Friday, May 25, 2012

| මගේ සඳවතී | රොෂාන් ධම්මික කුමාර |






ඇස් පිහාටු තුළ පුංචි වැලි කැටයක් රැදී ඇති විටෙක දැනෙනා සියුම් වේදනාවටත් වඩා අති සියුම් ලෙස ඉතාමත්ම වේදනාත්මකව එදා රැය පහන් කළ සනිරු පසුදා විශ්ව විද්‍යාලයට පැමිණියේ ද එම සිතු තැවුළ හදවත තුළ තබාගෙනය.. සිමාවක් නොමැති කෙළවරක් නොමැති එම වේදනාව ඔහුගේ මුවින් පිට වෙත්ම එය ඔහුගේ මිතුරන්ටද තේරුම් ගැනීමට හැකි විය..

සනිරු මොකද මචං වුණේ..? ඊයේ උඹලගෙ මූණෙ තිබ්බ එළිය අද නෑනෙ මචං.. සනිරුගෙ මුහුණ දෙස බැලූ ප්‍රදීප් අනෙකුත් යහළුවන් දෙස බලමින් ඇසුවාය..


ප්‍රදීප් ඇසූ ප්‍රශ්නයට කිසිවක් නොපැවසූ සනිරු නිහඩව උන්නේ මහ සයුරේ ගිලෙන්නට යන නෞකාවක් බේරා ගැනීමට නොහැකිව අසරණ වු නැවියෙකු මෙනි..

ඇයි සනිරු මොකක්ද ප්‍රශ්නෙ කියපන්කො.. ඊයෙ මොකද වුණේ..? ප්ලීස් මචං.. හිතේ තියා ගන්නෙ නැතුව කියපන්.. සනිරුගේ සිතැති සිත් තැවුල දැන ගැනීමට චතුර ඇසුවේය..

සනිරු තම යහළුවන්ට කිසිම දෙයක් නොසගවන නිසාත් ඔවුන් තමාගේ සම්පතම මිතුරන් නිසාත් පෙර දින සැන්දෑවේ සිදු වූ සෑම දෙයක්ම එකක් නෑර පැවසුවේය.. හඩන්නට තරම් සනිරුගේ දෙනෙත් තුළ කදුළු පිරී තිබුණත් ඔහුගේ ප්‍රේමණිය ඉවසීම නිසා එකම කදුළු බින්දුවක්වත් පිටතට ගලන්නට ඉඩ නොදුණි.. එහෙත් ඔහුගේ සෑම කදුළු බිදුවකම මායා යෙනුවෙන් උපන් ආදරයේ වේදනාව හදවත අභ්‍යන්තරයට ගලා ගොස් තව තවත් වේදනා සයුරක් ඔහුගේ හද පත්ලේ පිරෙන්නට විය..

අනේ සනිරු ඔයා දුක් වෙන්න එපා.. තව පොඩ්ඩක් ඉවසන්න.. අනික මායා ඔයාට කැමතියි කියලා අපිටත් තේරෙනවා.. ඒත්.. කියමින් තුෂාරි නතර කළේ ඒ කියන දේවල් වලින් තව තවත් සනිරු දුකට පත්වන බව දැනුණු නිසාය..

මේ අහපං සනිරු, මායාගේ හිතේ උඹට ආදරයක් නැත්නම් මේ තරම් ළගින් උඹව ආශ්‍රය කරයිද..? එහෙනම් අපිත් එක්කත් ඔය විදිහට ඉන්න එපෑය.. මායා උඹට ආදරෙයි සනිරු.. ඒක ඉරහද වගේ විශ්වාසයි..

ඒක මාත් දන්නවා ප්‍රදීප්.. ඒත් එයා ඇයි ඒ දේ නොකියා ඉන්නෙ..?

මචං කෙල්ලට පොඩි ලැජ්ජාවක් ඇති ඒ දේ උඹට කියන්න.. අනික උඹත් කොච්චර ළතැවි ළැතැවිද ඔය දේ කිව්වෙ..

නෑ චතුර, මායගෙ හිතේ ලැජ්ජාවක් නෙමෙයි තියෙන්නෙ.. ඊයෙ මම කියපු දේවල් වලට කිසිම දෙයක් කිව්වෙ නෑ.. අඩ අඩා හිටියා මිසක්.. ඒ ඇස්වල තිබ්බෙ ආදරය සෙනෙහස.. ඒ මැලවුණු මූණෙන් පෙන්නුම් කළේ මොකක්දෝ... අසරණකමක්.. මට ඒක දැනෙනවා තේරෙනවා..

මායා උඹට ආදරය කරනවා කියලා ඔය තරම්ම විශ්වාස කරනවා නම් ඒ ආදරය උඹට ලැබෙනවාමයි.. ඒ දේ කාටවත් නතර කරන්න බෑ.. මොකද ලෝකයේ හැම දෙයක්ම බිහි වුණේ බිහි වෙන්නෙ මේ විශ්වාසය කියන දේත් එක්කයි..

ඇත්ත ප්‍රදීප්.. ඔයා කිව්ව දේට මාත් එකගයි.. මොකද විශ්වාසය මතයි මේ හැම දෙයක්ම පැවතෙන්නෙ..

තුෂාරි අන්න.. මායා එනවා.. තමන් වෙතට එන මායා සහ වසන්තිකා දෙස බලමින් චතුර පැවසුවේය..

චතුර එලෙස පවසනවාත් සමගම තුෂාරි සමීපයේ සිටි සනිරු තම කලිසම් සාක්කුව තුළ තිබූ  හතරට නැමූ කොළයක් තුෂාරි අතට දුන්නේය..

තුෂාරි.. ඔයා මේක මායාට දෙන්න.. අපි යමං.. තුෂාරි හැරෙන්නට අනෙක් සියල්ලම ශාලාව තුළට ගියහ..

තමා මග හැර යන සනිරු දුටු මායාගේ දෙනෙත් තුළ කදුළු පිරුණේ ඉබේටමය.. පෙර දින සන්ධ්‍යාවේ සිට සිරව තිබුනු තම හුස්ම පොද තව තවත් සිරවෙන්නට වුවාය.. ඇයගේ හදවත පුරා පැතිරුණු වේදනාව සැණින් දෙනෙතින් පිට වුයේ කදුළුත් සමගය.. සත්තකින්ම මේ කදුළු සනිරු කෙරෙහි තිබෙන අනන්තය තරම් වූ සෙනෙහස පූජා කිරීමට නොහැකිව විදින වේදනාවේ සාක්ෂියක් බව මායා තාමාටම පසවා ගත්හ..

මායා ඇයි මේ කදුළු..? මායා දෙස බැලි වසන්තිකා පැවසීය..

නෑ.. මේ නිකං..

නිකං කදුළු එන්නෙ කොහොමද මායා..? ඔයා ඔයාටම බොරු කර ගන්න එපා.. ඒකෙන් වේනනෙ අන්තිමට ඔයාටම දුක් විදින්නයි.. තේරුණාද..?

වසන්තිකා පැවසූ දෙයට කිසිවක් නොපැවසූ මායා තම ලේන්සුව රැගෙන ඇස් වල තිබුණු කදුළු පිසදා ගනිමින් තුෂාරි සමීපයට පැමිණියාය..

මායා මම යන්නම්, ඔයා එන්න..

හා.. මම එන්නම් වසන්තිකා.. මායා තුෂාරි වෙතට ගියාය..

තුෂාරි සමීපයට පැමිණි මායා තත්පරයක් දෙකක් යන තුරුම කිසිම වචනයක්වත් නොපවසා නිහඩව සිටියේ තව සිතේ තිබෙන දුක නිසා තුෂාරි වැළදගෙන හඩා වැළපෙන්නට සිදුවේ යැයි සිතුණු හෙයිනි.. එහෙත් එම නිහඩ බව වැඩි වේලාවක් පවතින්නට තුෂාරි ඉඩ නොතැබීය..

මායා මම හිතුවේ ඔයාට කෙනෙකුගේ හැගීම් තෙරුම් ගන්න පුළුවන් වෙයි කියලා.. ඒත්.. මම හිතපු විදිහ වැරදියි.. බලන්න.. ඔයා නිසා සනිරු මොන තරම් දුකක්ද විදින්නෙ කියලා.. ඇයි ඔයා එයාට එහෙම කරන්නෙ..? ඇයි ඔයාට එයාව තේරුම්ගන්න බැරි..? ඇයි සනිරුගෙ ආදරයට පිටුපාන්න හදන්නෙ..?

ඔව් තුෂාරි අක්කෙ.. ඔයා කිව්වා හරි.. මට කාගේවත් හැගීම් තේරුම් ගන්න බෑ.. මොකද මගේ හදවත ගලක් වෙලයි තියෙන්නෙ.. එහෙම වුණේ මගේම තාත්තගෙ තීරණ නිසයි.. ඇය ඉකිබිදිමින් හඩා වැළපෙන්නට වූවාය..

මායාගේ වැළපීම තුෂාරි තුළද වේදනාවක් ඇති කරන්නට විය.. ගැහැනියෙකුගේ වේදනාව තවත් ගැහැනියෙකුට මිස වෙනත් කවරෙකුටවත් හොදින් තේරුම් ගැනීමට නොහැකි බැව් වටහා ගත් තුෂාරි මායාව තුරුළු කරගෙන අසල තිබූ බංකුව මත වාඩි වූහ..

මායා අඩන්නෙ නැතුව ඔයාට තියෙන ප්‍රශ්නෙ කියන්න.. මේ තරම් අසරණ වෙන්න මොකක් හරි ලොකු ප්‍රශ්ණයක් තියෙන්න ඕනි.. තුෂාරි මායාගේ හිස පිරිමදිමින් ඇයගේ කදුළු පිස දැමීය..

තුෂාරි අක්කේ මගේ  හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම ඔයාට කියන්නම්.. හැබැයි.. සනිරුට කියන්න මම නිසා දුක් විදින්න එපැයි කියලා.. ප්ලීස්..

හරි.. හරි.. මම කියන්නම්.. ඔයාගෙ ප්‍රශ්නය මට කියන්නකො.. මායාගේ සිත මේ තරම් ගැඹුරට විදවන කාරණය දැන ගැනීමට තුෂාරිට ඉවසුම් නොවීය..

තුෂාරි අක්කෙ, ඔයා දන්නවනේ අපේ තාත්තා ලොකු ලොකු අයත් එක්ක ආශ්‍රය කරන්නෙ කියලා.. ඉතින් එයාගෙ යාළුවෙක් ඉන්නවා සූරියවංශ කාරියවසම් කියලා.. එයා මන්ත්‍රී කෙනෙක්.. මයා බංකුවෙන් නැගිට ඉදිරියට ආවාය..

ඉතින් මායා.. එයත් එක්ක මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නෙ..? තුෂාරිද බංකුවෙන් නැගිට මායා පිටුපසට වී ඇසීය..

එයත් එක්ක නෙමෙයි අක්කෙ ප්‍රශ්නෙ තියෙන්නෙ.. මායා මුහුණ හකුළ ගනිමින් තුෂාරි දෙසට හැරී පැවසීය..

එහෙනම් කාගෙත් එක්කද..?

එයාගෙ පුතත් එක්කයි තුෂාරි අක්කෙ..

ඒ කිව්වෙ මායා..?

මේකයි අක්කෙ.. අපේ තාත්තා මාව එයාට බන්දලා දෙන්නයි හදන්නෙ.. මොකද එයා තාත්තගෙ යාළුවගෙ පුතානෙ..

මායා නැවතත් හඩන්නට වූයේ ඒ සිද්ධිය සැරින් සැනේ ඇයගේ මනසට වද දෙන අමිහිරි කටුක දෙයක් බව යන්න ප්‍රකාශ කරමිනි..

තුෂාරි අක්කෙ.. එයා මට මහ කරදරයක්.. හැම වෙලේම මගේ පස්සෙන් එනවා.. ෆෝන් කරනවා.. දැන් ටිකක් හරි බේරිලා ඉන්නෙ මම කැම්පස් යන නිසා.. මට ජීවිතේම එපාවෙලා තියෙන්නෙ අක්කෙ.. මායා තම දෑසින් ගලා ගිය කදුළු පිස දමමින් පැවසීය..

ඒ කියන්නෙ.. ඔයා එයාට කැමති නෑ කියන එකද ඔය කියන්නෙ..? තුෂාරිගේ යටි සිතෙහි ඇති වුණු පුංචි සතුටක්ද සමගින් ඇසීය..

ඔව්.. ඔව්.. අක්කෙ.. මම එයාට පොඩ්ඩක්වත් කැමති නෑ.. එයාව දකින කොටත් මට මගේ මුළු ආත්මයම ගිනි ගන්නවා වගේ දැනෙනවා..

තුෂාරි තුළ ඇති වුණු පංචි සතුට මහා සතුටක් බවට පත් වූවේ මායාගේ එම ප්‍රකාශයත් සමගය.. ඇයගේ සිතෙහි ඔහු කෙරෙහි තිබෙන අපැහැදීම, කලකිරීම සනිරුගේ සිතෙහි දැඩි වූ අරමුණ වෙතට යාමට ප්‍රත්‍යක්ෂ හේතුවක් වන බවත් මායා සනිරුට කිසිත් නොකියා නිහඩව සිටියේ ඇයගේ මෙම අසරණකම නිසා බවත් තුෂාරිට තේරුම් විය..

එහෙනම් මායා ඇයි සනිරුට අකමැති වෙන්නෙ..?

අක්කේ.. මම සනිරුට කැමති වුණොත් රකිත එයාට මොනවා කරයිද කියලා දන්නෙ නෑ.. එයා මහ චන්ඩියෙක්.. එයා හිතන්නෙ සල්ලි වලින් හැම දෙයක්ම කරන්න පුළුවන් කියලා.. මට බෑ අක්කෙ.. සනිරුගෙ ජීළුිතයට විනාශයක් වෙනවා බලන් ඉන්න.. නිසැකයෙන්ම මායා සනිරුට ආදරය කරන බව ඇයගේ වදන් වලින් තුෂාරිට වැටහිණි..

ඒ කියන්නෙ මායා ඔයා සනිරුට ආදරෙයි නේද..? පහතට කරගෙලන සිටි මායාගේ මුහුණ ඉහළට ඔසවමින් තුෂාරි ඇසීය..

ඉහළට එසවූ මායාගේ මුහුණ නැවතත් පහත් කර ගනිමින් තුෂාරි ඇසූ ප්‍රශ්නයට සෘජුවම ඔව් නොකියා තමා සනිරුට ආදරය කරන බව හිස සොලවමින් ප්‍රකාශ කළේය..

එහෙනම් පිස්සියේ ඇයි සනිරුට ආදරෙයි කියලා නොකියන්නෙ..? අප්‍රමාණ වූ සතුටකින් තුෂාරි තම දෑත මායාගේ දෙඋර මත තබා ගනිමින් ඇසීය..

අක්කෙ මට බයයි.. මම නිසා සනිරුට මොකුත් වෙයි කියලා.. මම කැමති නෑ මම නිසා සනිරු දුක් විදිනවට.. සනිරුගේ ජීවිතයට මොනවා හරි වුණොත්.. මට මගේ ජීවිතයෙන් වැඩක් නෑ අක්කෙ.. සමහර විට එයා මට ආදරය කරනවට වඩා මම එයාට ආදරය කරනවා.. ඒ ආදරය මෙච්චර දවසක් මගේ හිතේ හැංගිලයි තිබුණෙ අක්කෙ.. මායාගේ සිතෙහි සනිරු කෙරෙහි තෙරපෙමින් පැවති අප්‍රමාණ වූ ආදරය තුෂාරිට පැවසුවේ තම සිතෙහි තිබුණු දුක් වේදනාවන් සියල්ල සහමුලින්ම අමතක වී ඇති බවක් තමාට ආරූඪ කර ගනිමිනි..

කාටවත් බයවෙලා ආදරය කරන්න බෑ මායා.. අනික ආදරය කරන අයට බාධාවන් නැත්තෙ කොහෙද..? අනන්තවත් බාධා තියෙනවා.. ඒවාට මූණ දීගෙන ජීළුිතය ජයගන්න ඕනි.. ඉතින් ඔයාටත් මේ දේට මූණ දෙන්න වෙනවා මායා..

එක එක දේවල් නිසා ඔයාගෙ හදවතේ සනිරුට තියෙන ආදරය වැළලෙන්න දෙන්න එපා මායා.. ඒක ඔයාට සාපයක් වෙයි.. ඔයාගෙ හිතේ ඇති වුණු ආදරයට ජීවත් වෙන්න දෙන්න මායා.. සදහටම.. එතකොට ඔයාට දැනෙයි ජීවිතය කියන්නෙ මොන තරම් වටින දෙයක්ද කියලා.. ආදරය කියන්නෙ මොන තරම් උතුම් දෙයක්ද කියලා..

අක්කෙ මගේ හිතේ බයක් තියෙන්නෙ සනිරුගේ ජීවිතය ගැන.. නැතුව වෙන බලපෑම් වලට බයක් මට දැනෙන්නෙ නෑ.. තුෂාරි අක්කා කිව්වා හරි.. මම මගේ ආදරය වැළලෙන්න දේනනෙ නෑ.. ඒ ආදරයට හැමදාම ජීවත් වෙන්න පුලුවන් විදියට මම අලුත් පණක් දෙනවා අක්කෙ..

සනිරු තුෂාරිට දුන් ලියුම මායාට දීමට ඇය මැළි වූයේ එහි සනිරු මොනවා ලියා ඇත්දැයි කියා තුෂාරිගේ සිත තුළ ඒ පිළිබදව වකිතයක් ඇති වූ නිසාය.. කෙසේ වෙතත් එය මායාට නොදී සිටීම තමා සනිරුට කරන අසාධාරණයක් යැයි සිතූ තුෂාරි එය ඇයට දීමට තිරණය කළාය..

මායා මේක සනිරු ඔයාට දෙන්න කිව්වා.. තම අතෙහි හතරට නවා තිබූ කොළය මායා වෙතට දිගු කරමින් තුෂාරි පැවසීය..

මොකක්ද තුෂාරි අක්කෙ..?

දන්නෙ නෑ.. ඔයාම බලන්න.. අනික ඔක්කෝටමත් බලන්න බෑනෙ.. මද සිනාවකින් යුතුව තුෂාරි පැවසීය..

හ්ම්.. කියමින් මායා එය පසුවට බැලීමට තම් බෑගය තුළට දැමීය..

එහෙනම් ඔයා අද දවල්ට හැම දෙයක්ම සනිරුට කියන්න.. තවත් පරක්කු කරන්න එපා.. තුෂාරි පැවසූ දෙයට මායා සවන් යොමු කොට සිටියේ ඉමහත් සතුටිනි..

මායා දැන් මම යන්නම්.. වෙලා ගිහින් තියෙන්නෙ..

මායාටද යන්නට හදිසිය තිබුණත් සනිරුගේ ලියුම බලන තුරු ඉවසිල්ලක් නොවිය.. එම නිසා තම බෑගය තුළ තිබුණු ලියුම එළියට ගෙන බලන්නට දිහ හැරීය.. එම කොළය දෙස බැලූ මායාගේ දෙනෙත් යළිත් කදුළින් තෙත් වූවේ සනිරුගේ දුක වේදනාව ලියුමක සදහන් කරනවාට වඩා වෙනස් අයුරින් කවි පද ලෙසට ලියා තිබීමතම හදවත සසල කරන්නට තරම් එය හැගීම්බර වූ නිසාය..

මට වඩා පෙම් කළේ නුඹටයි කියා
කවුරුත් නොදන තරම්
ඒ ප්‍රේමය අද කදුළක් විලසට
මගේ හද රිදවන බොහෝ තරම්
හදුනන්නේ නෑ තවමත් ඔබ මා
සිත පුරනා පෙම් සයුර මගේ
ලස්සනයි මට තවත් නෑ මට ඇත්තමයි
නුඹ තරම් කෙනෙක්
ළං වෙලා හිද පෙම් කරන් මට
තුන් සිතින් දෙව්දුවක් වෙලා
ජීවිතේ මගෙ ඔබම කියා
ඇයි තව නොසිත හදින් ඉන්නේ
ඔබම පමණයි මං පතන්නේ
තවත් නෑ නුඹ තරම් කෙනෙක්

රෝස පාට ලවනත මුහුණනවා
මිණිනිල් නෙතගින් බලා
තවම මට පේනවා
කියන්න තේරෙන්නෑ මට
වැටහෙන් නෑ
මොනවද සගවා පවසන්නේ
මගේ රත්තරන්
සිත් පුරා පින් පෙම් හැගුම්
මගේ දෝර ගලනවා
කොදුර කොදුරා රෑ සිහිනෙන්
කියනා නොවිසිලි කතා නිසා
ආදරේ නෑ නොකියා මගේ
හදවත පෙළන්නෙපා
සිතැත්තියේ
පව් පිරෙයි දිවිය පුරාවට ඔයාට
හෘදයේ මගෙ හෘදයේ
ගැහෙනා හඩ ඔයාම කියා
නොදන්නේ ඇයි රත්තරන්
එන්න මගේ ළගටම එන්න විත්
සිසිවන වුවන මගේ ළමැදේ හොවා
පෙම් සුව විදින්න මගෙ තාරකාවියේ

බෝ පතක් වගෙ නුඹ හද දැක මා
නිසල වූයෙමි දෙව්ලියේ
සත්සර නගනා සුමිහිරි වදනින් මා
මුසපත් වුමි දෙව්ලියේ
දෙනයින් නික්මුණු ආල දහරින් සිත මා
සැනසුම් නොවුමි දෙව්ලියේ
මුසාවක් නොවේ දිව්රන්නම් මං
ආල වුමි නුඹට දෙව්ලියේ 


No comments:

Post a Comment