Sunday, April 22, 2012

| යොවුන් මාරුතේ | ගයනා එස්. ලක්මාලි |




ඔන්න හිරූ උඹගෙ හැංගිමුත්තම ඉවර වෙන්නයි යන්නෙ.. දැන් උඹට ඇත්ත කියන්න කාලෙ ඇවිත්..

දවසක් චමිල පංති ඇරිලා ගෙට ගොඩ උනේම මේක කියාගෙන.. මොකක්ද දන්නෑ වෙලා තියෙන්නෙ..

අපිට හෙට අනිද්දා දිහාට පංති ඇරිලා සර් එක්කම ගෙදර එන්න පුළුවන්..


ඒ පාර ප්ලූටොත් මාව කරකවනවා.. මුන් දෙන්නා කියන කිසි දෙයක් මට නං තේරෙන්නෙ නෑ..

කියන දෙයක් තේරෙන්න කියපං බං..

මේකයි සිද්ධිය.. සර් අද කියලා දුන්නා ෆිල්ම් ව ලොකේෂන් තෝර ගන්න විදිය.. නළු නිළියන්ට ලොජ් වෙන්න තැන් හොයන විදිය..

ඊට පස්සෙ මෙන්න කියපි බස්නාහිර පළාතටම තියෙන හොදම ලොජ් එක ගැන.. ඒක චිත්‍රපට අධ්‍යක්ෂක හේමාල් දුනුවිලගෙ නිර්මාණයක්ලු.. නළු නිලියො විසි පහකට උනත් ඉන්න පුළුවන්ලු.. වටපිටාව වගේම ලොජ් එකත් ලස්සනයිලු.. කියන ඕනම කරන දේ නොකියා ප්ලූටොයි බඩයි වැල් වටාරම් කියවනවා.. මට තද උනා..

ඔය ඇති.. ඉස්සර වෙලා කියපං සර් මෙහෙ එනවා කිව්වද කියලා..

එනවා කිව්වදත් අහනවා.. හෙට හරි අනිද්දා හරි පංතියෙම ළමයි ටිකත් කැන්දගෙන එයි.. හැංගෙන්න බිත්තර කට්ටක්වත් හොයලා තියාගනිල්ලා..

දැන් ඉතිං ගම කනවා.. මේ වැඩෙන් අපි සර්ට නැතත් මතීෂටයි, තාරුකටයි අහුවෙනවා.. වැඩේ වන වෙන්න කලින් මෙනාවා හරි කරන්න වෙනවා..

සර් එන්නෙ හෙටද අනිද්ද කියලා ෂුවර් එකටම කියන්න පුළුවන්ද..?

උඹත් අහන්නෙ මාර කතා තමයි.. එහෙම අහන්න ගියොත් සර් නිකම්ම සැක හිතයි..

හරි.. මං තාත්තට කියලම මේක විසදගන්නම්කො.. තාත්තට සීන් එක කියලා මේ දවස් දෙක තුන ගෙදර ගිහින් නවතිනවා.. එතකොට ඉවරනෙ.. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ මතීෂලා මෙහෙට ඇවිත් ගිය එක..

චමී මගේ ෆෝන් එක අරන් දියන්.. අපි මේ ටික අදම විසදගමු..

මේ ප්‍රශ්නෙ විසදගන්න වෙන විදියක් නෑ.. ඒ නිසා මං මුලින්ම තාත්තට කතා කරලා මේ ටිකේ එහේ නවතින්න පර්මිෂන් ගත්තා.. දැන් තියෙන්නෙ අනිත් ප්‍රශ්නෙ..

උඹලා දෙන්නා කැමතිද මං පංති නොඑන්න තීරණේ කරපු ඇත්තම හේතුව දැනගන්න..?

මං ඒක කිව්වා විතරයි චමිලයි, ප්ලූටොයි මූණට මූණ බැලුවා.. මුන් බලන්න ඇති හේතුව අහලත් කිව්වෙ නැති මං බලෙන්ම ඒක කියන්න හදන්නෙ ඇයි කියලා..

මතීෂටයි, තාරුටයි කෝල් එකක් දීලා කියපං.. උන් දෙන්නත් හැමදාම අහන්නෙ එන්නැත්තෙ ඇයි කියලනේ..

යකෝ උන්ට කියන්න කලින් අපිට කියලා ඉදපං.. අපිනේ උඹගෙ අගසව් දෙන්නා..

ඒක හරියන්නෙ නෑ.. උන් දෙන්නටත් කිව්වොත් විතරයි හෙට උන් මෙහෙ එන එක නතර කරන්න පුළුවන්..

මම කියන හරුවෙ මොකක්ද කියලා තේරුණේ නැතත් ප්ලූටො මතීලට කෝල් කරලා පණිවිඩේ කියලා කිව්වා..

උද් දෙන්නව ආවෙ කරුවල වැටීගෙන එන වෙලාවෙ.. ආපු ගමන් ඩබල මාතෘකාවට බැස්සා.. චමිලයි, ප්ලූටොයි උනත් ඇස් කන් විදාගෙන හිටියෙ මම කියන දේ අහගන්න..

මුලින්ම කියන්න ඕනෙ මේක අපි පස්දෙනා අතරෙ විතරක් තියෙන රහසක්.. ඕකේ.. මට මේ දෙන්නා වගේම උඹල දෙන්නවත් විශ්වාස නිසයි මේක කියන්න ගෙන්නුවෙ..

මං තාරු දිහාට ඇගිල්ල දික් කරලා කියන්න ඌ ඒ දේ හොදට තේරුණා වගේ ඔළුව වැනුවා.. මතීෂත් මහපටගිල්ල උස්සලා ෆිට් එකක් දැම්මා..

උඹලා සමාධි ගැන මොකද හිතන්නෙ..?

එදා වෙච්ච දේ පොල්ලෙන් ගැහුවා වගේ කියනවට වඩා මේ හතර දෙනාගෙන් අදහස් විමසලා ඉන්න එක හොදයි..

ෂා.. ඒකිද.. ඒකි නියම පිණි ජම්බු ගෙඩියක්නෙ..

බඩා සුපුරුදු ලෙස කට්ටියටම කලින් උගේ කට අරිද්දි මට තද උනා..

මං අහන්නෙ ඒකිගෙ රූප සොබාව නෙමෙයි.. ඒකි ලස්සන කෙල්ලෙක් කියලා ඇස් කන් තියෙන ඕනම එකෙකුට පේනවා.. මං අහන්නෙ ගතිගුණ.. නිකං ගෙස් කරලා කියපං..

උඹේ අර කෑල්ල වගෙ නෙමෙයි.. සමාධිගෙ ගතිගුණ නං එළකිරි.. හොද හැදියාවක් තියෙන කෙල්ලෙක්..

තාරු කියපු කෑල්ල කතාව මොකක්ද දන්නෙ නෑ.. මං ඒක අහද්දි ඌ දුන්නෙ මරු උත්තරයක්..

අර ලුම්බිණියෙ ෂෝ එක බලන්න ගියපු වෙලේ උඹ පැණි හැළුව නෙතුෂිද කවුද කියන්නෙ.. අන්න එයා.. ඒකිගෙ වැඩ කිඩ ගැන ඉන්ටර්නෙට් එකෙත් දාලා තියෙනවා.. චාටර්..

තාරුලා කියනල්ම ඒ කතාව ප්ලූටොයි, චමිලයි දැනන් හිටියෙ නෑ.. එදා තාත්තා ඔය විස්තරේ කිව්වත් මට ඒ ගැන කියන්න අමතක උනා..

හරි අපි ඒ ගැන වෙනම වෙලාවක කතා කරමු.. ඒක මෙතනට අදාල වෙන්නෙ නෑනෙ..

හරි උඹත් දැන් අපිට කියනවා කියපු කාරණේ කෙලින්ම කියපංකො.. උඹ නොඑන්න හේතුව සමාධිද..?

මතී කල් යල් බලා උත්තරේ කටටම දීලා ප්‍රශ්නෙ ඇහුවා..

හේතුව කොණක සමාධිත් ඉන්නවා.. ඒත් මේක උඹලා හිතන විදියෙ ප්‍රශ්නයක් නෙමෙයි..

මුන් හිතාගෙන ඉන්නෙ මේක ආදරේ ගැන ප්‍රශ්නයක් කියලා.. සමාධි ගැන විශේෂ හැගීමක් හිතේ තිබුණට මේක වෙන දෙයක්නෙ..

සමාධිගෙයි, මාරසිංහ සර්ගෙයි අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවා..

මොනවා.. හිරු.. උඹ මේ හොද සිහියෙන්ද කතා කරන්නෙ..?

මතීලට වගේම අපේ ඩබලටත් උතුරු දකුණ මාරු උනා.. හතර දෙනාම මගේ දිහා බලාගෙන හිටියෙ මුල්ලේරියාවෙන් පැනලා ආපු එකෙක් දිහා බලනවා වගේ..

උඹලට මතකද මං අන්තිමට පන්ති ආපු දවස..?

ඒක කොහෙ මතක තියෙන්නද බං.. උඹ මාසෙකින් විතර පංතියෙ පළාතෙ ආවෙ නෑනෙ..

අර ඒ ලෙවල් රිසාල්ට් බලන්න කියලා සමාධි පංතියෙන් එළියට ගියේ.. අර දයාරත්න සර් මුලින්ම අපිට උගන්නන්න ආවෙ.. අන්න එදා..

හරි.. හරි.. පොඩ්ඩක් මීටරේට ආවා.. ඉතිං සීන් එක කියපං..

කතාව අහගන්න  හතර දෙනාටම තිබුණෙ පුදුම තදියමක්..

එදා පාඩම පටන් අරන් පැයක් විතර ගියාට පස්සෙත් කෙල්ල ආවෙ නෑනෙ.. මං කීප සැරයක්ම වට පිට හැරිලා බැලුවා උඹලා දේනනට මතක ඇතිනෙ..

මං ප්ලූටොයි චමිලයි දිහා බලලා අහද්දි ඩබල ගල් බිල්ලො දෙන්නෙක් වගේ කතා නැතුවම ඔලු ගෙඩි දෙක වැනුවා.. වෙන වෙලාවක නං ඒ ඇක්ෂන් එකට මට හිනා යන්නත් තිබුණා.. ඒත් දැන් මගේ මූඩ් එක වෙනස්..

මං එක පාරක් හැරිලා බලද්දි දැකපු දේ කිව්වොත් උඹලා විශ්වාස කරන එකකුත් නෑ.. එවෙලෙ සමධි..

ඔව්.. ඉතිං..

සමාධි කොරිඩෝව කෙලවරේ හිටපු මාරසිංහ සර්ට තුරුලු වෙලා ඉන්නවා දැක්කා..

න්හෑ..

ඒ කතාව අහලා චමිලයි, මතීෂයි පුටුවෙන් නැගිට්ටවිලා.. උන්ට ඒක විශ්වාස නැතුව ඇති.. ඒත් තාරුක නං එකපාරටම බර කල්පනාවකට වැටුණා..

හිරූ.. උඹ ඒක කියද්දි මට නයෝමි කියපු කතාවක් මතක් උනා..

මොකක්ද..?

එයා කිව්වා සමාධි දවස් දෙක තුනක්ම සර්ගෙ වෑන් එකෙන් ඇවිත් බහිනවා දැක්කා කියලා..

තාරු කිව්වෙ මං හීනෙන්වත් හිතපු නැති කතාවක්නෙ.. එහෙනං මේක සෑහෙන දුරට ගිය ප්‍රශ්නයක් වගේ..

මට නං මේ අහන දේවල් විශ්වාස කරන්නත් අමාරුයි බං.. කවුරු කිව්වත් සමාධි නරක කෙල්ලෙක් කියලා මං නං පිළිගන්නෑ..

ප්ලූටො තවත් කෙල්ලව සුද්ද කරනවා.. මං ඇස් දෙකට දැකපු දේ ඌත් දැක්කනං ඒක අගේට විශ්වාස කරයි..

එදා ඒ සීන් එකෙන් පස්සෙ මට සමාධිව වගේම සර්වත් අප්පිරියා උනා මතී.. අපි ඉගෙනගන්න ආවෙ මේ වගේ ජරා මනුස්සයෙක්ගෙන්ද කියලා මට හිතුණා.. ඒකයි මං පංති නොඑන්න තීරණේ කලේ..

එහෙම හිතන්න එපා හිරූ.. අපිට ඒ මනුස්සයගෙ පුද්ගලික දේවල් වැඩක් නෑනෙ.. අපි ආවෙ ඉගෙන ගන්න.. මොනවා නැතත් මිනිහා ඒ ටික ටොප් එකට කරනවනෙ.. ඒ නිසා අඩුම ගානෙ මේ ඉතුරු දවස් ටිකවත් පංති ඇවිත් ඒක කම්ප්ලීට් කරපං..

මතීෂ කිව්වෙ එදා මට තාත්තා කියපු දේම තමයි.. ඒත් මට හිත හදාගෙන ආපහු පංති යන්න බෑ..

බෑ බං.. මට මේ සිද්ධියෙ ඇත්ත නැත්ත ඉක්මනටම දැනගන්න ඕනෙ.. එතකල් මං පංති එන්නෙ නෑ..

රායිට්.. එහෙනං අපි උම එක්ක ඕන ගේමකට.. අපි මේ සීන් එක හොයාගමු..

අපේ කට්ටියගෙ කතා, ඥාන කතා වලටත් වඩා ෆිට්.. ඔන්න ඔහොමනේ යාලුවො උනාම ඉන්න ඕන.. නැද්ද මං කියන්නෙ..?

සර් හෙට හවස කොහෙද මංදා ලොජ් එකක් පෙන්නන්න එක්ක යනවා කිව්වා.. අපි ඒ වෙලාවට ක්ලාස් එකෙන් ඩීටේල්ස් හොයාගමු..

මං කියන්න හදපු දේ මට කලින් තාරුක කිව්වා.. ඒ කියන්නෙ ලොජ් එක බලන්න යන ගමන මිස් කරන්න උන් දෙන්නා කැමතියි.. අනික ඉතිං ඔය ලොජ් එකේ මොනවා අලුතෙන් බලන්න තියෙනවද.. බඩල දැන් ඉන්නෙත් ඒ කියන ලොජ් එක ඇතුලෙමනෙ..

බේබිලා ඉදලා කාලා යන්න.. දැන් රෑත් වෙලා..

අපි විශේෂ රහස් සාකච්ඡාවක් ඉවර කරද්දි බණ්ඩයියා කෑමත් ලෑස්ති කරලා..

කාලා කොහෙ යන්නද බණ්ඩයියෙ..? අපි අද යන්නෙ නෑ.. හෙට උදේ කෙලින්ම ක්ලාස් යනවා..

එහෙනං දෙන්නා ඇවිත් තියෙන්නෙ නවතින්නත් බලාගෙන.. දැන් ඉතිං එලවන්නයෑ.. උන් දෙන්නට කන්න දීලා නිදිකරවන්න තියෙන්නෙ..

හෙට අපිට මොනවද කරන්න තියෙන්නෙ හිරූ.. ඒ ප්ලෑනත් දැන්මම ගහමු..

තාරුක මටත් වඩා වැඩේට උනන්දුයි.. සමහර විට මිනිහගෙ හිතෙත් සමාධි ගැන අදහසක් තිබුණද දන්නෙත් නෑ..

උඹලා පුළුවන්නං ළමයින්ගෙ ඩීටේල්ස් තියෙන අර ලොකු ෆයිල් එක උස්සපං.. අපිට එතකොට පුළුවන් සමාධිගෙ ෆෝම් එකෙන් එයාගෙ ගේ තියෙන පොට් එක හොයාගන්න..

උන්ගෙ ගේ කොහේ තිබුනම අපිට මොකෝ බං..

මං තාරුට ප්ලෑන් එක විස්තර කරද්දි චමිලයා ආපහු මැද්දට පැන්නා.. ඌට නං කට පියාගෙන ඉන්නම බෑ..

අපි බලමු සමාධි ඉන්නෙත් සර් ඉන්න පැත්තෙමද කියලා.. එතකොට අර වෑන් එකේ ආපු හේතුව හොයාගන්නත් පුළුවන්..

උඹ දැන් ඒවා කරලා මොනාද ඔප්පු කරන්න හදන්නෙ.. සමාධි, සර්ගෙ ස්පෙයාර් වීල් එක කියලද.. නැත්තං ඒ දෙන්නා අතර සම්බන්ධයක් තියෙනවා කියලද..?

ප්ලූටො හරහටමයි කතාව.. ඌ මොනවා කිව්වත් මේකෙ ඇත්ත නැත්ත දැනගෙන මිසක් මං නං නවතින්නෙ නෑ..

අපි මොකක් හරි දෙයක් ඔප්පු කරගන්නං.. උඹ දෙයියනේ කියලා බඩාත් එක්ක පංති පලයං..

මං ඒක කිව්වෙ ප්ලූටොට ඇහැක් ගහන ගමන්.. එතකොට මට තාරුවයි, මතීෂවයි විතරක් ගමනට හවුල්කරගන්න පුළුවන්නෙ.. ඒක තේරුනා වගේ ප්ලූටොත් බොරුවට ඔරවලා කාමරේට ගියා..

උදේ කට්ටිය පංති ගිය ගමන් මං බණ්ඩයියා එක්ක එකතු වෙලා ගේ අස් කලා.. එහෙ මෙහෙ දාලා තිබුණ අපේ ඇදුම් සෙරෙප්පු එහෙම සේරම එක කාමරේකට දාලා දොරත් වහලා දැම්මා.. දැන් තියෙන්නෙ අත්‍යවශයි දේවල් ටික විතරක් අරගෙන ගෙදර යන එක.. චමිලටයි, ප්ලූටොටයි පංති ඇරිලා සෙවනට එන්නෙ නැතුව අපේ ගෙදර එන්න කියලා මං කල් තියාම දැන්ම් දීලයි තිබුණෙ..

බේබි.. මං මෙහෙ ඉන්නං.. මාරසිංහ මහත්තයා ආවොත් එන්නෙ ලොකු මහත්තයට දැනුම් දීලනෙ.. ඉතිං ගේ දොර පෙන්නන්න උනත් කෙනෙක් ඉන්න එපෑය..

බණ්ඩයියා කියන කතාවත් ඇත්ත.. සමහර විට තාත්තම කෝල් කරලා බණ්ඩයියට කියයි ගේ පෙරලලා පෙන්නන්න කියලා.. අනික එදා ෂූටිං බලන්න ගිය වෙලේ උනත් බණ්ඩයියා අපේ තාත්තා ළග කැරකි කැරකි ඉන්නවා සර් දැක්කනෙ.. ඒ නිසා එයා මෙහෙ හිටියම අවුලක් වෙන එකක් නෑ.. බණ්ඩයියටත් අපේ ප්ලෑන් එක විස්තර කරලා මං ගෙදර ගියා.. දැන් තියෙන්නෙ ඊළග අදියර.. ඒකට තාරුගෙන් කෝල් එකක් එන්න ඕනෙ..

ගෙදර ගිහින් කාලා බීලා අම්මයි, යසෝ අක්කයි එක්ක කයියක් දාගෙන ඉද්දි තාරුක කෝල් කරා.. එතකොට දෙකට විතර ඇති..

හිරූ.. සර් කට්ටියව අරන් පිටත් උනා.. අපි ඉන්නෙ තාම ක්ලාස් එකේ.. උඹ වරෙං..

එහෙනං බඩලම මං කිව්වා විදියටම බොරුවක් කියලා ගමන මග ඇරලා.. ඔන්න ඔහොමයි ෆිට් කොල්ලො උනාම ඉන්න ඕනෙ.. මම තත්පරේට දෙකට ඇදුමක් දාගෙන පාරට ආවා.. බස්වල ගාටන්න ගියොත් වැඩේ පරක්කු වෙනවා.. ඒ නිසා හොදම වැඩේ වීල් එකක යන එක..

ඉක්මනට වරෙං.. වැඩිවෙලා මෙතන ඉන්න බෑ.. සික්කලා බලන් ඉන්නවා..

මාව දැක්ක ගමන් මතීෂයා පංතිය ඇතුළට ඇදගෙන ගියා.. කාලෙකට පස්සෙ ආවත් මට මෙතන දැන් හොදට හුරු පුරුදුයි..

කට්ටිය මොකේද ගියේ.. වාහනයක් ආවද..?

නෑ බං.. ඔය කියන තැන එච්චර දුර නෑලු.. කට්ටිය බස් එකක ගියේ..

ඔව් ඉතිං දුර නෑ නේන්නං.. අපිත් හැමදාම පංතියට එන්නෙ යන්නෙ බස් එකේනෙ.. මතීෂවයි, තාරුකවයි මේ විදියට රවට්ටන එක ගැන මට වෙලාවකට දුකත් හිතුනා.. උන් දෙන්නා හිතාගෙන ඉන්නෙ මං මේ වැඩේ නිසාම උන්ව අද නතර කර ගත්තා කියලා.. මට ඕන උනේ ඩබල කට්ටියත් එක්ක සෙවනට යන එක නතර කරන්නනෙ..

උඹලා මොනවා කියලද නතර උනේ..?

අපි දෙන්නා කිව්වා හදිසි මළගෙයක් වෙලා එහෙ යන්න තියෙනවා කියා.. එතකොට සැක හිතන්නෙ නෑනෙ..

වැඩේ සාර්ථකව ක්‍රියාත්මක වෙලා.. මං තාරු දුන්න ෆයිල් එක ඉක්මනට අරගෙන පෙරලලා බැලුවෙ ඉතුරු වැඩ ටිකත් ඉක්මනට ඉවර කර ගන්න..

අපි දෙන්නා මෙච්චර වෙලා ඕක පෙරලලා බැලුවා බං.. ඒත් සමාධිගෙ ෆෝම් එකක් හොයන්න නෑ..

මතීෂ කිව්වත් වගේම මමත් පිටුවෙන් පිටුව පෙරලුවත් කෙල්ලගෙ ෆෝම් එක හම්බ උනේ නෑ.. මට පේන්නෙ ආපු වැඩේ අසාර්ථක වෙයි වගේ..

කොහෙන්ද බං ෆයිල් එක ඉස්සුවෙ..? සර් ළග තිබිලද..?

හිතං හිටියෙ එහෙම කරන්න තමයි.. ඒත් සර් එයාගෙ ෆයිල් දෙකකුයි පොතකුයි තියලා ගියා.. කොහොමටත් එයා යන්න කලින් ආපහු මෙතනට එනවනෙ..

ෆයිල් එක තිබුණ තැනින්ම තියන්න කියලා මං තාරුට දුන්නා.. දැන් වෙන විදියකින් සමාධිගෙ විස්තර හොයන්න වෙනවා..

සේරටම කලින් මෙතනින් යමු බං.. නැත්නම් සර්ට අර මිනිහා ගින්න දෙයි..

තාරු එතන ඉදපු ආරක්ෂන නිලදාරියා පෙන්නලා කිව්වට මිනිහනං ඉන්නෙ අවට ලෝකෙ වෙන දේවල් ගැන අවධානෙන් නෙමෙයි.. ඒ කොහොම උනත් මෙතන තව වෙලා ඉන්න එකේ තෙරුමක් නෑනෙ.. ඒ නිසා අපි තුන්දෙනා ෂේප් එකේ එතනින් කැපුණා..

දැන් මොකද කරන්නෙ හිරූ.. සමාධි ඉන්න තැන කවුද දන්නෙ..? අඩු ගානෙ සර්ලගෙ ගේ තියෙන තැනවත්..

සර්ගෙ ගේ තියෙන්නෙ නං අතුරුගිරියෙ පැත්තෙ කියලා මං දන්නවා.. ඒත් හරියටම තැන දන්නෙ නෑ..

අද නයෝමි පංති ආවද..? එහෙම නැත්තං සමාධි..

සමාධි ආවා.. එයා කට්ටිය එක්කම ගියා.. ඒත් නයෝමිට මේ ටිකේ අසනීපයි කියලා ආවෙ නෑ..

තාරුකගෙන් ඕන විස්තරයක් ඉක්මනට ගන්න පුළුවන්.. ඒත් අපේ චමිලයා ආවනං මේ තරං සපෝට් එකක් ලැබෙන්නෙ නෑ..

එහෙනං අපි නයෝමිගෙ අසනීපෙ බලන්න යන විදියට එහෙ යං.. එතකොට කෙල්ලගෙන් විස්තර ටිකක් හොයාගන්න පුළුවං..

ඕකේ.. වෙන දෙයක් කරන්න නෑනෙ දැන්..

අපි තුන්දෙනා නයෝමිලගෙ ගෙදර යන පාර දන්න නිසා අවුලක් වුනේ නෑ.. එදා ගියපු ඒ විසාල මාලිගාවට අපි අදත් බොරුවක් කියාගනෙ ගොඩ වැදුනා..

අනේ ඔයාලා.. ඒත් හිරූෂ මල්ලි ඇයි මේ දෙන්නා එක්ක..?

අපිව දැක්ක ගමන් නයෝමි හිනා වේගෙන දුවගෙන ආවා.. මේකිටනං කිසිම ලෙඩක් තියෙන පාටක් නෑ..

එන්නකො.. ගෙට ගිහින් කතා කරමු..

එයා ගෙට ඇතුල් උනේ පොඩි එකෙක් වගේ මගේ අතින් ඇදගෙන.. නයෝමිගෙ අම්මා දැක්කානං මොනව හිතයිද මංදා.. ලැජ්ජාවෙ බෑ..

ඔයාට අසනීපයි කියලා මේ දෙන්නා කිව්වා.. අපි පස්දෙනාම එන්න කියලා හිටියෙ.. ඒත්.. චමිලව මග ඇරුනනෙ..

නයෝමිට ආපහු බොරු කරලා රවට්ටන්නෙ නෑ කියලා හිතාගෙන හිටියට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ.. එයාගෙ ලෙඩ බලන්න ආවා වගේ කිව්වම කෙල්ල හරි සතුටු උනා..

ඔයා ඇයි පංති එන එක නතර කලේ..? එදා මට නතර වෙන්න දෙන්නෙ නැතුව ඔයා අද නතර වෙලා..

වපර ඇස් දෙකෙන් හතර වටේ බල බල නයෝමි ඒක කියපු විදියට මට දුකත් හිතුනා.. ඇත්තටම මේ කෙල්ල වෙලාවකට පොඩි එකෙක් වගේ..

මං පංති නාවට ඔයාලා අමතක කරේ නෑනෙ.. ඒකනේ ඔයාට අසනීපයි කිව්වම බලන්න ආවෙ..

ඔය විදියෙ වැල් වටාරම් ටිකක් ගහලා ඔළුව වටේ විතරක් නෙමෙයි මුළු ඇග වටේම අත දාලා අන්තිමට අපි නහයට ළං උනා..

ඇයි ඔයාලා සමාධි ඉන්න තැන හොයන්නෙ..?

නයෝමිත් ලේසි පාසු බඩවක් නෙමෙයි.. අපි අහපු දේට උතත්ර දෙන්න කලින් එයා තව ප්‍රශ්නයක් ඇහුවා..

නෑ මේ හිරූෂ කාලෙකින් ආව නිසා සමාධිලගෙ ගෙදර යන්න ආසයි කිව්වා..

මං නං හරියටම තැන දන්නෙ නෑ.. ඒත් ඉන්නවා කියල කිව්වෙ නං අතුරුගිරිය පැත්තෙ..

ඔය එන්නෙ ඕනම කරන දේවල්.. එතකොට සමාධි සර්ගෙ වෑන් එකේ එන එකට සාධාරණ හේතු තියෙනවා.. දෙන්නම ඉන්නෙ එකම පැත්තෙ..

ඔයාට බැරිද නයෝමි අපට පොඩි උදව්වක් කරන්න.. බැරිද සමාධිගෙ ඇඩ්රස් එක හොයලා දෙන්න.. එතකොට අපිට ඔයාව බලන්න එනවා වගේ එයාව බලන්නත් යන්න පුළුවන්.. හැබැයි අපිට කියලා කියන්නෙ නැතුව වැඩේ කරලා දෙන්න ඕනෙ..

නයෝමිට බොරු බටර් පාරකුත් ගාලා මං කියද්දි කෙල්ල ටිකක් වෙලා කල්පනා කලා..

ඇයි ඉතිං ඔයාලට ඉල්ලන්න බැරි..?

අපි ඉල්ලුවම ගතියක් නෑනෙ ළමයො.. මේ ආව වගේ අහම්බෙන් ආවමනෙ එයා උනත් පුදුම වෙන්නෙ..

හරි.. මං ඉල්ලලා දෙන්නං.. හැබැයි ඔයාලා එහෙට යන දවසට මාවත් එක්කගෙන යන්න ඕනෙ..

අයියෝ ඕක්ත වැඩක්ද..? ඔයා ඒ උදව්ව කරනවනං අපි ඔයාව අපේ ගෙරද උනත් එක්ක යන්නංකො..

නයෝමිගෙ අම්මා එක්කත් කතා කරලා එහෙන් තේත් බීලා අපි පාරට ආවා..

මචං මට මතක විදියට සර් ඉන්නෙත් අතුරුගිරියෙ.. එදා සර්ගෙ ඩ්‍රයිවර් ඒ වගේ කතාවක් කියනවා මට ඇහුණා..

තාරුක හොද රගපාන්න නෙමෙයි සී අයි ඩී එකට යවන්න.. මිනිහා පොඩි පොඩි දේවල් උනත් හොදට නෝට් කරනව පොරක්..

ඔව් බං.. මටත් ඒ වගේ කතාවක් සර් මට දවසක් කිව්වා.. ඒත් දැන් ඕවා ගැන කතා කරන්න බෑනෙ.. නයෝමි, සමාධිගෙන් ඇඩ්රස් එක හොයාල දීපු දවසට අපි ආපහු වැඩේ පටන් ගමු..

මං එහෙම කිව්වෙ දැන් ගෙදර යන්න හිතාගෙන.. කොහොමත් අපි නයෝමිලගෙ ගෙදර හිටපු කාලෙ ඇතුළත සර් වැඩ ඉවර කරගෙන පංතියට යන්න ඇති..

එච්චර කල් යන්නෙ නෑ.. නයෝමි අනිද්දට පංති එනවා කිව්වා.. එයා එදාට ඕක ඉල්ල ගනියි..

හරි එහෙනං.. ඊට පස්සෙ ඒ ගැන හොයලා බලමු.. උඹලා දැන් පලයල්ලා. මං හින්දා දවස නාස්ති කරගත්තට තෑන්ක්ස්..

වැඩේට බැහැලා කැපවෙලා හිටපු තාරුගෙ පිටටත් තට්ටුවක් දාලා මං කිව්වා..

පිස්සුද හිරූ.. මේක උඹගෙ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි.. අපේ සර් එහෙම කෙනෙක් නම්... අපේ පංතිය ඇතුළෙ එහෙම දේවල් වෙනවනං ඒක හොයල බලන එක අපේ යුතුකම.. ඒකමයි අපි දෙන්නා කැමැත්තෙන් මේ ගේමට බැස්සෙ..

මතීෂ ඒ ටික කිව්වෙ බොක්කෙන්මයි.. උන් දෙන්නා චමිලයි, ප්ලූටොයි වගේම හොද යාලුවො දෙන්නෙක් කියලා අද ඔප්පු උනා..

ඒත් උඹලා දෙන්නට මං නිසා ලොජ් එකට යන්නත් බැරි උනානෙ.. සොරි මචං..

අයියෝ.. ඒකද අවුල.. ඒක ගැන හිතන්න එපා.. චමිලලා අද ගිය නිසා තැන දන්නවනෙ.. අපි පස්දෙනා වීක් එන්ඩ් එකක ගිහින් ඒ ප්ලේස් එක බලලා එමු..

ඩබල බස් එකට නැගේගෙ එහෙම කියාගෙන.. උන් දෙන්නා ගියාට පස්සෙ මමත් ගෙදර ආවා.. ඒ වෙද්දි බණ්ඩයියත් ඇවිත්.. ඒත් චමිලයි, ප්ලූටොයි තාම නෑ..

බේබිලා අද මෙහෙ එනවා කියපු නිසා මමත් එහෙ දොර ජනෙල් වහලා දාලා මෙහෙ ආවා.. අද හවස එහෙදි හරි වැඩක් තමයි උනෙ..

බණ්ඩයියා ගෙදර ආපු ගමන් මගේ ඇගේ ලේ පුච්චනවා.. කියන දෙයක් කෙලින්ම කියන්නෙ නැතුව..




No comments:

Post a Comment