා....
    අන්තිමටම සමාප්තයි කියල දාල තියෙන එක තමයි එකම දුක.....

    ReplyDelete
    Replies
    1. Kathawa supiri...
      Bt matanam hithenne hondama widiyata samaptha karala thiyenne...

      Delete
    2. Kathawa supiri...
      Bt matanam hithenne hondama widiyata samaptha karala thiyenne...

      Delete
  6. meke thawath ekak lagadi ei neda?

    ReplyDelete
  7. Asanka D Edirisooriya
    තවත් කොටසක් ආපු ගමන් අනිවා දාන්නම්.. බොහොම ස්තුතියි ප්‍රතිචාරයට.. එතකන් වෙන කතාවක් කියවමු..

    R.Heshan
    තව කොටසක් එයි මචං.. ඒත් ටික දවසක් යයි..

    Aruna
    අනිවා එන්න ඕනි.. එන්න නම් ටික දවසක් යයි මචෝ.. සොඳුරු නවෝදය පළමු කොටස මම දැම්මෙ ගිය අවුරුද්දෙ සැප්තැම්බර් වල වගේ.. දෙවනි කොටස ආවෙ මේ අවුරුද්දෙනේ..

    ReplyDelete
  8. කතාත් කියවල එත් මෙ වගෙ සුපිරි කතාවක්නම් කියවල නැ ලොවෙත්ම....

    ReplyDelete
  9. Kathwa supiri..
    Me awsaneth fatta.... Hithata wadinaw

    ReplyDelete
  10. සොඳුරු නවෝදය 3 තවම නැද්දෝ....?

    ReplyDelete
  11. නවොද්ගෙයි සමින්දිගෙයි ලස්සනට ගලාගෙන යන ආදර කතාවක් එක්ක පැතමා, බෙකම්,චමිල‍යාගේ පිස්සු ආතල් එක්ක සොදුරැ නවෝදය ලියපන් මචෝ ඉක්මනට.....නැත්තම් මේ කතාව අසම්පුර්ණයි බං......

    ReplyDelete
  12. Patta kathawa macho meka me blog ekata dammata godak thanks

    ReplyDelete