Wednesday, October 10, 2012

| හිතුවක්කාර පුත්තු | යෞවන සමින්ද්‍ර රත්නායක |


දේව්..! දේව්..! උඹ කොහෙද දේව්..

ප්‍රශාන්ගෙ කටහඬ ඉස්තෝප්පුව පැත්තෙන් මහා සද්දෙට ඇහුණා. කුස්සියට වෙලා තේ බිබී ඉඳපු මං සාලෙටඅ ආවා. මොකකට හරි බයවෙලා වගේ තියෙන ප්‍රශාන්ගෙ මූණ දැක්කහම මගේ හිතත් ගැස්සිලා ගියා.

ඇ.. ඇ.. ඇයි ප්‍රශාන්..?


මං පුළුවන් තරම් ඉක්මණට එහෙම ඇහුවත් ප්‍රශාන් බිම බලාගත්තා. ඇයි ඒ..? ප්‍රශාන් කතා නොකර ඉන්නෙ ඇයි..? ඒ එක්කම තමයි මං දැක්කෙ මිදුලෙ තිබ්බ ක්‍රෝටන් ගහ ගාව ඉන්න කෙනාව.. ඒ හර්ෂීගෙ හොඳම යාලුවා වෙච්ච ශානිකා.. මේ හැමෝට හොඳටම බයවෙලා වගේ.. ශානිකාගෙ ඇස් දෙකත් හොඳටම රතු වෙලා..

මෙ.. ම.. මං කියනෙක අහලා උඹ ක.. කලබල වෙන්නෙපා දේව්.. ම.. ම.. මං..

ප්‍රශාන්ගෙ කටහඬ ගොත ගැහිල නතර වුණා. මගේ මුළු හිතම සීතල වෙලා යද්දි මොකක්දෝ ලොකු කරදරයක් වෙලා තියෙනවා කියලා මට ඉවෙන් වගේ තේරුණා.

තවත් තත්පර ගාණක් ගෙවිලා යද්දි, ප්‍රශාන් සද්ද නැතුව ඉන්නෙක මට දරාගන්න බැරි වුණා. පපුව ගැහෙග වේගෙ ඩිංගෙන් ඩිංග වැඩිවෙද්දි, මගේ කටට පණ ආවා.

ඇ.. ඇයි කියපං ප්‍රශාන්.. මාව බයනොකර කියපං.. මොකක්ද උඹ කියන්න ආවෙ..?

ක.. කලබල වෙන්නෙපා දේව්.. ප්ලීස් මචං.. මේක උඹට කියලත් බෑ.. නොකියත් බෑ..

ප්‍රශාන්..

මගේ  හිතට ආපු වේගෙට මං ප්‍රශාන්ගෙ කමීස කරෙන් අල්ලල මගේ දිහාට ඇඳලා ගත්තා.

අනේ ප්‍රශෘන්.. ම.. මංදන්නවා උ.. උඹ මොකක් හරි බය හිතෙන දෙයක් ගැනයි කියන්න යන්නෙ කියලා.. දෙයියනේ.. මගේ හර්ෂිට කරදරයක්ද ප්‍රශාන්..

මං හයියෙන්ම කෑගැහුවා.. ඒ එක්කම තමයි අයියයි, අම්මයි, අක්කයි අපි ගාවට දුවගෙන ආවෙ.

ම.. මල්ලි ඇ.. ඇයි මේ..? ප්‍රශාන් මොකද මේ..?

ප්‍රශාන්ගෙ කමීස කරෙන් මගේ අත ගලවන ගමන් අයියා අපි දෙන්නගෙන්ම ඇහුවා. රතුපාට වෙලා තිබ්බ ප්‍රශාන්ගෙ ඇස්වලින් කඳුලු බේරිලා යන හැටි ජීවිතේ ඉස්සෙල්ලම පාරට මං දැක්කා.

හ.. හර්ෂි වස බීලා දේව්.. උ.. උඹේ හර්ෂී වස බීලා..

ඇස් ඉස්සරහම අකුණක් පුපුරලා ගියා වගේ මාව වෙව්ලලා ගියා.. අතේ හිරවෙලා තිබ්බ තේ කෝප්පෙ බිමට වැටෙන සද්දෙ ඊගාවට මට ඇහුණා.. මේචචර වෙලා මගේ උරහිසෙන් අල්ලන් ඉඳපු අයියගෙ අතත් එක පාරටම ගැලවිලා ගියා ගියලා මට දැනුණා. මුළු මහත් ලෝකයම රකුසන් වගේ ඈත ඉඳන් මං දිහාට දුවන් එන හැටි මං දැක්කා. ඒ ඔක්කොම ඊළඟ මොහොතෙ නැතිවෙලා ගිහින් හර්ෂිගෙ අහිංසක මූණ මගේ ඇස් ඉස්සරහ දිලිසුම් දුන්නා..

අ.. අනේ හෂි.... ඇයි දෙයියනේ ඔයා මෙහෙම දෙයක් කරගත්තෙ.. ම.. මං කොහොමද තවත් මේවා ඉවසන් ඉන්නෙ..? ප්‍රශාන්.. උඹයි මේ මූසල ආරංචිය අරන් ආවෙ.. ම.. මට කියපන් මගේ අහිංසක කෙල්ලට කොහොමද කියලා..?

මං ප්‍රශාන්ගෙ ඇඟේ එල්ලුනා.. ඒත් මං අහපු දේට ප්‍රශාන් උත්තරයක් දුන්නෙ නෑ.. ඌ ඉක්මණට බිම බලාගත්තා.. මං අත්දෙකෙන්ම උගේ මූණ මං දිහාට හරව ගත්තා.

මාව පිස්සෙක් වෙන්න කලින් මාව හෂි ළඟට අරන් පලයන්.. මට ඒ අහිංසක කෙල්ලව බලන්න ඕන.. මගේ කෙල්ලට කරදරයක් වෙන්නෑ.. මං ඒක දන්නවා.. මේ ලෝකෙ කොහේ හරි දෙයියො කියලා ජාතියක් ඉන්නවා නම්, මගේ කෙල්ලව බලා ගනීවි.. අ.. අනේ අයියෙ.. මුගෙන් අහන්නකො හෂිට මොකද වෙලා තියෙන්නෙ කියලා..?

අයියගෙ අත් දෙකම අල්ලගෙන මං කෑ ගැහුවා. අයියා, ප්‍රශාන් දිහාට හැරෙන්නත් කළින් මං මේ ලෝකෙ අහපු අවාසනාවන්තම වචන ටික ප්‍රශාන්ගෙන් පිටවුණා.

හෂි.. මේ ලෝකෙ දාලා ගියා දේව්..

සියළු විශ්ව ධාතුවම හිටිවනම නතර වුණා කියලා මට තේරුණා.. ඒ අතරෙ මගේ පුංචි සමනල ලෝකෙ පුපුරලා සී සී කඩ ගියා කියලත් මගේ හිතට දැනුණා.

ප්‍රශාන්..! මං උඹව මරනවා.. උඹට එහෙම කියන්න බෑ යකෝ.. මගෙ අහිංසක කෙල්ල මට නොකියා කොහොමද යන්නෙ..? උඹ බොරු කියන්නෙ ප්‍රශාන්.. හ්...ග්...

මගේ හිත මට පාලනය කරගන්න බැරි තත්වයකට ඇවිල්ල තිබුණා.. වෙන්නෙ මොනවද, කියන්න ඕන මොනවද කියලා හැඟීමක් මට තිබුණෙ නෑ.. මං අවසිහියෙන් ප්‍රශාන්ට ගහන්න පැන්නත්, අයියයි, අක්කයි එකතුවෙලා මාව ගේ ඇතුළට අරන් ගියා.

ක.. කලබල වෙන්නෙපා මල්ලි.. අපි ඩිංගක් ඉවසමු..

තවත් මොනවා ඉවසන්නද අක්කෙ.. නහයටත් උඩින් වතුර ගියාට පස්සෙ.. ම.. මට හැමදේම නැතිවුණා.. අනේ දෙයියනේ................... ඔයා කොහොමද හෂී මේ වගේ දෙයක් කරගත්තෙ..? ම.. මගේ ඔලුව පුපුරන්න එනවා.. අ.. අම්මේ... අනේ.. අම්මේ.... මට හැමදේම නැතිවෙලා ගියා.. අම්මේ ඔයාගෙ චූටි පුතාට මේ ලෝකෙ තිබ්බ වටිනම දේ නැතිවෙලා යන්න ගියා.. ම.. මං ගාවට එන්න අම්මෙ.. මං ගාවට එන්න..

අම්මා දුවගෙන ඇවිත් මාව බඳාගත්තා.. මගේ ඇස්වලින් ගලන් ගියපු කඳුළුයි, අම්මගෙ ඇස්වලින් ගලපු කඳුළුයි එක්කහු වෙලා ගංගාවක් වගේ බිමට කඩාගෙන වැටුණා.. පුංචි දුකක්වත් දරාගන්න බැරි අක්කා, ඉකි ගගහා හූල්ලන සද්දෙ මට සැරින් සැරේ ඇහුණා.

උ.. උඹත් මහ මෝඩ වැඩනේ ප්‍රශාන් කරන්නෙ.. ඇයි උඹ ඔය කතාව ඉස්සෙල්ලම මල්ලිට කිව්වෙ.. දැන් බලපං දේව්ව කොන්ට්‍රෝල් කරන්න කොයි තරම් අමාරුද කියලා..

මං.. ම.. මං කොහොමද චානක අයියෙ මේ වගේ දෙයක් දේව්ට නොකියා හිතේ තියන් ඉන්නෙ.. අනිත්තෙක මං හොඳටම දන්නවා දේව් හර්ෂිට මොන තරම් ආදරෙන්ද හිටියෙ කියලා..

උඹ කොහොමද දන්නෙ වෙච්ච දේ..?

අයියා ප්‍රශාන්ගෙන් අහන දේවලුත්, ප්‍රශාන් අයියට දෙන උත්තරත් මගේ කුඩු පට්ටම් වෙලා ගියපු හිත මැද්දෙ රැඳුණා.. ඒත් අයියා අන්තිමට අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නෙ ශානිකා..

ම.. මමයි අයියෙ ප්‍රශාන්ට කිව්වෙ.. ඒක ඇත්ත දෙයියනේ.. හර්ෂි, දේව්ට ලියපු ලියමකුත් තියෙනවා මං ගාව.. අර හර්ෂිලගෙ ගෙදරට පල්ලෙහා ගෙදර ඉන්න මල්ලියි මට ගෙනැත් දුන්නෙ..

ශානිකා අන්තිමට කියපු දේවල් මට හොඳට ඇහුණා.. ඒ නිසා අම්මව පැත්තකට දාලා මං ඉස්සරහට ආවා.. ශානිකාගෙ අතේ තිබ්බ ලියුම මං උදුරලා ගත්තෙ දෙපාරක්  හිතන්නෙ නැතුව.. මං ඒ ලියුම දිගරිද්දි හැමෝම මං වටේට වටවුණා..

මේ මුළු ජීවිතේ පුරාම මේ වෙනකන් මාව ඩිංගක්වත් නොරිදපු, මංගාව ඉඳපු මගේ රත්තරං දේව් අයියව දාලා යන්න වෙන විත්තිය දැනුනහම ඒ දේ මගෙ හිතට දරාගන්න බෑ අයියෙ.. ඒත් මං මේ ගත්තු තීරණේ කොයි තරම් දුරට සාධාරණද කියලා මේක කියවන් යනකොට ඔයාට තේරේවි..

ඔයා ඊයෙ ඇවිත් ගියාට පස්සෙ චානක අයියත් ආවා.. එයත් ගියාට පස්සෙ බාප්පා හුගක් වෙලා කල්පනා කර කර හිටියා.. ඒ වෙලාවෙම වගේ තමයි මම්මා පල්ලෙහා ගෙදර ඇන්ටිලහට ගියේ.. මම්මා ගිහින් ටික වෙලාවකින් බාප්පා මගෙන් ඇහුවා මං මේ අන්තිම වතාවට අහන්නෙ උඹ ඩිලාන්ව බඳිනවද නැද්ද කියලා.. මම නෑ කියලා ඇඬුවා අයියෙ.. අනේ මගේ දේව් අයියෙ.. මේවා මං කොහොමද ඔයාට ලියන්නෙ.. ඒ වෙලාවෙ ඌ තිරිසනෙක් වගේ කෑගහලා, මාව විනාශ කරා.. ඔයා ගාවට එනකොට ගේන්න මට කිසිම දෙයක් තිබ්බෙ නැති වුණත් මගේ පිවිතුරු බව තිබ්බා අයියෙ.. ඒත් ඒ දේ.. මං මෙච්චර දවසක් බාප්පා කියලා කියපු පාහරයා විනාශ කරාට පස්සෙ මංතවත් ජීවත් වෙන්නෙ මොකටද අයියෙ.. ඔයාලගෙ අම්මල මට කොහොමටවත් කැමති වෙන එක්ක නෑ.. මගේ ජීවිතේට හා හා පුරා කියලා හිමිවෙච්ච ඔයාවත්, මට අහිමි වෙනවා කියලා තේරුණාම මාව පිච්චිලා යනවා වගේ දැනුණා අයියෙ.. මං මේ ලෝකෙ නැති වුණත් මගේ දේව් අයියා ලස්සන ජීවිතයක් ගත කරන්නෝන.. ඔයාගෙ හර්ෂි නංගිගෙ ආශිර්වාදෙ හැමදාටම ඔයාට තියෙනවා..  මං වෙනුවෙන් ජීවත් වෙන්න.. ඉතිං මං සමුගන්නම් මගෙ අයියෙ..

ලියුම කියවලා ඉවරවෙනකොට මගේ හිතේ ඉතිරිවෙලා තිබ්බෙ ඉවසගන්න බැරි දුකක්.. හිත ඇතුළෙන්ම ආපු වේගෙට, මං තුන් පාරක් විතර අවසිහියෙන් වගේ ඉස්සරහ බිත්තියෙ ඔලුව හප්ප ගත්තා.. රතුම රතු පාට ලේ කම්මුල් දිගේ ගලාගෙන යද්දි අයියා ඇවිත් මාව බදා ගත්තා.

බිංදුවෙන් බිංදුව ගලාගෙන යන ලේ ගොඩ දැකලා අම්මයි, අක්කයි කෑ ගහගෙන මං ළඟට ආවා.

ප්‍රශාන්.. අර කබඩ් එකේ තියෙන ගෝස් කෑල්ල අරන් වරෙන්..

අයියා ප්‍රශාන්ට කෑ ගහලා වගේ කිව්වා. ඒත් පුංචි කැක්කුමක් මිසක වෙන කිසිම අමාරුවක් මගේ ඔළුවට දැනුණෙ නෑ..

ඇ.. ඇයි චූටි පුතේ පිස්සෙක් වගේ වැඩ කරන්නෙ..? ඩිංගක් ඉවසලා ඉන්නකො රත්තරං..

ප්‍රශාන් ගොස් කෑලිවලින් ලේ පිහදාද්දි අම්මා එහෙම කිව්වා.

බයවෙන් එපා ආන්ටි.. එච්චර ඩැමේජ් එකක් නෑ.. පොඩ්ඩක් තුවාල වෙලා..

බයවෙන්නෙපා නෙමේ ප්‍රශාන්.. විජේසිංහ දොස්තර මහත්තයා ගාවට ගිහින් බෙහෙත් ටිකක් දාගමු.. මේ බලන්න තව ලේ එනවා..

“දොස්තර නෙමේ.. මාව හර්ෂි ළඟට එක්කන් පලයල්ලා.. මාව එක්කගෙන පලයල්ලා දෙයියනේ..”

හිතේ වේදනාව ඩිංගෙන් ඩිංග වැඩි වෙද්දි මං හයියෙන් කෑගැහුවා..

“ඉ.. ඉස්සෙල්ලා බෙහෙත් ටිකක් දාගමු මල්ලි.. මගෙ හොඳ මල්ලිනේ..”

මගෙ අයියා ඔලුව අතගාන ගමන් කිව්වා.

“බෑ.. බෑ.. මට මගේ හර්ෂිව බලන්න ඕන.. නැත්නම් මං මැරෙනවා.. මං මැරෙනවා යකෝ.. මං කියන දේ කරපල්ලා.. මෙච්චර දවසක් මං උඹල කියපු දේවල් කරානේ..”

දුක, වේදනාව, සංතාපය උණුම උණු කඳුළක් වෙලා මගේ හිත දෙදරවද්දි මං සිහිවිලකෙන් කෑ ගැහුවා. එහෙම කෑ ගහද්දියි මං දැක්කෙ මට අවුරුදු පහළොවේදි අම්මා මගේ උපන් දිනේට දුන්නු සුරඟන සිහිවටනේ.. හිතේ තිබ්බ මුළු දහිරියම දාලා මං ඒක පොළවෙ ගැහුවා. කෙඹලින් වලින් හඳලා තිබ්බ ඒ ලස්සන රූපෙ කුඩු පට්ටම් වෙලා ගියේ,  හරියට මගේ හිත වගේ.. ඊට පස්සෙ අයියයි, ප්‍රශානුයි එකතුවෙලා මාව ත්‍රීවිල් එකකට දාගන්නවා මගේ මතකයේ යාන්තමට නැත්පත් වෙලා තිබුණා.


නිලංකාර වෙලා ගියපු ඇස්දෙක පිහදාලා මං වටපිට බැලුවා. මුලින්ම මං හර්ෂිලගෙ ගෙදරට ආපු දවස වගේම, හර්ෂිගෙ පුංචි අත්වලින් ඉන්ඳපු රෝස පැලවල මහා හුඟක් මල් පිපිලා තිබුණා.. හර්ෂීගෙ ගෙදරට ගොඩවෙන කොටම අයියා මගේ වම් අත තද කරලා අල්ල ගත්තා. මං අයියගෙ අත ගසලා දානවත්තෙක්කම තමයි මම්ම, මහා සද්දෙට අඬනවා ඇහුණෙ.

ඒ වෙනකනුත් මගේ හිතට කිසි දෙයක් දැනිලා තිබුණෙ නෑ.. ඒත් ඊළඟ තත්පරේදි, සුදු පාට සාරියක් අන්දලා, සුදු අත්මේස් දාලා පුංචි සුරංගනාවියක් වගේ නිදාගෙන ඉන්න හර්ෂීව දැකලා මගේ හැම සංසාරගත බැඳීමක්ම ලිහිල යනවා මට තේරුණා. මුළු සාලෙම සෙනග මහ ගොඩක් හිටියත් මට ඒක ඒ තරම් අවබෝධයක් තිබුණෙ නෑ.. මං ශර්ෂි ළඟට දුවගෙන ගියේ ඇස් වලින් කඳුළු උතුරද්දි.. ඉස්සරම දවස්වල මගේ ඇස් දිහා බලාගෙන කතා කරපු ඒ ලස්සන ඇස් පියවිලා ගිහින් තිබුණා.

“මං ඔයාව නැති කරගන්නෙ නෑ දේව් අයියෙ.. මං ඔයාව නැති කරගන්නෙ නෑ..”

මගේ හිත ඇතුළෙන්ම, හර්ෂීගෙ කටහඩ දෝංකාර දුන්නා.. මෙච්චර කාලයක් හිතේ තිබ්බදරා ගැනීමේ ශක්තිය ඩිංගෙන් ඩිංග ඉරි තලන විත්තිය මට තේරුණා.. ඒක ප්‍රශාන්ටත් තේරිලා වගේ ඌ ඇවිත් මාව අල්ලගත්තා.. ඒ එක්කමයි අයියත් මං ළඟට ආවෙ..

“අතෑරපං ප්‍රශාන්..! මාව අතෑරපං.. ඇයි උඹ මාව අල්ලන් ඉන්නෙ.. බලපං.. බලපං.. මගේ හර්ෂි, මාව දාලා ගිහිල්ලා.. එයාගෙ දේව් අයියව දාලා ගිහිල්ලා.. මාව කවදාවත් නැති කරගන්නෙ නෑ කියපු පුංචි කෙල්ල මාව දාලා ගිහිල්ලා.. අනේ.... අනේ... මට මුළු ලෝකෙම නැතිවුණා හෂි..”

හර්ෂිගෙ සීතල සිරුර බදාගෙන මං පිස්සෙක් වගේ කෑගැහුවා.. ඒ වෙලාවෙ වෙනකොට මුළු ගෙදරම යක්කු නටපු පිට්ටෙනියක් වගේ වෙලා තිබුණා.. හර්ෂිට අවසාන ගෞරව දක්වන්න ආපු අයත්  කලබල වෙලා හිටියෙ.. ඒ අතරෙ තමයි කවුදෝ ඇවිල්ලා මාව පැත්තකට ඇදලා දැම්මෙ.. මේ වෙලාවෙ මාව පැත්තකට ඇදලා දාන්න තරම් වීරයා වෙච්ච එකා බලාගන්න මං හැරුණා.. එතැන හිටියෙ ඇල්ෆ්‍රඩුයි, ඩිලානුයි.. තව කීප දෙනෙකුයි.

“ඇල්ෆ්‍රඩ්..! මල්ලිව අතෑරපං බැල්ලිගෙ පුතෝ.. නැත්තං මං උඹව මෙතනම මරනවා..”

අයියා කේන්තියෙන් පුපුර පුපුර එහෙම කිව්වම ඇල්ෆ්‍රඩ් ඉබේටම වගේ මං ගාවින් අයින් වුණා.

“ඇයි.. උඹටත් කියන්න ඕනද අමනයො..?”

අයියා ඊළඟට ඩිලාන්ගෙ කොලර් එකෙන් අල්ලලා කෑගැහුවා.. කිසිම දෙයක් වුණේ නෑ වගේ අයියගෙ අතින් කොලර් එකත් බේරගෙන ඩිලාන් අපිව මගෑරලා පැත්තක වුණා.. ඩිලාන් වුණත් හිටියෙ හොඳටම බයවෙලා.. ඒත් මං ඒ ගැන හිතන් නැතුව ආයෙත් මගේ පුංචි සුරංගනාවි දිහාට පහත් වුණා.

“අනේ පුතාලා මෙතන කලබල කරන්නෙපා.. මේ අහිංසක කෙල්ලටයි ලැජ්ජ වෙන්නෙ.. අනේ ඔයාලා දැන් යන්න පුතේ..”

හර්ෂීගෙ මම්මා ඇවිල්ලා, අයියගෙ ඇඟේ එල්ලුනා.. මං අයියගෙ මූණ දිහා බලන් ඉද්දි, ඒ මූණෙ තිබ්බෙ හිතාගන්න බැරි අමාරු හිනාවක්..

“ආන්ටිට අපිව මෙතනින් යවලා, අපිට කෑ ගහන්නෙපා කියලා හිත හදාගන්න පුළුවන්.. ඒත් මං කොහොමද යන්නෙ..? එක බඩවැල කඩන් ආපු, මගේ පුංචි කොල්ලගෙ දුක් කන්දරාව මෙතන තියල හිස් අතින් මට ආපහු ගෙදර යන්න පුළුවන්ද ආන්ටි.. අර බලන්න මගේ මල්ලි විඳවන හැටි.. ඌ අඬන හැටි.. මේ හැමදේකටම වග කියන්න ඕන බැල්ලිගෙ පුතෙක් ඉන්නවා..”

අයියා අන්තිම වචන ටික කිව්වෙ ඇල්ෆඩ් දිහාට ඇඟිල්ල දික් කරලා.. මෙච්චර වෙලා මහ ලොකු පෞර්ශත්වයකින් මූණ පුම්බගෙන හිටපු ඇල්ෆ්‍රඩ් වෙව්ලලා ගියා.. උගේ ලොකු මහත මූණ මැද්දට එකතුවෙන බය දැකල මගේ හිතට ආවෙ සැනසීමක්.

“හැමදේම කාබාසිනියා කරපු පව්කාර කාලකණ්නියා.. උඹට දෙයියන්ගෙන සමාව හම්බවුණත් මගෙන් සමාව හම්බවෙන්නෑ.. ඒක මතක තියාගනිං..”

මුළු මළගේම දෙදරලා යන්න අයියා කෑ ගහනවා මට ඇහුණා.. මගේ හිතේ තිබ්බ හැම දෙයක්ම අයියගෙ කටින් පිටවුණා.. ඇත්තටම මට කියන්න කියල දෙයක් තිබුණෙ නෑ.. හැම පැත්තෙන්ම ඇහුණු ගාල ගෝට්ටි අතරෙ මගේ හිතේ හිටියෙ හර්ෂනි වීතරයි.

“ඔ.. ඔයාට මොන දේ වුණත් මං ඔයාව බාරගන්නවා රත්තරං.. ඇයි ඔයා ඒ ගැන හිතුවෙ නැත්තෙ.. මට ඕන ඔයා විතරයි හෂි.. ඔයා කොහොමද ඔයාගෙ දේව් අයියා දාලා යන්න ගියේ.. මේ අමනුස්ස ලෝකෙ මං විතරක් තනියෙන් තියලා ඔයා ගියේ කොහොමද හෂි..”

මුළු හිතම වල්මත් වෙලා තියෙද්දි මගේ හිතට ආපු හැමදේම මං කියෙව්වා.. එහෙම කියවලා මං ඔලුව උසස්ල බලද්දි මගේ ඇස් ඉස්සරහ හිටියෙ ඩිලාන්.. ආයෙත් මූ ඇවිත්.. මගේ හිතේ කේන්තිය පුපුරලා ගියේ බලන් ඉන්දෙද්දිම..

“මේ හැමදේටම උඹත් වගකියන්න ඕන බැල්ලිගෙ පුතෝ.. උඹල මට කරපුව මතක නෑ.. මතක තියාගනිං.. ගේම තාම ඉවර නෑ.. මගේ වන් මෑන් ෂෝ එක මං ඉක්මණටම පටන් ගන්නවා.. අදම කේන්දර බලවගනිං..”

මං ඩිලාන්ට ඒටික කිව්වෙ දත්මිටි කන ගමන්.. තවත් ඩිංගක් වෙලා යද්දි ප්‍රශානුයි, අයියයි මාව හර්ෂි ළඟින් ඇදගෙන එළියට ආවා.. මගේ හිත මහා වෛරයකින් උතුරලා ගිහින් තිබුණා.

“කොයි දේටත් කලබල වෙන්නෙපා මල්ලි.. මං ඔක්කොම බලාගන්නම්.. උඹට දුන්නු මේ දුක් කන්දරාවම, ඌටත් විදවන්න මං වැඩේ ලෑස්ති කරනවා.. හර්ෂීගෙ ෆියුනරල් එක ඉවරවෙනකල් මට කල් දීපං චූටි..”

අත් දෙකෙන්ම මගේ මූණ පිරිමදින ගමන් අයියා කිව්වා. ඊට පස්සෙ ගෙවිලා ගියපු දවස් දෙක ගැන නම් මට ඒ තරම් මතකයක් තිබුණෙ නෑ.. මං හිටියෙ හර්ෂිත් එකක්.. කවුරුවත්ම නැති පාලු ලෝකෙක තනිවෙලා.. හර්ෂීගෙ අවසන් කටයුතු කරන දවසත් ඊළඟට උදාවුණා.. ඇත්තටම ඒ වෙනකොට මං හිටියෙ පියවි සිහියෙන් නෙමේ.. ගෙදර කා එක්ක වුණත් මං වැඩිය කතා කරේ නෑ.. මේ හැමදේටම මං වටේ ඉන්න අයත් වගකියන්න ඕන කියන හැඟීම මගේ හිතේ තිබුණා.

හර්ෂිව තැන්පත් කරපු චිතකයෙ, සුදු පාට ඉටි රෙදි පිච්චිලා, කහ, කලු, දුඹුරු පාට දුම් කැරලි මුලු අහසෙම පිරිල යද්දි හිත් පිත් නැතුව වගේ මං ඒ දිහා බලන් හිටියා. හිත ගිණිබත් කරල දාන දුක් ගොන්න වේදනාවෙන් පෙර පෙරී ඇදෙද්දි කර කියාගන්න දෙයක් නැතුව මං ඔහේ බලන් හිටියා.

“කෝ.. ඉතිං.. මං යන්න කලින් ඩිංගක් හිනාවෙන්න..”

“බෑ..”

බොරු නෝක්කාඩුවක් සුදු මූණට අරන් හර්ෂි කියපු හැටි.

“ආ.. ඒ කියන්නෙ බෑ..”

“බෑනෙ..”

“එහෙනම් ඉතිං කරන්න දෙයක් නෑ.. මං වෙන කෙල්ලෙක්ගෙන් ඉල්ලගන්නවා හිනාවක්..”

“ෂෝයිනේ ඉතිං..”

“මට නෙමේ.. හිනාවෙන්න බැරි ඔයාට හයි කරන්න..”

අතීතයෙන් ඇහෙන බොහෝ දේවල්, හිත ගිනිබත් කරල දාලා ඇවිලෙන්න අරන්. සුසාන බූමියෙ ඉතුරු වෙලා ඉඳපු හුඟාක් අයගෙ ඇස් යොමුවෙලා තිබ්බෙ මං දිහාට.. කම්මුල් දිගේ ගලාගෙන යන කඳුළු බිංදු බිමට බේරෙද්දි මං, ගිණිගෙන දැවෙන චිතකය හිදාට පියවර එසෙව්වා.

“ප්‍රශාන්..! මල්ලිව කොන්ට්‍රෝල් කරගනිං.. නැත්තං ආයෙත් සිහිය නැතිවෙයි..”

අයියගෙ කටහඬ ම ඈතින් වගේ ඇහුණා. රතු පාට දුම් ගුලි අහසට එක සැරේට පාවෙද්දි මුළු ලෝකෙම කර කැවෙනව වගේ මට දැනුණා. ඒ එක්කමයි මං මහා හයියෙන් කෑගැහුවෙ.

“හෂි... මගෙ රත්තරං.. ඇයි ඔයා මාවත් අරන් ගියේ නැත්තෙ..? මුළු ජීවිතේම විඳවලා, විඳවලා මැරෙද්දිත් ඔයා විඳවන්න ඇති හෂි..! අනේ දෙයියනේ.. ඔයාව ඔය තත්වෙට දාපු හැම එකාවම මං විනාශ කරනවා නංගි.. මේ උඩ ඉන්න හැම දෙවියෙක්ම පල්ලා.. එහෙම නොකළොත් ඔයාට සැනසීමක් නෑ..”

කිතුල් රැහැන් වලින් කෙසෙල් කඳන්වලට හයි කරලා චිතකය වට කරලාතිබ්බ මල් වැට, ළඟට යනකොට මගේ දෙපා බිමට නැමුණා. කෙසෙල් කඳක මුණින් අතට නවලා තිබ්බ මුට්ටියක් සුදු විසුණු වෙලා යන්න ගහපු මං වටපිටබ ැලුවා. අයියයි, අක්කයි විදුලි වේගයෙන් මං දිහාටදුවන් එනවා මං දැක්කා.. ඒත් පිච්චිල යන චිතකය අස්සෙ, ආදරේ පිරුණු හිතත් එකක්. හර්ෂිව පිච්චිලා යන විදිය මැවෙද්දි මං ආයෙමත් කෑගැහුවා.

“මාව දාලා යන්නෙපා හෂි.. මට මෙහෙම කරන්න ඔයාට බෑ රත්තරං.. ඔයා කොහොමද මාව දාලා ගියේ.. ඔයාට මාව දාලා ඩිංගක්වත් මතක් වුනේ නැද්ද දෙයියනේ..”

ඩිංගකින් මුළු මහත් වටපිටාවම අඳුරු පාටට හැරෙන විත්තිය මං දැක්කා. මාව කොහේදෝ ඈතකට පාවෙලා යන විත්තියත්, මගේ හිතට තේරුණා.. ඊටප ස්සෙයි මට හැමදේම පේන්නැතුව ගියේ..


ආයෙත් සිහිය එනකොට මං ගෙදරට ගෙනැල්ලා තිබුණා. හර්ෂිගෙ අහිංසක මූණ, හිත උඩ ඉබේටම වගේ මැවෙද්දි මගේ පපුව හිරවෙනව වගේ මට තේරුණා.. ආයෙ කවදාවත් හර්ෂි මගේ ඇස් ඉස්සරහටඑන්නෙ නෑ කියලා තේරුම් ගියාම මට මහා සද්දෙට හැඬුම් අවා.

“මාව මෙහේට අරන් ආවෙ ඇයි..? මට.. මට හර්ෂීව බලන්න ඕන.. මට එයාව බලන්න ඕන.. මට එයා නැතුව ඉන්න බෑ කියලා තොපිට තේරෙන්නෙ නැද්ද..?”

“අපි කොහොමද දේව් ඒක කරන්නෙ..? උඹේ දුක අපිට තේරෙන්නෙ නැතුව නෙමෙයි.. හිත හදාගන්න බලපං.. කොයි දේත් වෙන්නෙ මිනිස්සුන්ටනේ දේව්..”

“හුහ්..! මිනිස්සුන්ට.. උඹ දන්නවද යකෝ.. ඒක වුණා නෙමෙයි.. කරා.. ප්‍රශාන්.. උඹ දන්නවද..? උඹ දන්නවද, මගේ අහිංසක කෙල්ල උං මගෙන් සඳහටම උදුර ගත්තා.. ඒත් ඇල්ෆ්‍රඩ්ට ඒ වෙනුවට ගෙවන්න වෙන වන්දිය හුඟාක් වැඩියි.. මං ඌව මරනවා මචං.. මරලා උගේ ලේ බොනවා.. මට උගේ ලේ බොන්න ඕන.. මට උගේ ලේ මොන පාටද කියලා බලන්න ඕක.. ඌ මගෙන් ජීවිතේ ඉල්ලල වැඳ වැටෙන හැටි මට බලන්න ඕන..”

“චුටි.. මො.. මොනවද පුතේ මේ කියවන්නෙ..? දරුවෙක්ගෙ දුකක් නොතේරෙන අම්මා කෙනෙක් නෑ පුතේ.. කවුරු නැතත් අපි ඔයා ගාව ඉන්නවනේ චූටි..”

“ඒ ගැන කතා කරන්නෙපා අම්මෙ.. ඔයාලා හැමෝටම ඕන වෙලා තිබ්බෙ හර්ෂිව මගෙන් ඈත් කරලා දාන්නනේ.. නේද..? ඉතිං දැන් ඒක වුණා.. එයා මගෙන් හැමදාටම අයින් වෙලා ගියා.. ඔන්න දැන් ඔයාට හිනාවෙලා ඉන්න පුළුවන්.. මගේ දුක මං තනියෙම විඳගන්නම්..”

මං එහෙම කියද්දි අම්මගෙ ඇස්වලින් කඳුළු පොදියක් කඩන් හැලෙන හැටි මං දැක්කා.. ඒත් මට දුකක් දැනුණෙ නෑ.. වෙනද අම්මගෙ කඳුළු වලට උණුවෙන මගේ අහිංසක හිත අද මං ගාව තිබ්බෙ නෑ.. ඒක අර අහිංසක කෙල්ලත් එක්ක පාලු භූමියෙ මිහිදන් වෙලා ගිහින් තිබුණා.. එතැන ඉදලා දවස් කීයක් ගෙවුණද කියලා මගේ මතකයෙ තිබ්බෙන ෑ..


වැහි බීරුමට මුළු අහස් කුසම ඉකි ගහද්දි ජීවිතේ මං ප්‍රාර්ථනා කරපු අවසාන හෝරාව උදාවෙලා තිබුණා.. මං ඒ වෙනකොට හිටියෙ හර්ෂණීගෙ ගේ ගාව.. ඉස්සරහ දොර යාංතමට අඩවල් කරලා තියෙනවා මං දැක්කා.. වැහි බීරුමත් එක්ක ආපු හීතලෙන් බේරෙන්න මං අත්දෙක සාක්කු දෙකේ ඔබාගත්තා.. දකුණු සාක්කුවෙ දාලා තිබ්බ දිග රම්බො පිහිය මගේ අත තවත් සීතල කරද්දි හර්ෂිලගෙ ගෙදර ඉස්සරහ දොරට මං පයින් පාරක් ගැහුවා.. බිත්තියෙත් හැපිලා නතරවුණු ලොකු කොස් දොරේ සද්දෙට ඉස්සෙල්ලම එබිලා බැලුවෙ හර්ෂිගෙ මම්මා.. මාව දැක්ක ගමන් එයාගෙ ඇස් ලොකු වෙන හැටි මං දැක්කා..

“ආන්ටි... මං කලබල කරන්නෑ.. මට ඕනෙක රන එකා පුළුවන්තරම් ඉක්මණට මට දීපන්.. මට ඕන ඇල්ෆ්‍රඩ්.. නැත්තං මං උඹවත් මරනවා..”

සාක්කුවෙ තිබ්බ රම්බො පිහිය දකුණු අතට ගන්න ගමන් මං කෑගැහුවා.. බයෙන් මිරිකෙන මම්මගෙ මූණ දැක්කහම මගේ හිතට ආවෙ විශාල සතුටක්..

“මෙ.. මෙ.. මේ මොනවද ඔය ළමයා කරන්න හඳන්නෙ..? මං.. මං කියනෙක අහලා ඔතනින් වාඩිවෙන්නකො.. ම.. මට මේව මොනවත් තේරෙන්නෑ.. ඇ.. ඇයි ඔය ළමයා ඇල්ෆ්‍රඩ්ව හොයන්නෙ..?”

ගොත ගගහා වුණත් හර්ෂීගෙ මම්මා ඇහුවෙ නියම ප්‍රශ්නයක්.. මගේ හිතට ඩිංගෙන් ඩිංග එකතුවෙලා තිබ්බ මහ විශාල කේන්තිය ටිකෙන් ටික ඈනුම් අරින්න ගත්තා.

“උඹ දන්නැතුව ඇති ගෑණියෙ.. හර්ෂිට වස බොන්න තරම් හේතුවක් තිබුණෙ නෑ.. ඒක උඹ දන්නෑ.. ඒත් මං දන්නවා.. හර්ෂි වස බිව්වෙ ඇයි කියලා උඹ දන්නවද ගෑනියෙ..? උඹේ මිනිහා මගේ හර්ෂිව විනාශ කාරා.. මගේ අහිංසක කෙල්ලව දූෂණය කරා.. උඹේ ගෙදර ඉඳන් ඔය හැමදේම වෙනකන් උඹ මොනවත්ම දන්නෙ නෑ..”

“අ.. අනේ දෙයියනේ.. ම.. මං මේව විශ්වාස කරන්නෙ කොහොමද..? ඔය ළමයා මොනවද මේ කියන්නෙ..? ඇල්ෆ්‍රඩ් ඒ වගේ දෙයක් කරාවිද..? අපේම දරුවෙක් වගේ අපි හර්ෂිව හදාගත්තෙ..”

“බුරියෙන් පල්ලෙහා නෑකම් නෑ ගෑණියෙ.. උඹ විශ්වාස කරත් එකයි, නැතත් එකයි.. මට ඇල්ෆ්‍රඩ් ඉන්න තැන කියපං.. මෙච්චර කල් කරපු බිස්නස්වල ගනුදෙණු බේරගන්න ඕන..”

මං මහා සද්දෙට කෑ ගැහුවා.. හර්ෂීගෙ, මම්මගෙ මූණ බයේම සුදුමැලි වෙලා තිබ්බා.. මගේ දකුණු අතේ තිබ්බ රම්බො දැති පිහිය දිහා හර්ෂීගෙ මම්මා බැලුවෙ යකෙක් දිහාවෙ බලනව වගේ.

“ගණුදෙනු බේරගන්න මෙනන් මං ඇවිත් ඉන්නවා ඉලන්දාරියා..”

මගේ පිටිපස්සෙන් ඇහුණ ඒ ගොරෝසු කටහඬට මං හැරුණා.. එතැන හිටියෙ ඇල්ෆ්‍රඩුයි, ඩිලානුයි.. තව මං දැකලා නැති මූණු ටිකක් විතරයි.. ඒ තත්පරේදි මං හර්ෂිගෙ මම්මා ගේ ඇතුළට දුවනවා මං ඇස් කොණින් දැක්කා. ඇල්ෆ්‍රඩ්ගෙ වලත්ත හිනාව දැක්කහම මගේ මුළු හිතම කේන්තියෙන් පුපුරලා යනවා කියලා මට දැනුණා. ඩිලාන් වුණත් අමුතු නෝන්ඩි හිනාවක් දාගනෙයි හිටියෙ.. මෙච්චර වෙලා පිටිපස්සට කරගෙන හිටපු රම්බො පිහිය මං ඉස්සරහට ගත්තා.. ඒ පිහිය දැක්ක ගමන් උංගෙ මූණු වලට ආපු බය දැකලා මගේ හිත සංතෝසෙන් උතුරලා ගියා.

“උඹට පේනවා නේද ඇල්ෆ්‍රඩ්.. මං ගණුදෙනු බේරන්න ඇවිල්ලා තියෙන්නෙ කොහොමද කියලා.. අමන බැල්ලිගෙ පුතෝ.. උඹ මේචචර දවස් මට දීපු වද කන්දරාවටයි.. මගේ අහිංසක කෙල්ලගෙ ජීවිතේ නැති කරාටයි.. උඹව මරලා විතරක් මං ඉතුරු කරන්නෑ..”

ඩිලානුයි, අනිත් කොල්ලො තුන්දෙනයි බයවෙලා වගේ ඉන්දෙද්දි ඇල්ෆ්‍රඩ් පණ බයෙන් කෑ ගහනවා මට ඇහුණා.

“ඒ... ඒයි ඩිලාන්..! ඩිලාන්..! මූ මාව මරන්නයි හදන්නෙ..”

ඇල්ෆ්‍රඩ් ඒ කියෙව්වෙ උගේ ජීවිත කතාවෙ අන්තිම වචන ටික.. තව එක වචනයක්වත් ඒ මූසල කටින් කියන්න දෙන්න මගේ හිත ඉඩ දුන්නෙ නෑ.. මුළු ලෝකෙම වුණත් පෙරළන්න පුළුවන් තරමෙ ලොකු ශක්තියකින් මගේ හිත උතුරද්දි මං ඇල්ෆ්‍රඩ් ඉස්සරහට පැන්නා.. මර බයේ කෑ ගහපු ඇල්ෆ්‍රඩ් මගෙන් ඈත් වෙන්න හැදුවත්, මං උගේ බෙල්ලෙන්ම අල්ලගෙන, උගේ පපුව මැද්දට පිහිය හතර පස් පාරක්ම බැස්සුවා.. මරු විකලෙන් ඇල්ෆ්‍රඩ් ගිරිය යටින් කෑගහද්දි උගේ ලේ වලින් මං අත්දෙක හෝදගෙන නැගිට්ටා.. ආයෙමත් මං පහත් වෙලා ලේ උතුරල ගිහින් තිබුණු ඇල්ෆ්‍රඩ්ගෙ මළ මිනීයට තවත් හත් අට පාරක් පිහිතල බැස්සුවා.

“මගේ අහිංසක කෙල්ල මට නැති කරාට, මගේ පුංචි සුරංගනාවිව විනාශ කරාට... උඹට දෙන තෑග්ග ඕකයි ඇල්ෆ්‍රඩ්.. අර.. අර බලපං.. හර්ෂි ඈත ඉඳන් හිනාවෙනවා.. හ්.. හ්.. හ්..”

මං ඇත්තටම හර්ෂිව දැක්කා.. සුදු පාට හිම කුමාරියක් වගේ එයා හිනාවෙවී හිටියා. ඩිලාන්ල කර ගියාගන්න දෙයක් නැතුව ඉන්දෙද්දි හර්ෂිගෙ මම්මා යටි ගිරියෙන් කෑ ගහන සද්දෙ මට ඇහුණා.

“උඹත් මට වද දුන්නා නේද බැල්ලිගෙ පුතෝ.. උඹෙත් ඇති නේද ගණුදෙනු අඩුපාඩු වගයක් බේරන්න..”

මං ඩිලාන් ඉස්සරහට පැන්නා.. මහ හයියෙන් කෑගහලා ඌ දුවන්න හැදුවත් ඊට කලින් මං ඉස්සර වුණා.. පිහි පාරවල් පහ හයක් අනිනකොට ඩිලාන් කපලා දැම්ම ගහක් වගේ බිමට ඇඳගෙන වැටෙද්දි, ඌත් එක්ක හිටපු කොල්ලො තුන්දෙනා පැනලා දිව්වා.

“උ.. උඹලට පේනව නේද යකෝ.. මං මගේ හර්ෂිට කොයි තරම් ආදරේ කරාද කියලා.. මං මගේ හර්ෂිට හුඟාක් ආදරෙන් හිටියෙ යකෝ.. ඔන්න මං මගේ උසාවියෙ තීරෆණ් දුන්නා.. දැන් ඉතිං හර්ෂිව මගෙන් වෙන් කරන්න කාටවත් බෑ..”

“ම.. මල්ලි... දෙ... දෙයියනේ උඹ මො.. මොකක්ද මේ කරලා තියෙන්නෙ..? උඹ මුං දෙන්නව මරලා නේද..? අනේ.. දෙයියනේ.. උඹ මොකක්ද මේ කරගත්තෙ..?”

මහ දුකකින් කෑ ගහගෙන ආපු අයියා මාව බදාගත්තා.. මෙච්චර වෙලා ගිනියම් වෙච්ච මගේ ඇස්වලින් කඳුලු කඩන් වැටෙන්න ගත්තා.

“අඬන්නෙපා අයියෙ.. මං දිනුම් අයියෙ.. මං විතරක් නෙමෙයි.. මගේ හර්ෂිත් දිනුම්.. අර.. අර අයියට පේනව මගේ හර්ෂි හිනාවෙනවා.. අර.. අර.. ඈත බලන්නකො අයියෙ.. එයා මගෙත්තෙක්ක හිනාවෙන හැටි..”

මහ විශාල මානසික පෙරළියක් හිත ඇතුළෙ තෙරපෙද්දි මං කෑගැහුවා..

“දේව්.. දේව්.. උඹට මාව අඳුනන්න බැරිද..? ම... මං ප්‍රශාන්.. උඹත්තෙක්ක පුංචි කාලෙ ඉඳලා එකට හිටපු එකා.. දේව්.. මං කියන ඒවා උඹට ඇහෙනවද..?”

කොහෙන්දෝ ඈත ලෝකෙක ඉඳලා ආපු එකෙක් වගේ, මගේ පුංචි කාලෙ ඉඳලා මං ගාව ඉඳපු ප්‍රශාන්, මගේ අත් දෙකෙන්ම අල්ලගෙන කෑගැහුවා.. ඒත් ඒ වෙනකොට මගේ ලෝකෙ ඒ කවුරුවත්ම හිටියෙ නෑ..

“අපි දිනුම්.. ඕගොල්ලො කවුරුවත්ම දන්නෑ,. මගේ හර්ෂි නංගි අර ඈත ඉඳන් මට අත වනනවා.. මං.. මං... යනවා එයත්තෙක්ක.. අර.. අර බලන්නකො.. එයා හිනාවෙන ලස්සන..”

ටිකකින් මුළු ලෝකයම කළුවර වළාවකින් වැහිලා යනවා මං දැක්කා.. ඒ වළාවෙ කොනකට වෙලා හර්ෂිනී හිනාවෙනවා මං දැක්කා.. ඒ හිනාවත්තෙක්කම ජීවිතේ පුරාම එකතුවෙන ගමන්, එයා ළඟට යන ගමන මං ඇරඹුවා.


No comments:

Post a Comment