Thursday, March 15, 2012

| නෙතු හැඩුවා ඔබට හොරා | යෞවන සමින්ද්‍ර රත්නායක |






"අවිනාශ්.."

පුහුණුවීම් හමාර කොට තෘප්තිමත් සිතින් යුතුව අවිනාශ් ධාවන පතයෙන් මෑත් වූයේය. තම පියාගේ වැඩිමහලු සොහොයුරා සනහවකින් මුව සරසා සිටිනු ඔහු දුටුවේ එවිටය.


"ලොකු තාත්තා හදිසියෙම...?"

"ඔයා උදේමනේ ගෙදරින් ආවේ.. ලොකු අම්මගෙන් හරි කරදරේ ඔයාව චුට්ටක් බලලා එන්න කියලා. කෝ ඉතිං ෆෝන් එකත් ආන්සර් නෑ නේ."

"ප්‍රැක්ටිස් වෙලාවට ඒක ඕෆ් කරනවා ලොකු  තාත්තා.."

අවිනාශ් ජීවිතයේ බොහෝ කාලයක් ගෙවා දැමුවේ ලොකු තාත්තත්, ලොකු අම්මත් ඇසුරේදීය. ඔවුන්ට දරුවන් සිටියේද නැත. ඔවුන් අවිනාශ්ව බලා කියා ගත්තේ තමන්ගෙ දරුවෙකුටත් වඩා ඉතා ඉහළ ආකාරයෙනි. විටෙක එය අවිනාශ්ට කරදරයක් වන තරමට වැඩි දියුණු වූ ලෙංගතු ආදරයක් විය. අවිනාශ්ගේ මවත්, පියාත් ස්ථිරවම පදිංචිව සිටියේ නවසීලන්තයේ වෙලින්ටන් හීය. අවිනාශ් වසරකට කිහිප වතාවක්ම වෙලින්ටන් බලා ගියද, හැකි ඉක්මනින් ඔහු නැවතත් ලංකාව බලා ආවේය. ඇත්තටම ඔහු අම්මාට හා තාත්තාට වඩා ලොකු  අම්මාට හා ලොකු තාත්තාට ප්‍රිය කළේය..

"දැන් ප්‍රැක්ටිස් කරලා ඉවරද..?"

"ඔව්..."

"එහෙනම් බයික් එක දාලා මගේ කා එකේ යතැහැකි."

"බෑ ලොකු තාත්තේ.. මං තව ටිකක් ඉදලා එන්නම්.. ඔයා යන්න.. ලොකු අම්මට කියන්න මං රෑ කෑමට කලින් ගෙදර එනවා කියලා.."

මද සිනහවක් වුමේ රන්දාගෙන ලොකු තාත්තා ආපසු  හැරී යද්දී අවිනාශ් නැවතත් ධවාන පථය දෙසට හැරිණි. ඔහු ඉදිරියට එමින් සිටියේ සුපුරුදු රුවකි. ඒ ගියවර තරගයේදි අවිනාශ් සමග කරට කර තිබුණු සටනක් දී පරාජිත වූ ජෙරම් අතුකෝරාලය.

"හායි.."

ප්‍රීතිමත් බවක් මවා පෑමට තැත් කළද ජෙරම්ගේ මුහුණෙහි තිබූ ප්‍රතාපවත් බව කටහඩේ නොවීය. ඒ වෙනස වඩා පැහැදිලිවම අවිනාශ් දුටුවේය. ඔහුගේ සිතට සැනෙකින් ගලා ආවේ ජෙරම් පිළිබද වූ කටකතාවය. එය තමාට පැවසුවේ ජෙහාන් බවද ඔහුට සිහිපත් විය.

"ජෙරම්.. මට ඔයා ගැන මැසේජ් එකක් ආවා... ඒක ඇත්තක්ද..?"

වඩා හොද දෙය, කාලය කා නොදමාම ප්‍රස්තූත වස්තූ බීජයට, දොරගුලු හැරීමය. එයින් වඩාත් යහපත් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක.

"මොකක්ද...?"

"මේ පාර රේස් එක පදින්නෙ නෑ කියලා..?"

බලා සිටිද්දීම ජෙරම්ගේ මුහුණේ තිබූ ප්‍රාණවත් බව නැත්තටම නැතිවී ගොස් මුළු මුහුණම අදුරු පැහැ ගැන්විණි. සුන්වූ බලාපොරොත්තුවක් මත සුමට හසරැල්ලක් මැවීමට ඔහු අසමත් විට.

"ඔව් අවිනාශ්.."

"ඇයි ඒ...?"

"නිකං..."

"නිකං.. කිව්වේ...?"

"මට ටිකක් වෙහෙසකරයි වගේ. ඇගට කිසි ෆිට් එකක් නෑ."

"පිස්සු කතා කරන්න එපා. මොන ෆිට් එක නැතිවුනත් ඔයා ඉවෙන්ට් එකට එන්න..! ජෙරම්, ඇටෑක් එකට ආවෙ නැත්නම් මට කිසිම ගතියක් නෑ.."

තම ප්‍රබලම ප්‍රතිවාදියාගේ නිහතමානීකම ඉදිරියේ ජෙරම්ගේ හදවත කිහිප තැනකින්ම ඇවිලී ගියේය. මේ තරම් අවංකව කතා කළ  හැක්කේ අවිනාශ්ට හැරෙන්නට වෙන කාටද..? පපුව ඇතුලේ කිසිදු කැතක් නැතිව, අහිතකින් තොරව තමාට ආමන්ත්‍රණය කරනා මේ ජේත්තුකාරයා දෙස ජෙරම් ගෞරවයෙන් බලා සිටියේය. අවංකවම තමාට වුවද මේ තරම් අවංක විය නොහැක. එසේ වුවත් දන්නා සියල්ල අවිනාශ්ට කිව යුතුදැයි ඔහු මදක් කල්පනා කර උගුර පෑදුවේය..

"මං මගේ ජීවිතේට ආදරෙයි අවිනාශ්..."

"මට තේරුන් නෑ..."

සෑම දෙයක්ම ගලක කෙටූ අකුරක් මෙන් පැහැදිලි තත්වයෙන් යුක්ත වුවද, ජෙරම්ගේ කටින් සියල්ල එළියට ඇද ගැනීමට අවිනාශ් හිතා ගත්තේය. එවිට තිබුණාට වඩා සෑම දෙයම නිරවුල් වනු ඇත.

"රේස් එකක් හන්දා මට මගේ ජීවිතේ නැති කරගන්න බෑ..."

අවිනාශ්ගේ මුහුණේ සමච්චල් සහගත මදහසක් ඇදී මැකී නොපෙනී යනු ජෙරම් දුටුවේය. එහෙත් ඔහු එය එතරම් සිත් තැවුලකටට බාර ගත්තේ නැත. මේ කෙළිලොල් තරුණයාට ජීවිතය පිළිබද තවම බරක් පතලක් තේරෙන්නෙ නැත. ඔහු මේ ගෙවන්නෙ භද්‍ර යෞවනයේ සුසිනිදු එළිපත්ත මත ගත කරනා උණුසුම් කාලයයි.

"ජෙරම් ගැන හැමදේම වගේ දැන හිටියත්, මං දැන්න හිටියෙ නෑ නේ ජෙරම් බයගුල්ලෙක් කියලා. මං හිතන් හිටියෙ ගිය අවුරුද්දෙ මට ෆයිට් එකක් දීපු ජෙරම්ට තියෙන්නෙ සිංහ හදවතක් කියලා.."

ප්‍රහාරය වදින්න ඕනෑ තැනට නිසියාකාරව වැදුනු බැව් අවිනාශ් දුටුවේය. ඔහුව පා කර හැරීමට තරම් ජවයක් ඇති හුස්මක් පිට කළ ජෙරම්, ධාවන පථයේ ඈත මෑත බැලුවේය..

"මේ රතුපාට ට්‍රැක් එකේ තියෙන හැම වැලි කැටේකටම මං ආදරෙයි අවිනාශ්. ලාස්ට් ඉයර් එකේ ඔයත්තෙක්ක ජීවිතයත්, මරණයත් අතර තරගයක් දීපු ඉවෙන්ට් එක තමයි, මට මගේ ජීවිතේ තියෙන රත්තරන්ම සිහිවටනය. මට ඒ අන්තිම රවුන්ඩ් එක, අනිත්ම විනාඩි තුන හතර.. කවදාවත්ම අමතක වෙන්නෙ නෑ.. ඒත් ඔයා මොනවා කිව්වත් මං මගේ ජීවිතේට හුගාක් ආදරෙයි.."

"මෙතන ජීවිතේ ගැන ප්‍රශ්ණයක් නෑ ජෙරම්.."

"නැත්තෙ නෑ... තියෙනවා.. ඇත්තම කියනවා නම් මං ඒකට මූණ දෙන්න බයයි.. මට ඒත් පුදුම..."

කතාව මදක් නවත්වා, ජෙරම්, අවිනාශ් දෙස කෙලින්ම බැලුවේය.

"ඔව්.. මොකක්ද ජෙරම් ඔයා කියන්න ගියේ...?"

"ඒත් මට පුදුමෙ, මට දැනුණු බය, ඔයාට දැනුන් නැත්තෙ ඇයි කියලා.."

ජෙරම් කීවේ හතර බීරි කතාවක් වුවත්, අවිනාශ් එය සම්පූර්ණයෙන්ම වටහා ගත්තේය. ඔහු නොකියා කියන්නේ, තමාට ඇති ලෙසටම දැවැන්ත තර්ජනයක් ජෙරම්ටද පැමිණ ඇති බවය. සමහර විට මේ තර්ජනය පිටුපසින් සිටින්නේ කවුරුන්දැයි ඔහු දන්නවා විය හැකිය. තමාගේ අදෘශ්‍යමාන සතුරා පිළිබදව දැනගැනීමට මෙවැනි අවස්ථාවක් අහම්බයකින් මෙන් උදා වීම පිළිබදව, අවිනාශ්ගේ සිතට සතුටක් දැණිනි.

"මම කිසිම දේකට බයවෙන්නෑ ජෙරම්.. මගේ හෘද සාක්ෂියට ඇරෙන්න.. ඒත් කවුරුත් මං පිටිපස්සෙන් ඉදගෙන මට පිහියෙන් අනින්න හදනවා නම් මං ඒක ගැන සැලකිලිමත් වෙනවා.. නැත්නම් මට ඇනලා යනකන් හිතාගන්න බැරි වෙනවා කවුද ඇන්නෙ කියලා.."

"ඔයා හරි තැනට ආවා අවිනාශ්.."

"මං කවදත් හරි තැන හිටියේ.. ඔයා කැමති නම් මට කියන්න, කවුද ඔයාව රේස් එකෙන් අයින් කරන්න හදන්නේ කියලා.. කාටද ඔයාව අයින් කරන්න ඕන..."

ඔවුන් අතර මද නිහැඩියාවක් මතුවී එද්දී හාත්පසින්ම ඇසුනේ 200 R CC වර්ගයේ යතුරු පැදිවල දැවැන්ත ඝෝෂාවයි. වෙන මිනිසුන්ගේ දෙසවන් කීරි ගස්සවන එම හඩට, අවිනාශ් ඉතා  ආසාවෙන් තම දෙසවන් යොමු කළේය..

"ම... මං යනවා අවිනාශ්..."

"මං අහපු එකට ජෙරම් උත්තරයක් දුන්නෑ.."

"ඒක ඔයාට ඒ තරම් වැදගත් දෙයක් නෙමෙයි.."

"ඇයි...?"

"ඔයාට මට වගේ ඇටෑක් එකක් ඇවිල්ලා නැති හින්දා.. මෙතන කාට හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ මාවයි.. ඒකනේ ගිය පාර චෑම්ප් උන ඔයා ඉස්සරහින්ම ඉන්දෙද්දී, පැත්තක ඉන්න මාව ඉරේස් කරලා දාන්න හදන්නේ.."

"ජෙරම් එහෙමද  හිතන්නේ...?"

අවිනාශ්ගේ මුවෙහි ඇදී ගියේ සමච්චල් සහගත සිනාවකි. ඒ සිනාව අනුව ජෙරම් සැනෙකින් එක දෙයක් වටහා ගත්තේය. එනම් තමාට වෙන්ම අනතුරු ඇගවීමක් අවිනාශ්ටත් ලැබෙන්නට ඇති බවය. ජෙරම් මුළුමනින්ම නොසන්සුන් විය..

"එහෙනම් මට සිද්ධ වෙච්ච දේම අවිනාශ්ටත් සිද්ධ වෙලා.."

"අන්න හරි..."

"එත් මං රේස් එක පදිනවා.. එච්චරයි.."

ජෙහාන්ට කටඋත්තර  ද නැතිවිය. එහෙන් අවිනාශ් සතුව පවතින මේ අසිරිමත් එඩිතරකම ඔහු තුන් සිතින්ම අගය කළේය.

"ඔයා ඔයාගෙ ජීවිතේට ආස නැද්ද අවිනාශ්...?"

"ආසයි.. ඒත් ප්‍රහාරයට, ප්‍රහාරයකින්ම උත්තර දෙන්න මං කැමතියි.."

"ඔයයි මායි අතරෙ තියෙන ලොකුම වෙනස ඕකයි.."

"වෙන්න ඇති.. දැන්වත් මට කියනවද, ඔයා මේ තර්ජනය ගැන දන්න පුංචි දෙයක් හරි.."

ජෙරම් මදක් සිතා බැලුවේය. තමාට නැතිවන්නට දෙයක් නොමැත. එහෙත් තමා ඉදිරියේ සිටිනා මේ ජේත්තුකාරයා නම් නැතිවන්නට උවමනාවටත් වඩා දේවල් ඇත. ඒ නිසා, තමා දන්නා දේ මෙන්ම තම සිතට එන දේවල්ද ඔහුට කියුවා කියා වැරැද්දක් වන්නට නොහැක.

"අපි දෙන්නවම රේස් එකෙන් අයින් කරවලා, කවුරු හරි අලුත් කෙනෙක් විනර් වෙන්නයි යන්නේ.."

"ඒක නොතේරෙන්න මං බබෙක් නමෙයි ජෙරම්.. ඒත් මට හිතාගන්න බැරි මේ ඇටෑක් එක එන්නෙ කාගනේද කියලා.. මට එතනයි ප්‍රශ්නෙ තියෙන්නේ.."

"මං හිතන්නේ...?"

"ඔව්.."

"මං හිතන්නෙ ඩී.ජේ ගෘප් එකෙන්.."

"මොනවා...!!"

අවිනාශ් මුළුමනින්ම අන්දමන්ද විය. තමාට ඇසුන දේ පිළිබදව, ඔහුට කිසිම දෙයක් සිතා ගැනීමට පුළුවන් වූයේ නැත. තමා උදව් පතා, දෙපතුල් ළගට ගියේ ඩී.ජේ ගෘප් එකම, තමාටත් ජෙරම්ටත් ප්‍රතිප්‍රහාරයක් දියත් කරයි කියා කෙසේ නම් විශ්වාස කරන්නද..? මෙය නම් කිසි සේත්ම සිදුවිය හැක්කක් නොවේ..

"ඔව් අවිනාශ්.. ඇටෑක් එක එන්නේ එතනින්ම තමයි.."

"ඒක වෙන්න බෑ..."

"වෙන්න බැරි නෑ.. ඒක තමයි ඇත්ත.. ඩී.ජේ ගෘප් එකේ හතරවැනියගෙ කටහඩ මං හොදට අදුනනවා. ඒ අසමජ්ජාති කටහඩ අදුනගන්න බැරි නම් මං මැරිලා උපදින්න ඕන.. ඇත්තටම උංගෙ ඇටෑක් එකකට මට මූණ දෙන්න බෑ.. අවිනාශ් දන්නවනේ පහුගිය දවස් වල සිද්ද වෙච්ච දේවලුත්.."

පසුගිය කාලයේ විවිධාකාර අන්දමේ මෙන්ව, විවිධාකාර මට්ටමේ අපකීර්තිමත් ක්‍රියා රැසක්ම සිද්ධ වූ අතර, ඒ සෑම දෙයම බැර වූයේ ඩී.ජේ ගෘප් හී ගිණුමට බැව් අවිනාශ් වඩා හොදන් දැන සිටි වෙන අයෙකු සිටියේ නැත. අවිනාශ් ඒ ගැන හොදින්ම සිතා බැලුවේය.

"ජෙරම්ට.. හොදටම ෂුවර්ද...?"

"ඔව්.. මට මගේ ඇස් දෙක වගේම, කන් දෙකත් විශ්වාසයි. ඒ වගේම තමයි මට උංව පේන්නත් බෑ.."

තවත් කතා කිරීමට දෙයක් නොමැති බැව්, අවිනාශ්ට හැගී යද්දී, ජෙරම්ද එය සැනෙකින් වටහා ගත්තේය. ඒ අතින් නම් ජෙරම්ට තිබුණේ ඉස්තරම් ආකාරයේ ඉවකි. නමුත් මේ වෙලාවේදි නම් ජෙරම්ට නිවැරදි නොවිය. ඩී.ජේ ගෘප් එක මෙයට සම්බන්ධ යැයි කියූ සැනින්, අවිනාශ්ගේ මුහුණෙහි මතු වූ සැබෑ වෙනස ජෙරම් හදුනා ගත්තේ වැරදි ඇසකිනි. ඔහු සිතුවේ, අවිනාශ් බියට පත්වන්නට ඇති බවය. නමුත් සිදුවී තිබුනේ වෙනස්ම දෙයකි. අවිනාශ් බිය වූයේ නැත.

එහෙත් හදිසියේම මේ වැදුණු පහර ඔහුට දරා ගැනීමට හැකි වූයේ නැත. අනිත් කාරණාව නම් තමාට බොරුවක් කීමේ අවශ්‍යතාවක් ජෙරම්ට නොමැති වීමය. එය එසේ නම්, ඩී.ජේ ගෘප් හි සොහොයුරන් ජෙරම් සම්බන්ධව හෝ කිසියම්ම දෙයක් තමාට නොකිව්වේ මන්දැයි ඔහු බොහෝ වේලාවක් කල්පනා කලේය.  එහෙත් බොහෝ ගැටලු වලට පිළිතුර තිබූ තම සිතෙන්, මේ ගැටලුවට නම් පිළිතුරක් නැති බව සිතෙද්දී, ජෙරම් ඔහු වෙතින් බොහෝ ඈතකට ඇදී ගොස් තිබිණි. අවසානයෙදී අවිනාශ් තීරණය කළේ, ඉදිරියට එන  ඕනෑම අභියෝගයකට කිසිදු අවුලකින් තොරව මුහුණ දීමටය. එයට අවශ්‍ය ධෛර්යය හා ශක්තිය තමා ළග ඇති බව ඔහු හොදින්ම දැන සිටියේය..

                                **********************************

ධාවන පථයෙන් ඉවත් වී අවිනාශ් ලක ලෑස්ති වූයේ නිවස බලා ඒමටය, එයට කලින් ඔහුගේ දෑස ඉතා සූක්ෂම ආකාරයට අවට පරිසරය පුරා විහිදී ගියේය. ඕනෑම දෙයක් ඕනෑම අවස්ථාවක සිදුවිය හැකි බැව් ඔහුගේ සිත ඔහුට අවධාරණය කළේය. එහෙත් සැකයක සංකාවක මිසක සැබෑවේ අංශු මාත්‍රයක තරම් දෙයක්වත්, ඔහුගේ සිතට දැනුනේ නැත. තමාට ආ, තර්ජනාත්මක ඇමතුම්ද මේ වනවිට මුළුමනින්ම නැවතී ඇත. මේවායෙහි පිටපසින් සිටින්නේ කවුරුන්ද..?

ඒ සමගම ඔහුගේ දර්ශන පතයට හසුවූයේ නිල් පැහැති සුසුකි යතුරු පැදියයි. එය ධාවනය වූයේ අවිනාශ්ට මීටර් හාරසියයක් පමණ ඈතිණි. ඉදිරියේ වූ වැලමිටි වංගුවක් වෙතට ඉතා ඉහල මට්ටමේ සකයි ජම්ප් එකකින් යතුරු පැදිකරු නිර්භිතව ළගා වන අන්දම අවිනාශ් ආශාවෙන් බලා සිටියේය. පෙර දිනයකදී ජෙහාන්, තාමට අනතුරු ඇගවූයේ මේ යතුරුපැදි කරු ගැන බවත් ඒ මොහොතේම අවිනාශ්ට සිහිපත් විය. එම නිල් පැහැති සුසුකි යතුරු පැදිකරු පිළිබදව තොරතුරු සොයා බැලීමට සිත් වුවද එය සදහා මෙය උචිත වේලාවක් නොවන බව අවිනාශ්ට දැනුණේය.

දැන් තමා නිවසට ගොසද් විවේක ගත යුතුය. සන්සුන් මනසකින් යුතුව හෙට තරගයට මුහුණ දීමට නම් වෙලාසනින්ම නින්දට යා යුතුය. ඒ සියලු සිතුවිලි මධ්‍යයේ ඔහුගේ සිතට දැඩි ආරක්ෂාකාරී බවක්ද දැනුණේය. ඩී.ජේ ගෘප් සොයුරන් තමා ළග සිටිනා තරු තමාගේ එක මයිල් ගසකටවත් හානියක් කිරීමට කිසිවෙකුටත් නොහැකි බව ඔහු දැන සිටියේය. එහෙත් අවිනාශ් මුලින්ම මෙන්ම දෙවනුවත් වරද්දාගත් තැන එයම විය. අවදානම මුලින්ම ඇරඹෙන්නේද එතනිනි. අත් සියල්ලොන්ටම වඩා, ඔහු නෙදා පරිද්දටම තමා නැගම විශ්වාසය තැබුවා නම්, ඔහු අදටත් යහතින්ය..

                                         *****************************

සැන්දෑ අදුරට ලා නිල් කිරන අමුතුවෙන් පැහැයක් එක්කර තිබිනි. දැන් එතැයි දැන් එතැයි කියා සිතූ මීදුම් කැරලි කන්දරාව ඈතින් ඈතටම නොපෙනී ගොස් තිබිනි. බලුදු කොළඹ මාර්ගය දිගේ අවිනාශ් යතුරුපැදිය ධාවනය කළේ ඉතාම ප්‍රෙව්ශම් සහිතවය. හෙට දින තරගයට පදිනා යතුරු පැදිය ආරක්ෂිත ස්ථානයක තබා ඇති අතර, මේ ධාවනය කරනා යතුරු පැදිය , ඔහුගේ සුපුරුදු  TZR වර්ගයේ යතුරු පැදියකි. බණ්ඩාරවෙල නගරයට ආසන්නයේ ඇති දුම්රිය හරස් මාර්ගයට ළංවෙත්ම, පිටුපසින් දිගින් දිගටම ඇසුණු වාහනයක නලා ශබ්දයකින් අවිනාශ් යතුරු පැදියේ වේගය අඩාල කළේය. ඒ අවසරයෙන් පසුපසින් පැමිනි KDH 200 වර්ගයේ ඩොල්ෆින් වෑන් රථය, අවිනාශ්ගේ යතුරු පැදිය අබිබවා ගොස් පාර අයිනේ නතර කෙරිණි. දුම්රිය හරස් මාර්ගය අසල මාර්ගය, පටු සහිත බෑවුම්කාරී වුවත්, අවිනාශ් යතුරු පැදිය ලැසි දිවවුමේ තමා, වෑන් රථය දෙස පරික්ෂාකාරීව බලා සිටියේය. ඒ ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ අපේක්ෂාවෙනි.

ඩොල්ෆින් වෑන් රථයේ මැද දොර ස්වයංක්‍රීයව ඇරී, ඉන් බැසතමා දෙස දුව එන රුවැත්තිය දුටු අවිනාශ්ට උන් හිටි තැන් අමතක විය.

"දි... ලී... කා..."

"අ... වි... නා... ශ්..."

"හ්හ්.. ම.. මට පුංචි වෙලාවයි තියෙන්නේ.. මං ආවෙ ගෙදර හැමෝටම හොරෙන්.. ඔයාට බැරිද හෙට රේස් එක පදිනේන නැතව ඉන්න.."

ඇය දුටු මොහොතේ සිතට නැගි සතුට, ඇයගේ වදන් පෙලත් සමග අවිනාශ්ගේ සිතින් මැකී යන්නට විය.

ඔහුගේ සිතට ගලා ආවේ සිහින් නොරිස්සුමකි.

"ඇ... ඇයි ඒ..?"

සිතේ වූ නොරිස්සුම වචන පුරාද අපූරුවට තැවරී තිබුනි. දිලීකාට ඒ බව දැණුනද. ඇය එයින් සසල නොවූවාය..

"ඔයාට අනතුරක් කරන්න කවුරු හරි බලන් ඉන්නවා..."

ඇයගේ සියුමැලිකම ගැන, නොදන්නා කමගැන නොරිස්සුම පරයා අවිනාශ්ට සිනා පහළ විය. තමා ඇයගේ නිවසට ගියේ ඒ අනතුර නිසාම නොවේ..? තමාගේ ආරක්ෂාව ඇයගේ සොයුරන්ට බාර දීමට නොවේද..? එහෙත් ඔහු ඒ බවක් කියන්නට ගියේ නැත..

"ඔයා බයවෙන්න එපා දිලීකා.. මං හැම අතින්ම පරිස්සමින්.. අනික ඉතිං  මාව බලා ගන්න ඔයාගෙ අයියලත් ඉන්නවනේ.."

"අයියලා...?"

"ඔව් ඉතිං.. අපි දන්න කියන කට්ටියනේ.. මට මොනවා හරි වෙනකන් ඩිල්ෂාන්ල බලන් ඉන්නෙ නෑ නේ.."

"ඒ වුණාට.."

දිලීකාගේ වත තව්මැරී තිබුණි. සියුමැලි නොවුවත් දුක්බරකම මැදින් ඇදී ගියේ රිදී ඉරක් වන් ශෝකයේ දැවැන්ත අදුරු වලාකුලයි..

"ඔයා පදින්නෙ ගිය පාර පැදපු බයික් එකමද..?"

"නෑ.. මේක අලුත් එකක්.. ඇයි ඒ..?"

"දැන් කෝ ඒ බයික් එක..?"

"ඒක ෆුල් ගාඩ් පිට තියෙන්නේ.."

"ඔයාට හොදටම ෂුවර්ද..?"

"ඔව් දිලීකා ඔව්.. ඔයා ඇයි මේ නිකං කලබල වෙලා.. මං මුතුත් වෙන්නෑ..."

"නිකං නෙමේ අවිනාශ්.."

ඇයගේ දෑසට අලුතින් එක් වී තිබූ තෙත් ගතියට අවිනාශ්ගේ සිත වහා ඇදී ගියේය.  ඒ තෙත් බව සමග වූ දුක්බර රුව අවිනාශ්ගේ සිතට ගෙනාවේ අමුතුම ආකාරයේ ආශ්වාදයකි. ඇයව තරයේ තුරුළු කරගැනීමට පවා ඔහුට සිතුණි. ඒ සොදුරු දෑසින් තම දෑස ඉවත්කර ගැත නොහැකිව ඔහු තොල් පට විකා ගත්තේය. මේ නම් කුමන අරුමයක්ද..? 

"එහෙනම්...?"

"ඔයා ගැන මං හිතනවා වැඩියි... ඒකයි..."

අර්ථ බොහෝ ගණනක් තිබූ නොයෙක් ආකාරයට සිතා ගත හැකි සරළ වාක්‍යයක් දිලීකාගෙන් පිටවිණි. එය ඕනෑ ඕනෑ පැතිවලට දමා, කිරා මැනීම පසුවට කල් දැමූ අවිනාශ් ඇයට කිය යුත්තේ කුමක්දැයි හතර පැත්තටම සිතා බැලුවේය..

"කොයි තරම් හිතුවත් කමක් නෑ.. ඒත් මං ගැන බයවෙන්න එපා.. මං සම්පූර්ණයෙන්ම ආරක්ෂා සහිතයි කියලා හිතාගන්නකෝ.."

"ඒ.. වුණාට මට ඔයා ගැන ලොකු බයක් දැනෙනවා.."

"බයවෙන්න එපා.... මං කියන වචනෙ විශ්වාස කරන්න.."

"ඔයාව මට විශ්වාසයි... ඒක මගේ හිත දන්නවා.. ඒත්.."

"ඇයි දිලී...?"

"අද දවස් අපේ පුංචි අයියට කොල් එකක් ආවා.. ඒ ගැන මට ලොකු සැකයක් තියෙනවා..."

"ඒ කිව්වේ...?"

"එහා පැත්තෙන් කතා කරපු කෙනා කිව්වෙ කවුරු හරි මෝටර් ක්‍රේස් පදින කෙනෙක්ව ඉවර කරන්න වගේ කතාවක්. මට හරියට බය හිතුණා.."

අවිනාශ්ගේ සිතට සැනෙකින් ගලා ආවේ, මීට මොහොතකට කලින් ජෙරම් කළ අනතුරු ඇගවීමයි.. මෙහි යම්කිසි සත්‍යතාවයක් තිබෙන්නට පුළුවන. අනික ඇයට තම සොහොයුරෙකුට එරෙහිව බොරුවක් කීමේ අවශ්‍යතාවක් නැත..

"තව මොනවද ඔයාට ඇහුණේ..?"

"වෙන මුකුත් නෑ.. ඇත්තටම මට කියන්න.. ඔයාට අනතුරක් නෑ නේද..? ඔයා සේෆ්ටි නේද...? ම.. මං ඕන නම් ලොකු අයියට කියන්නම්.. ඩිල්ෂාන් අයියා මං කියන ඕනම දෙයක් අහයි.."

"ඕන නෑ දිලී.. මං හැමදෙයින්ම ප්‍රවේසම් සහිතයි.. ඒක නෙමේ මං ඔයාලහ ආපු එක ගැන ඩිල්ෂාන්ල මොකද කිව්වේ...?"

"ඒ බිස්නස් වැඩකට කිව්වා.. මං අහපුවාම.."

අවිනාශ්ගේ මුහුණට සිනාවක් නැගුණි. එහෙත්, මෙතන කොතනක හෝ පටලැවිල්ලක් තිබෙන්නට ඕනෑය. ඩී.ජේ ගෘප් යනු දෙකේ පංතියේ පුංචි වැඩ කරනා තාලයේ ටීම් එකක් නොවන බව, වෙන කාටත් වඩා හොදින් අවිනාශ් දැන සිටියේය. තමාගේ ආරක්ෂාව එක සිතින්ම බාරගෙන, ඒ ආරක්ෂාව හරහාම තමාට බියගුලු ප්‍රහාරයක් දෙවන්නට ඔවුන්  කටයුතු කරාවිදැයි අවිනාශ් කිහිප වතාවක්ම සිතා බැලුවේය. එය එසේ වන්නට ඇති ඉඩකඩ ඉතා සීමිත බැව් ඔහුට සිතුණේ තම දෑස් ඉදිරියේ සිටිනා මේ රුවැත්තිය නිසාය. ඇයගේ ජීවිතය බේරා ගත් නිසාම, තමා සුරක්ෂිත වීමට ඇති ඉඩකඩ පවා වැඩි බැව් ඔහු දැන සිටියේය. එසේ නොවුනා නම් මේ සිද්ධිය මෙයට වඩා වෙනස් මුහුණුවරක් ගනු ඇත.

"ඔ... ඔයා හුගාක් කල්පනා කරනවා.. අ.. අනේ මම යන්නත් ඕන.."

දිලීකාගේ ඒ වදන් පිටවූයේ වාහනය දෙසට හැරී බලද්දිමය. ඇයගේ දෑසෙහි පැතිර තිබුණේ සිතාගත නොහැකි තරමේ නොයිවසිලිමත් බවකි. ඇය තමාගෙන් මොනවා හෝ යමක් බලාපොරොත්තු වන්නීද..? ඒ ගැන තව දුරටත් සිතීමට අවිනාශ්ට කාලයක් ලැබුණේ නැත. ඇයගේ රත් දෙතොල මත ඉතා හුරුබුහුටි සිනා ඇබින්දක් පාව ගියාය. ඒ සොදුරු සිනාවත් සමග එකතුවන ගමන් අවිනාශ්, ඇයට තවත් ළංවූයේය. ඒ ඇයට කීමට හදවතින්ම නැගෙනා ලෙංගතුකමද රැගෙනය..

"ගෙදර හැමෝටම හොරෙන් මෙහෙම ඇවිල්ලා, මට පරිස්සම් වෙන්න කියලා කිව්ව එකට කොහොම ස්තුති කරන්නද කියලා මට තේරෙන්නෙ නෑ.. ඒත් ඒක මගේ හිතට සෑහෙන්න වටිනවා කියලා මං කියන්නෙ හදවතින්මයි.. ඇත්තටම ඔයා හුගක් හොද ගෑණු ළමයෙක්.."

"මටත් වැඩිය, ඔයා හුගක් හොදයි කියන්න මං දන්නවා.. මං මගේ ජීවිතයේදි මගේ අම්මා ළගට දැකපු හොදම කෙනා ඔයයි අවිනාශ්.. ඔයාට තියෙන්නෙ මගේ අම්මගෙ හිනාව.. ඒ හිනාව හුගාක් දේවල් මට මතක් කරලා දෙනවා.. කොහොම උනත් ඔයා කරන කියන හැමදේම පරිස්සමින් කරන්න.. දැනටමත් මං පරක්කු වැඩියි.. ම.. ම.. මං යන්නද අවිනාශ්...? "

අවිනාශ්ගේ සිතට එබුණේ කාන්සිය මුසු නුහුරු හැගීමකි. ඔහුගේ හදවත එහෙම් පිටින්ම ඇද බැද තබා ගැනීමට දිලීකා සමත්ව සිටියාය. දෛවය විසින් ඉතා අනපේක්ෂිත ආකාරයට තමාට මුණ ගැස්සවූ මේ නිල් මහනෙල් මල, තව සුළු වේලාවක් හෝ තමා ළග සිටිනවා නම්...?

එහෙත් ඇයම පවසනා ආකාරයට අනතුරුදායක තත්වය මේ ආසන්නයටම පැමිණ ඇත. සිතුවෙ නැති මොහොතක එය ජීවිතය ඉහිරවා කඩා වැටෙන්නට පුළුවන. සියල්ලටම කලින් සිත සන්සුන්ව තමා ගැනීම වැදගත්ය..

"ආයෙ මාව බලන්න එනවා නේද..?"

"හ්ම්..." 

"කවදද..? හෙටද..?"

"හෙට කියලා කියන්න ආමාරුයි..."

"ඇ... ඇයි ඒ...?"

"හෙට දවස ගැන මට හුගක් බයයි අවිනාශ්.. මං නිතරම ප්‍රාර්ථනා කරන්නෙ ඔයාට මුකුත් කරදරයක් වෙන්න එපා කියලා.. එහෙම උනොත් ඒක මට දරාගන්න පුළුවන් දෙයක් නෙමෙයි.."

"මට මුකුත් වෙන්නෑ දිලී..."

දෙවරක් නොසිතා, ඇයගේ සියුමැලි අත්ල මත අවිනාශ් තම දෑත තැබුවේය. ඇය තමා වෙතට ඇදගෙන තුරුළු කර ගැනීමේ සොදුරු ආශාව ඔහු මැඩ ගත්තේ ඉතා අසීරුවෙනි. අවස්ථාව කොතරම් ආදරණිය වුවත් ඇය තමා ගැන අහිතක් සිතන්නට නම් බැරි නැත. ඇය තමාට බෙහෙවින් ලෙංගතුයැයි හැගුණද, තවමත් තමා ගැන කුමණාකාරයකින් සිතනවාදැයි කියන්නට බැරිය. එමනිසා, එක සීරුවට පේලියට ගලා ආ සිතුවිලි කන්දරාව අවිනාශ් සිරකර ගත්තේය. මෙම අනපේක්ෂිත දිනයට වඩා සොදුරු දවසක, මෙයට වඩා නිදහස් දවසක තම සිතුවිලි දිලීකා ඉදිරියේ දිග හැර දමන්නට ඔහු සිතාගත්තේය. එහෙන් අවිනාශ්ට තිබූ ගැටලුව වූයේ ඒ නිදහස් දවස කවදා පැමිණේද යන්නයි..

මොහොතකින් තමන් වෙතින් ඈත්ව ගිය දිලීකා දෙස ඔහු බලා සිටියේ හිස් වූ දෑසිනි. තමා සතු කුමක් හෝ දෙයක් නැතිවී ගියාක් බදු සිතිවිල්ලක් හෝ කියා ගැනීඹට නොහැකි තරමේ කාන්සියක් සමග දැඩි විඩාබර බවකින් ඔහු පෙළෙන්නට විය. දිලීකා පිටව ගිය ඩොල්ෆින් රථයෙන් ඇදී ආ සුමට දුම් වලාවද තවමත් හිස් අවකාශයේ රැදී තිබිණි..

"අ.. වි.. නා.. ශ්..."

මෙතුවක් වේලා රැදී සිටි සිතුවිලි කන්දරාව සිද බිද දමන්නට එම හඩ සමත්විය. වහා හැරී බැලූ අවිනාශ්ගේ නෙතට හසුවූයේ ඩිල්ෂාන්ය. හේතුවක් නොදැන වුවත් ඔහුගේ සිත මදක් සලිත විය. දිලීකා මේ දැන් යන්නට ගියා විතරය. ඩිල්ෂාන්ට කිව යුත්තේ කුමක්දැයි අවිනාශ් වරක් දෙවරක් නොව, ඊට වඩා වැඩි වාර ගණනක් සිතා බැලුවේය. සමහර විට ඩිල්ෂාන් හඹා ආවේ දිලීකා පසුපස වත්දෝ අවිනාශ්ට සැකයක් පැන නැගිණි.

"‍ට්‍රබල් එකක්ද...?"

ඉහළම පරික්ෂාකාරී බවක් මුහුණට නංවාගෙන, අපරික්ෂාකාරී ලෙසට ඩිල්ෂාන් කතාව ඇරඹුවේය..

"නෑ.. ප්‍රශ්නයක් නෑ..."

"ඒත් ඔයා මෙතන...?"

"ඇයි ඩිල්ෂාන්... මම මෙතන ඉන්න එකේ මොකක් හරි වැරැද්දක් තියෙනවද..?"

"තියෙනවා..."

"ඒ මොකක්ද...?"

"මේ වෙලාවෙ ඔයා ඉන්න ඕන ට්‍රැක් එකේනේ... ඇයි මේ සිකියුරිටි නැති විදියට එහෙ මෙහෙ යන්නේ...?"

"එහෙම ගියාට ප්‍රශ්නයක් නෑ ඩිල්ෂාන්..."

ඩී.ජේ ගෘප් හී ප්‍රධානියා මොන තරම් කෙරුම්කරුවෙකු වුවත් ඔහුට කොතරම් බලය තිබුණත් ඔහු තමාට කොතරම් ලෙංගතු වුවත්, ඒ සියල්ල මෙතැනට අදාල වන්නේ නැති බැව් අවිනාශ් වටහා ගත්තේය. තමාට කියාද යම් කිසි මට්ටමක, යම් කිසි ප්‍රමිතියක නිදහසක් තිබිය යුතුය..

"ප්‍රශ්නයක් නෑ...?"

මදක් අදුරු වී ගිය වතින් යුක්ත වුවද ඩිල්ෂාන්ගේ මුහුණට නැවතත් අර මුලින් තිබූ පරික්ෂාකාරී බැල්ම ගලා ආවේය. ඔහු තමාව ඉහළ සිට පහළටත්, පහළ සිට  ඉහළටත් නිරීක්ෂනය කරනාබවක් ඇවිනාශ්ට දැනිණි. ඔහු එයට කිසිසේත්ම කැමැත්තක් දැක්වූයේ නැත. මෙය මෙසේ සිදුවන්නට යාමද ඔහුට දිරෙව්වේ නැත. අවිනාශ්ගේ වේගවත් සිතුවිලි දළ රළ පෙලක් මෙන් ඉහළට නැංගේය..

"ඔව්.. ප්‍රශ්නයක් නෑ.. මොකද මාව ගාඩ් කරන්න කියලා මං ඔයාට බාරදීලනේ තියෙන්නේ.. ඉතිං මං ඒ ගැන විශ්වාසය තියලයි පාරට බහින්නේ.. අනික මං යන එන හැමතැනම ගැන ඔයාට කිය කියා ඉන්න මට බෑ ඩිල්ෂාන්.."

"ම්හ්...."

ඇතිවන්නට ගිය අප්‍රසන්න වාතාවරණය, අවිනාශ්ගේ එම වදන් පෙළත් සමග මදක් ඈත්ව මැකී ගියේය. සියලු සිතුවිලි අමතක කලාක් මෙන් ඩිල්ෂාන් තම මුවගට මද සිනහවක් නංවා ගත්තේය.

"ඇයි ඩිල්ෂාන්..?"

"නෑ.. නෑ.. මුකුත් නෑ.. ඔයා හිතන් ඉන්න විදිය හරි.. ඔයාට මුකුත් අවුලක් වෙන්නෙ නෑ..."

"මාත් එහෙම දිගටම හිතනවා..."

"අවිනාශ්...?"

ටොයොටා ඇක්සියෝ සිල්වර් පැහැති කාරය වෙතට, සීරුවට යන ගමන් ඩිල්ෂාන්, අවිනාශ් දෙසට නැවතත් හැරුණි. ඒ මුහුණේ සටහන් වී ඇති අති පරික්ෂාකාරි බව අවිනාශ්ගේ සිතට එක් කලේ ඒ තරම් හොද හැගීමක් වෙවේ.. ඩිල්ෂාන් මේ සැරසෙන්නේ කුමක් සදහාද..? අවිනාශ් ද සිටියේ ධාවන පථයේ යතුරු පැදිය අධික වේගයෙන් හසුරුවන අවස්ථාවල සිටිනා තරමේ පරික්ෂාකාරි බවකිනි.

"මට මෙහෙම කියන්න වෙච්ච එක ගැන කණගාටුයි.. ඒත් ඔයා මාව වරදවා තේරුම් ගන්නෙකක් නැති කරන්න හරි මට මේක කියන්නම වෙනවා..."

ඩිල්ෂාන්ගේ මුහුණට දැන් දැන් පැමිණෙමින් තිබුණේ නොසන්සුන් සහගත පෙනුමකි. අර පරික්ෂාකාරී බව එහෙම් පිටින්ම දියවී යන්නට පටන් ගෙන තිබිණි..

"අද දවස ඒ තරම් හොද නෑ.. මොකද කියනවා නම් නංගි දැන් ටිකකට කලින් කාටවත් නොකියාම ගෙදරින් පිටවෙලා ඇවිත් තියෙනවා.. ඒත් මං දන්නෙ නෑ... එයා කොහෙ ගියාද කියලා.. මල්ලිලා තුන්දෙනාම මට බනිනවා, මං එයාව හුරතල් කරල නරක් කරලලු.. ඔයාව අර, එයාව බේරගත්තු දවසෙන් පස්සෙ, නංගි කිසිම හේතුවක් නැතුව, කාටවත් නොකියාම ගෙදරින් එළියට බැහැපු පළවෙන් පාර මේක. දවස හරි නෑ වගේම මගේ හිතටත් හරි නෑ අවිනාශ්.."

අවිනාශ්ගේ සිතට දැනුණේ පුංචි එකෙකු වරදක් කල වැඩිහිටියෙකුට මුහුණ දීමට සිදුවූ විට දැනෙන අන්දමේ සිතුවිලි ගොන්නකි. එහෙත් දිලීකා මෙහි පැමිණිම සම්බන්ධයෙන් තමා කිසිම දෙයක් නොදත් නිසාම හා තමා සිටින්නෙ ඇයගේ පැත්තේ නිසාම අවිනාශ් කිසිවක් කියන්නට ගියේ නැත. ඩිල්ෂාන්ද අවිනාශගෙන් පිළිතුරක් හො කතාවක් බලාපොරොත්තු වූයේ නැත.

"මොනවා වෙන්න හරි හෙට දවස විතරයි තියෙන්නෙ. ඒත් ඔයාට පිටින් නම් මේ කිසිම දෙයක් වෙන්නෑ.. කිසිම ප්‍රශ්නයක් වෙන්න දෙන්නැතුව මං ඔයාව බලාගන්නවා.. ඒත්..?"

"ඔව්..."

"ට්‍රැක් එකේදි අනිත් බයික් එක්ක ප්‍රවේසමෙන් පදින්න..."

ඩිල්ෂාන් මේ නොකියා කියන්නේ තමාට ට්‍රැක් එකේදි අනතුරක් වන්නට පුළුවන් බවද..? එය එසේ වනවා නම් ඒ කොතනදිද..? ඒ බැව් නොකියා සිටින්නේ ඇයි..? සමහර විට ඔහුත් දෙයක් කිසිම දෙයක් නොදන්නා නිසා විය හැක. ඔහු සැක කරනවා පමණක් කිවය හැක. එහෙත් කතාව අවිනාශ්ට දිරෙව්වේ නැත..

"මං කොහොමත් ප්‍රවේශමෙන් තමයි ඩිල්ෂාන්.."

ඩී.ජේ ගෘප් හි ප්‍රධානියා එයට කිසිවක් කිව්වෙ නැත. එහෙත් මුවේ මෙතුවක් සරසාගෙන සිටි මද සිනාව ඉවතලමින්, අදුරු වතින් යුතුව ඔහු කාරයට නැගී එය පණ නංගවා ගත්තේය. අවිනාශ්ගේ සිතට නම් කොහෙත්ම හොද බවක් දැනුනේ නැත. ඔහුගේ සිත පිරී තිබුණේ නොරිස්සුමිනි. කුමක් හෝ නොදන්නා දෙයක් සිදුවීමට ඉතා ආසන්න බැව් පමණක් ඔහුගේ සිතට දැනී තිබුණේය..

                                              ****************************

මධ්‍යම රාත්‍රිය උදාවන්නට තව හෝරාවක් පමණ තිබියදී. හතරවටින් ඇසුණේ දුම්රියේ ඩක ඩක ශබ්දය පමණි. ඒ කරච්චල් ශබ්දය මැදින්, මෙතුවක් වේලා අවිනාශ්ගේ කටහඩ එක සීරුවට ගලාගෙන ගොස් තිබිණි. තව දුරටත් කතාව ඉදිරියට ගෙන යාමට අවැසි වූ ධෛර්යය එක් රැස් කරගනිමින්, අවිනාශ් වටපිට බැලුවාය...

"ඇයි අවිනාශ් නැවැත්තුවේ....?"

"අපි අහගෙන ඉන්නේ.. කවුරුත් නිදි නෑ... ඔයා දිගටම කියාගෙන යන්න.."

හදිසියේම ඇතිවූ නිහැඩියාව දරාගත නොහැකිව සමින්ද හා ෂෙනාල් කෑගැසූහ.. එයට ඇත්වැල් අල්ලන්නට වහා ඉදිරිපත් වූයේ චමෝදිය..

"අනේ ඔව්.. අපි හුගාක් ආසාවෙන් ඔයාගෙ කතාව අහගෙන ඉන්නේ.. ඇත්තටම මට නම් හිතාගන්න බෑ.. මේ කතාව මොනවයින් මොනවා වෙලා ඉවර වෙයිද කියලා..."

මැදිරියේ හුන් බොහෝ දෙනෙකුගේ සිත් සතන් තුළ පිරී තිබූ දැවැන්ත ප්‍රමාණයේ ගැටලුවද එයම විය. එහෙත් සුපුරුදු පරිද්දට භාතියගේ සිතෙහි වූයේ වෙනසකි.. ඔහුට මේ කිසිවක්ම දිරෙව්වේ නැත...

"නොදෝමකින්.. තාම චමෝදිට බැරි උණාලු, ඌට මොන අලගෙඩියක් උනාද කියලා හොයාගන්න.. අනේ අප්පේ.. මට නම් යස අගේට පුළුවන්, ඔය ගස් කුරුමිණියට වෙලා තියෙන්නෙ මොකක්ද කියලා කියන්න..."

"මොකද උඹ කුටු කුට ගාන්නේ.. මොකක් හරි ප්‍රශ්නයක්ද..?"

හරියටම තමාගේ පිටුපසින් ඇසුණු දත් මිටිකන ශබ්දය නිසා ෂෙනාල්, භාතිය දෙසට හැරුනේය..

"මට ඇති ප්‍රශ්නයක් නෑ බං.. මං හූන කිව්වා වගේ කියන්නම්.. ඔය වේලාපත්කඩයක්වත් නැති ගස් කුරුමිණියට, ඔය දිලීකා කෙල්ල අලි පත සයිස් බූට් එකක් තියලා ඇති. ඒකේ ආයෙ හෝදන්න දෙයක් නෑ.. ඒත් හයියෝ බං.. ඕවා මොනවා උනත් මගේ චමෝදි ඌට වශි වෙලා ඉවරයි..."

"ඉතිං....?"

"කිසිම හිතක් පපුවක් නෑ වගේ උඹත් ඉතිං හිචිං ගානවා.. හෙට උදේ වෙද්දි චමෝදියි, ඔය කොන්ඩයයි බදුල්ලනේ බැහැලා හොටෙල් එකකට යයි.. උඹටත් මගේ දුක තේරෙන්නෙ නැද්ද මචං.. මගේ පපුවත් රිදෙනවා.."

භාතිය තම ළය මතට දෑත තබා ගත්තේය.. ෂෙනාල් ඒ දෙස බලා සිටියේ බාතියගේ බෙල්ල මිරිකන්නට තරම් උපන් මහා කෝපයකිනි.. ෂෙහ්.. මූ වගේ ගදයෙක්. අනේ ඇතත්ටම මාත් මූව එක්කන් ආවානේ.. මේ ට්‍රිප් එකට.. ෂෙනාල් සිතුවේ එසේය.. ඔහු කිසිවක් මුවින් නොකීවාට භාතියටද යම් කිසිවක් දැනී තිබිණි..

"උඹ මොකද ඔරවන්නෙ ෂෙනාල්...?"

"ඇත්තමයි... හපුතලේ හරියට කිට්ටු උනාම මං තෝව ඔය යකඩ පාලමක් ගාවින් පල්ලෙහාට තල්ලු කරලා දාලා තොගෙන් නිදහස් වෙනවා.. අන්න එතකන්වත් කටයි, ඔය අනිත් හිලුයි වහගෙන පවු නොදී ඉදපිය..."

ෂෙනාල්ට නහුතෙටම තදවී ඇති වග භාතිය තේරුම් ගත්තේය. එහෙත් තවත් පැය ගණනාවක් පුරා මේ කොණ්ඩයාගේ අමරණිය ප්‍රේම වෘතාන්තය හෝ වෙන අල ගෙඩියක් තමා අසා සිටින්නේ කෙසේද...? තමා කියනා කිසිදු දෙයක්, සත පහකටවත් ගනන් නොගන්නා මෙවැනි පාප මිත්‍රයන් රැසක් සමග පැය ගණනාවක් බුකවාගෙන ගමන් කිරීම කොතරම් හදවතටය වේදනා ගෙන එන්නක්ද..?  ඒ සියල්ලම කැත නැතුව පසෙකින් තැබිය හැකිය. එහෙත් තමාගේ නොඉදුලි ප්‍රේමිය, චමෝදි මේ ගස් කුරුමිණියාට වහ වැටී සිටිනා අපූරුව.. ඒකිට ඇයි බැරි, ඇස් දෙක ඔය විදියට හීනි කරලා, මගේ දිහා එක තත්පරයක් බලන්න. ඌට තියෙන අවයවමනේ මටත් තියෙන්නෙ.. මොකෝ ඌට කියලා අමුතු මුකුත් නෑ නේ..

භාතියගෙ සිතුවිලි කන්දරාව දුම්රිය මැදිරිය පුරා විසිරෙද්දී නයෝමි කටහඩ අවදි කලාය..

"ඊට පස්සෙ මොකද උනේ අවිනාශ්... ? ඔයා රේස් එක පැද්දද..?"

"ඔයාට දිනන්න පුළුවන් උනාද..?"

"දිලීකා රේස් එක බලන්න ආවද..?"

"ඩි.ජේ ගෘප් එක ඔයාව ගාඩ් කලාද..?"

"රේස් එකේදි ඔයාට කරදරයක්වත් උනාද..?"

"ඔය හැම එකක් එක්කම ඔයාට හිරේ යන්න උනේ කොහොමද..?"

තත්පර ගණනාවකදී සෑහෙන ප්‍රශ්න ගණනාවක් දස අතින්ම ඇසිණි. අවිනාශ්ගේ අදුරු පැහැ ගත් මද සිනාවක් පාවි යනු සමින්ද දුටුවේය. ඒ මද සිනාවේ තිබූ දුක්බර බව සමින්දගේ මුළු ආත්මයම වෙව්ලුවා දැමීය.

"මං ඒ හැමදේම කියන්නම් යාලුවනේ.. මං හැමදේම කියන්නම්.. තනියම හිතින් විදව විදවා ඉන්නවා වගේ නෙමෙයි.. ඒ විදවන දේවල් කියනකොට, ආයෙත් ඒ ලස්සන අතීතයෙ මං ඇත්තටම ජීවත්වෙනවා වගේ දැනෙනවා.. මට දැනුත් දැනෙන්නේ මගේ බයික් එකත් එක්ක ෆොක්ස් හීල් ට්‍රැක් එකේ ඉන්නවා වගේ..."

නැවතත් නිහැඩියාව පවුරු බදින්නට තැත් කරද්දී, අවිනාශ් තම සිතුවිලි අතර සිරවූයේය..

"අපි අහගෙන ඉන්නෙ අවිනාශ්.."

ෆොක්ස් හීල් රේස් එක පටන් ගන්න කලින් දවසෙ  රෑ ඩිල්ෂාන්ල මගේ ගෙදර වටේටම ගාඩ් එක දීලා තිබුණා. මගේ බයික් එක ළගටත් එයාලගෙ බාලම මල්ලි ගිහින් තිබුණා..

"ඒ කියන්නෙ රේස් එකට කලින් ඔයාට කරදරයක් උනේ නැද්ද..?"

චමෝදි ඇසුවේ දුක සේය. ඇයගේ දෑසද රත් පැහැ ගැන්වී තිබිණි. මේ අපූරු තරුණයාට අඹ මල් රේණුවක තරම් හිංසාවක්, එය අතීතයේදි විණි යැයි කියා ඇයගේ සිතට දරාගන්නට අමාරුය. අවිනාශ්ගේ කතාව තව කල්ප කාන්තරයක් දීර්ඝ වූවාට කමක් නැත. තමාට සෑම දෙයක්ම අමතක කර, ඔහු ළගට වී ඒ කතාවට සවන් දීමට පුළුවන.. එය කොතරම් සුන්දරය..? තමාත් අවිනාශුත් පමණක් තනිකර තබා සෑම ජීවී, අජීවි වස්තුවක්ම මෙතනින් ඉවත් වයනවා නම්..? චමෝදි එසේ සිතත්දී නයෝමි ලගද තිබුණේ එයට නොදෙවනි ආකාරයේ සිතුවිලි පෙළකි. ඒ සෑම සිතිවිල්ලකම අවිනාශ්, කිසිදු තරගයකින් තොරව ඉතා ඉහළ ස්ථානයක් අයත් කරගෙන සිටියේය. එහෙත් භාතිය සිටියේ, සෑම දෙයින්ම අතරමංවය..

මේකි යකෝ කොටියම කන්න් එපෑය.. මේකව බලන්න ඇවිත් මං එදා හරවන බස් එකෙන් බිමට ඇදන් වැටෙන්න ගියා. කොන්දොස්තර මල්ලි, මගෙ අම්මයි තාත්තයි ආදරෙන් මතක් කර කර මාව අල්ලගත්තෙ නැත්නම් මම අදටත් අබ්බගාතයෙක්.. අන්න එදාවත් මේක මගෙන් ඔයාට කරදරයක් උනාද භාතිය කියලා විහිලුවටවත් ඇහුවද..? ෂිහ්... මේ කෙල්ලො කියන්නෙ මොන වගේ අමන ජාතියක්ද මංදා.. මුං ගැන හිත හිතා ජීවිතේ විනාස කරගන්න හදන අපි වගේ ඈයොන්ව තමයි කොටියා කන්න ඕන... නැතුව උං නෙමෙයි.. භාතිය හැඩුම්බරව සිතුවේය.. කෙල්ලන් මේ තරමට අසමජ්ජාති වන්නේත්, අසාධාරණ වන්නේත්, ඉතා අහිංසක මටසිලිටු තමා වැනි පිවිතුරු කොල්ලන්ගේ පපු කැනති හූරා දමන්නේත් ඇයිදැයි ඔහුට සිතා ගැනීමට කිසි ලෙසක හැකි වූයේ නැත..

භාතියගේ මතකයට අනුව මේ ලෝක ධාතුවේ සිටිනා අන්තිම අහිංසක, ඇට්ටි හැලෙන හැගීම්බර කොල්ලෙක් වේ නම් ඒ තමාය. ඒත් එහෙව් හැගීම්බරයාව මේ චමෝදි නම් වූ අලුගුත්තේරු කෙල්ල ගණන් ගන්නේම නැත. ඒකිට ලොකු වී ඇත්තේ කොහේවත් ඉදන් මේ කෝච්චි පෙට්ටියට කඩා වැදි, තමාගේ ජීවිතයට කලාතුරකින් පැමිණියා වූ සුවබර රාත්‍රි යාමය සුන්නත්දූලි කරන්නට අර අදිනා කොණ්ඩයාය. තමාට පෙනෙන ආකාරයට නම් උගේ ඇති ගතයුත්තක් නැත. ඌත් කොල්ලෙකි. තමාත් කොල්ලෙකි. එමේ නම් දෙවියනේ වරද ඇත්තේ කොතැනද..?

"අනේ කියන්නකෝ අවිනාශ්... රේස් එකට කලින් ඔයාට මුකුත් උනේ නෑ නේද...?"

ලය මතට දෑත තබාගනෙ චමෝදි තව තවත් තොදොල් වෙයි. භාතියට දැන් නම් පිස්සු හැදෙන්නට ඔන්න මෙන්නය. එහෙත් ඔහු තොල විකාගෙන අහක බලාගත්තේය. මැදිරියේ සියලුම දෑස් යොමුවී ඇත්තේ අවිනාශ් දෙසටය. තමා මෙලෙස ක්‍රෝධයෙන් වෙව්ලමින් ඉවත බලා සිටිනවා කිසිවෙකුටත් හැගෙන්නට ඉඩ හැරීම හොද නැත. අසිරුවෙන් වුවත්, අකමැත්තෙන් වුවත් තමා මේ අප්‍රසන්න පුද්ගලයා දෙස බැලිය යුතුය. මේකා තමාගේ දෙව්ලොව, අපායක් කළ බව සැබෑය. සමහර විට මේ කතාව, මේ කියවෙන අවස්ථාවට වඩා, අවසාන අවස්ථාවේදී මීට වඩා යහපත් පරිසරයක් හෝ තමාගේ හිතේ යම් සැනසීමක් ගොඩ නැගෙන්නට පුළුවන. බොහො විට මේකාව නැවත සිරභාරයට ගැනීමට වුවත් ඉඩ ඇත. එසේ නොවුණහොත් තමාම අංක 119ට දුරකථන ඇමතුමක් දී මේකාව හිරේ අරින්නට වැඩක් සෙට් කළ යුතුය. නැතිනම් මේකා මේ සම්මකපේ තමාට චමෝදිව ලබා ගැනීම සිහිනයක්ම වනු ඇත..

"හැම කරදරයක්ම පටන් ගත්තෙ රේස් එක පටන් ගත්තු දවසෙ ඉදලා.."

බොහෝ නිහැඩියාවකටපසුව ඇසුණු අවිනාශ්ගේ කටහඩින් දුම්රිය මැදිරිය මුළුමනින්ම නිශ්ශබ්ද විය. හාත්පසින්ම ඇසුනේ දුම්රිය රෝද පීළි මත ඇදී යන හඩක්. මැරිදි දෙපැත්තට වැනෙනා ශබ්දයත් පමණි.

"ඒ කියන්නෙ රේස් එක පටන් ගත්තු දවසේ, උං කවුරු උනත් ඔයාට ඇටෑක් කලා.."

"ඒ ඇටෑක් එකේදි ඔයාගෙ අතින් උංට ලොකු ඩැමේජ් එකක් උනා...?"

"ඒ හින්දා තමයි ඔයාට රිමාන්ඩ් එකට යන්න උනේ.. අපරාදේ ඔයාට තිබ්බෙ රේස් එකට නොගිහින් ඉන්න.."

"එහෙනම් මේ ප්‍රශ්න මොනවත් නැතිවෙන්න තිබ්බා.."

අවිනාශ් පටන් ගත් කතාබහේ රිද්මය බිදී ගියේ, එකිනෙකා පරයා මිතුරන් අවිනාශ්ගෙන් ප්‍රශ්න අසන්නට ගත් නිසාය. වැඩියමක් වුවමනා නැත. අවිනාශ් සමග කෝපයෙන් පසුවූ, අවිනාශ් පෙන්නමින් බැරි වූ භාතියගේ කටද ඇරුණේය.. ඒ අවිනාශගෙන් යමක් දැනගැනීමටය.

"දිලීකට මොකද උනේ...?"

සැවොම පුදුමයෙන් මෙන් භාතිය දෙස බලද්දී අවිනාශ්ගේ මුවගට අපූරු මදහසක් ගලා ආවේය. මේ බොකටු කොන්ඩාකාර කඩියා, තමාව නොසලකා හැරිය බැව් අවිනාශ්ගේ මතකයේ උපරිම මට්ටමින් සටහන් වී තිබිණි. අනිත් සියල්ලෝම තමා සමග සුහදත්වයක් ගොඩ නගා ගනිද්දී මේකා පමණක් පැත්තකට වී තමාට රවමින් ගොරවමින්, මිඹිමින් සිටියා මතකය. එහෙව් බුම්මැට්ටා තමාගෙන් තම ජීවිතයේ වැදගත්ම ප්‍රශ්නය අසයි.  මේ ඔලමොට්ටලයාගේ ප්‍රශ්නයට තමා උත්තර දිය යුතු නැත. කෙසේ වුවත් තමා ඇසුවේ අන්තර් ජාතික ප්‍රශ්නයක් බැව්, තමාට ඉහළින් කාක්කෙකුවත් පියඹන්නේ නැතයි විශ්වාස කරන භාතිය සිතා සිටියේය. මේ ප්‍රශ්නය කෙලින්ම අසා මූ කිච කර දැම්මා නම් ඈවරය. දෑවරය. කමක් නැත පසුව හෝ මේකා තුන් ඈවර කර දැමිය යුතුය. භාතිය, අවිනාශ් දෙස බලමින් දිගින් දිගටම සිතුවේය..

"මෙතනින් එහාට දේවල් කියලා තේරුමක් ඇති කියලා මං හිතන්නෑ.. ඒත... ඒත්..."

"ඇ.. ඇයි අවිනාශ්...?"

සමින්ද වහා මැද්දට පැන්නේය. මොනව හේතුවක් නිසාවත් මේ කතාන්දරය අතරමග නතර වනවාට සමින්ද කැමැත්තක් දැක්වූයේ නැත. එහෙත් එය එසේ වන බවට අවිනාශ් වෙතින් මේ වනවිට ඉගි කිහිපයක්ම ලැබී අවසානය. එයට නම් කෙසේවත් ඉඩ ලබා දිය නොහැක. තමා ඇතුලු තම මිතුරන් සියල්ලෝම මේ කතාවේ කොටස් කරුවන් වන තරමටම එයට දැන් ලංවී ඇත. එසේ තිබියදී අවිනාශ් මේ කතාව නොකියා සිටියොත් තමාට පිස්සු හැදෙනු ඇත.. අනික මේ තරම් සිත් ඇද බැද තබාගන්නා කතාබහක්..? තව සිදුවී තිබියදීත් අවිනාශ්ට ගැලවී යන්නට ඉඩ නොදෙන්නට සමින්ද හිත දැඩිකර ගත්තාය..

"ඇයි අපිට මේ දේවල් කියන එකේ තේරුමක් නෑ කියන්නේ..? අපිව අතරමං කරන්න එපා යාලුවා..."

"මං ඔයාලව අතරමං කරනවා නමෙයි.. මට මේකෙන් ලැබෙන දෙයක් නෑ යාලුවනේ.. මට කිසිම දෙයක් ලැබෙන්නෙ නෑ..."

දුක, වේදනාව, සංතාපය, එකට එකතු වී අපූරු බැදීමක් තිබූ ඒ කටහඩෙහි ගොරෝසු බව සමින්දගේ සිතුවිල් වල වහා සිරගත කර තබන්නට විය. මේ අපූරු තරුණයාගේ සිතේ කොතරම් වූ දුකක් සිරවී තිබෙන්නට හැකිද...? එහෙත් ඒ දුක ඇතිවූයේ කෙසේද..? 

"කිසිම දෙයක් නොලැබුණාට කමක් නෑ.. අපි අහගෙන ඉන්නවනේ.. මේ ලෝකෙ ඔයා ඇරෙන්න ඔයා ගැන තව කවුරු හරි යාලුවො ටිකක් දැනගන්නවා කියලා හිතලවත් අපිට කතාව කියන්න.."

චමෝදි බැගෑපත් වූවාය. නයෝමිද ඊට දෙවනි වූයේ නැත. ඇය අවිනාශ්ගේ අතකින්  ද අල්ලාගත්තේය..

"අපේ මේ හැමෝම බලන් ඉන්නෙ ඔයා කතාව කියන කල්.. අනේ අපිව අතරමං කරන්න එපා අවිනාශ්.. දැන් ඉතින් අපි හොද යාලුවොනේ.."

"හොදයි.. ඔයාලා ඔය තරම් කියනවා නම් මං කතාව කියන්නම්.."

අවිනාශ් උගුර පාදා කතාව ඇරඹුවේය. භාතිය සිටියේ එළෝ පොල් නොපෙනෙන තරමේ කේන්තියකිනි..

චමෝදියි, නයෝමියි අතින් අල්ලනකල් මූ හිටියා කතාව පටන්ගන්න.. ඇත්තමයි මූ වගේ ගල් කාෂ්ඨක අවලමෙක්. මේ කවුරුවත් නොබලපු පරණ හිංදි පිචැර් එකක සීන් එකක් මූ මේ කියන්න හදන්නේ.. මං නොදන්නවායෑ.. ඒත් ඉතිං අපේ ඈයො ඔය පිචැර් එක බලලා නැති  හිංදා මූ තමයි වීරයා. මූ කඩින් කඩේ නවත්ත නවත්ත ලස්සනට කතාව කියයි.. අන්තමට බලනකොට චමෝදි මුගේ ඔඩොක්කුවටම යයි.. එතකොට නම් මං ඔන්න තව එක මොහොතක් ඉවසන් නෑ.. අම්මපල්ලා මං මුං දෙන්නව ට්‍රේන් එකෙන් එළියට තල්ලු කරලා දානවා.. එනවා මෙතන පරණ පිචැර් කෑලි කියවන්න.. භාතිය එසේ සිතුවත්, ඒ සිතුවිලි දාමය කිසිදිනෙක ක්‍රියාත්මක කිරීමට හැකිවේද යන්න ඔහුට සැක සහිතය.. මක් නිසාද යත් කවරදාකවත් අවිනාශ් වෙනත් යුවතියක් නම් ඔඩොක්කුවේ තබාගන්නා ආකාරයේ පුද්ගලයෙකු නොවන නිසාය. අවිනාශ් එවැනි පුද්ගලයෙක් වුවත් කිසිම දාක භාතියට, අවිනාශ්ව දුම්රියෙන් එළියට ඇද දැමීමට බැරිවනු ඇත. ඒ වෙනුවට භාතියට දුම්රියෙන් එළියට විසිවී යන්නට සිදුවනු ඇත..

              
 

3 comments:

  1. pattama patta
    word verification ain karannoooo...
    Jeewantha

    ReplyDelete
  2. niyamai ban,digatama liyapan,anith tikath ikmanatama daapan.ela
    Damii87

    ReplyDelete
  3. maxxaaaa...eth soduru navodaya pothe ithuru tika natte ai banz?

    ReplyDelete