Saturday, April 28, 2012

| ගිම්හාන පාරමී | ගයනා එස්. ලක්මාලි |






උදේ පාන්දර කවුදෝ මන්දා සනීපෙට ඔළුව අතගානවා දැනිලා මාව ඇහැරුනා.. ඇස් ඇරලා බලද්දි අද ඉදලා මගේ ලෝකෙ ඉන්න වටිනම වස්තුව, මගේ පුංචි කෙල්ල ඇද උඩ.. මං ඒ සීතල අත අරගෙන මගේ පපුවට තුරුල් කරගන්න ගමන් වෙලාව බැලුවා.. දෙයියනේ..  මං පාන්දර කියලා හිතාගෙන හිටියට දැන් නවය හමාරත් පහුවෙලා.. ඊයෙ රෑ තිස්සෙ නිදි නැතුවම පාරමී ගැන හිත හිත හිපටු ඒවයෙ ප්‍රතිඵල තමයි මේ.. මං පාරමී දිහා බලද්දි මට තේරුණා මගේ වගේම එයාගෙ මූණත් නිදිමත පාටයි කියලා.. ඒ කියන්නෙ කෙල්ලත් නැගිටලා තියෙන්නෙ දැන් ටිකකට කලින්..


“ගුඩ් මෝනිං මගේ වස්තුව..!”

“ගුඩ් මෝනිං අයියා..! ඔන්න අද ඉදලා හැමදාම මේ වගේ මට උදේ නැගිටපු ගමන් ගුඩ් මෝනිං කියන්න ඕනෙ.. මං බලාගෙන ඉන්නවා එතකල්..”

පෙම්වතියක් විදියට පාරමී පළවෙනිම කොන්දේසිය මගේ හිතට ඇතුල් කලා.. ඒත් මේ වගේ ළගින් ඉදන් හැමදාම ගුඩ් මෝනිං කියන්න නං මං අදම මෙයාව කිඩ්නැප් කරන්න වෙනවා..

“මේ වගේ කියන්න බැරිවෙයි බබා.. ඒත් ෆෝන් එකෙන් කියන්නම්..”

පාරමීගෙ සුදු නළලට කිස් එකක් දීලා මං කියද්දි කෙල්ල ඇස් පුංචි කරලා හිනා උනා.. ඔය හිනාවට තමයි මගේ හිත පිස්සු වැටෙන්නෙ.. 

ආදරේ කලාට තාම පාරමීයි මමයි නිල නොලත් ආදරවන්තයෝ.. තාම මම පාරමීට ආදරෙයි කියලවත් කැමතියි කියලවත් නෑ.. පාරමීත් ඒ වගේ.. අපේ හැගීම් වචන වලින් හුවමාරු කරගත්තෙ නැති උනාට මං පාරමීට ආදරෙයි කියලා එයා දන්නවා.. පාරමිත් මට ගොඩක් ආදරෙයි කියලා මං දන්නවා..

උදේම කාලා බීළා චේන්ජ් එකක් දාගෙන මමයි පාරමියි සන්ධනායක අන්කල්ගෙ පස්සෙන් ඇවිදින්න ගියා.. එයා අපිව මුලින්ම එක්කගෙන ගියේ ටී ෆැක්ටරි එකට.. ඒක ඇතුලෙත් මිනිස්සු සෑහෙන පිරිසක් වැඩ.. අපි ආතල් එකේ නුලෙන් අල්ලලා උනු වතුර එකට ඔබලා ගන්න ටී පැකට් එක ඒ තත්වෙට ගේන්න මිනිස්සු කොයිතරම් මහන්සි වෙනවද කියලා හිතෙන්නෙ මේ වගේ තැනකට ආවම තමයි..

ඊයෙ හවස දානෙ දීපු වෙලාවෙ එතැන හිටපු මිනිස්සු කීප දෙනෙක්ම ඇවිත් හිනාවෙලා වචනයක් දෙකක් කතා කරලා ගියා.. අප්පුහාමි අන්කලුත් කට පුරෝලා හිනාවෙලා අපිත් එක්ක සෙට් උනා..

“මහත්තයලා වත්තෙත් ඇවිදින්න යනවද..?”

“මේ ළමයින්ගෙ යාළුවො දෙතුන් දෙනෙක් එනවා කිව්වා අප්පහාමි.. ඒ ආවම එයාලත් එක්කම ගියා නං හරි..”

අප්පුහාමි අන්කල් ගයිඩ් වැඩේ කරන්න හැදුවට ඒක හරිගියේ නෑ.. සන්ධනායක අන්කල් මැනේජර් එක්ක එකතු වෙලා බිල් පොත් වගයක් චෙක් කරද්දි මං පාරමී එක්ක ෆැක්ටරි එකෙන් එළියට ආවා..

“නංගි කලිනුත් මෙහෙ ඇවිත් තියෙනවද..?”

“අපෝ ඔව්.. අපි එකපාරක් දිනිතිලා එක්කත් ආවා.. මං මෙහෙට හරි කැමතියි..”

“ඇයි ඉතිං අද ඔයාගෙ යාළුවා දිනිතිට එන්න කිව්වෙ නැත්තෙ..?”

“දිනිති මගේ යාළුවා විතරනේ.. නිලූ අක්කියි, රොහාන් අයියයි ඔයාගෙත් යාළුවොනේ..”

මං හිතනවට වඩා දුර පාරමී හිතනවා.. ඒත් ඉතිං ඔය කියන දිනිතිට එන්න කිව්වනං අපිට තනිකඩ පබසර ගැනවත් හිතලා බලන්න තිබුණා..

“නංගි දිනිතිට බෝයි කෙනෙක් ඉන්නවද..?”

“ඇයි..?”

පාරමී ඇහුවෙ පුදුම වෙලා.. මං වෙන කෙල්ලො ගැන අහද්දි එයා අප්සෙට් වෙන්න ඇති..

“නෑ නිකං.. වේකස්සීස් තියනවද කියල දැනගන්නයි ඇහුවෙ..”

පබයා ගැන හිතේ තියාගෙන මං ඒක ඇහුවම කෙල්ලට ඩෝං ගියා.. සුදු මූණ රතු කරගෙන මගේ දිහා රවලා බලලා යන්න හද්දි මං ඒ පුංචි අතකින් අල්ල ගත්තා.. ඒ තත්පර දෙකට ඇස්වල කදුලු පුරවගෙන..

“ඇයි බබා මේ..? මං විහිළුවටනේ ඇහුවෙ.. මට දැන් වෙන කෙල්ලො ඕනෙ නෑ කියලා මගේ මැණික දන්නෙ නැද්ද..?”

කෙල්ල මොනවද මංදා කියන්න කට හදද්දිම අප්පුහාමි අන්කල් අපේ මැද්දට කඩාගෙන පැන්නා.. මේ මිනිහනං ගිය ආත්මෙ අපේ ණය කාරයෙක් වෙන්න ඇති.. ඕන වෙලාවක පස්සෙන්මයි..

“අන්න බේබිලගෙ යාළුවො ඇවිත්..”

ඒක ඇහුනා විතරයි අපි දෙන්නා අප්පුහාමි අන්කල්ව එතන දාලා බංගලාව පැත්තට දුවගෙන වගේ ආවා.. ඒ එද්දි පබයයි, රොහානුයි ඩබල බෑග් ටික බානවා.. නිලූ බොනට් එකට හේත්තු වෙලා සිරි නරඹනවා.. නිලූව දැක්කා විතරයි පාරමී මාවත් දාලා දුවගෙන ගිහින් එයාගෙ අතේ එල්ලුනා..

“ගුඩ් මෝනිං මචං..! කොහොමද ප්‍රෝග්‍රෙස් එක..?”

පබයා පාරමීව ඔළුවෙන් පෙන්නන ගමන් අතුරු ප්‍රශ්නයක් දැම්මා.. ඒත් දැම්මම වැඩේ වන කරගත්තොත් කිසි ගතියක් නෑ.. ඒ නිසා කතාව යට ගහලා මං උන් දෙන්නා එක්ක බෑග් ටික කාමර වලට දැම්මා..

බංගලාවෙ හිතේ හැටියට කාමර තියෙන නිසා නිලූටයි රොහාන්ටයි වෙනම කාමරයක් දීලා පබයව මගේ කාමරේට ගත්තා.. නිල්මිණී ආන්ටි ලයිසම්මා එක්ක එකතු වෙලා කට්ටියටම වේලපහම සංග්‍රහයක් ලෑස්ති කරලා.. කට්ටියම ඒකට වග කියන අතරෙ පබසරයා උගේ හැකර කට දිග ඇරියා..

“ඔන්න මචං, උඹ එන්න කිව්වා මං ආවා.. මුන් දෙන්නව එක්කං එන්න කිව්වා, ඒකත් කලා.. ඒ දෙකටම හරි යන්න කන්න බොන්න කලින් පින් සිද්ධ වෙන උදව්වක් කරපංකො..”

නිලුයි, රොහානුයි ඌ ඉල්ලන්න යන උදව්ව දැනගෙන වගේ හිනාවෙනවා.. මං පාරමී දිහා බලද්දි කෙල්ලත් හොල්මන් වෙලා වගේ පබයගෙ මූණ දිහා බලාගෙන..

“මොකක්ද පුතා ඔයාට ඕන උදව්ව..? මෙයාලට කියන්න බැරි නම් මට කියන්න..”

නිල්මිණී ආන්ටි ඒ ගැන අහද්දි පබයා බොහොම අමාරුවෙන් හිනාවක් දැම්මා.. කොටින්ම කියනවනං ඒක අඩන්න බැරිකමට හිනා උනා වගේ චාටර් හිනාවක්.. නිල්මිණී ආන්ටිට මෙනාව හරි තේරිලා වගේ ආයෙත් ඒ ගැන අහන්නෙ නැතුව ඇතුළට ගියා..

“මචං.. බඩු චාර්ජ් වෙලා..”

පබයා කෝපි එක අතේ තියාගෙන බොන්නෙ නැතුව ඒක කියද්දි මට වැඩේ මීටර් උනා..

“වරෙන් වරෙන් මෙතන ගඳ ගස්සන්නෙ නැතුව යමං..”

ඌව ඇදගෙන මං ටොයිලට් එකට යද්දි තමයි පාරමීට සීන් එක තේරුණේ..

කට්ටිය කාලා බීලා ඇගපත හෝදගෙන ඇදුම් මාරු කරන් වත්තෙ ඇවිදින්න සෙට් උනා.. දැන්නං පාරමීට මාව ඕනෙ නෑ වගේ.. කෙල්ල නිලූට ළං වෙලා මොනවදෝ කියවනවා.. ඊයෙ වෙච්ච සීන් එක මෙයා පත්තරේ දායිද ද්නනෙ නෑ..

අපි පස්දෙනා පඩිය බැහැගෙන මිදුලට යද්දිම අප්පුහාමි අන්කල් අනවසරයෙන් නඩේට එකතු උනා..

“බේබිලා කොහෙද ඇවිදින්න යන්නෙ..?”

“අපි යනවා අන්කල් අනන්තයට යන පාර දිගේ..”

පබසර සීරියස් කියද්දි අප්පුහාමි අන්කල්ගෙ ඇස් දෙක ලොකු උනා.. පබයා එක්ක කතා කරන්න ගියොත් නං අප්පුහාමිට මොලේ අමාරුව හැදෙනවා..

“කොහෙද මහත්තයො ඔය කියන පාර තියෙන්නෙ..? මේ හරියෙ එකක් නම් වෙන්න බෑ..”

මම කිව්වෙ නැද්ද අරූගෙ බයිලා වර්ඩ් එකයි දැම්මෙ බේබි මහත්තයා වෙලා..

“ඒක තියෙන්නෙ අන්කල් වික්ටෝරියා ඩෑම් එක එහා පැත්තෙ..”

නුවරඑළියෙ සීතලට පබසරට පිස්සු හැදිලද බලන්න වගේ අන්කල් ඇස් කන් හොදට ඇරලා පබසරගෙ මූණ දිහා බැලුවා.. මූ මේ අහිංසක මනුස්සයව බයිට් එකට ගන්න හදන්නෙ.. ඒක තේරිලද මංදා රොහාන් කතාව මාරු කළා..

“අන්කල් කොච්චර කාලෙක ඉදන් සන්ධනායක මහත්තයා ළග වැඩ කරනවද..?”

“මං පුංචි සන්ධියෙ ඉදලම හිටියෙ මේ වත්තෙ තමයි බේබි.. මම මුලින්ම වැඩ කලේ සන්ධනායක මහත්තයගෙ තාත්තා ළග..”

අපි කතා කරන අතරෙ තේ වැටි අතරෙන් ඇවිදගෙන ඉස්සරහට ගියා.. ඊයෙ අර මනුස්සයෙක් කියපු කතාවක් මගේ හිතට එක පාරටම ආවෙඒ වෙලාවෙ..

“අපේ තාත්තට ළමයි නැතුව හිටපු කතාව මොකක්ද අන්කල්..?”

මං අහපු ප්‍රශ්නෙට අන්කල් පුදුම විදියට අප්සට් උනා.. පස්සෙ අමාරුවෙන් වගේ කට ඇරියෙ මොකක් හරි උත්තරයක් දෙන්න ඕන නිසා..

“ජයරත්න මහත්තයා බැඳලා නෝනත් එක්ක ටික කාලයක් මෙහෙ හිටියා.. ඊට පස්සෙ මහත්තයා මෙහෙ ඉද්දි නෝනා අවුරුදු ගානක් අම්මලගෙ ගෙදර නැවතිලා හිටියා.. මහත්තයා සතියකට දෙකකට වතාවක් කොළඹ ගිහින් නෝනව බලලා ආවා..”

“ඊට පස්සෙ..?”

“නෝනා කොළඹ නතර වෙලා ළමයි නැති එකට දිගටම බේත් කලා.. ඊට පස්සෙ දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා ආපු පණිවිඩේට තමයි ජයරත්න මහත්තයා කොළඹ නවතින්න ගියේ..”

“එතකොට මෙහේ ජොබ් එක..?”

ඒ ප්‍රශ්නෙ ආවෙ රොහාන්ගෙන්.. ඕකට උත්තරේ ඊයෙ මං අන්කල්ගෙන් අහගත්තනේ..

“කොළඹ ඉදලා නිතර මෙහෙ යන්න එන්න අමාරු නිසා සන්ධනායක මහත්තයා ජයරත්න මහත්තයව කොළඹ බිස්නස් බලාගන්න යැව්වා..”

හැමෝම අහගෙන හිටියෙ කතන්දරයක් අහනව වගේ.. ඒත් මගේ හිතනං කිව්වෙ අප්පුහාමි අන්කල් දැන දැනම මොකක් හරි හංගනවා කියලා..

ඔය කියන විදියට අම්මට හම්බඋන ළඹයා තමයි මම.. ඒත් මට පස්සෙ මල්ලිත් ඉන්නවනේ.. යන්න ගිය ගමන අතරමග දාලා මට හැරිලා කාමරේට යන්න ඕන උනා.. ඒත් මේ වෙද්දි අපි වත්තෙ ගොඩක් දුර පහළට ඇවිත් හිටියෙ..

“මචං මං පටස් ගාලා හාවෙක් අල්ලන් එන්නං..”

එහෙම කියලා පබසර ඈතට යන්න හැදුවා.. පාරමී මගේ දිහා බැලුවෙ පුදුම වෙලා වගේ..

“මෙහේ හාවො නෑ බේබි..”

“ඉන්නවා අන්කල් ඉන්නවා..”

අප්පුහාමි අන්කල් කියන්න කියන්නම පබයා හිනාවෙවී ගියා.. ඌ අල්ලන්න යන හාවා මොකාද කියලා මමයි රොහානුයි දෙන්නම දන්නවා.. ඉතිං ඌ එනකල් අපි කට්ටිය ලොකු කළුගල් ගොඩක් තිබුණ තැන වාඩි උනා..

“අයියෝ මාව තුවාල වෙලා..”

පාරමීගෙ සද්දෙට අපි තුන්දෙනා එක සැරේට එයා ළගට ගියා.. ත්‍රී ක්වාටර් කලිසමක් ඇදන් හිටපු කෙල්ලගෙ සුදු කකුල දිගේ ලේ පාරක් ගලාගෙන යනවා.. මෙච්චර ලේ එන්න තුවාල වෙලත් මෙයාට දැනුනෙ නැත්තෙ ඇයි..?

“බේබි ඔය තුවාල වෙලා නෙමෙයි කූඩැල්ලෙක් කාලා..”

ඒ කතාවට පාරමීගෙ කට තිත්ත බෙහෙත් බීපු පුංචි එකෙක් වගේ ඇදවෙලා ගියා.. පව් කෙල්ල හොදටම බය වෙලා.. නිලූ පාරමීගෙ ඉස්සරහ දණ ගහගෙන එයාගෙ කලිසමේ කකුල දණහිස් හරියට විතර එනකල් නැව්වා.. එතකොටම කකුලෙ ඇලිලා හිටපු ජිල් බෝලයක් විතර කූඩැල්ලෙක් බිමට වැටුණා.. දොස්තර නෝනා වගේ ගේමට බැස්සට මොකද කූඩැල්ලව දැක්කා විතරයි නිලූත් පිටිපස්සට පැන්නා..

“අර පහළ දොළ පාරට ගිහින් කකුල ටිකක් තෙමාගත්තම ඕක හරියයි..”

“අනේ තව නං කොහේවත් යන්න බෑ.. අපි ගෙදර යං..”

පාරමීගෙ කතාව අනුමත කරන්න වගේ නිලූත් ඔළුව වැනුවා.. බලන් යද්දි කෙල්ලො කූඩැල්ලොන්ට පුදුම බයක්නෙ තියෙන්නෙ.. මේ පොඩි කූඩැල්ලෙක් දැක්කා විතරයි ගමනත් එපා වෙලා..

“මොකද මේ සබා තොමෝ විසිර යන්න හදන්නෙ..? මොකක්ද අවුල..?”

හාවා අල්ලන්න ගිය පබයා හාවා නැතුව හිස් අතින්ම ඇවිත් ඇහුවා.. කෙල්ලො දෙන්නගෙ මූණූ දැකලා මූ හිතන්න ඇති හෙන කේස් එක්ක කියලා..

“අවුල මෙන්න  මූ..”

මං බිම හිටපු කූඩැල්ලව පෙන්නුවා..

“ෂා.. ගති මචං.. තව හත් අටදෙනෙක් අහුල ගත්තනං තෙල් පොඩ්ඩක් දාලා ලාවට බැදලා හවස බයිට් එකට ගන්න පුළුවං..”

මූ කිව්වොත් කියන්නෙ ඔය වගේ පජාත කතාවක් තමයි.. පාරමියි නිලුයි දෙන්නා ඊ..යා.. කියලා පබසරට රැව්වා..

“අප්පුහාමි අන්කල් මෙහේ සුදුවා නැද්ද..? අපිට ඕනෙ ගහේ ෆෙෂ්  බඩු..”

බයිට් එක මතක් උනා විතරයි මේ යකාට සුදුවා ඕන වෙලා..

“අපොයි අපොයි.. බේබිලට ඕවා දීලා ලොකු මහත්තයා මට සෝලි තියයි..”

“පිස්සුද අන්කල්.. කවුද කියන්නෙ අන්කල් දුන්නා කියලා.. මේ සීතලේ රා කට්ටක් ගහන්න තියෙනවනං කොච්චර ආතල්ද..?”

“අනේ මේ පබසර.. ඔයාගෙ ඔය රා කට්ට ගැහිල්ල පැත්තක තියලා අපි ආපහු යං.. මේ ළමයා හොදටම බයවෙලා ඉන්නෙ..”

නිලූ දෝස්මුරේ දාලා මැද්දට පැනපු විදියෙන් මට තේරුණේ පාමීට වඩා නිලූ බයවෙලා කියලා.. ස්ත්‍රී පරාන දෙක මග හලලා අපි තුන්දෙනා විතරක් ඇවිදලා වැඩක් නැති නිසා හැමෝම හරිලා ආයෙම බංගලාවට ගියා..

“මොකෝ මේ..? ඇවිදලා ඉවරද..?”

අපිව දැකලා සන්ධනායක අන්කල් අහද්දිම පාරමී ලොකු දෙයක් වෙලා වගේ එයාගෙ කකුල පෙන්නුවා..

“ආ.. ඔය කූඩැල්ලෙක් කාලා නේද..?”

අන්කල් සත පහකට ගණන් ගන්නෙ නැතුව ඒක අහපු තාලෙට පාරමීට ඩෝං ගිහින්.. අපි කට්ටියට හිනා..

“ඔය පුංචි කූඩැල්ලන්ට බයේ නං මෙහෙ ඉන්න බෑ.. වැස්ස කාලෙට හැමතැනම උන් ඉන්නවා..” 

ඒ පාර පාමරී නිලූවත් ඇදගෙන ඇතුළට ගියා..

“පුතා හවස මොනවද කරන්න ප්ලෑන් කලේ..?”

අපි විශේෂ මුකුත් ප්ලෑන් කලේ නැති උනාට පබසරනං ප්ලෑන් කලේ කූඩැල්ලො බයිට් එකත් එක්ක සුදුවා ගහන්න.. ඒත් ඉතිං මේ මනුස්සයට ඒක කටක් ඇරලා කියන්න පුළුවන්ද..?

“හවස අපි වැව පැත්තෙ යං.. බෝට් රයිඩ් එකක් එහෙම ගිහින් අස්සයගෙ පිටේ රවුමක් දාලා එන්න පුළුවං..”

“එළනෙ..”

අන්කල්ගෙ කතාව ඉවර වෙද්දිම පබයට එකපාරම කියවුණා..

“එහෙනං හවස යන්න රෙඩි වෙන්න..”

ගේ ඇතුලෙ බැලුවට පාරමීලා පේන්න නෑ.. එයාලා ලයිසම්මා එක්ක කුස්සියෙ වෙන්න ඇති.. මං, පබයයි, රොහානුයි එක්ක මගේ කාමරේට ආවා..

“උඹලගෙ අන්කල් කාරයා මාර ඩයල් එකක්නේ බං.. මාර සැලකිල්ලක් තියෙන්නෙ..”

රොහාන් එහෙම කියන ගමන් ඇදෙන් වාඩි උනා..

“ඒක නෙමෙයි මචං.. කෙල්ලගෙන් තාම වචනයක් ගත්තෙ නැද්ද..?”

මම බොහොම අමාරුවෙන් හංගන්න හදපු දේ රොහානයා ඇදලා ගත්තා.. උන්ට බොරු කිව්වා කියලා මට ලැබෙන සෙතක් නෑනෙ..

“කෙල්ල මට කැමතියි මචං.. ඒක මට ෂුවර්..”

“උඹ ඔය ටික කලිනුත් කිව්වනේ.. මං අහන්නෙ ඇහුවද කියලා..?”

ඇත්තටම මං පාරමීගෙන් මුකුත් ඇහුවෙ නෑනෙ.. දැන් මොකක්ද දෙන උත්තරේ.. ඊයෙ රෑ වෙච්ච සීන් එක කිව්වොත් කිසි ගතියක් නෑ..

“ඩිරෙක්ට් ඇහුවෙ නෑ බං.. ඒත් එයා මට කැමතියි කියලා මං දැනගත්තා.. දැන් ගේම ගොඩ..”

ඇත්තනේ ඉතිං.. පාරමී මට ආදරේ නැත්තං අර විදියට මගේ පපුවට තුරුල් වෙලා ඉදියිද..?

“රයිට් මචං.. උඹේ පැත්තෙනුත් අවුලක් නෑනෙ.. දැන් ගෙවල් වලට මූණ දෙන්න ලෑස්ති වෙයං.. මට වෙච්ච ප්‍රශ්න උඹලා දෙන්නම දන්නවනේ..”

රොහාන්, පබයගෙයි, මගෙයි දෙන්නගෙම මූණු දෙක බලලා සීරියස් පිට කිව්වා.. සල්ලිකාරයෝ උන නිලූලගෙ අම්මයි තාත්තයි දෙන්නම අපේ රොහාන්ට අකමැති උනේ මූ ටිකක් දුප්පත් පවුලක කොල්ලෙක් උන නිසා..

“මට මෙහෙම දෙයක් හිතෙනව බං.. උඹලගෙ අන්කල් කාරයා ඔය අප්පුහාමි කියන මනුස්සයව උඹලගෙ ගාඩ් එකට දාලා කියලා.. ඒ මිනිහා කොයි වෙලාවෙත් පාරමී ගැන ඇහැ ගහගෙන ඉන්නෙ..”

මගේ හිතට ආපු සැකේම කිසි අඩුවක් නැතුව පබසරගෙ හිතටත් ඇවිත් තිබුණා.. ඌ මේ ටිකට ඒකත් නෝට් කරලා.. කොහොමත් ඊයෙ ආපු වෙලාවෙ ඉදලම අප්පුහාමි අන්කල් හිටියෙ අපි ළගින්මනේ..

“මටත් ඕක ඊයෙම හිතුනා බං.. මේ මිනිහා මටයි පාරමීටයි තනිවෙන්න චාන්ස් එකක් දුන්නෙම නෑ..”

“අපි හිතනවට වඩා සන්ධනායක අන්කල්ගෙ ජීවිතේට ඔය මිනිහා සමීපයි.. සමහර විට ඒක ඇතුලෙ අපි නොදන්න කතාවක් තියෙන්න පුළුවං..”

රොහාන් ඒක කියද්දි මට හිතුනෙ අපි තුන්දෙනා අදහස් අතින් ගත්තම කොයි තරම් සමාන මට්ටමකද ඉන්නෙ කියනෙක.. හැමෝටම හිතෙන්නෙ එකම විධියට.. කොහොමත් ඉස්කෝලෙ යන කාලෙ ඉදලම අපි තුන්දෙනා මීටර් තුනක් විදියට ෆේමස් වෙලා හිටියෙ..

“උඹලා දේනනා කියන සේරම ඇත්ත වෙන්න ඇති කියලා මටත් දැනෙනවා.. ඒ වගේම රොහාන් උඹ ඔය කියන නොදන්න කතාව ඇතුලෙ මමත් ප්‍රධාන චරිතයක් වෙන්න පුළුවං..”

“වෙන්න පුළුවං නෙමෙයි ඒක ෂුවර්..”

“පාරමී මේ දේවල් දන්නවා වෙන්න බැරිද..?”

ඒ පාර පබසර ඇහුවෙ වැදගත් ප්‍රශ්නයක්.. ඒත් පාරමී ගෙදරින් දුරස් වෙලා හැදුන නිසා වැඩිය විස්තර දැනගෙන ඉන්න විදියක් නෑ..

“කෙල්ල මුකුත් දන්නවා කියලා මට නම් හිතන්න අමාරුයි මචං..”

“ඕකේ.. ඕකේ.. මේ කිසි දෙයක් පාරමීටවත් නිලූටවත් කියන්න ඕනෙ නෑ.. අපි හොයලා බලමු..”

මේ කතාවල් වලින් මගේ හිතට ආවෙ පුදුම නොසන්සුන්කමක්.. පාරමීගෙ ආදරේ ලබන්න පටන් ගත්තා විතරයි මේ වෙන්න යන්නෙ මොනවද මංදා..

“ඔයාලට කන්න අදහසක් එහෙම නැද්ද..?”

නිලූ අපි හිටපු කාමරේට එබිලා අහද්දියි මං නිකමට වගේ වෙලාව බැලුවෙ.. දෙයියනේ හොදටම දවල් වෙලා..

“කමු කමු මචං.. හවස රවුමක් දාන්නත් යන්න එපැයි..”

අපි තුන්දෙනා කෑමට යද්දි අන්කලුයි, ආන්ටියි දෙන්නත් වාඩිවෙලා බලාගෙන ඉන්නවා.. අපේ කෙල්ලො දෙන්නත් ඉන්දවගෙන අපි බැට් කරන්න පටන් ගත්තා.. පාරමී බත් එක අන අන හිටියට ඒ ඇස් දෙක තිබුණෙ මගේ මූණෙ.. ඊයෙයි අදයි බලද්දි අපි දෙන්නා පුදුම විදියට දුරස් වෙලා වගේ දැනෙනවා.. කොහොමත් මේකට පුරුදු වෙන්න වෙයි.. නැත්තං ගෙදර ගිහින් තනියම ඉන්නෙ කොහොමද..?

“නිලූ දූගෙ අලුත් ජීවිතේ කොහොමද..?”

නිල්මිණී ආන්ටි එක පාරටම කතාවක් පටන් ගත්තා.. නිලූ නිල්මිණී ආන්ටිලට දුරින් නෑයොවෙනවා කියලා පාරමී කිව්වනේ..

“අපි ගොඩක් සතුටින් ඉන්නවා ආන්ටි.. ඒත් අපේ අම්මලා වෙඩින් එකට පස්සෙ තාම අපේ ගෙදර ආවෙ නෑ..”

ඒක කියද්දි නිලූගෙ ඇස් වලට කදුළු උනාගෙන ආවා.. අපි හැමෝම එයා දිහා බැලුවෙ ගොඩක් දුකෙන්..

“දුව ඔයාගෙ නෑදෑයො හිතන්නෙ ජීවිතේ කියන්නෙ සල්ලිම විතරයි කියලා.. ඒත් මහා ලොකුවට සල්ලි නැති උනාට ඔයාලා සතුටින් ඉන්නවනේ.. ඒ සතුට ඔයාගෙ අම්මලා ළග නෑ..”

සන්ධනායක අන්කල් ඒක කිව්වෙ නිල්මිණී ඇන්ටිගෙ මූණ බලාගෙන..

“අද ඔයා ඉන්න තැන තමයි එදා මම හිටියෙ.. අපේ පවුල් වල අය මිනිස්සු මැන්නෙ දේපල ඉඩකඩම් වලින්.. මං අන්කල්ව බදිද්දි එයාට කියලා කිසිම දෙයක් තිබුණෙ නෑ.. අන්කල් එයාගෙ තාත්තා යටතෙ මේ වත්තෙ වැඩ කලා විතරයි.. මාව අපේ පවුලෙන්ම අයින් කරලා දැම්මා.. ඒත්..

අද අපේ පවුලෙ කාටවත්ම කිට්ටු වෙන්න බැරි තැනකට අපි දෙන්නා ඇවිත් ඉන්නවා.. ඒ වගේම අපේ ජීවිත වල සතුට අදටත් තියෙනවා..”

නිල්මිණී ආන්ටි අන්කල්ගෙ කතාවෙ අඩුව සම්පූර්ණ කලා.. අපි නොදන්නවා උනාට ඉස්සර අන්කල්ලා ගොඩක් දුක් විදින්න ඇති.. ඒත් දැන් එයාලා ජීවිතෙ දිනලා..

“ඔයාගෙ අම්මලට පේන්නම ඔයාලා දියුණු වෙන්න.. මම ඕනම උදව්වක් කරනම්.. රොහාන් පුතා මම මීට අවුරුදු විසි ගානකට කලින් සුළුවෙන් පටන් ගත්ත බිස්නස් වලින් තමයි මේ තරම් දුර ආවේ.. අපේ තාත්තට මේ තේ වත්තෙන් පොඩි ප්‍රමාණයක් විතරයි අයිති වෙලා තිබුණෙ.. ඒත් මං දෙපැත්තෙම හිටපු මිනිස්සුන්ගෙන් තව අක්කර ගානක් සල්ලි දීලා ගත්තා..”

අපි මෙතෙන්ට ආවෙ කෑම කන්න කියන එක මේ වෙද්දි කාට කාටත් අමතක වෙලා තිබුණා.. හැමෝම හිටියෙ සුරංගනා කතාවක් අහගෙන ඉන්නවා වගේ වෙනම ලෝකයක.. ඒත් මේක සුරංගනා කතාවක් නෙමෙයි.. තමන්ගෙ උත්සාහයෙන් ජීවිතේ දිනපු ආදරණිය යුවලකගේ ජීවිත කතාවක්.. ඒ කතාව ඇතුලෙ අපි නොදන්න ගොඩක් දේවල් වගේම අපිට ආදර්ශෙට ගන්නත් ගොඩක් දේවල් තියෙනවා..

“මට ජීවිතේ වැරදුනේ එක තැනකදි විතරයි.. ඒත් ඒ වරද මං හදා ගත්තා..”

ඒත් ඒ වරද මොකක්ද කියලා අපිට කිව්වෙ නෑ.. හැමෝම තනි තනියම කල්පනා කලා මිසක් ඒ ගැන අහන්න ගියෙත් නෑ.. ආන්ටියි, අන්කලුයි කියපු දේවල් වලින් නිලූගෙ හිත හැදුනා කියලා ඒ මූණ දකිද්දි මට තේරුණා..

“දැන් ඔවා හිතන්නෙ නැතුව ඔයාලා කෑම කන්න..”

කට්ටිය එකසිය ගානට කල්පනා කරනව දැකලා නිල්මිණි ආන්ටි කිව්වා.. අනිත් අය පාඩුවෙ කෑවට මගේ හිත කැරකුනේ වෙනම ලෝකෙක.. සන්ධනායක අනකල් කියපු විදියට එයා කවදාවත් පාරමීව සල්ලිකාරයෙක්ට බන්දලා දෙන්න හිතන එකක් නෑ.. එක අතකට ඒකත් හිතට ලොකු සැනසීමක්.. මං නිකමට වගේ පාරමී දිහා බැරිලා බලද්දි කෙල්ලගෙ ලස්සන බෝල ඇස් දෙකට කදුළු පිරිලා..

කාලා බීලා ඉවර වෙලා හවස නිලූලා කට්ලට් හදන්න පටන් ගත්තා.. කොහොමත් ඇවිදින්න යනවනං හපන්න දෙයක් තියෙන එක මරු.. අපි ෂෝටවල්, ටී ෂර්ට් දාලා කැප් දාගෙන රෙඩි වෙලා මිදුලෙ පුටු තියාගෙන කතා කර කර හිටියා..

“ගිම්හාන පුතා.. ඔයාට ගෙදරින් කෝල් එකක්..”

නිල්මිණී ආන්ටිගෙ සද්දෙට මට පුදුම හිතුනා.. අපේ ගෙදර මිනිස්සු මොකටද බංගලාවෙ ෆෝන් එකට ගන්නෙ.. මගේ මොබයිල් නම්බර් එක දන්නෙ නැතුවයෑ.. කොයි එකටත් මං අඩියට දෙකට ෆෝන් එක ළගට යද්දි සන්ධනායක අන්කල් ෆෝන් එකෙන් කතාව.. එයා මගේ මූණ දිහා අමුතු විදියට බලලා රිසිවර් එක මගේ අතට දුන්නා.. ලයින් එකේ හිටියෙ අපේ තාත්තා..

“ඇයි තාත්තා හදිස්සියක්ද..?”

“නෑ.. මේ පුතා මොකක් හරි වැඩකද හිටියෙ..?”

තාත්තගෙ කටහඩ වෙව්ලනවා වගේ මොකක්දෝ වෙනසක් මට දැණුනා.. එයා ලේසියෙන් කිසිම දේකට කලබල වෙන කෙනෙක් නෙමෙයි.. ඒත් ඇයි මේ..

“පුතා මල්ලිට ටිකක් අසනීපයි.. අද ප්‍රැක්ටිස් වලට ගිහින් එද්දි කලන්තයක්  හැදිලා..”

“කෝ දැන් මල්ලි..?”

“හොස්පිට්ල් එකේ..”

එහෙනං වැඩේ සීරියස් පාටයි.. අපේ මල්ලිකාරයා කලන්තයක් තියා පොල්ලකින් ගැහුවත් ලේසියෙන් වැටෙන එකෙක් නෙමෙයි..

“කොයි වෙලාවෙද වෙලා තියෙන්නෙ..? දැන් කොහොමද එයාට..?”

මගේ කලබල වෙච්ච කටහඩ ඇහිලා කට්ටියම ඇවිත් මාව වටකරගෙන..

“උදේමලු වෙලා තියෙන්නෙ.. ළමයි වතුර ගහලා සිහිය අරන්.. ඊට පස්සෙ ගෙදර ගේන්න හදද්දි ආපහු සිහිය නැතිවෙලා.. තාම සිහිය නෑලු..”

ඔය සිද්ධිය උනේ උදේ නං දැන් වෙලාව එක්ක බලද්දි මල්ලිට සිහිය නැගි වෙලා පැය ගාණක් වෙනවා.. ඒත් ඇයි තාම සිහිය ඇවිත් නැත්තෙ..? ඔය දේවල් ෆෝන් එකෙන් අහලා වැඩක් නෑ.. දැන්මම මෙහෙන් ගියානං කෙලින්ම හොස්පිට්ල් එකට යන්න පුළුවන්..

“හරි.. තාත්තා කොයි හොස්පිට්ල් එකේද ඉන්නෙ කියන්න.. මං දැන්මම මෙහෙන් පිටත් වෙනවා..”

“නවලෝකෙ ඉන්නෙ.. පුතා කලබල වෙන්න එපා.. පරිස්සමට එන්න..”

කෝල් එක ඉවර වේදදි පබයා ඇවිත් මගේ උරහිසට අත තියලා අල්ල ගත්තා..

“අවුලක් නෑ මචං.. අපි යං..”

විස්තර කිසිදෙයක් අහන්නෙ නැතුව ඌ එහෙම කියද්දි මට ඇත්තටම පුදුම හිතුනා.. ඊයෙ රෑ ඉදලා වාහනේ ඩ්‍රයිව් කරලා මෙහෙ ආවෙ අද උදේ.. දැන් ආපහු යමු කියනවා.. නියම යාළුවො කියන්නෙ මේ වගේ මනුස්සකං දන්න එවුන්ට වෙන්න ඇති..

“ඇයි අයියා මොකක්ද වෙලා තියෙන්නෙ..?”

කට්ටිය ඉස්සරහ පළවෙනි පාරට පාරමී මගෙත් එක්ක කතා කලා.. කෙල්ල දවස් ගානක් නතර වෙන්න සන්ධනායක අන්කල්ව කැමති කරව ගත්තෙ කොයි තරම් අමාරුවෙන්ද..? ඒ නිසා එයාලා හැමෝවම අරන් යන එක හොද දෙයක් නෙමෙයි..

“මට ආපහු යන්න වෙලා බබා.. අපේ මල්ලි හොස්පිට්ල් එකේලු..”

අනේ.. ඒක කිව්වා විතරයි සුදු මූණ ලොකු දුකකින් වැහිලා ගියා..

“මචං තරහා නැතුව කා එක දීපං.. උඹලට ඉදලා අන්කල්ලගෙ වෑන් එකේ එන්න පුළුවන්නෙ..”

පබසර දිහා බලලා මං ඒක කියද්දි ඌට මල පැන්නා..

“පුතා ඔයා තනියම යන්න එපා.. අපිත් එනවා ඔයා එක්කම..”

අන්කල් එහෙම කිව්වට මේ ආපු දවසෙම නිලූලව හරවන් යන එක හරි නෑනෙ..

“නෑ අන්කල් මේ හදිස්සියෙ සේරම බඩු ලෑස්ති කරගෙන කට්ටියම යන්න ගියොත් අප්සට්.. අනික ගිම්හාන්ව තනියම යවන්නත් බෑනෙ.. ඔයාලා ඉදලා හෙට උදේ එන්න.. මං දැන් කා එකේ ගිම්හාන්ව අරන් යන්නං..”

පබසර පටස් ගාලා උගේ තීන්දුව දුන්නා විතරයි දැන් කරන්න තියන හොදම දේ ඒක තමයි කියලා සන්ධනායක අන්කල් ඒක අනුමත කලා.. ඊයෙ රෑ මගේ ජීවිතේට ළං කරගත්තු රෝස මල තනියම දාලා අද මට යන්න වෙනවා.. මල්ලි නිසා කොහොමවත් නොගිහින් බෑ..

මමයි, පබසරයි කාමරේ ඇදුම් ලෑස්ති කරද්දි පාරමී මූණ රතු කරගෙන කාමරේට ආවා.. එයා මගේ දිහා දුකෙන් බලන් ඉද්දි පබසර හැදුවෙ කාමරෙන් එළියට යන්න.. ඒත් අන්කල් එන්න පුළුවන් නිසා මං ඌව නතර කරගත්තා.. පාරමී මගේ ළගටම ඇවිත් බිම බලාගෙන හිට ගනිද්දි මං එයාගෙ අත් දෙනෙක්ම අල්ල ගත්තා..

“මේ අහන්න වස්තුවෙ.. අපේ මල්ලි නිසා මට යන්නම වෙනවා.. ඔයාට තේරෙනවා නේද..?”

කෙල්ල ඔව් කියන්න වගේ ඔළුව උඩටයි පහලටයි වැනුවා.. ඒත් එයා ඉන්නෙ ගොඩක් දුකින් කියලා මං හොදටම දන්නවා.. පබසර දිහයි දොර දිහයි බලලා මම පාරමීව හෙමීට ළගට අරන් එයාගෙ නළලට කිස් එකක් දුන්නා..

“හරි නේද මචං.. එහෙනං ඉක්මනට යමු..”

පබසර ගෙනාපු බෑග් එක කරට දාගෙන ඉස්සර උනා.. සන්ධනායක අන්කල් කාමරේට ආවෙ ඒ වෙලාවෙමයි.. හොද වෙලාවට මම හිටියෙ බෑග් එක ගන්න අනිත් පැත්ත හැරිලා..

“පුතා ගිය ගමන් මේක ජයේට දෙන්න මං දුන්නා කියලා..”

අන්කල් දුඹුරු පාට ලියුම් කවරයක් මගේ අතට දුන්නා.. එයා කියලා කියන්නවත් විදියක් නෑ.. ඒක මට දීපු දෙයක් නෙමෙයිනෙ.. එයාගෙ යාළුවට දීපු දෙයක්නෙ.. ඒ නිසා ලියුම් කවරෙ සාක්කුවෙ දාගෙන මං පාරමී එක්ක සාලෙට ආවා.. ඒ වෙද්දි පබසර කා එක ස්ටාට් කරගෙනත් ඉවරයි..

කට්ටිය බලන් ඉද්දිම මං දුවලා ගිහින් ඒකට නැග්ගා.. හැමෝටම හොරෙන් මහපටැගිල්ලයි සුලැගිල්ලයි දික් කරලා පාරමී ගිහින් කෝල් කරන්න කියන පණිවිඩේ මට දුන්නා.. එයාට හා කියලා ඔළුවන් කියන ගමන් මං ඇස් දෙක පියාගෙන සීට් එකට ඔළුව තියාගත්තා.. ඒ අතරෙ පබසර කා එක වත්තෙන් එළියට අරගෙන ඌ පුළුවන් උපරිම වේගෙන් ඩ්‍රයිව් කරනවා මට දැනුනා..

“මචං උඹ නිදිද..?”

සෑහෙන දුර ගිහින් පබසර අහද්දිත් මං හිටියෙ කල්පනා ලෝකෙක..

“මොන නිදිද බං.. මට අපේ මල්ලි ගැන මාර බයක් දැනෙනවා.. තාත්තා කෝල් කරද්දිත් ඌට සිහිය ඇවිත් තිබුණෙ නෑලු..”

“ඕක මහන්සියටවත් නිකං ලෙඩකටවත් වෙන්න බෑ මචං.. මට හිතෙන්නෙ ඌට වෙන අවුලක් වෙන්න ඇති..”

පබසර කියන්නෙ මල්ලිට දරුණු ලෙඩක් තියෙනව කියලද දන්නෙ නෑ.. කොහොමත් මල්ලිට තිබුණෙ හරි කෙට්ටු ඇගක්.. ඒ ඇග ඇතුලෙ මොන මොන ලෙඩ තිබුනද මංදා..

“මං ලංකාවෙ හිටියෙ නැති නිසා හරියටම දන්නෑ බං.. ඒත් මට හිතෙන විදියට මිනිහා සෑහෙන්න අරක්කු, සිගරට් පාවිච්චි කරලා තියෙනවා..”

“උඹ ලංකාවෙ නොහිටපු නිසා දන්නෙ නැති උනාට, ලංකාවෙ හිටපු අපි ඔය ගැන විස්තර ගොඩක් දන්නවා.. උඹ හිතන දේවල් විතරක් නෙමෙයි ඊටත් වඩා දේවල් උඹලයි මල්ලි කරා.. කොහොමත් හිරාන් සෙට් වෙලා ඉන්න ගැන් එකත් එච්චර හොද නෑ..”

“මට තේරෙනවා පබසර උඹ කියන දේ.. ඒත් ඌව වෙනස් කරන එක ලේසි වෙන්නෙ නෑ.. ඌ කවුරුවත් කියන දෙයක් අහන්නෙ නෑ.. කොටින්ම අපේ තාත්තටවත් කන්ට්‍රෝල් නෑ..”

මගේ කතාව අහන අතරෙත් මූ හෙන හයියෙන් ස්පීඩ් කරලා යනවා.. ඉක්මනට මල්ලිව බලන්න තියෙන ඕනකම නිසා හෙමින් යං කියලා මං කිව්වෙ නෑ.. හැබැයි ඉතිං මෙහෙම ගියොත් අපිටත් මල්ලි ගාවම ඇඩ්මිට් වෙන්න වෙයිද මන්දා..

“පව් බං උඹ එන එකට කෙල්ල හෙන අප්සට් එකේ හිටියෙ.. මං දැක්කා ඒකිගෙ මූණ ජම්බු ගෙඩියක් වගේ වෙලා තිබුණා..”

“මටත් දුක නැතුව නෙමෙයි බං.. ඒත් ඒ වෙලාවෙ හැටියට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ..”

දවස් ගාණක් නතර වෙලා යමු කියලා පාරමී කොයිතරම් කිව්වත් එයා මං නැතුව එහේ ඉන්නෙ නෑ කියලා මං දන්නවා.. හෙට උදේම කට්ටියවත් ඇදගෙන ආපහු එයි..

පිස්සට හැතැක්ම නෑ කියනවා වගේ අපි කඩාගෙන බිදගෙන එන අතරෙ තාත්තා ආපහු කෝල් කරා..

“පුතා දැන් කොයි හරියෙද ඉන්නෙ..?”

“දැන් තිහාරිය හරියෙ..”

“බුදු අම්මේ.. ඔය දෙන්නා ඉගිලෙනවද..? මම කිව්වනේ පරිස්සමින් එන්න කියලා..”

ඉතිං දෙයියනේ අපි පරිස්සමින් ආවා නේන්නම්.. මේ වෙනකල් අවුලක් ආබාධයක් උනේ නෑනෙ.. පොලිස් අන්කල් කෙනෙක් ප්ලේන්ටියක් ගහන්න කීයක් හරි ඉල්ලගන්න අත දැම්මත් පබයා එතැන නැවැත්තුවෙත් නැතුව ආවා..

“මල්ලිට සිහිය ආවද තාත්තෙ..?”

“තාම නෑ පුතා.. එයා අයි සී යූ එකේ ඉන්නෙ.. මල්ලිට බ්ලඩ් දෙන්න ඕනෙලු.. මං දෙන්න හැදුවට මගේ මේ ලෙඩත් එක්ක බ්ල්ඩ් ගන්නෙ නෑ..”

“හරි අපි තව ටිකකින් එනවනේ.. ආවම මම දෙන්නම්..”

මගේ මල්ලිව බේරගන්න ලේ එකක් නෙමෙයි බාල්දියක් උනත් දෙන්නම්කො.. අනික මට තාත්තට වගේ ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, බ්ලඩ් ෂුගර් එහෙම නෑනෙ..

“මොකක්ද බං අවුල..?”

“මල්ලිට බ්ල්ඩ් දෙන්න ඕනෙලු..”

“රායිට්.. තව පැය බාගෙනික් අපි එතන..”

කොහොමත් පැය බාගෙ ඉවර වෙද්දි එක්කො අපි නවලෝකෙ.. නැත්තං ඇක්සිඩන්ට් වෝඩ් එකේ..

“තාමත් සිහිය ඇවිත් නෑලු බං.. දැන් කොච්චර වෙලාද.. අපේ අම්මත් මේ වෙද්දි පිස්සු හැදිලා වගේ ඇති..”

අපේ අම්මා මට කොයි තරම් ආදරේ කලත් ඊට වඩා දශමයක් හරි මල්ලිට ආදරෙයි කියලා මං දන්නවා..

අපි ඉස්පිරිතාලෙට යද්දි රෑ වෙලා තිබුණට දවල් වගේ එතන කාර්යබහුලයි.. මම පබසරවත් ඇදගෙන අම්මලා හිටපු තැනට යද්දි මං හිතුවා වගේ අම්මා මූණ රතු කරගෙන අඩනවා..

“තාත්තා බ්ලඩ් දෙන්න කොතනටද යන්න ඕන..?”

“නිකම්ම දෙන්න බෑ පුතා.. එයාලා චෙක් කරලා මැච් වෙනවනං විතරයි ගන්නෙ..”

හරි කතාවක්නෙ ඒක.. අපේ ලේ මැච් වෙන්නෙ නැත්තෙ මොකද..? ඌ මගේ මලයනේ.. මං නර්ස් කෙනෙක් ළගට ගිහින් විස්තරේ කිව්වම එයා මාව ඩොක්ටර් ළගට අරගෙන ගියා..

“මේ පේෂන් ඔයාගෙ කවුද..?”

“මගේ එකම මල්ලි ඩොක්ටර්..”

“ඕකේ..! එහෙනම් මිසී මෙයාගෙ බ්ලඩ් සාම්පල් එකක් චෙක් කරන්න..”

නර්ස් චෙක් කරන්න ලේ ගත්තට පස්සෙ මං ආපහු තාත්තලා හිටපු පැත්තට ගියා.. පබසර අපේ අම්මවයි තාත්තවයි තියාගෙන එයාලගෙ හිත හදනවා..

“ඩොක්ටර් මොනවද කිව්වෙ තාත්තා..?”

“ඩොක්ටර්ස්ලා තාම හරියට දෙයක් කියන්නෙ නෑ පුතා.. මට තියන බයත් ඒකමයි.. මේ ළමයා කලිනුත් දවසක ප්‍රැක්ටිස් කර කර ඉද්දි ග්‍රවුන්ඩ් එක මැද්දෙ වැටිලා තියෙනවා.. මෙයාගෙ යාළුවො ඒකත් කිව්වෙ අද තමයි..”

“මචං ගිම්හාන.. අපි ගිහින් ටිකක් ඩොක්ටර් එක්ක කතා කරමුද../”

පබයා මාවත් බලෙන්ම වගේ ඇදගෙන ඩොක්ටර් ගාවට ගියා..

“ඩොක්ටර් මල්ලිට සීරියස් කේස් එකක්ද..?”

වටින් ගොඩින් අහලා ඩොක්ටර් කෙනෙක්ගෙන් වචනයක් ගන්න බෑ කියලා දන්න නිසා පබසර පොල්ලෙන් ගැහුවා වගේ ඩෝං ගාලා ඇහුවා.. 

“තාම අපිට හරියටම ඩිසිධන් එකක් ගන්න බෑ.. ඒත් මං හිතන විදියට මේක ටිකක් සීරියස් ඉෂූ එකක්.. සම්ටයිම්ස්.. ඉට්ස් සේ බී..”

ඩෝක්ටර් ලොකු දෙයක් කියන්න හදද්දිම නර්ස් කෙනෙක් එතනට ආවා..

“ඩොක්ටර් මේ බ්ලඩ් සාම්පල් එක පේෂන්ට්ගෙ එකත් එක්ක ටැලි වේනනෙ නෑ..”

“සොරි මිස්ට ගිම්හාන.. ඔයාගෙ මල්ලිට ඕන බී පොසිටිව්..”

නර්ස් දීපු කොලේ දිහා බලාගෙන ඩොක්ට කියද්දි මාව ෆුල් අප්සට් උනා.. ඒත්..

“නෙවර් මයින්ඩ් මචං.. මං බී පොසිටිව්.. මම බ්ලඩ් දෙන්නම්.. උඹ අන්කල්ලා ළගට වෙලා හිටපං..”

මං ආපහු එනකල් තාත්තා බලාගෙන හිටියෙ ඩොක්ටර් මොනවද කිව්වෙ අහන්න.. ඒත් මං හිටියෙ මල්ලිට ලේ දෙන්න බැරි උන එක ගැන හිත හිත..

“මගේ බ්ලඩ් එක හරියන්නෙ නෑලු තාත්තා.. පබසර ගියා ලේ දෙන්න..”

තාත්තා මහා දුක හිතෙන විදියට මං දිහා බලන් ඉදලා දිග හුස්මක් ගත්තා..

“ඒක එච්චර හිතන්න එපා පුතා.. යාළුවගෙ බ්ලඩ් ගෘප් එක හරියනවනං ප්‍රශ්නයක් නෑනෙ..”

මගේ හිත හදන්න තාත්තා කියද්දි පබසර නර්ස් එක්කම අපි ඉන්න පැත්තට ආවා.. නර්ස් නෝනා ලේ ගන්න ඉන්ජෙක්ෂන් එක ගැහුවෙ පබසරගෙ අතටද පපුවටද දන්නෙ නෑ.. ඒත් මං හිතුවට වඩා වෙනස් දෙයක් එයා කියන්න ඇවිත් තිබුණෙ..

“ඔයාලා මෙතන හිටියට පේෂන්ට්ව බලන්න දෙන්නෙ නෑනෙ.. අනික සිහිය ආවත් එයාට නින්ද යන්න බෙහෙත් දීලා තියෙන්නෙ.. ඒ නිසා දැන් මෙතන ඉන්න එක තේරුමක් නෑ.. ඔයාලා ගිහින් හෙට උදේ එන්න..”

ඒ ටික කියලා නර්ස් ගියා..

“ඔව් අන්ලක්.. අපි මෙතන හිටියට තේරුමක් නෑ.. හෙටවත් මල්ලි රූම් එකකට දාන්නෙ නැතිවෙයි.. යං අපි ගිහින් උදේම එමු.. එන්න ආන්ටි යමු..”

අම්මවයි තාත්තවයි ඉස්සර කරගෙන පබසර යද්දි මමත් එයාගෙ පස්සෙන් ගියා.. තාත්තලා ඇවිත් තිබුණෙ වෑන් එකක නිසා එයාලා වෙනම යවලා මං පබයා එක්ක කා එකේ ආවා..

“ගිමා උඹ පාරමීට කෝල් කරාද..?”

“නෑ බං, බැටරි ලෝ.. එස්.එම්.එස් කලා..”

“පව් බං.. කෙල්ල බලන් ඇති.. ඉදා මේකෙන් ගනිං..”

පබයා උගේ ෆෝන් එක දික් කරාට මේ වෙලාවෙ කතා කරන්න තරම් මට හිතක් තිබුණෙ නෑ..

“උඹ දැං ගෙදර යන්නෙ නෑනෙ.. ඇදුම් තියෙන එකේ ඉදලා හෙටම යමං..”

“රයිට් මචං.. ඕකේ..”

මං ඇස් වහගෙන සීට් එකට හේත්තු උනා.. අද පැය විසිහතර ඇතුළෙ කොයිතරම් දේවල් සිද්ධ උනාද..? ආදරණීය විදියට දවස පටන් අරන් පබසරලා, රොහාන්ලා එක්ක විනෝදෙන් ඉදලා මහා මුස්පේන්තු විදියට දවස ගෙවිලා ගියා.. 




No comments:

Post a Comment