Monday, September 24, 2012

| නෙතු අභිෂේකය | චන්දි කොඩිකාර |


මං එදා ඔයාට කිව්ව්නේ කෙල්ලෙ අපි දෙන්නට ඉක්මනටම එකට රඟපාන්න ලැබෙයි කියලා..

යුවනි විසින් කරන ලද විස්තරය අසා සිටි තාරක කීවේ ප්‍රීතියෙන් ඉපිලෙමිනි. නැවතත් ක්ෂේත්‍රයට පිවිසෙන්නට ලැබෙනු ඇතැයි හැඟීම පවා ඔහුගේ සිතට පවන් සලන්නාක් බඳු සුවයක් විය.

හැබැයි ඉතින් දැන් ඔය හැරමිටිය ටිකක් අයින් කරන්න වෙයි.. හැරමිටි ගඟහා රඟපාන්න බැහැනේ..


යුවනි සරඳම් හඬින් කීවාය.

ඔහු හැරමිටිය පසෙක තබා සාලයේ එහා මෙහා සක්මන් කළේ ආඩම්බර පියවරෙන්. දරුවෙකුගේ හපන්කමක් දෙස බලා සිටින මවක සේ දයාබර දෑසින් යුවනි ඔහු දෙස බලා සිටියාය.

කොහොමද..? මගේ වැඩ හොඳයි නේද..?

ඔහු විමසුවේ මුව පුරා සිනාසෙමිනි.

ඇත්තටම පහු ගිය දවස්වල මට මේ හැරමිටිය යාළුවෙක් වගේ වුණා.. ඒක අතේ නැතුවම ලොකු පාළුවක් දැනුණා..

තාරක කීවේ සිනාසෙන්නට තැත් දරමිනි. යුවනිට අනුකම්පාවක් දැනුණි.

දැන් ඕක ඕන වෙන එකක් නෑ තාරක අයියෙ.. ආයෙමත් ඔයා මේ ෆිල්ඩ් එකේ ඉහළටම එනවා කියලා මට විශ්වාසයි.. එතකොට අත්වැල අල්ලන්න ඕන තරම් අය  ඉඳී..

යුවනී කිවේය.

තාරක සුසුමක් හෙළා පුටුවකට බර දුන්නේය. ඔහුගේ මුහුණේ වූවේ දුක්මුසු පෙනුමකි.

එක අතකින් බලනකොට මේ එක්සිඩන්ට් එක මට ආශිර්වාදයක් වුණා යුවනි.. මිනිස්සුන්ගෙ හැටි අඳුනාගන්න මට පුළුවන් වුනේ පහු ගිය කාලෙ තමයි..

තාරකගේ වඳන් තුළ තමාටත් එල්ල කළ ඇනුම් පදයක් ඇති බව යුවනිට වැටහිණි. ඇගේ මුහුණ රතු වී ගියේය. එහෙත් නිදහසට යම් කරුණක් ඉදිරිපත් කළ යුතු යැයි ඇයට සිතිණි.

මට කිසිම දෙයක් කියන්න ඔයාට බෑ තාරක අයියා.. මොකද මට ඔයා ගැන හොයලා බලන්න විදියක් තිබුණෙ නෑ.. ඔයා ජගත් අයියටයි, අපේ අයියටයි දෙන්නටම බැනලා තිබුණා.. ඉතින් මං ඔයාව බලන්න ගියා නම් මට කොහොම බනියිද...

යුවනි කියාගෙන ගියාය.. එවර මුහුණ රතු වූයේ තාරකගේය. ඩිලාන්ගේත්, අංජනගේත් කියුම් බස් වලට මුලා වී තමා ජගත්ටත් රුවන්ටත් දොස් පැවරූ අන්තම ඔහුට සිහිපත් විණි.

නෑ යුවනි, මං ඔයාට දොස් කියන්නෙ නෑ.. ඒත් කිසිම දෙයක් කර කියා ගන්න බැරිව අසරණ වුණාම කෙනෙකුට මුලු ලෝකෙත් එක්කම තරහක් දැනෙනවා.. මටත් වුණේ ඒක.. අංජනලා, ඩිලාන්ලා ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා..

දැන් ඕවා ඔක්කොම අමතක කරලා දාලා අලුතෙන්ම ජීවිතේ පටන්ගනිමු..

යුවනි මඳ සිනාවක් පාමින් කීවේය.

ඔයා මට ලොකු හයියක් කෙල්ලෙ..

තාරක නැඹුරුව ඇගේ දෑත තරයේ අල්ලා ගත්තේය. යුවනි සිත යටින් හිනැහුණේ ඔහුගේ ප්‍රකාශය අවංක නොවන බව දැන සිටි නිසාය. ඇය තුළ වූයේද තාරකට උදව් කිරීෆම් අවංක චේතනාවක් නොවේ.. අභිෂේක් අබිබවා යන මට්ටමට ඔහු රැගෙන එන්නට කළ හැම හැම දෙයක්ම කරන්නට ඇය හිතා ගෙන සිටියේය.

මනෝජ් ප්‍රේමතිලක දුරකථන ඇමතුමක් දුන්නේ ඇය තාරක හමු වී ආපසු එන අතරතුරේදීය. ඇයට දැනුණේ පුදුමාකාර සතුටකි.

කොහොමද මනෝජ් අයියා..

ඇය උද්යෝගයෙන් විමසුවාය.

ඔයාට පොඩි ආරාධනාවක් කරන්න කතා කෙරුවෙ..

මනෝජ් කීවේය.

ආරාධනාවක්..? ඒ මොකක්ද..?

යුවනි විමසුවේ එය කුමක් වුවත් පිළිගැනීමේ බලාපොරොත්තුව ඇතිවය. නිෂ්පාදකවරයා ගේ සිතැගි වලට එකඟව කටයුතු කිරීමේන සිය අරමුණු ඉටු කරගත හැකි බව ඇය දැන සිටියාය.

මම හෙට ලොකේෂන් බලන්න යන්න හිතාගෙන ඉන්නෙ.. ඔයත් එනවද යන්න..?

ඔහු අසද්දී යුවනිගේ සිතට චකිතයක් දැනුණි. එහෙත් ඒ මොහොතකට පමණි. තමාට දුර ගමනක් යාමට තිබෙන බව ඇය සිතට ඒත්තු ගන්වා ගත්තාය.

මම එන්නම් මනෝජ් අයියා.. ජගත් අයියත් යනවද..?

ඇය ඇසුවාය.. ජගත් නොයන බව ඇය සක්සුදක් සේ දැන සිටියාය. විදේශ රටක සේවය කරන ටෙලි නාඨ්‍ය නිෂ්පාදකයෙක් මේ දිනවල නිවාඩු කාලය ගත කිරීමට ලංකාවට පැමිණ සිටියේය. ඔහු හා සම නිෂ්පාදනයක් කිරීමට සාකච්ඡා කිරීම සඳහා ජගත් හා රුවන් නික්ම ගියේ අද උදේය. අනුරාධපුර පළාතේ සංචාරයක යාමට ද ඔවුන් ගේ අදහසක් ඇති බව දැන ගන්නට ලැබිණි. එම නිසා මනෝජ්ගේ ගමනට එක් වෙන්නට යුවනිට බාධාවක් තිබුණේ නැත.

ජගත් නම් යන්නෙ නෑ.. ඒත් ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්, ආර්ට් ඩිරෙක්ටර් වගේ තව කීප දෙනෙක් යනවා.. ඔයා එන්න අකමැති නම් මම බල කරන්නෙ නෑ..

මනෝජ් ආචාරශීලී ලෙස කීවේය. ඒ හැසිරීම යුවනිගේ සිත ගත්තේය.

අකමැත්තක් නෑ මනෝජ් අයියා මම එන්නම්..

යුවනි ස්ථිර හඬින් කීවාය.

හොඳ කෙල්ල..

ඔහු කීවේ කෙළිලොල් ගැටවරයෙකු ලෙසිනි. එදින රාත්‍රියේ යුවනිට හරි හැටි නින්දක් නොවිණි. මනෝජ් හා කතා කළ යුතු දේවල් මෙන්ම ඔහු හමුවේ හැසිරිය යුතු ආකාරය පිළිබඳ ද ඇය දිගින් දිගටම කල්පනා කළාය.

පසුදා උදෑසනින්ම නැගිට්ට ඇය ඉස්තරම් ආකාරයනේ සැරසෙන්නට වූවාය.  ඇය අම්මාට කීවේ ටෙලි නාට්‍යයේ සාකච්ඡාවක් සඳහා යන බවය. කවුරු සමඟ කොහෙදී  සාකච්ඡාව කෙරෙන්නේ දැයි අම්මා නොවිමසුවේ හොඳ වෙලාවටය. රුවන් සිටියේ නම් අකුරක් නෑර එම විස්තරය කියන්නට වෙනවා නිසැකය.

අයියා එන්න ඉ්සසර වෙලා ගෙදර එන්න වෙයි.. නැත්නම් ඉතින් දන්නවනේ..

යුවනි නිවසින් පිට වෙද්දී අම්මා අනතුරු ඇඟවූවාය.. යුවනි මුව පුරා සිනාවක් පෑවේය. සිත සැහැල්ලුවෙන් තිබූ බැවින් ඇයට සුළු දෙයකට පවා සිනාසෙන්නට පුළුවන් වූවේය.

මනෝජ්ගේ මොන්ටේරෝ රථයට යුවනි නැගුනේ ගම්පහ නගරයෙනි. කිහිප දෙනෙකු එන බව ඔහු කී නමුත් රථයේ සිටියේ ඔහු පමණකි.

කෝ මනෝජ් අයියා විතරනේ..

විස්මයෙන් ඔහු දෙස බැලූ යුවනි කීවාය. මනෝජ්ගේ මහත මුහුණ සිනාවකින් ආලෝකමත් විණි.

ඇයි මං විතරක් ගියාම මඳිද..?

ඔහු වයසට නොගැලපෙන ආකාරයේ දඟකාර හඬකින් විමසුවේය. යුවනිට සිහිපත් වූයේ අභිෂේක්ය. ඔහුගේ තරම් සැහැල්ලු දඟකාර ගති ගුණ ඇති පිරිමියෙකු ඇයට මෙතෙක් හමු වී නොතිබිණ. ඇය රහසේ සුසුමක් හෙළුවාය.

ඇත්තෙන්ම යුවනි මට ඔයත්තෙක්ක ටිකක් කතා කරන්න හිතුණෙ ඔයාව ටෙලි ඩ්‍රාමා එකක දැකපු මුල්ම දව්සෙ.. අනිත් අයට වෑන් එකේ එන්න කියලා මම මගේ වෙහිකල් එකේ ආවෙ ඔයත් එකක් නිදහසේ කතා කරන්න ඕන හින්දාමයි..

මනෝජ් බොහෝ සන්සුන් ලෙස කීවේය. බොරුවට වර්ණනා කිරීෆමන් ගැහැනියකගේ සිත දිනා ගන්නා ආකාරය ඔහු හොඳින් හදාරා තිබිණි. මේවා ඒනෑම පිරිමියෙකුගේ මුවින් පිට විය හැකි සුලබ වදන් පමණක් බව වටහා ගන්නට තරම් යුවනි බුද්ධිමත් වූයේ නැත.

ඉතින් මොනවද අපිට ඔච්චර කතා කරන්න තියෙන්නෙ..?

ඇය නෙතගින් ඔහු දෙස බලමින් ඇසුවාය.

කතා කරන්න නැත්තෙ මෙනාවද කියලා ඇහුවා නම් තමයි හරියට හරි..

ඔහු සිනාසුණේය..

ඔයයි මායි අඳුනගෙන දවස් දෙක තුනකට වැඩිය නෑනේ..

යුවනිට අසන්නට වුවමනා වූයේ ඒ දින දෙක තුනට කතා කරන්නට බොහෝ දේවල් එකතු වූයේ කෙසේදැයි යනුවෙනි. එහෙත් මනෝජ් ඇයට කතා කරන්නට ඉඩ දුන්නේ නැත.

ඔයාව දැක්කෙ එදාමයි කියලා මට කොහෙත්ම හිතුනෙ නෑ යුවනි.. හැමදාම ඔයා මගේ හිතේම කොහේ හරි හිටියා කියලා මට හිතුණෙ..

මනෝජ් කතා කළේ හැඟුම්බර ස්වරයෙනි. යුවනි මවිතයට පත් වී බලා සිටියාය. ඔහු රිය පදවන අතරම හොරැහින් ඇය දෙස බැලීය.

මං මේ ඔයාව රවට්ටන්න බොරුවක් කියනවා නෙමෙයි යුවනි.. ඉස්සෙල්ලම ඔයාව ටෙලි ඩ්‍රාමා එකක දැකපු දවසෙ ඉඳලම මට දැනුණෙ පුරුදු කෙනෙක් විදියට.. මං ඔයා ගැන හුඟක් තොරතුරු හෙව්වා.. එහෙම නොවෙන්න මම කොහොමද තාරකලා අභිෂේක්ලා එක්ක ඔයාගෙ තිබිච්ච සම්බන්ධකම් දැන ගන්නෙ..?

මනෝජ් කීවේය. එය නම් සත්‍යයක්ම විය යුතු යැයි යුවනිට සිතිණි. ඔහු ඇය ගැන තොරතුරු එක් සැණෙකින්ම පැවසුවේය. කිසිම පැකිලීමකින් තොරව ඇය ටෙලි නාට්‍යයේ ප්‍රධාන නිලි චරිතයට තෝරා ගත්තේය. ඇගේ සිතට දැඩි පහන් බවක් දැනිණි. සිතේ ඇති වූ ක්ෂනණික පෙළඹවීමකට අනුව ඇය සුක්කානම මත වූ මනෝජ්ගේ වමත මත සුරත තැබුවාය. ඔහු ඒ අතැගිලි තරයේ අල්ලාගෙන තනි අතින් වාහනය පැදවූවේය. ඔහුගේ ඇඟිලි අසාමාන්‍ය තරමට සියුමැලි බව යුවනිට දැනුණි.

ඇත්තමයි යුවනි, ඔයාව මෙහෙම ළඟින් තියාගෙන යන්න මම මොන තරම් සිහින මැව්වද..?

වංගුවකදී ඇගේ අත මුදා හරිමින් ඔහු කීවේය.

එහෙම හීන මැව්වා නම් ඔයාට මාව කෙළින්ම ටෙලි ඩ්‍රාමා එකට ගන්න තිබ්බනේ.. වෙන නිළියො හොය හොය ඉන්නෙ නැතුව..

යුවනි පැවසුවේ ඇනුම් පදයක හඬිනි. ඔහුගේ දෙතොල් සිනාවකින් විවර විණි.

ඉතින් එහෙමනේ කළේ..

ඔහු සැහැල්ලුවෙන් කීවේය.

ඔයාලා මට කතා කළේ නෑනේ.. ජගත් අයියා ටෙලියක් කරන ආරංචියට මං ආව මිසක්..

ඇය සිහිපත් කොට දුන්නාය.

ඔහු හඬ නඟා සිනාසුණේය. ඔහුට එතරම් සිනාසෙන්නට එහි ඇති විහිළුව කුම්කදැයි සිතා ගන්නට නොහැකි වූ යුවනි මවිතයෙන් බැලුවාය.

ඒක ප්ලෑන් එකක්.. මම ජගත්ට කිව්වා ඔයා වගේ අලුත් නිළියකට නම් මම කැමතියි කියලා..

ඔහු කීවේය.

යුවනිට බලවත් සතුටක් දැනුණි. ඇය මනෝජ් ගේ වදන් මුළු සිතින්ම විශ්වාස කළේය. ඒවා අවංකවම කරන ලද ප්‍රකාශ දැයි තර්කානුකූලව සිතා බැලීමට ඇයට උවමනා නොවිණි.

කඩුවෙලින් හැරවූ රිය අවිස්සාවෙල්ල පාරේ ඇදෙන තුරුම යන්නේ කොහේදැයි අසන්නට යුවනි උත්සුක නොවුණාය. ඇයට වුවමනා වූයේ මනෝජ්ට අවනත බව අඟවා ඔහුගේ සිත දිනා ගැනීමට පමනි. ඔහු තාරක ටෙලි නාට්‍යයට සම්බන්ධ කර ගනු ඇත්තේත් ඔහුගේ අලුත් නිර්මාණ වලට දිගින් දිගටම ඇය දායක කරගන්නවා ඇත්තේත් එවිටය.

ටෙලි ඩ්‍රාමා එකේ රොමෑන්ටික් සීන් එකක් ෂුට් කරන්න කියාපු වෙලාව නේද..?

මනෝජ් ඇසීය.

යුවනි සිනාසී හිස සැලුවාය. සුහු ලුහුල් කමීසයක් හා කලිසමක් හැඳ ගත් නළුවෙකු සහ දුහුල් සාරියක් හැඳගත් නිළියක වැස්ස අතරින් අතිනත ගෙන දිව එන දර්ශනයක් ඇගේ සිතේ මැවිණී. එවන් දර්ශනයක් ඇය දැක තිබුණේ හින්දි චිත්‍රපටයක පමණි. එහෙත් මෙමොහොතේ යුවනිගේ සිතේ සිටියේ ඇය හා අභිෂේක්ය. ඊළඟ මොහොතේ එම රූප රාමුවෙන් ඇය මැකී ගොස් පියුමිකා පෙනෙන්නට විණි. යුවනි දත් මිටි කෑවාය. අභිෂේක් ගෙන් පළිගැනීමේ චේතනාව ඇගේ සිතට දැඩිව දැනුණි.

යුවනි මොකද ඔයා අමුතු වෙලා..?

ඇගේ මුහුණේ ඉරියව් වරින් වර වෙනස් වෙනු දුටු මනෝජ් රියේ වේගය තවත් බාල කොට ඇගේ අතින් අල්ලා ගත්තේය. රිය තුළ වායු සමීකරණයේ සිසිලසත්, පිටත වැස්සේ සිසිලසත් එක්තැන් වූ නිසාදෝ මනෝජ්ගේ අත පෙර වතාවට වඩා සීතල බව යුවනිට දැනුණි.

මම අර ඔයා කිව්ව විදියෙ රොමෑන්ටික් සීන් එකක් ඇක්ට් කළා..

යුවනි මඳ සිනාවක් පාමින් කීවාය.. මනෝජ්ගේ දෑස අනුරාගී බවක් අඩවන් විය..

තනියෙම..?

ඔහු ඇසීය..

තනියම කොහොමද මේ සීන් එක කරන්නෙ..?

ඇය දඟකාර ලෙස විමසුවාය..

එහෙනම් තාරකත් එක්ක හරි අභිෂේක් එක්ක හරිද..?

යුවනිගේ මුහුණ වෙනස් විණි. එහෙත් ඉදිරිය බලාගෙනම රිය පදවන්නට සිදු වූ නිසා මනෝජ්ට ඒ වෙනස් වෙන ඉරියව් නිරීක්ෂණය කිරීමට පුළුවන්කමක් තිබුණේ නැත.

නෑ.. ඔයත් එක්ක..

යුවනි වහා කීවාය..

මනෝජ්ට ඉබේටම වාහනයේ තිරිංග පෑගුණි. ඔහු පාර අද්දරට කොට වාහනය නතර කළේය. අවට පරිසරය ද නොපෙනෙන තරම් තදින් වැස්ස ඇඳ හැලෙමින් තිබිණි.

ඇත්තමද කෙල්ලෙ ඔය කියන්නෙ..?

ඇය දෙසට නැඹුරු වෙමින් ඔහු රහස් හඬින් විමසිය.

මම මොනවටද මනෝජ් අයියෙ බොරු කියන්නෙ..?

යුවනි කීවේ ඔහුගේ දෑස මඟ හරිමිනි.

වාහනය තුළ රිසි සේ හැසිරෙන්නට ඉඩකඩක් නොමැති වුවද මනෝජ් ඇය තුරුළු කොටගෙන අනුරාගී ලෙස සිප ගත්තේය.

සැබැවින්ම ඒ සිප ගැනීම තුළින් යුවනිට දැනුණේ මිහිරියාවක් පමණක් නොව මවිතයක් හා කුතුහලයකි. පිරිමි සිප ගැනීම් වලට ඇය කිසි සේත්ම ආගන්තුක නොවූවාය. තාරක සමඟ ඇය යහන්ගත විත් තිබිණි. එහෙත් මනෝජ් ගේ එකම සිප ගැන්මෙන් මෙතරම් සිත කැළඹුනේ මන්දැයි ඇයට සිතාගත නොහැකි වූවේය.

මනෝජ් අයියා..

ඇය නොසන්සුන් ලෙස මිමිණුවාය. තරුණ බවක් පෑවද තමාට වඩා බොහෝ වයසින් වැඩි මේ මිනිසාගේ පහසට මීට වඩා සමීපව විඳීමේ ආශාව ඇයට තදින් දැනුණි. ඔහු එය අපූරුවට තෙරුම් ගත්තේය.

දැන් මට ඔයාව අතෑරලා වාහනේ ඩ්‍රයිව් කරන්න ලෝභයි වගේ..

ඔහු කීවේ පසුතැවිල්ල මුසු සිනාවක් පාමිනි.

මටත් ඔයාගෙන් ඈත් වෙන්න බෑ වගේ දැනෙනවා..

ඇය කිසිඳු පැකිළිමකින් තොරව කීවාය.

එහෙම නම් අපි මීට වඩා ළං වෙලා ඉන්න පුළුවන් තැනකට යමු කෙල්ලෙ..

ඔහු මිමිණුවාය.

යුවනි හිස සැලුවාය. මද සිනාවක් පෑ මනෝජ් වාහනය නැවතත් පණ ගන්වා ගත්තේය. වැස්ස තවමත් ඇද හැලෙමින් තිබිණි. මනෝජ් වැස්ස ප්‍රිය නොකළා නොවේ. මෙතරම් පහසුවෙන් යුවනි අවනත කර ගැනීමට ඉඩ ලැබුණේත් වැස්ස නිසාය. එහෙත් ගමනාන්තයට ඉක්මනින් ළඟා වීමේ වුවමනාව නිසා ඔහු නොසන්සුන් වී සිටියේය.

ෂිහ්.. පාර ලිස්සනවනේ.. නැත්නම් මම යන්න පුළුවන් උපරිම වේගෙන් යනවා..

ඔහු කිහිප වරක්ම කීවේය. යුවනි ඔහු වඩාත් පොළඹවන සුළු සිනාවක් පෑවාය.

කොහොමටත් ලිස්සන පාරවල් වල යනකොට පරිස්සම් වෙන්න ඕනෑ..

යුවනි කීවේ යටි අරුතක් ඇති කතාවක් නොවුව ද මනෝජ් තේරුම් ගත්තේ එලෙසය. ඔහු ඇගේ අතැඟිලි තදින් මිරිකා මුදා හැරියේය.

ඔවුන්ගේ ගමනාන්තය වූවේ කිතුල්ගල පෙදෙසේ කැලණි ගඟ අද්දර පිහිටි සුන්දර ගිමන් හලකි. මනෝජ්ට ලං වී සිටීමේ වුවමනාව කොතෙක් තදින් දැනුණත් ඔහු වාහනය නතර කරද්දී නම් ඇය තැති ගැන්මකට පත් වූවාය.

කවුරුවත් දකීද දන්නෙ නෑ..

ඇය මිමිණුවේ බියෙණි. මෙවන් ගමනක් පැමිණ බව අයියාට ආරංචි වුණහොත් ඇයට නැවතත් නිවසේ සිරකාරයක වීමට සිදු වෙනවා නොඅනුමානය.

කවුරුත් නොදැක ඉන්න විදියක් නෑනේ.. මොකද ඔතන ඉන්නෙ අපි ඔක්කොම ඇස් පේන මිනිස්සුනේ.. අනික ඔයා නිළියක්..

මනෝජ් සරඳම් හඬින් කීවේය.

අනේ මනෝජ් අයියෙ අපි ආපහු යමු.. මට බයයි..

ඇය ඔහුගේ අත අල්ලාගෙන බැගෑපත් වූවාය.

පිස්සුද කෙල්ලෙ.. මම එහෙම කාටවත් පේන්න ඔයාව එක්කගෙන යනවද..?

සැහැල්ලු ලෙස සිනාසී පැවසූ මනෝජ් දුරකථනය අතට ගත්තේය.

ඔහු ඒ හරහා කාටදෝ කුමක්දෝ අණක් දුන්නේ වචනවලින් නොව ඉලක්කම් වලිනි. යුවනි විමතියෙන් බලා සිටියාය. වාහනයෙන් බැස මනෝජ් අනෙක් පසින් පැමිණ ඇගේ දොර විවර කළේය.

බහින්න..

ඔහු කීවද ඇය කිහිප වරක් සෝදිසියෙන් වට පිට බැලුවේය. රිය ගාලේ වාහන කිහිපයක් තිබුණත් කිසිවෙකු පෙනෙන්නට නොවීය.

බහින්නකො ළමයො..

මනෝජ් නොරිස්සුම් සහගතව කීවේය. එමොහොතේ ඔහුගේ අණට කීකරු වූ යුවනි රියෙන් බැස්සාය.

එන්න..

මනෝජ් ඇගේ අතින් අල්ලා ගත්තේය. ඇයට සුරක්ෂිත බව පිළිබඳ හැඟීමක් දැනුණි.

ඔහු ඇය කැටුව ගියේ ගිමන් හලේ ඉදිරිපසින් නොව පිටුපස දොරටුවකිනි. එතැනින් ඉශළට දෙපසම ආවරණය වූ පඩි පෙළක් තිබිණි. කිසිවෙකුට තමා ඇස නොගැසෙන බව සහතික වශයෙන්ම දැන ගත් බැවින් යුවනිට සැනසුමක් දැනුණි. එම නිසාම මනෝජ්ට මෙතැන මේ තරමටම හුරු පුරුදු කෙසේදැයි අසන්නටවත් යුවනිට සිහිපත් වූයේ නැත.

පඩි පෙළ කෙළවර වූයේ මඳ අදුරු කොරිඩෝවකි. එහි කිසිවෙකු පෙනෙන්නට නොවී්‍ය. උස් වීදුරු ජනේල සහිත උත්සව ශාලාවක් වම් පසින් දිස්විණි. ඔහු ඇගේ අත අල්ලාගෙනම දකුණු පසට ඇවිද ගියේය. කාමරයක දොරේ යතුරක් රඳවා තිබිණි. ඔහු කිසිවෙකුගේ අවසරවක් නෝ අනුදැනුමක් තොරව එහි දොර විවර කළේය.

යමු යුවනි.. දැන් ඉතින් මේක අපේ ලෝකෙ.. අපිට ඩිස්ටර්බ් කරන්න කවුරුවත් නෑ..

ඔහු කීවේ දෙඋරට අත තබා ඇයට ඇතුළට තල්ලු කරමිනි. සුදු ඇතිරූ යහනක්, අල්මාරියක්, ඇදුම් රාක්කයක්, කණ්නාඩි මේසයක්, වීදුරු මතුපිට සහිත රවුම් මේසයක් හා පුටු දෙකක් සහිත කාමරය තුළ පිච්ච මල් සුවදක් පැතිර තිබිණි. දිය ඇල්ලක් ඉදිරිපිට එකිනෙකා තදින් වැළඳ ගත් පෙම් යුවලක ගේ චිත්‍රයක් වම්පස බිත්තියේ විය.

ඔය චිත්‍රයට වැඩිය ලස්සන එකක් පෙන්නන් එන්නකො..

යුවනි එම චිත්‍රය දෙසම බලා සිටිනු දුටු මනෝජ් ඇයගේ උරහිස වටා අත යවාගෙන ගොස් ජනේලයේ තිරය විවෘත කළේය.

ෂා..හ්...

යුවනිට කෑගැසුණි. තවමත් ඇද හැලෙන වැස්ස අතරින් දිස් වූයේ කැලණි නදිය ගලායන අන්දමය. ඉන් එහා වූ කැලෑ රොද මීදුම් රොටුවකින් වැසී යමින් පැවතිණි. සැබැවින්ම පරිසරයේ වූයේ සිත අනුරාගයෙන් කුල්මත් කරවන ආකාරයේ සුන්දරත්වයකි.

ලස්සනයි නේද..?

මනෝජ් විමසුවේ ඇය සිය සිරුටර තෙරපා ගනිමිනි. ඇය කිසිවක් නොකියා ඒ සුන්දරත්වය දෑසින් රස විඳිමින් සිටියාය. මනෝජ් ගේ පිරිමි හැඟීම් පුබුදු වෙන ආකාරය ඇයට දැනෙමින් තිබිණි.

ඔය ලස්සන අපි පස්සෙ බලමු යුවනි..

නොඉවසිල්ලනේ කෙදිරූ මනෝජ් ජනෙල් තිරය වසා දැමීය. යුවනි හෙමිහිට හිස හරවා ඔහු දෙස බැලුවාය. ඔහු කෙළිලොල් යෞවනයෙකුගේ උද්යෝගයෙන් හා දඟකාර කමින් යුතුව ඇය දෑතට ඔසවා ගත්තේය.

අනේ මනෝජ් අයියා.. බිම තියන්න.. මාව වැටෙයි..

යුවනි බොරු බියකින් යුතුව කෑ ගසමින් ඔහුගේ ගෙල බදා ගත්තේය. ඔහු ආශාවන් අඩවන් කර ගත් දෑසින් යුතුව ඇය දෙස බලා සිටියේය.



No comments:

Post a Comment