Sunday, April 22, 2012

| යොවුන් මාරුතේ | ගයනා එස්. ලක්මාලි |




දිගත් පළලත් යොදුන් ගණනින්
කියන්නට බැරි සාගරේ
මහා ජල කද ගැඹුර මෙතෙකැයි
මනින්නට බැරි සාගරේ
ඈත් සිතිජේ අන්ධකාරේ
දහස් සුවහස් රුවන් මිණිමුතු
ගොදුර ගිල ඇති සාගරේ


තාලෙට ගායනා කරන ඒ ගීය එක්කම මූදු පුත්තු නාට්‍යය පටන් ගත්තා. දියෝනිස්ගෙ චරිතෙට ඉන්න මං ලෑස්ති වෙලා හිටියෙ මාළුකාරයෙක්ගෙ ඇදුමකින්.. වේදිකාව ඉස්සරහම තියෙන පේළියෙ පුටුවකට වෙලා අපේ තාත්තත් සර් එක්ක මේක බලනවා කියලා දන්න නිසාම මං ෆුල් ගැම්ම ගත්තා.. එයාගෙ එකම පුතා වෙච්ච හිරූෂ දෙනුවන් දුනුවිලගෙ වැඩ කොහොමද කියලා දුනුවිල අධ්‍යයක්ෂකතුමා හරියටම දැනගන්නෙ අද තමයි..

කවිය ඉවරයි.. පලයං.. පලයං..

වේදිකාවෙ තිරයක් අස්සට වෙලා ඔත්තු සපයන්න හිටපු ප්ලූටොයි මාවයි මගේ අයියට රගපාන්න හිටපු මතීෂවයි ඉස්සරහට තල්ලු කරා..

අපි දෙන්නට තිබුණෙ ඔරුව දියත් කරගෙන මුහුදු යන්න.. මං වැරදිලාවත් ඉස්සරහා පේළිය දිහා නොබලා යන්තං ගොඩ දාගත්තා..

මගේ ඊළග වාරෙ එනකල් මං වේදිකාවෙ කොණකට වෙලා සරා හෙවත් අපේ සමාධිගෙ රංගනය දිහා බලන් හිටපු එක.. කෙල්ල නං සුපිරි විදියට ඒක කලා.. කිසිම ඇදක් කුදක් නෑ..

ෂුහ්.. බලපංකො.. ඇග කිළිපොලා යනවා..

සමාධිගෙ ඇක්ටින් දිහා බලන් ඉදපු අපේ චමිලයා මගේ කණට කෙදිරි ගෑවා.. මොනව උනත් උගේ කතාව ඇත්ත..

හිරූ.. දැන් උඹේ ඇක්ටින් ඉවරයි.. ආ.. චේන්ජ් කරගනින්..

ජවනිකා සේරටම ඉදලා මගේ පාට් එක ඉවර උනාට පස්සෙ ප්ලූටො මගේ ඩෙනිමයි, ටී ෂර්ට් එකයි ගෙනත් දුන්නා..

දැන්ම එපා බං.. කට්ටියම එකට චේන්ජ් කරගමු..

එකට.. උඹට පිස්සුද..? දැන් එක පහු වෙලා.. ඔන්න ඕක ඇදගනින්..

මං මාළු කිටක් ගහලා ඉන්නවා දකිද්දි ප්ලූටොට ලැජ්ජ හිතිලද මංදා.. උගේ වදෙන් බේරෙන්න බැරි කමට මං ඇදුම් අරන් කරේ දාගත්තා..

කිව්වම අහලා ඕක ඇදපංකො..

මොකක්ද බං මේ මළ වදේ..?

ඕඩියන්ස් එකට වල්ග තරුවක් පාත් වෙලා..

පාත් වෙච්ච වල්ග තරුව මොකක්ද කියලා කිව්වෙ නැති උනාට කොල්ලට පැණි හිනාවක් නං ගියා.. ඒ හිනාව යට මොකක් හරි අටමගලයක් තියෙනවා..

පුතා.. චමිල.. ඔය හිරූෂ පුතාට එන්න කියන්න..

නාට්ටිය සම්පූර්ණම ඉවර උනාට පස්සෙ සර් අපේ බඩාට කතා කරන සද්දෙ ඇහුණා.. සර් ඔය මට එන්න කියන්න ඇත්තෙ එදා අපේ තාත්තට මාව අදුන්වලා දෙන්න බැරි උන නිසා ඒ වැඩේට වෙන්න ඇති.. මමත් ඉදිරියටම යව් හෙලයිනි කියලා පපුව ඉස්සරහට දාගෙන සර් ළගට ගියා.. මෙන්න බොලේ අපේ තාත්තත් එක්කම නෙතුෂිත් ඉන්නවා.. එහෙනං ප්ලූටො කියපු වල්ග තරුව මෙයා වෙන්න ඇති..

මිස්ටර් දුනුවිල.. කොහොමද අපේ දියෝනිස් ළමයගෙ රංගනය..?

සර් මගේ උරහිසට අතක් තියලා තාත්තගෙන් අහද්දි මං ඉක්මනට බිම බලාගත්තා.. නැත්තං මගේ ඇස් දෙක වැඩේ කරනවනෙ..

නියමයි.. මාරසිංහ ළගත් ටැලන්ට්ස් තියෙන කට්ටියක් ඉන්නවනෙ..

යකඩෝ.. අපේ තාත්තා ඒ නොකිය කිව්වෙ මට රගපාන්න ටැලන්ට් එකක් තියෙනව කියලද..? මාරයිනෙ..

මෙයාව තමයි මං අර එදා..

ආ.. මට මතකයි.. කොහොමටත් අපිට මෙයා ගැන කතා කරන්න දවසක් එයි..

සර් කියන්න හදපු කතාව අපේ තාත්තා පටස් ගාලා යට ගැහුවා.. බලාගෙන යනකොට මං හිතුවටත් වැඩිය අපේ තාත්තා මට සපෝට් වගේ..

මේ කට්ටිය තමයි අපෙන් පස්සෙ මේ දේවල් බාරගන්න ඉන්නෙ.. නේද මිස්ටර් දුනුවිල..?

මගෙයි නෙතුෂිගෙයි මූණු දෙකම දිහා බලලා සර් කියද්දි කෙල්ල බිම බලාගත්තා.. පුදුම ආඩම්බරයක් තියෙන්නෙ..

හරි.. පුතා දැන් එහෙනං ගිහින් චේන්ජ් කරගන්නකො..

ආඩම්බරකාරි දිහා තව සැරයක් හොරෙන් බලලා මම එතනින් කැපුණා..

ඔයා අර නැට්ටිච්චි ළගට වෙලා මොනවද කලේ..?

මෙන්න බොලේ කොහෙද ඉදලා පාත් උන යයෝමි එක පාරටම බුරන්න ගත්තා.. මං කවුරු ළගට වෙලා මොනවා කලත් එයාට මොකද..? අනික නෙතුෂි කියන්නෙ නයෝමි වගේ මස් පර්වතයක් නෙමෙයි.. සුපිරි සූකිරි බෝලයක්..

මේ හලෝ.. තමුසෙ අනුන්ගෙ වැඩ වලට හොට නොදා ඉන්නවද..? නෙතුෂි තමුසෙ වගේ නැට්ටිච්චියක් නෙමෙයි..

හහ්.. නැට්ටිච්චියක්.. මං..

කෙල්ලගෙ වපර ඇස් දෙක උඩ ගිහින් එක පාරටම එයාව ගැහෙන්න පටන් ගත්තා..

මචං චමී..  මහෙ වරෙන්..

මං බයවෙලා චමිලට අඩගහද්දි කෙල්ල සෙම පෙරාගෙන බිම වැටිලත් ඉවරයි.. මේ මොකද බං මේ..

අයියෝ.. නයෝමි.. ඇයි මේ..?

සාමාධියි කෙල්ලො දෙතුන් දෙනෙකුයි නයෝමිව වටකර ගනිද්දි චමිල මාව වෙන පැත්තකට ඇදගෙන ගියා..

උඹ මොනවද ඒකිට කලේ..?

ඌ මුලින්ම ඇහුවෙ මහා නොසන්ඩාල ප්‍රශ්නයක්.. ඔය ඇතින්නට මං මොනවා කරන්නද..?

මං කරපු ඇති මගුලක් නෑ.. කතා කර කර ඉද්දි ඒකිගෙ දත කට පූට්ටු උනා..

ඒකිට මීමැස්මොරේ තියෙනවලු බං..

මොනවා.. උඹ කොහොමද දන්නෙ..?

ඔය දැන් සමාධි කියාගෙන ගියේ..

නයෝමිගෙ මොංගල් ගතිය ඇරුනම ඔය වගේ ලෙඩක් තියෙනවා කියලා මං දැනං හිටියෙ නෑ.. දන්නවනං පරිස්සමින් ආශ්‍රය කරනවනේ..

හරි.. හරි.. දැන් ඒක හිතන්න එපා.. සර් වෑන් එකේ දාලා කෙල්ලව ගෙදර යවයි.. අපි යං..

මං හොල්මන්වෙලා බලන් ඉද්දි ප්ලූටො ඇවිත් මාව ෂේප් කලා.. ඒත් මගේ හිතට නිකං හරි නෑ වගේ..




No comments:

Post a Comment