Wednesday, April 25, 2012

| වලාවක් සේ | ගයනා එස්. ලක්මාලි |






පසුදාට ඉර උදා වූයේ සිතුමිණීව හා සංදීපව කල්පනා ලෝක වල සිර කරමිනි.. සංදීපගේ ආදරණීය පතිනිය වී ඒ උණුසුමේ රැදෙන්නට හිත හදාගෙන උන් සිතුමිණී එම සිහිනය බොද වීම ගැන වැලපුනාය.. ඇයට සංදීපව පමණක් නොව අයිරම්මා.. සංකේත්.. හා පොඩ්ඩේ යන අයවද දමා යෑමේ ලෝභ කමක් දැනුණි..


විවාහ වූ දා සිට තම නිවසට වාසනාව කැන්දූ මිණි පහන අදින් පසුව රඛිත ළගට යන බව සිහි වී සංදීප දුක් ගත්තේය.. ඔහුට බලන බලන හැම අතකම සිතුමිණීගේ සුදු මුහුණ මැවී පෙනෙන්නට විය..

සිතුමිණි හා සංදීප පහළ මාලයට පැමිණීයේ උදෑසන නවයට පමණය.. ඒ වන විටත් සිතුමිණීගේ දෙමාපියන් හා අංජුලා පැමිණ තිබිණි.. සංකේත් ඔහුගේ දෙමාපියන් එන තෙක් පාර බලා උන්නේය..

“සංකේත් මහත්තයට අද ජයටම පාටිය දෙන්න ඕනෙලු.. අද එයාගෙ ගෑණු ළමයා මෙහෙ එන නිසා වෙන්න ඇති නේද නෝනෙ..?”

කුස්සියට ඇතුළු වූ සිතුමිණීට, අයිරම්මා එය කීවේ රහසින් මෙනී..

“සංදීපගෙ යාළුවො වගයකුත් එනවා අයිරම්මා..”

සිත් වේදනාව බාහිර ලෝකයාගෙන් වසන් කල සිතුමිණී කීවාය..

“දවල්ටද නෝනෙ පාටිය තියෙන්නෙ..”

“ඔව්.. ඔව්.. දවල්ට.. අපි හවස පොඩි ගමනක් යනවා..”

පෙරදා රැයේ නිදි වර්ජිතව කල්පනා කොට ගත් තීරණයක් සිතුමිණි හෙළි කර සිටියේ එය කාටවත් නොකියන බවට අයිරම්මා පොරොන්දු කර ගනිමිනි..

“අනේ මං ඉතිං කාට කියන්නද නෝනෙ..”

ඈ විශ්වාසවන්ත ලෙස පැවසුවාය..

එදින දහවල් විශේෂ ආහාර වේල පිළියෙල වූයේ සිතුමිණීගේ දෑතිනි.. ඈ මේ නිවසේ උයන ප්‍රථම ආහාර වේල එය වූ එහි සුවද සංදීපගේ දෙනෙතට කදුළු ගෙන ආවේය..

“බබා.. තිලංකලා ඇවිත්.. ඔයාව අහනවා..”

ආහාර පිස අවසානයේ කුස්සියේ පඩි ගැට්ට මත හිද උන් සිතුමිණී අභියසට පැමිණි සංදීප කීවේ ඇගේ දෑස් මග හරිමිනි..

“සංදීප..”

නැවත සාලයට යාමට පියවර තැබූ සංදීප මදකට නැවතුනේය..

“ඔයාලගෙ තීරණේ අම්මලට කියන එක හෙටට කල් දාන්න..”

සිතුමිණී සංදීපගේ දෑසට එබී තිර ලෙස කියා සිටියාය.. එවදන් වල වූ සෘජු බව සංදීපව පුදුම කරවන සුළු විය..

“මං අපි දෙගොල්ලන්ගෙම අම්මලට අද එන්න කිව්වෙ පාටි දාන්නම විතරක් නෙමෙයි නංගි.. එයාලට මේ දේවල් කියලා ඔයාව ඔයාගෙ නිදහස් ලෝකෙට ඇරලවන්න..”

“හරි.. අයියා විහින් වැරදිකාරයෙක් වෙන්න ඕනෙ නෑ.. අම්මලට කියන්න තියෙන දේ මං කියන්නම්..”

සංදීප හා සිතුමිණි කතා කරමින් උන් තැනට සංදීපගේ මව පැමිණීම නිසා ඔවුන්ගේ කතා බහ නැවතුනි..

“දූගෙ කෑම වල සුවද පාරට එනවා..”

සංදීපගේ මව සිතුමිණීගේ දෙකම්මුල් සිඹින අතරවාරයේ කීවාය.. සිතුමිණි ඇගේ දෙපා මුල වැද වැටුණි..

“තාත්තා ආවෙ නැද්ද අම්මා..?”

“ආවා.. ආවා.. අද නං බලෙන්ම එක්කං ආවා..”

තිලංක හා අමිල සමග සතුටු සාමිච්චියේ යෙදෙන සංදීපගේ පියාගෙ හඩ සාලය දෙසින් උස්ව නැගුණි.. තවත් පැය භාගයක් පමණ දොඩමලු වූ දෙමිතුරෝ සංදීප අභියසට පැමිණියහ..

“මොකද කියන්නෙ.. අපිට කියන්න දෙයක් තියෙනවා.. ඒක අපි කාලා කියන්නද දැන් කියන්නද..?”

සැමගේ අවධානය තමා දෙස හරවාගත් අමිල කීවේය..

“කනකල් ඉන්නෙ මොකටද පුතා.. ඔන්න ඔහේ කියලා දාන්න..”

සිතුමිණිගේ පියා වූ ගුණතිලක මහතා කීවේ සිනා මුසු මුහුණින්ය.. මුලදී තම දියණියගේ විවාහය පිළීබද අවිනිශ්චිතාවයකින් පසු වූ ඔහු මේ වන විට එම බය සිතෙන් බැහැර කර තිබිණි..

“අයිරම්මා.. එහෙනම් කෑම වහලා තියන්න.. අපි පස්සෙ කන්නම්..”

අයිරම්මාට කී සංදීප ඇයව හා පොඩ්ඩේද කතාබහට හවුල් කර ගත්තේය..

“ඔන්න කවුරුවත් අඩු නෑ නේද..? එහෙනං මම කිව්වා..”

වට පිට උන් පිරිස දෙස නෙත් යොමු කළ තිලංක නැවත සංදීප දෙස බැලුවේය.. දෙපාර්ශවයේ දෙමාපියන් සංකේත්, අංජුලා හා අමිල හැරුණු කොට එහි වූයේ නිවසේ උන් හතරදෙනා පමණි..

“ඕක ඉක්මනට කියපං.. අපිටත් කියන්න දේවල් තියෙනවා..”

සංදීප සිනා මුහුණින් එසේ කීවද ඔහු කියන්නට සැරසී උන්නේ ඔහුගේ හා සිතුමිණීගේ දික්කසාද පුවතයි..

“රායිට්.. මේකයි සීන් එක.. සංදීප ඇක්සිඩන්ට් වෙච්ච මේ මාස තුනේම සැලරි එක කම්පැණි එකෙන් ඩිඩක්ට් කරලා නෑ.. උඹේ සම්පූර්ණ හිග පඩිය මෙතන තියෙනවා..”

තිලංක හා අමිල යන දෙදෙනාම අලංකාරව සැරසූ පෙට්ටියක බහාලූ චෙක් පතක් සංදීපට පිරිනැමුවේ බලා සිටින්නවුන් සිනා සයුරේ ගිල්වමිනි..

“මටත් අයියට දෙන්න තෑග්ගක් තියෙනවා.. ඒත් ඒක මේ අමිල අයියලා දුන්නා වගේ පෙට්ටියක දාපු තෑග්ගක් නෙමෙයි..”

සංකේත්ගේ කථාවට ඔහුගේ දෙමාපියන් මුහුණින් මුහුණ බලා ගත්තේ සංකේත් කිසිදු තෑග්ගක් නොගෙනා බව දැන උන් නිසාය..

“මං මේ තෑග්ග දෙන්නෙ අයියට විතරක් නෙමෙයි.. අපේ අම්මලටත් එක්ක..”

එසේ කී සංකේත් පුටුවෙන් නැගිට ගොස් අංජුලාගේ සමීපයේ සිට ගත්තාය..

“මං අයියට දෙන්නෙ හිත හොද අවංක නෑනා කෙනෙක්.. ආ..”

සංකේත් අංජුලාගෙ හිස අතගා කීවේ අසා සිටින්නවුන් මවිත කරවමිනි.. එම අවස්ථාවට මුහුණ දීමට අසීරු වූ අංජුලා පිරිස මගෑර කාමරයට දිව ගියාය.. ඒ දුටු සිතුමිණීගේ මුහුණේ ආදරණිය මදහසක් ඇදුනි..

“එහෙනං බං අනිත් තෑග්ගත් මාරෙට මැච් වෙයි නේද..?”

තිලංක දෙස බලා ඇසක් වැසූ අමිල කීවේය..

“ඔව්.. ඔව්.. ඔන්න සංකේත් මල්ලි උඹට ලබන මාසෙ පළවෙනිදා ඉදලා අපේ ඔෆිස් එකේ සහය ගණකාධිකාරී තනතුරක් තියෙනවා..”

තිලංකගේ හඩට සංකේත්ට දැනුණේ නොනිම් සතුටකි.. තමාට අංජුලා සමීපයේ ගැවසෙමින් රැකියාවට යා හැකි වීම එයට හේතුවයි..

“උඹලා හැමෝම අපිට දීපු තෑගි වලට ස්තුතියි.. ඒත් අපිට ඒ වෙනුවට දෙන්න තෑග්ගක් නෑ..”

සංදීප බොහෝ දුක්බර හඩකින් කියා සිටියේය.. ඔහුට දැනුණේ සිනා හඩවල් මධ්‍යයේ සිතුමිණී තමාගේ ලොවින් නික්ම යන හෝරාව ළං වන බව පමණි..

“සිතූ..”

සාකච්ඡා මණ්ඩපයේ අවසාන වාරය සංදීප සිතුමිණීට ලබා දුන්නේය.. ඒ මොහොතේ සංදීපගේ මෙන්ම සිතුමිණීගේත් දෑස් රතුව තිබිණි..

“මටත් දෙයක් කියන්න තියෙනවා..”

උගුරේ බැදි තිබූ පටලයක් වැනි යමක් නිසා සිතුමිණීගේ හඩ අන් අයට නෑසුණ ගානය.. සංදීප සිතුමිණීගේ මුවින් බලාපොරොත්තු වූයේ ඔහුන් දෙදෙනා කල් ඇතුව තීරණය කරගෙන උන් අසුභ ආරංචිය වුවද සිතුමිණි කියා සිටියේ වෙනකකි..

“ඔයාලා හැමෝම සංදීපට තෑගි දුන්නනෙ.. මමත් එයාට පොඩි තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා..”

සංදීපගේ දෙනෙත් පුදුමයෙන් විසල් වී ගියේය.. සිතුමිණී සියුම් සිනාවක් මුව රදවා ඔහු දෙස බැලුවාය..

“අද හවසට මගේ ගානෙ බීච් හොටෙල් එකට පොඩි ටුවර් එකක්..”

ඒ ඇසුණු අමිල සිය අඹරගිලි දෙකම මුව තුළට රුවා මහා හඩින් විසිල් කළේය.. එහෙත් ඇගේ එම තීරණය ගැන වඩාත්ම සතුටු වූයේ අයිරම්මා හා අංජුලාය..

“එතකොට උඹලා ඩිනර් අරන් ගෙදර එනවද..?”

අමිල ඇසූ පැනයට සිතුමිණීගේ වත රතුව ගියාය..

“නෑ.. අපි එන්නෙ හෙට..” 

ඈ මිමිණුවේ බොහොම සෙමිනි..

“හරි හරි.. උන් දෙන්නා කැමති දවසක එන්නැතෑ.. අර කෑම ටික මේසෙ උඩ දුක් විදිනවා.. අපරාදෙ..”

තිලංක හා අමලගේ මැදිහත් වීමෙන් සතුටු සාමිච්චිය නැවතිනි.. පිරිස මග හැරි සිතුමිණී අඩි තබා තම දෙමාපියන් සමීපයට ගියාය..

“අම්මෙ.. තාත්තෙ.. ඔයාලා මට හොදක් කලාට මං එදා ඒක තේරුම් ගත්තෙ වැදියට.. මට සමාවෙන්න..”

දෙනෙතින් කදුළු වැල් කඩා හැලෙද්දී සිතුමිණී තම දෙමාපියනට දණ ගසා වැන්දේය..

“දරුවො වැරදි කලා කියලා අම්මලා තාත්තලා තරහා වෙන්නෙ නෑ පුතේ.. නැගිටින්න..”

ඈ තම අම්මගේ තුරුළට වී බොහෝ වේලා වැළපුනාය..

“පුතාලා හවසට යනවනං ඉක්මනට කාලා ලෑස්ති වෙන්න.. අපි මෙහේ වැඩ කටයුතු බලාගන්නම්..”

සිතුමිණීගේ දයාබර පියා වූ ගුණතිලක මහතා තම දියණියගේ හිස අතගා ආදරයෙන් කීවේය.. ඔවුන්ගෙන් මිදුණු සිතුමිණී ඉහළමාලයට පැමිණෙන ලෙස සංදීපට හිසෙන් ඉගිකර පඩි පෙල නැග ගියාය.. සංදීපද ඇගේ පසුපස පියවර තැබීමට සැරසුණා පමණි..

“සංදීප මහත්තයා.. පොඩ්ඩක් ඉන්න.. ඔය හෝටලේට යන්න ලෑස්ති වෙන්නද යන්නෙ..?”

පොඩ්ඩෙ ඔහුගේ මග හරස් කර පැමිණියද ඔහු උන්නේ එක් අතක් පිටුපසට කර සගවාගෙනය..

“ආ.. සංදීප මහත්තයට මගෙනුත් තෑග්ගක්..”

ඔහු බෑගයක දමන ලද සැහැල්ලු යමක් සංදීපගේ අතේ රැදවිය..

“මොනවද පොඩ්ඩෙ..?”

“මහත්තයගෙ බෙහෙත් ටික.. මේක වෙලාවට බීලා ඉක්මනට සනීප වෙන්න..”

බලා සිටිනවුන් පොඩ්ඩේ කල ක්‍රියාවට ඇති තරම් සිනාසුනද සංදීපට ඔහු කෙරෙහි ඇති වූයේ දැඩි ලෙංගතුකමකි..

“සංදීප..”

උඩු මහලේ පඩි පෙළ ළග සිටගෙන උන් සිතුමිණී ආදරණිය ලෙස ඔහුව ඇමතුවාය.. සංදීප පඩිපෙළ නැග ඉහළට ගියේ සිතුමිණිගේ සුන්දර වතින් දෙනෙත් ඉවතට නොගනිමිනි.. නමුත් ඔහු සිතුමිණී සමීපයට යත්ම ඈ ඔවුන්ගේ නිදන කාමරය කරා දිව ගියාය..

කුමක්දෝ සුන්දර හැගීමකින් හිත හිරි වැටී යද්දි සංදීපද ඈ පසුපස ඇදුනි.. මෙතෙක් තමා දෙස නිකමටවත් නොබැලූ තම සුන්දර පතිනිය තමා එනතුරු කාමරයට වී ආදරයෙන් බලා හිදීම ඔහුට විශ්වාස කළ නොහැකි තරම්ය.. ඔහු ඈ සමීපයට ගොස් ඒ මුහුණ දෙස සෘජුව බැලුවේය..

“මොනවද බබා ඔයා හැමෝම ඉන්න තැන කිව්වෙ..? අපි කතා උනේ වෙන දෙයක්නෙ..”

“ඔයා හිතාගෙන ඉන්න විදිය වැරදියි සංදීප..දැන් මගේ ලෝකෙ රඛිත කියලා කෙනෙක් නෑ.. ඉන්නෙ ඔයා විතරයි..”

අන්තිම වදන් කිහිපය සිතුමිණී පැවසුවේ සංදීපගේ විසල් පපුතුරේ හිස හොවාගෙනය.. දහසකුත් එකක් හැගීම් සිත තුළ තෙරපුනද මුවගට එකදු වදනක් හෝ ගලා නොආ බැවින් සංදීප නිහඩවම තම සිය බිරිද සිය දෝතට මැදි කර ගත්තාය.. වලාවක් සේ දෙලොවක පාවෙමින් තිබූ තම ජීවිතය සංදීප ළග නැවතීම සිතුමිණීට පුදුමයක් සේ දැනුණි..

“මගේ තෑග්ග තාම දුන්නෙ නෑ.. ටිකක් පාත් වෙන්නකො..”

සංදීප සිතුවේ සිතුමිණි තමාය යමක් කීමට තනනවා කීයාය.. ඔහු සිතුමිණි දෙසට පහත් වද්දීම ඈ ඔහුගේ නළලත මෘදු හාදුවක් සටහන් කළාය.. නමුත් සංදීපට අවැසි වූයේ එය නොවේ.. ඔහුට ඇගේ නා දලුවන් දෙතොල්හී පහස විද ගැනීමට අවැසි උනි.. එය වැටහුණාක් මෙන් දගකාරව සිනාසුන ඈ ඔහුගෙන් මිදී පසකට පැන ගත්තාය..

“දැන්ම නෙමෙයි..”

“එහෙනං..”

ඈ මදකට කල්පනා ලොවක තනිවිය.. තවත් බලා සිටිය නොහැකි වූ සන්දීප සිතුමිණීගේ පසුපසින් ගොස් සිය දෑතට මැදිකර ගත්තාය..

“මට ඔයාට ඔප්පු කරන්න තව දෙයක් තියෙනවා සංදීප.. මං.. මං.. කවදාවත් රඛිත එක්ක..”

ඇයට එම වැකිය සම්පූර්ණ කිරීමට ඉඩ ලැබුණේ නැත.. සංදීප ඇගේ මුව වැසීය..

“මං දන්නවා නංගි.. මං හැමදාම ඔයාව තේරුම් ගත්තෙ වැරදියට..”

“ඉස්සරහට එහෙම වෙන එකක් නෑ සංදීප.. අපි අපිව හරියට තේරුම් ගමු..”

සිතුමිණී පහළ මාලයේ පිරිස අතරට යන අටියෙන් දොර වෙත පා නගද්දී සංදීප ඇයට පෙර විත් දොර වසා දැමුවේය.. තමාට මෙතුවක් විද ගැනීමට වරම් නොවූ ඒ සොදුරු ජීවිතය මොහොතකටවත් පමා කරලීමේ අරමුණක් ඔහුට නොවිනි.. ඔහු දහසක් බලාපොරොත්තු සිත රදවාගෙන තම පුංචි බිරිද සිය උණුසුමට මැදි කර ගත්තේය..




No comments:

Post a Comment