Tuesday, March 13, 2012

| නෙතු හැඩුවා ඔබට හොරා | යෞවන සමින්ද්‍ර රත්නායක |






හිම පියලිවලින් පිණි බිංදු මතින්, දියතලාව නගර මාධ්‍යයට වෙනදාටත් වඩා හොදින් හිරු පායා තිබිණි. බැලූ බැලූ අත පෙනුනේ මධ්‍යම කදුකරයේ මනස්කාන්ත දර්ශනයන්ය. ඉහල නගින දුහුවිලි වළාකුලු මතින්, ෆොක්ස් හීල් දාවන පථයේඅවසන් පුහුණුවීම් වල අවිනාශ් නිරතව හිටියේ දැඩි කැපවීමකිනි. පසුගිය වසරේ පැවති සුපර් මෝටර් ක්‍රෝස් යතුරු පැදි විවෘත අංශයේ ඉසව්වේදී තමන් ජයග්‍රහණය කලේ අන්තිම තත්පරයේදී බැව් සිහිපත් වී දුඹුරු ඇසට යටින් වූ මුවෙහි දඩබ්බර මදහසක්, ඔහුටත් නොදැනිම ඇදී ගියේය. එය කෙතරම් අන්තරායකාරී තරගයක් වූයේද..?


අවුරුදු ගනනාවකින් දුටු ඇග කිලි පොලා ගිය, අතිශය ත්‍රාසජනක තරගය එය බැව්, තරගය ඇස්වලින් මෙන්ම කටවල් ද ඇරගෙන නැරඹු බොහෝ දෙනෙකුගේ මතය විය. අවිනාශ් සමග කරට කර සටනක් දී අවසන් මොහොතේ පසුබැස ගිය 'ජෙරම් අතුකෝරාල' ගැන ඔහුගේ සිතේ වූයේ නොබිදෙන ගෞරවයකි. අනිද්දා පැවැත්වෙන විවෘත අංශයේ ඉසව්වට ජෙරම් ද නොවරදවාම සහභාගි වෙනු ඇත. එහෙත් තමා මේ දක්වාම ජෙරම් හෝ ජෙරම්ගේ රතු පැහැති සුසුකි යතුරු පැදිය නොදැකී බැව් අවිනාශ්ට සිහිපත් විය.

කෙසේ වූවත් පසුගිය තරගයට වඩා මේ තරගයේදී තමාගේ වේගය ගැන අවිනාශ් වඩාත් සෑහීමකට පත්ව සිටියේය. වැලමිටි වංගුවක් ලිස්සීමෙන් තොරව යස අපූරුවට වේගයෙන් නමද්දී අවිනාශ්ට දැනුණේ ඇග කිලිපොලා යන ආශ්වාදයකි.

"අ.. වි.. නාශ්.."

යතුරු පැදියේ තිරිංගවල තිබූ සුලු දෝෂයක් පරික්ෂා කරමින් අවිනාශ් සිටියේ යතුරු පැදියට නැඹුරුවය. හැරී බැලූ කල ඔහු දුටුවේ මද සිනහවක් නංවාගෙන උන් ජෙහාන්ය.

"දන්නවද හොට්ම නිවුස් එක..?"

"මොකක්ද..?"

"අනිද්දා රේස් එකට ජේරම් එන්නෑලු.."

"එන්නෑ...?"

ජෙහාන්ගෙ කතාව, අවිනාශ්ට අදහාගන්නට බැරිවිය. ජෙරම් එසේ ලේසියෙන් පහසුවෙන් තරගයක් අත් හරිනා පුද්ගලයෙකු නොවේ. පසුගිව වර්ෂයේ පැවති තරගයේදි ඒ පිළිබද අප්‍රමාණ අත්දැකීම් ප්‍රමාණයක් අවිනාශ්ට ඇත.

"ඔව්.. ජෙරම්.. ප්‍රැක්ටිස් වලටවත් ඇවිත් නෑ.."

දුඹුරු දෙනෙත පුරා ඇදී ගියේ අතිශයින් නොපහන්කාරී බැල්මකි. ඒ දෑස දුටු ජෙහාන්ගේ සිතට නැගුණේ දැඩි විමතියකි. මේ ප්‍රීතිමත් ආරංචිය ලැබුණු විගස තමා උඩ පැනගෙන ආවේ, තම ලබැදි සගයාට පවසන්නටය. එහෙත් පෙනෙනා පරිද්දට ඔහු මුහුණ එල්ලාගෙන සිටියි.

"මේ පාර උඹට ගේමක් ඇත්තෙම නෑ.. ජෙරම් නෑ කියන්නෙ, උඹ පරදින්නැතුවම ගේම් එක වින් කරා කියන එකයි. කවුරු ඉස්සෙල්ලා ඇටෑක් එකට ආවත්, ලාස්ට් රවුන්ඩ් වලදි උඹට ෆයිට් එකක් තියෙන්නෙ ජෙරම් එක්කනේ."

දිගින් දිගටම කතා කරමින් සිටිනේනේ තමා පමණක් බැව් පළමු වතාවට ජෙහාන්ට වැටහිණි. කොතැනක හෝ කුමක් හෝ වැරදීමක් සිදුව ඇත. එහෙත් ඒ දේ කුමක්ද..? ජෙහාන්ට වටහා ගත හැකි දේ වූයේ එයයි. අනික තමන් අවිනාශ් හමුවට පැමිණ කීවේ එකම එක දෙයකි. ජෙරම් අතුකෝරාල මෙම තරගයට සහභාගි නොවන බවය.   

"ඇයි ජෙරම් එන්නැත්තේ..?"

දිගු කොණ්ඩය විසි වන සේ, හිස සෙලවූ අවිනාශ්, ජෙහාන් දෙස එක එල්ලයේම බැලුවේය.  

"හේතුව නම් මං දන්නෑ.. ඒත් පුංචි ප්‍රශ්නයක් තියෙන පාටයි.." 

"ඒ කියන්නේ..?"

"මං හිතන විදියට නම් මිනිහව කවුරු හරි නවත්තලා වගේ.."

"නවත්තලා...?"

මෙතුවක් ජෙහාන් දෙසට එල්ල වී තිබූ දුඹුරු දෙනෙත, ධාවන පථයේ ඈත ඉමක් කරා යොමුවිණි. 

"දන්නැද්ද..? ඉතිං.. තැනින් තැන මිනිස්සු කතා වෙනවා.. එක එක දේවල්"  

"එක එක දේවල් මොනවද ජෙහාන්..?"

නැවතත් අවිනාශ්ගේ පරික්ෂාකාරී බැල්මට ජෙහාන්ගේ හිසේ සිට පාදය දක්වාම අසුවිණි.

"ජෙරම්, සල්ලි අරගෙන රේස් එක මිස් කරන්නලු ඉන්නේ.."

"ඒක වෙන්න බෑ ජෙහාන්.. මිනිහා එහෙම කෙනෙක් නෙමෙයි.. සල්ලි වලට යටත්වෙන්නැති කොන්දක් ජෙරම්ට තියෙනවා.."

"මං කියන දේ උඹට තේරෙන්නෙ නෑ.. සමහර විට ජෙරම් හෙට රේස් එකට එයි.. ඒ ඇවිත් ඕනකමින් උඹට පැරදෙයි.."

"ඇයි ජෙරම් එහෙම කරන්නේ..?"
      
"බුකි කාරයො දිනවන්න..."

තමන් දකින්නට කැමති නැති තියුණු මදහසක්, අවිනාශ්ගේ මුවේ ඇදී යනු දුටුවේය. තමා කීවේ අනවශ්‍ය කතාවක්දැයි ඔහු දෙවරක් තෙවරක් කල්පනා කරන්නට ගත්තේ වචන ටික පිටකර හමාර වූ පසුවය. එතැන් සිට පැය දෙකක් පමණ කිසිදු කතාබහකින් තොරව අවිනාශ් කලේ ධාවනපථය තුළ පුහුණුවීම්ය. සමහර විට මේ සියලු කතා කරළියට එන්නේ, තමාගේ මානසික ඒකාග්‍රතාවය නැති භංගස්තාන කරන්නට හෝ තමා ගැන අධිතක්සේරුවෙන් යුක්තව සැහැල්ලුවෙන් තරගයට යොමු කර පරාද කරන්නට හෝ වෙන්න පුළුවන..

"මං හෙට උදේ ජෙරම්ව හම්බවෙන්න යනවා.."

"ඇ.. ඇයි.. ඒ...?"

තමන්ගේ තරගකරු හට, අවිනාශ් සිදු කරන්නට යන්නේ කුමක්දැයි පිළිබදව නිවැරදි වැටහීමක් ජෙහාන්ට තිබුණේ නැත.

"මේ දැන් ලැබුණු ආරංචිය ඇත්තක්ද කියලා බලන්න.."

ඒ සමගම පසෙක තිබූ ගමන් මල්ලේ වූ අවිනාශගේ ජංගම දුරකථනය කෑගසන්නට විය. තුනී නොවීම පැවතුනා වූ ජෙරම් පිලිබද ගැටලුව මුහුණේ ලියාගෙනම, අවිනාශ් දුරකථනය සක්‍රීය කරගත්තේය.

 "ලාස්ට් ඉයර්... මෝටර් ක්‍රෝස් චෑම්ප්ද..?"

අනෙක් පසින් ගලා ආවේ අමුතු තාලයේ කටහඩකි. මේ කවුරුන්දැයි කියා මතක් කර ගන්නට හිත කොයි තරම් දග දැම්මත් වඩා සාධාරණ ලෙසට කිසිදු රූපයක් අවිනාශගේ මනසේ ඇදුණේ නැත.  

"ඔව්.. කවුද මේ කතා කරන්නේ..?"

"කතා කරන්නෙ කවුද කියනෙක චෑම්පට වැදගත් වෙන්නෙ නෑ. ඒත් අනිද්දට තියෙන ඉවෙන්ට් එකට කලින් දෙන්න උපදේසයක් තියෙනවා. ඒක චෑම්ටත් වැදගත් වෙයි.." 

ජෙරම් පිළිබද වූ මූලික කතාබහෙන් ඇති වූ නොසන්සුන්කම, මේ දුරකථන ඇමතුමත් සමගම අවිනාශ්ගේ සිත තවත් ඉසව්වකට පෙරලා දැම්මේය. 'හොද දෙයක් වෙන්න නම් බෑ' යන සිතිවිල්ල සිතේ මුල්ලකින් ඉවුරු බිදගෙන ඉදිරියට එන්නට විය. ඒත් කවුද මේ..?  

"මං අහගෙන ඉන්නේ.."

"ඒක හොදයි.. අහගෙන ඉන්නව වගේම, මේ කියන දේවල් ක්‍රියාත්මක කරනවා නම්.. කාගෙ කාගෙත් ඇගට ගුණයි.."

අමුතුම තාලෙයේ කටහඩ මේ අර අදින්නේ කුමකටදැයි අවිනාශ්ට වැඩි අපහසුතාවයකින් තොරව සිතන්නට උවමනාවට වඩා දරුණු, ඒ කෙරුණ කතාබහේදී එළියට පැන තිබිණි.

"අනිද්දා ෆොක්ස්හීල් වලදි අවිනාශ් පරාද වෙන්න ඕන..."

තම සිත මදක් වෙව්ලුම් කා ගිය සෙයක්, අවිනාශ්ට දැනුණි. සමහර විට ජෙරම්ට ද වන්නට ඇත්තේ මේ කතන්දරයම විය හැක. තම ආත්ම ගෞරවය තකා ඔහු තරග නොවදින්නට තීරණය කරන්නට ඇත. එවිට පැරදීම කෙසේ වෙතත්, ප්‍රේක්ෂක ජනතාවගේ සිත් තුළ ජීවත්වූ අසහාය සටන්කරුවා තවදුරටත් කිසිදු අවුලකින් තොරව නිදහසේ හිදිනු ඇත.

"කවුද මේ කතා කරන්නේ...?"

"කතා කරන්නෙ 'චෑම්ප්' ගැන හුගාක් දේවල් දන්න කෙනෙක්.. ඒ වගේම චෑම්ට ඕන දෙයක් කරන්න පුළුවන් කෙනෙක්.. ඒක හින්දා මේ හොදින් කතා කරනව වගේම, ඒ කියපු වැඩෙත් හොදින් කරහම හැමදේම නිරවුල් වෙයි. එහෙම නැත්තම්...?"

මෙතෙක් වේලා එහා පැත්තෙන් ඇසුණු සාමකාමී කටහඩ කෙමෙන් බරසාර එකක් වූ බව අවිනාශ්ට වැටහිණි. එහෙත් ඔහුගේ සිත බියට පත්වූයේ නම් නැත. තම ලැබැදි යතුරු පැදි ධාවන ශූර මිතුරා කුමක් හෝ ගැටලුවකට මුහුණ පා ඇති වග මේ වනවිට ජෙහාන්ට වැටහී තිබිනි. ඔහු අවිනාශ් දෙසම බලා සිටියේ එබැවිනි. 

"එහෙම නැත්නම් මොකද වෙන්නේ..?"

"ඔය ලස්සන ජීවිතේ හුගාක් ඉක්මනට නාස්තිවෙලා යයි.. තියන්නම්..."

ඇමතුම අනිත් පසින් විසන්ධි වෙද්දී, තමාට පැහැදිලිව ලැබුණු තර්ජනයද සිතේ තබාගෙන අවිනාශ්, ජෙහාන් දෙස බැලීය. ඒ මුහුණේ ඇත්තේ තව් මැරුණු පෙනුමකි..

"අවුලක්ද..?"

"ඔව්.. ජෙහාන්.."

"ඇ.. ඇයි...?"

"මගේ ඉවන්ට් එක පරාද වෙන්නලු.."

"මො.. න.. වා..!"

"ඔව්.. පැහැදිලි තර්ජනයක්. සමහර විට ජෙරම්ටත් මේ වගේ දෙයක් තමයි වෙන්න ඇත්තේ.."  

"ඔය කිව්වහම තමයි මටත් ඒක මතක් වුණේ.. ඒත් ඉතිං උඹවයි, ජෙරම්වයි අයින් කරලා කවුද මේක දිනන්න හදන්නේ..?" 

"මටත් ඒක තමයි හිතාගන්න අමාරු.."

පැහැදිලි ලෙසම අවිනාශ් කැළඹිමට පත්ව ඇති බව ජෙහාන්ට මේ වනවිට තේරුම් ගොස් තිබිණි. එහෙත මොන දේ ඉදිරියට ආවත්, අවිනාශ් යනු බයගුල්ලෙක් නොවන බව ජෙහාන් අවිවාදයකින් තොරව දැන සිටියේය. සිතේ මහමෙරක් තරම් සවිමත් බවක් නොමැති නම් මේ ත්‍රාසජනක ක්‍රීඩාවේ යෙදිය නොහැකි බව ජෙහාන් වටහා ගෙන තිබිණි.

"අපි දැන් මොකද කරන්නේ අවිනාශ්..?"

"කරන දේ නම් පැහැදිලියි.."

"ඒ කිව්වේ...?"

"කවුරු මොනවා කිව්වත්, කවුරු මොනවා කෙරුවත් මං හෙට ඉවෙන්ට් එකට ඉන්නවා.. ඒ වගේම මං දිනනවා.." 

අවිනාශ්ගේ ස්ථිරසාර කටහඩ ධාවන පථයේ පෙර පුහුණුවීම් වලට යෙදෙන ධාවකයින්ගේ යතුරු පැදිවල ශබ්දය අතිරින් ජෙහාන්ට පැහැදිලිවම ඇසිණි. ඔහු හිස ඔසවා තම මිතුරා දෙබ බැලුවේ විමතියෙනි.

"එ.. එතකොට ආපු කෝල් එක.."

"ඒක එහෙම්ම තිබුණාවේ.. මං කැමතියි ඒ තර්ජනයට.."

"අපි මේ ගැන පොලීසියටවත් කියමුද..? මොකද මේක සුළුවෙන් තකන්න බෑනේ.. ඔය කෝල් කරපු එකා උඹට කරදරයක් කලොත්..?" 

"ට්‍රැක් එකේදි මාව වට්ටන්න කාටවත් බෑ. මං කීයටවත් හිතන්නෑ මෙතෙන්දි මට කවුරු හරි ඇටෑක් කරයි කියලා. කරනවා නම් එළියෙදි තමයි. ඒත් ඉතිං ඒකටත් ඕනෙ කරන කළමනා මං ළග තියෙනවා.."   

අවිනාශගෙ මුවෙහි ඇදී ගියේ ඉතා අපූරු වූ මන්දස්මිතියකි. එය දිගේ සිතන්නට ඕන තරම් කරුණු කාරණා ජෙහාන්ට අතොරක් නෑර තිබිණි.  

"ඒ කියන්නෙ 'ඩී.ජේ. ගෘප්' එක...?"

"ඔව්.. මේ පාර 'ඩී.ජේ ගෘප්' එක එළිපිටම මං ළගට ගන්නවා. උඹ දන්නවනේ.. මං කිව්වොත් උන් පණ උනත් දෙනවා කියලා"

මෙතුවක් නොදැනුන අස්වැසිල්ලක් ජෙහාන්ගෙ සිත හරහා ඇදී යයි. ඩී.ජේ ගෘප් එක අවිනාශ් සම්බන්ධ කරගන්නවා නම් කිසිදු අවුලක් නැත. එකම පවුලේ සොහොයුරන් හතර දෙනෙකුගෙන් සමන්විත එකී කණ්ඩායම පිළිබද හොද නරක බොහෝ දේ සෑහෙන ප්‍රමාණයක් ජෙහාන් අසා තිබිණි. තර්ජන, ගර්ජන කිරීමට මෙන්ම ප්‍රභු ආරක්ෂාව උදෙසා, මේ අවස්තාවේ ක්‍රියාත්මක වන අංක එකේ අති ධාවනකාරි කල්ලිය ඩී.ජේ ගෘප් විය. එහෙත් අවිනාශ් ඔවුන් හා සම්බන්ධ වූයේ කෙසේ දැයි ජෙහාන් දැන සිටියේ නැත. ඒ වගේම ඒ ගැන අවිනාශ් කිසිවක් කීවේද නැත. 

"කෝකටත් අපි පරිස්සම් වෙමු අවිනාශ්.."

"මං කොහොමත් පරිස්සමින්.. ඒත්.. පරිස්සම් සහගතව ඉන්න මට කරදර කරන්න ආවොත්, මාත් අරපරිස්සම් තමයි.."

කිහිප අතකට හිතන්නට උවමනා වචන ගොන්නක් එළියට ඇද දැමූ අවිනාශ් යතුරු පැදියට නැග ගත්තේය.

"අවිනාශ්.. ප්‍රැක්ටිස් කරලා ඉවරද..?"

"ඔව්.. අනිද්දා රේස් එකට කලින් කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා.." 

"ඔය ආපු කෝල් නම්බර් එක මොකක්ද..?"

"වැඩක් නෑ.. ඒක ලෑන්ඩ් ලයින් එකක්.."

"ඒ කියන්නේ, කොහේ හරි කොමියුනිකේෂන් එකකින් ගන්න ඇත්තේ.."  

"ඔව් ජෙහාන්.. මාත් එහෙම තමයි හිතුවේ.. මොනවා උනත්, උං මට ඇටෑක් කරන්නෙ මගේ රේස් එකෙන් පස්සෙනේ.. මොකද මං පරදිනවා බලන්නනේ උං ඉන්නේ. ඒක හින්දා අද දවස ගැන අපිට බයවෙන්න දෙයක් නෑ.." 

අවිනාශ්ගේ මුවේ ඇදී ගිය ධෛර්යමත් සිනාව හේතුවෙන්, මෙතුවක් වේලා ජෙහාන්ගෙ සිතේ පෙරලි කළ බියද ඉවතට ඇද දැමුවේය..

                           *************************************

සවස් කාලය එළඹෙමින් තිබිණි. ජෙහාන්ගෙන් සමුගෙන එද්දීද අවිනාශ්ගේ සිතේ පෙරළි පෙරළි තිබුනේ එකම එක සිතුවිල්ලකි. ඒ විවෘත යතුරු පැදි අංශයේ අතිශය තරගකාරීත්වය පිළිබදවය. තමා ඉහළින්ම ආශා කල, අනන්ත කැපකිරීමකින් පුදුරු පුහුණු වූ මේ හැඩකාර ඉසව්වෙන් තමාට ඉවත්වන්න යැයි තර්ජනය කරන, කැත සත්වයා කවරුන්දැයි සිතා ගත නොහැකිව ඔහුගේ සිතට අපහැදිලි කේන්තියක් ගලා ආවේය.

ඉතා විශිෂ්ඨ ගනයේ යතුරු පැදි ධාවකයෙකු වූ තමගේ අසලකටවත් පසුගිය වර්ෂයේදී ජෙරම් පැමිණෙනතුරු කිසිවෙකුටත් ළංවිය නොහැකි වූ බැව්, ඒ කේන්තිය මැදින්ම අවිනාශ්ට මතක් කර දුන්නේය. කඩා හැලෙන නයගරා දිය ඇල්ල මෙන් ජෙරම් ඉදිරරියට ආවද ඔහුටද අත්වූයේ සිතාගත නොහැකි වූ පරාජයකි.

ෆොක්ස් හීල් ධාවන පථයෙන්, බදුලු කොළඹ ප්‍රධාන මාර්ගයට ආ අවිනාශ් යතුරු පැදිය නවතා ජංගම දුරකථනය අතට ගත්තේය. දුරකථනයේ තිබුණු අංක ටික පිලිවෙලින් කියවූ විට එහි තිබුණේ ඩී.ජේ ගෘප් හි වැඩිමලාගේ අංකයය.

"ඩිල්ෂාන්... මං අවිනාශ්.. මට ඔයාම මීට් වෙන්න ඕන.."

"සුපුරුදු ආමන්ත්‍රණ වලින් තොරව අවිනාශ් කෙලින්ම කියා දැමුවේය... වෙනදා දැකිය හැකිවූ සැහැල්ලු බව අවිනාශ්ගේ කටහඩේ නොමැති බවක් ඩී.ජේ ගෟප් හි වැඩිමහල් සහෝදරයා වූ ඩිල්ෂාන්ට සිතිණි. ඔහු එක තත්පරයෙන් සියල්ම තේරුම් ගන්නා ආකාරයේ අතලොස්සක පමණ වූ පුද්ගලයන්ගෙන්, ඉදිරියනේම සිටිනා ප්‍රවීණයෙකි."

"ප්‍රශ්නයක්ද අවිනාශ්...?"

"ඔව්.."

ඒ 'ඔව්' කීම ඩිල්ෂාන්ගේ පපුව ඇතුලටම කිදා බැස්සේය. ඔහු වහාම ක්‍රියාත්මක විය. 

"මොකක්ද වෙන්න ඕන..?"

"ඒක මං මීට් උනාට පස්සෙ කියන්නම්.. මේ හැමදේටම මං ඔයාලට හොදට ගෙවනවා ඩිල්ෂාන්.."

සැහැල්ලුකමකින් ගලා ආවද ඒ වදන්වල තිබූ බර සාර බව ඩිල්ෂාන්ගේ පපු කහරය පසාරු කරගෙන ගියේය. ඔහුගේ සිතට දැනුනේ දැඩි නොසන්සුන් කමකි..  

"ඒ කතාවට මං කැමති නෑ අවිනාශ්.."

"ඇයි...?"

"අපේ යාලුකම, සල්ලිවලට වැඩිය වටිනවා කියලා ඔයාට හිතෙන්නැද්ද..?" 

"මට වටිනවා.. ඒත් මේක ඔයාලගෙ ජීවත උනත් හානිවෙන්න පුළුවන් තරමේ කේස් එකක්.. ඒකයි මං ඒකට මිලක් නියම කරේ.."

"ඔයාගෙයි, මගෙයි, මගේ මල්ලිලා තුන්දෙනාගෙයි සම්බන්ධයට මිලක් නෑ අවිනාශ්. අපි ඕනම වෙලාවක ඔයා කියන දෙයක් කරන්න බැදිලා ඉන්නවා. ඒ දේ හැමදාටම එහෙමයි.. ඔයාට පුංචි ප්‍රශ්නයක්වත් වෙන්න අපි ඉඩ තියන්නෙ නෑ. ඒක  හින්දා අපි සල්ලි ගැන කතාව නවත්තමු. අනික මට ඕන තරම් සල්ලි තියෙනවා.."

"මං වෙනුවෙන් ඔහොම හිතන එකට තෑන්ක්ස්. ඒත් මේක හගේ හිතට හරි නෑ. ඕනම දෙයක් නිකං කරනකොට කිසිම වටිනාකමක් නෑ.."       

"ඔයා මොනවද මේ කතා කරන්නේ..? ඔයා ඇයි වටිනාකම් ගැන කතා කරන්නේ..? ඔයා අපිට කරපු උදව්ව අපේ මුළු ජීවිතේටම අමතක වෙන්නෑ. අපිට අමතක කරන්නත් බෑ. අපි ඔයාට කොයි තරම් ණයද කියලා ඔයා දන්නවද..? එහෙම තියෙද්දි තමයි ඔයා අපිට තවත් ගෙවීම් කරන්න හදන්නේ.."

අවිනාශ් එයට කිසිවක්ම කීවේ නැත. 'උදව්ව' යනුවෙන් ඩිල්ෂාන් හැදින්වූ දෙය පිළිබදව ඔහුගේ සිතට බොහෝ දේ ගලා ආවේය. ඩිල්ෂාන්ගේ කතාව ඇත්තය. තමා ඔවුන්ට කළ උදව්ව, තම ජීවිතයද අවදානමකට ගෙන කළ විශිෂ්ඨ ගනයේ ක්‍රියාදාමයකි. වැඩිදුර නොසිතා, කගේ කවුරුන්දැයි නොදැන කල එම දඩබ්බර 'මාෂල් ආට්ස්' පහරදීම තමාගේත්, ඩී.ජේ ගෘප්හීත් ඇයි හොදයියේ මූලික අඩිතාලම විය. එම මුල් පියවරෙන් පටන් ගත් සබැදියාව දිනෙන් දිනම ශක්තිමත් වූවා මිසත, අංශු මාත්‍රයකින්වත් බිද වැටීමක් සිදුවූයේ නැත. සිදුවන්නට ක්‍රමයක්ද ඇත්තේ නැත.

"ඩිල්ෂාන්... ගෙවීම් ගැන කතා කරන්න අකමැතියි නේ.. එහෙනම් මං වැඩේ අතෑරලා දානවා.." 

"ඒ කිව්වේ..?"

මදක් වික්ෂිප්ත වී ගිය ඩිල්ෂාන්ගේ මුවට වචන ගලා ආවේ තරමක් ප්‍රමාදවය. මුළු ඌව පලාතටම අණසක පතුරවාගෙන සිටින තමන්ටත් වඩා, මේ අවිනාශ් නම් දඩබ්බරයා ඉදිරියෙන් සිටින බැව් ඩිල්ෂාන්ට මොහොතකට හැගී යන්නට විය..

"ඔයාලගෙ ජීවිතේ අවධානමට දාන්න මට බෑ.."

"එහෙනම් අපි වෙනුවෙන් ඔයාගෙ ජීවිතේ අවධානමකට දැම්මේ.." 

"ඒක මං කරේ ඔයාලා කවුද කියලවත් දන්නෙ නැතුව.. එතන වෙන කවුරුහරි හිටියත් ඒ දේ මං කරනවා.."  

"මං ඒක පිළිගන්නවා.. කොහොම උනත් ඔයාට මට කතා කරපු එක ගැන, මගේ හිතට හුගාක් සතුට දැනෙන දෙයක්.. අපිට කරපු උදව්ව වෙනුවෙන්.. ඔයාට ඕනෙම දෙයක් අපෙන් කරගන්න පුළුවන්කම තිබුණත්, වැදගත් මහත්තයෙක් වගේ ඔහොම කතා කරපු එක ගැන, මගේ හිතේ ලොකු හැගීමක් තියෙනවා.." 

"ඒක තමයි ඩිල්ෂාන් මාත් කිව්වේ.. මං මේ දේ නිකම්ම කර ගත්තොත්, ඔයාලට එදා දීපු හෙල්ප් එකට ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු උනා වගේ වෙනවා.." 

"හරි කමක් නෑ.. ඔයා කැමති ගානක් අපිට ගෙවන්න.. එතකොට කොහොමද අපි  මීට් වෙන්නේ..?" 

"ඒක නම් ටිකක් ලොකු ප්‍රශ්නයක් තමයි.. මේ කතන්දරේ වැඩිය එළියට දාන්නත් බෑ.. මොකද මේ තත්පරේ ඉදලා, මාව ෆලෝ කරන්න තියෙන ඉඩකඩ හුගාක් වැඩියි. මං ඔයාලත් එක්ක ජොයින්ට් වුණා කියලා දැනගත්තොත්, උං ප්ලෑන් එක වෙනස් කරන්න ඉඩ තියෙනවා. ඒක මට ලොකු අනතුරක්.." 

"මට තේරෙනවා.. එහෙම නම් අපිට මීට් වෙන්න තියෙන්නෙ එකම තැනයි.." 

"ඒ කොහේද..?"

"අපේ ගෙදර..."

"ඔයාලගෙ ගෙදර..?"

"ඔව්.. ඇයි ඔයා කැමති වෙන තැනක් තියෙනවද..? එහෙමත් නැත්නම් ඔයාට මුකුත් ප්‍රශ්නයක්ද..?"

"නෑ.. නෑ.. මුකුත් නෑ.. මං හෙට උදේ එන්නම්.."

ඩිල්ෂාන්, ගෙදර කියූ සැනින් අවිනාශ්ගේ සිතට නැගුනේ ඩී.ජේ ගෘප් හී සොහොයුරන්ගේ එකම නැගණිය වූ දිලිකාය. තමාගෙන් ඩී.‍ජේ ගෘප් හී සොහොයුරන්ගේ එකම නැගනිය වූ දිලීකාය. තමාගෙන් ඩී.ජේ ගෟප් එකට සිදුවූ අති විශාල උපකාරය ද දිලීකා නිසා සිදුවූවක් බැව් ඔහුගේ සිතට නැගුණේ නිරායාසයෙනි. දුරකථන ඇමතුම විසන්ධි වෙද්දී අවිනාශ්ගේ සිතේ එම ත්‍රාසජනක සිද්ධිය යලිත් වරක් ඇදී ගියේය. එවකට, දිලීකා යනු කවුරුන්ද කියාත් අවිනාශ් දැන සිටියේ නැත. සියල්ලම ඇරඹුනේ නොසිතූ පරිද්දටය.

                                      ********************************

සීත දෙසැම්බරය ඇරඹෙමින් තිබුණේ හෙමි හෙමිහිටය. දියලතාව නගර මධ්‍යයට හිරු එබී තිබුණේම නැත. හාත්පසම පැතිරී තිබුනේ අදුරු පැහැති වලාකුලු වලින් ගත පොරවා ගත් වැහිබර අහසකි. ගත දැවටුණ ලෙදර් වර්ගයේ ජැකට්ටුව නිසා අවට වූ සීතල නොදැනුනද මේ සුළගත් සමග එන හිරිගඩුවට අවිනාශ් දැක්වූයේ අප්‍රමාණ වූ කැමැත්තකි. ජෙහාන් හමුවීමට බණ්ඩාරවෙල යාමට තිබුණත් අවිනාශ් තත්පරයෙන් තත්පරය ඒ ගමන ප්‍රමාද කරේ සැමදා විදින පරිසරයේ චමත්කාරය නිසාමයි..

තමාට හුරු පුරුදු අධික වේගයෙන්ම අවිනාශ් පයිනස් වනයෙන් වටවූ හුදෙකලා මාවත දිගේ යතුරු පැදිය පදවමින් සිටියේය. සර සර හඩින් මහා යන සුළගත්, වැහිබර මන්දාරමත් මැදින් තමාට කුමක් හෝ නුහුරු කෑගැසීමක් ඇසුනායැයි අවිනාශ්ට සිතුණි. එහෙත් සැක කටයුතු දෙයක් දකින්නට පෙර බැහිබර අහස් මන්දාරම බිමට කඩාගෙන වැටෙන්නට පටන්ගෙන තිබුණි. නැවතත් සිහින් ශබ්දයක් ඇසුනද, සිතට එබුණු සැකයපසෙක තමා, අවිනාශ් යතුරු පැදිය රේක් කර ගියර මාරු කෙරුවේය. තවත් ප්‍රමාද වුවහොත් ඇතිවන්නට තෙමී නසින්නට වෙනවා ඇත. කෙසේ වුවත් තමාගේ සුපුරුදු අති ධාවනකාරි රටාව නිසාම වැස්සට කලින් නොතෙමී බණ්ඩාරවෙල යා හැකි බැව් අවිනාශ් හොදින්ම දැන සිටියේය..

ගියරය මාරු කෙරුවද අවිනාශ්ගෙ නෙතු තිබුනේ පයිනස් වනාන්තරය එල්ලේම, කුමක් හෝ අදිසි හේතුවක් නිසා, එතැනින් දෙඇස් ඉවතට ගැනීමට ඔහුට නොහැකි වී තිබුණි. තමාට යාන්තමින් ඇසුණු කෙදිරීම, විලාපයක් යැයිද එය ගැහැණියකගේ විය හැකි යැයිද අවිනාශ්ට අහම්බෙන් මෙන් සිතුණි. ඒත් මේ පාලු මූකලානක් වැනි වූ පයිනස් ගස් අතරේ රැදී සිටින්නේ කවුරුන්ද..? වැහි පොද ටිකෙන් ටික වැඩිවෙමින් තිබූ නිසාම, මුහු මුහුණම ආවරණය වී තිබූ හිස්වැසුම නොගලවාම අවිනාශ් යතුරු පැදියෙන් මෑත් වූයේය. ඔහුගේ පළමු බැල්මටම හසුවූයේ තාර ගැට්ටට මදක් ඔබ්බෙන් වූ වැලිතලාවේ තිබූ සුදු පැහැති කාන්තා සෙරෙප්පුවකි. ඒ ළගම වැටී තිබුණේ ක්‍රීම් පැහැති සාමාන්‍ය ප්‍රමණයේ ගමන් මල්ලකි..

"උඹට ඕන උනේ මේ ටික කර ගන්නනේ..." 

බෑවුම්කාර පයින්ස් වනාන්තරය මැදින් ගලා ආවේ හද්ද ගොරෝසු පිරිම් කටහඩකි. ඒ කටහඩට සමාන්තරව ඇසුනේ ගැහැනියකගේ සිහින් ඉකි බිදුමකි. කුමක් හෝ සිදු නොවිය යුතු දෙයක්, සිදුවන්නට යන බවක් හෝ සිදුවී ඇති බවක් අවිනාශ්ට ඉවෙන් මෙන් දැනී තිබුණි. තවත් බලා සිටීමේ කිසිම අවශ්‍යතාවක් නැත. පිරිමි කටහඩ ඇසෙනා ඉසව්වට අවිනාශ් ප්‍රවේසමෙන් අඩිය එසෙව්වේය. තමා ප්‍රවේසම් වුවද ඇස් ඉදිරියේ තිබුණේ අන්තරායකාරී දර්ශනයක් බැව් එකම එක තත්පරයකදී අවිනාශ්ට වැටහුණි. ඔහු මෙය කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දර්ශනයකි. හඩක් ඇසුණාට, ගැහැණියකගේ ඉකි බිදුමක් වැනි විලාපයක් ඇසුනාට මෙවැනි දෙයක් ඔහු කොහෙත්ම සිතුවේ නැත.

පහළ වූ බෑවුම් කොටසේ තරුණයෝ හතර දෙනෙක් තරුණියක්ව තව තවත් කැළය තුලට ඇදගෙන යාමට පහසු උත්සාහයක් දරන අයුරු ඔහුට පෙනිණි. නිසැකවම ඔවුන් හදන්නේ මේ තරුණියට බලහත්කාරකමක් කරන්නටය. එහි ආයෙ කතා දෙකක් නැත. මෙවැනි කාලයක, මෙවැනි පරිසරයක, මෙවැනි අවස්ථාවක ඇයට ගැලවිමට ඇති හැකියාව සියයට දශම ගණනක් බැව් සිතීමට කාරණා අවශ්‍ය නොවේ. වෙන තරුණයෙකු නම් මෙතනින් එහාට සිදුවීම නොදැක්කා සේ ඉවත බලා හැරී යනු ඇත. එසේත් නොමැති නම් මදක් ධෛර්යය සම්පන්න අයෙකු නම් පොලීසියට හෝ 119ට දුරකථන ඇමතුමක් දී ඇග බේරාගනු ඇත. එවිට අර තරුණියට සිදුවිය යුතු සියල්ලම සිදුවී හමාර වනු ඇත.

එහෙත් අවිනාශ් අයත් වූයේ ඉහතින් කියූ තරුණයන් දෙකොටසටම නොවේ. ඔහු කෙලින්ම ක්‍රීඩා පිට්ටනියට පැන ක්‍රීඩා කරන ආකාරයේ පළපුරුදු ක්‍රීඩකයෙකි.

"අද ඉදලා, මේ තත්පරේ ඉදලා උඹේ මහ ලොකු අයියලා හතර දෙනාට, බල්ලො වගේ මගේ පස්සෙන් එන්න වෙනවා. කොහොමද උන් කන් කෙදිරි ගගා, අනේ අපේ එකම නංගි බදින්න. කියලා වැලපෙනකොට. හහ්... හහ්.. හා.. ඒ ගැන හිතනකොටත් මගේ ඇග කිළිපොලා යනවා.."

තරුණ පිරිසේ වූ හැඩි දැඩි එකා, තරුණියගේ දෑත් දෙපැත්තට අඹරන ගමන් උඩු බුරන්නට ගත්තේය. අන්ත අසරණ වී සිටි තරුණියට කෑගසන්නට පවා දිරියක් නැත්තා සේය..

"මේකව උඹ විතරක් අයිති කරගන්නද හදන්නේ...?"

"නෑ.. නෑ.. උඹලා බය වෙන්න එපා.. මං පාවිච්චි කරලා ඉවරවෙලා උඹලටත් දෙනවා.. එතකොට නේ බං අගේ වැඩි.. අනික මේකිත් කැමති වෙයි.." 

   "අන්න එහෙම වරෙන් මස්සිනා.. ඔය වගේ සාඩම්බර වචන ඇහෙනකොට මගේ රෝප කූප වගේ අනිත් එව්වත් කෙලින් වෙනවා.."

"එහෙනම් වටේට ගාඩ් එක දීපල්ලා. අපිට වැඩි වෙලා නෑ.."

"ඔව්.. ඔව්.. පුළුවන් තරම් ඉක්මනට.."

මත්පැන් අඩු වැඩි වශයෙන් අරගෙන හුන් ඔවුන් කරන්නට යන දේ ගැන අවිනාශ්ට රහසක් නොවිය. මේ පාහරයින් හදන්නේ අන්ත අසරණ වී සිටි කෙල්ලෙක්ව අමු අමුවේ දූෂණය කරන්නටය. අවිනාශ්ගේ සිතට සැනෙකින් ආ ගැටලුව නම්, මේ පාලු පයිනස් වනාන්තය තුළට ඇය මොවුන් හා පැමිණියේ ඇයිද යන්නයි..

"අ... අනේ මට කරදර කරන්න එපා... ම.. මට යන්න දෙන්න.."

සිහින් ඉකිබිදුමකින් යුක්ත වූ ඒ ශෝකි විලාපය අවිනාශ්ගේ සිතට මතක් කර දුන්නේ අන්ත අසරණ දුගී දැරියකගේ තත්වයකි. එහෙත් පෙනෙනා පරිද්දට නම් ඇය දුගී දැරියක් නොවන බව, සක් සුදක් සේ පැහැදිලිය.

"අපොයි.. අපි ඔයාට යන්න දෙනවා.. අපේ වැඩේ යස අගේට කරගත්තාම.. අද අපේ හනිමූන් දවසනේ බබා.. ඉතින් නාඩා ඉන්න පැටියෝ.."

තරුණිය මහත් වෑයමකින් ගැලවී යන්නට තැත් කරද්දි හැඩි දැඩි තරුණයාට පසෙකින් සිටි උස කෙට්ටු තරුණයා ඇයව කැළය තුළට තල්ලු කර දැමීමට උත්සාහ දරමින් සිටියේය. අහසින් පාත් වූවාක් මෙන් තමන් පසුපස සිටින ආගන්තුකයා, මුලින්ම දුටුවේද අර උස කෙට්ටු තරණයාය.

"මේ මොකාද බං මේ...?"

ගලින් නොලූ පිලිමයක් පරිද්දට තමන් පසුපස සිටිනා මේ පුද්ගලයා හදුනාගත නොහැකිව, ඔවුන් උඩ බිම බලන්නට විය. කෙසේ  හදුනා ගත්තා වුවද මේ නම් ගැටලුකාරි තත්වයක ආරම්භයකි. දින ගණනාවක් සැලසුම් කර, ඉතා පහසුවෙන් ලබා ගත් දඩයමක මිහිර විද ගැනීමට තතප්ර ගානක් තිබියදී සියල්ලම කණපිට පෙරළි ඇතැයි ඔවුනට සිහිපත් කළේ අවිනාශ්ගේ රුවය..

"උඹට මොනවද ඕන...?"

තවමත් වචනයකුදු නොදොඩා තමන් අභිමුවේ හුන් අවිනාශ් ගෙන්, පිරිසේ වූ කාලකණ්නියෙකු ඇසුවේය..

"කෙල්ලව...."

"ඇසූ පැනයට, වෙඩි වගේ ලැබුණු පිළිතුරු තරුණයන්ට පැහැදිලි වූයේ නැත. එහෙත් අවිනාශ් නම්, තමන් දුන් පිළිතුරින් සෑහීමකට පත්ව සිටියේය. මොවුන් සමග වැඩි කතා අවශ්‍ය නැත. ඕනෑ කරන්නේ වැඩ පමණි..."

"මොකක්ද උඹ කිව්වේ...?"

"මට ඕන ඔය කෙල්ලව...?"

"මොකක්...?"

"ඔව්.. උඹලා පාවිච්චි කරන්න කලින් මට ඕන.. ඊට පස්සෙ උඹලා ඕන දෙයක් කරගනිල්ලා.."

අවිනාශ්ගේ පිළිතුරින් තරුණයෝ අන්දමන්ද වූහ. එය ඔවුන් කිසිසේත්ම බලාපොරොත්තු වූ ආකාරයේ පිළිතුරක් නොවීය. තරුණයන් පමණක් නොවේ, තරුණියද සිටිනේනේ කිසිවක් වටහා ගත නොහැකිවය..

"ඕන දෙයක් කරගනිල්ලා කියන්න උඹ ඕන්නෑ.. ඒක අපි බලාගන්නම්.. මේක අපේ වැඩක්.."

දිගු නිහැඩියාවෙන් ලැබිය හැකි දෙයක් නොමැති බැවින් තරුණයෙකු අවිනාශ් ඉදිරියට ආවේය.

"උඹ කවුරු උනත් අපිට කමක් නෑ.. පණට ආදරයක් තියෙනවා නම් මෙතනින් මකබෑවෙලා පලයං.. අතට ගත්තු දේ කටට දාගන්නැතුව පැනල යන නපුංසකයොත් ඉන්නවා... ඒත් අපි එහෙම නෙමෙයි..."

තරුණිය අල්ලාගෙන සිටි තරුණයාට එතනින් එහාට වචනයකුදු පවසන්නට හැකියාවක් ලැබුණේ නැත. සිතාගත නොහැකි වේගයකින්, තරුණයා වෙතට ඇදී ආ අවිනාශ්, තරුණිය තමා ළගට ඇද ගත්තේ, බලා හුන් අනෙක් තරුණයන්ගේද ඇස් උඩ ඉන්දවමිනි. මේ තරම් වේගවත්ව, ක්‍රියා කරන මිනිසකු ඔවුන් මින් පෙර දැක තිබුනේ නැත. කොටින්ම ඔවුන් බලා සිටියේ ගල් ගැසීවය. වේගයෙන් තමන් වෙතට ඇදී ආ සුනම්‍ය සිරුර ඔවුන්ට සිහිපත් කරවූයේ, හුදෙකලා අදුන් දිවියෙකුගේ ප්‍රවේගකාරී දිවීමකි.

සිහිය, කල්පනාව පැමිණි වහාම, සන්සුන් මනසකින් වටපිට බැලූ කල ඔවුන්ට දැක ගන්නට හැකිවූයේ, තරුණියවද ඇදගෙන කැලය තරණය කරනා අවිනාශ්ය.

"අරූව අල්ලපල්ලා..."

තරුණියවත් වත්තම් කරගෙන තාර පාර දෙසට දුවන්නට තරම් කාලයක් තමාට ඉතිරි වී නැති බැව් අවිනාශ් වටහාගෙන සිටියේය. ඒ වනවිටත් තරුණයන් වූයේ ඔහුට මීටර් දහයක් පහලොවක් පමණ පිටුපසිනි. තවත් මග හැර යාමේ තේරුමක් නැත. ආත්මාරක්ෂාවට හොදම දේ ප්‍රහාරය බවත්, ප්‍රහාරයට හොදම දේ ප්‍රහාරයම බවත් අවිනාශ් අත්දැකීමෙන් දැන සිටියේය. ඉතා හෙමින් සිරුවේ, තරුණියව පසෙකට තල්ලු කල මොහු තරුණයන් දෙසට හැරුනේය. ගණුදෙනු ඉතා ඉක්මනින් පියවා ගත යුතුය. නැතිනම් මෙය බොහෝ කලබල සහිත, කරදර සහිත කාලයකි. එතැන් සිට වැඩිම වුවහොත් විනාඩි හතරක පහක කාලයක් ගතවන්නට ඇත..

අවිනාශ්ගෙන් පහර පිට පහර කෑ තරුණයෝ මළාක් මෙන් පයිනස් වනාන්තරය වැතිරගත්තාය. තරුනිය ලබා ගැනීමට නොතිත් ආශාවකින් යුක්ත වුවද තරුණිය ගැන සිතෙන විට රෝම කූප කෙලින් වුවද, තවත් නම් මේ යකාගෙන් ගුටි කන්න බැරිය. විනාඩි ගණනදී මේ කාපුවා වුවත් දිරවා ගන්නට බැරිය. මුලින්ම කට ගහගෙන ආ හැඩි දැඩි තරුණයා සිතුවේ එහෙමය..

"එන්න..."

අවිනාශ් තරුණිය දෙසට දෑත දිගු කළේය. එහෙත් ඇය බියපත්ව මුවැත්තියක පරිද්දෙන් පසුපසට වූවාය. අවිනාශ්ගේ සිතේ පැන නැගුණේ පැහැදිලි හේතුවකින් යුක්ත වූ තරහකි. හරි නම් ඇයි බියවිය යුත්තේ, ඇයව පැහැරගෙන ආ තරුණයන්ටය. ඇය ඔවුන් ළගදී හූම් සද්දයක්වත් නොකියා ඔවුන්ට අවනතව සිටියාය. දැන් ඔවුන් හාන්සිපයිස් වූ අවස්ථාවේ ඇය තමාට කලර්ස් දමන්නට පටන්ගෙන ඇත.

"එන්න... මට පරක්කු වෙනවා..."

 එවර අවිනාශ් අඩ ගැසුවේ මදක් සැරෙනි. තරුණිය මදක් වික්ෂිප්ත වූවාය. ඇය බියෙන්ම තවත් පියවරක් පසුපසට තැබුවාය. වැරැද්ද සිදුවි ඇත්තේ කොහේදැයි සොයමින් සිටි අවිනාශ්ට එයා වහා වැටහිණි. සිදුවන්නට හැකි එකම දේ එයය. ඇය තමාට බියවන්නේ, තමා කිය වචන කීපය නිසාය. අවිනාශ්ගේ මුවේ අපූරු මදහසක් පාවී ගියේය.

"මං ඔයාව පාවිව්වි කරනවා, කියපු එකට නේද ඔයා බයවෙලා ඉන්නේ.. බයවෙන්න එපා... මං ඒ වගේ ජරා සතෙක් නෙමෙයි. මං අර නරුමයන්ට ඇහෙන්නයි එහෙම කිව්වේ.. එන්න.. මං ඔයාව ඇරලවන්නම්.."

එවර තරුණියගේ මුහුණ මදක් පිපී පැහැපත්වී ආවාය. ක්ෂනයකින් අවිනාශ්ගේ දෑතේ එල්ලී, ඇය තාර පාර දෙසට ගමන් කරන්නට වූයේ පිටපස දෙසට නෙත් යොමාගෙනමය. දුර්ජනයින් ගෙන් බේරා ගත්තද ඇය තවමත් සිටිනේනේ බියෙන් බැව් අවිනාශ්ට දැනිණි.

"බයවෙන්න එපා.. එයාලා ආයෙ එන්නෑ.. මං උන්ට හොදට තඩිබෑවනේ.." 

තරුණියගේ සිනාව එවර මදක් වැඩිවී තිබිණි. රත් පැහැගත් සිනිදු කොපුල් වල අවිනාශ්ගේ සිතට එක් කලේ තිගැස්මක් මුසු නොසන්සුන්කමකි..

"කවුද ඒ අය.. කොහොමද ඔයා මේකට පැටලුනේ..?"

"ම... ම.... මං දන්නෑ...."

"ඔයා දන්නැත්නම්.. එයාලා කොහොමද ඔයාව උස්සගෙන ආවේ.. ඔයා හුගක් බර ඇතිනේ..."

අවිනාශ් තරුණියගේ දෑස තුළට එබී ගත්තේය. නිල් මහනෙල් මලකටත් වැඩිය සොදුරු වූ දෙනෙතේ සිහින් තිගැස්මක් විය.

"ම.. මං හිතුවෙ එයාලා කට්ටිය, අපේ පුංචි අයියගෙ යාලුවො කියලා..."   

"ඉතිං අයියගෙ යාලුවො කියලා, නංගි එයාලත් එක්ක මෙහෙම ගමන් එනවද..? යස අපූරුයි නේ..."

"අනේ නෑ... මං ගැන වැරදියට හිතන්න එපා.. එයාලා කිව්වා, පුංචි අයියට කරදරයක් වෙලා කියලා.. ඒකයි මං කලබල වෙලා දුවන් ආවේ.."

තරුණිය කතා කරන්නේ හුරතලේටය. කොතැන නමුත් වැඩිපුර ආදරේ කරල, සමාජය ගැන බරක් පතලක් නොදැනෙන තරමට හුරතල් කරලා හැදිච්ච ගෑනු ළමයෙක්.. අවිනාශ්ට ඇය ගැන සිතුනේ එසේය. කෙසේ වුවත් ඇය දෙවරක් හැරී බලන්නට ආස හිතෙන තරමේ රූමතියක බවද ඔහු දුටුවේය..

"පුංචි අයියා කියලා කිව්වේ..? ඒ කියන්නේ ඔයාට තව අයියලා ඉන්නවද..?"

"ඔව්.. චූටි අයියයි, පොඩි අයියයි, ලොකු අයියයි..."

"මගෙ අම්මේ........ එයාලා එහෙම මෙතෙන්ට ආවා නම් මේ මිනිස්සුන්ට දුවන්න පාරක් නැතිවෙනවා.."  

"ඔ.. ඔව්.. ඒක නම් ඇත්ත.. ඔයා ඒක හරියටම කිව්වා.. එයාලා  හරිම වසයි.. මට බය දැනටමත් එයාලා මෙතෙන්ට... අ.. අනේ..."

පයිනස් වනාන්තරය අවසන් වී තාර පාර වෙතට පැමිණෙන්නට තිබුණේ තව අඩි කිහිපයකි. තරුණියගේ මුහුණ බියපත් හඩින්, අවිනාශ් ඇයගේ මුහුණින් දෑස් ඉවත් කර, තාර පාර පෙනෙන නොපෙනෙන මානය දෙස බැලුවේය. දුටු දර්ෂනය නිසා මදක් චකිතයකින් තම සිත වෙලුම් කා යනු අවිනාශ්ට දැනිණි. මේ කවුරුන් විය හැකිද..?

පයිනස් වනාන්තරයත්, තාර පාරත් අතර හිස් බිම් තීරුවේ රැසි සිටියේ තවත් තරුණයන් හතර දෙනෙකි. කුමකින් කුමක් සිදුවන්නට යන්නේදැයි අවිනාශ්ට අවබෝධ කරගත නොහැකි විය. තරුණයන් හතර දෙනෙකුගෙන් මේ තරුණිය බේරා ගත්තා මදිවට දැන් තවත් තරුණයන් හතර දෙනෙකු තමාට හරස් වී ඇත. අද නම් තමා නිවසින් එළියට බසින්න ඇත්තේ, අන්තිම අසික්කිත වෙලාවක විය යුතුය. නැතිනම් මෙවැනි අනපේක්ෂිත දෑ පිට පිටම සිදුවන්නට කෙසේවත් හැකියාවක් නැත. කෙසේ වුවත් කම් නැත. සතර දෙනෙකුව කැත නැතුව බිමට ඇද දැමූ තමාට මේ හතර දෙනා වැඩයක් නොවනු ඇත. ඔහු එක සිතින් නැවතත් සටනට සූදානම් විය. එහෙත් මෙවර මුළුමනින්ම වැරදී තිබුනේ අවිනාශ්ටය..

"දි... ලී... කා..."

තරුණයන් සතර දෙනාගේම මූනවල් වලින් එකම මොහොතේ එකම නමක් පිටවිය. එම හඩෙහි තිබූ අභියෝගයත්, අයිතිය හගවන ගරුත්වයත් නිසා අවිනාශ්ට සැනෙකින් සියල්ල වැටහී ගියේය. තව මොහොතකින් සිදුවන්නට ගියේ කිසිදා නැවත සෑදිය නොහැකි අත්වැරැද්දකි. තරුණියගේ නමින්ම අමතා කා කරන මේ පිරිස නිසැකවම ඇයගේ සොයුරන් විය යුතුය. එය එසේ නම්, තත්වය තවත් බැරෑරුම් හෝ, නොසිතූ වෙනස්ම පැත්තකට ඇදී යන්නට පුළුවන..

"මොකක්ද මෙතන වූනේ...?"

"ඔ... ඔයා කොහොමද මේ කැළෑවට ආවේ...?"

"මේ මිනිහා කවුද...?"

"ඔයාගෙ ඔය ඇදුම් පොඩි වුණේ කොහොමද...?"

"ඔයාට මූ කරදරයක් කලාද..?"

අවිනාශ් දෙස ඔරවා ගත් නෙත් වලින් යුක්තව ඔවුහු ප්‍රශ්න පිට ප්‍රශ්න ඇයගෙන් අසන්නට විය. තමා පසුව සිතූ දේ නිවැරදි බැව් අවිනාශ්ට ප්‍රත්‍යක්ෂ විය. ඇසිල්ලකින් අවිනාශ් ගෙන් මිදී, තරුණිය ඇයගේ සොහොයුරන් වෙතට නැඹුරු වූවාය. ඒ එකම එක තත්පරයකදී ඔවුහු අවිනාශ්ව වට කර ගත්හ..

"ඇ... ඇයි මේ...?"

උදව්වක් කිරීමට ගොස් වැටුනු අමාරුවක තරම දැනී අවිනාශ්ට වචන පැටලුනේය..

"උඹ අද කරපු හැමදේටම දැන් වන්දි ගෙවන්න ලෑස්ති වෙයන්.. උඹ අද පණ පිටින් මෙතනින් යන්නෑ.."

දකුණතට, ගැට ගැට සහිත වූ කවාකාර අත්වැස්මක් පැළද සිටි තරුණයෙක් අනෙක් තිදෙනාට වඩා පෙරට ආවේය. ඔහු අතේ පැළදගෙන සිටියේ නකල් නමන් හැදින්වූ බිහිසුනු ආයුධය බැව් අවිනාශ් හොදින් දුටුවේය. දැන් නම් සිදුවන්නට යන්නේ කිසිසේත්ම සිතූ දෙයක් නම් නොවන බව අවිනාශ්ට පැහැදිලිය. ඔහු හිස හරවා තරුණිය දෙම බැලුවාය. සොයුරන් දුටු මොහොතේ තුෂ්නිම්භුත වූ ඇය දැන් වත් කතා කරනවා නම් හොදය. එසෝ නොවුණහොත් ඇතිවන්නේ සිතාගනීමට අපහසු මාහා බියකරු යුද්ධයකි. එහෙත් ඇය වචනයක් කතා නොකරන බැව් අවිනාශ්ට අවබෝධ වේද්දී පළවෙනි වමත් ප්‍රහාර විදුලියක් සේ අවිනාශ්ගේ මුහුණ කරා ඇදී ආවේය. ක්ෂනික ක්‍රියාවන් වලට දක්වන ක්ෂනික ප්‍රතික්‍රියාවන් මෙන් අවිනාශ් වහා බිමට නැමුණේය. දෙවන වර පහර පැමිනෙන්නේ, නකල් එක දමා ගත් අතින් දැවැන්ත ගනයේ පහරක් බැව් ඔහු විශ්ෂ්ඨ ලෙස අවබෝධ කරගත්තේය. එය එසේමය. එවරත් පසෙකට වි ඉතාම පහසුවෙන් ඔහු එම පහර කපා හැරියේය.

"එ... එයා.. මාව බේරගත්තා ලොකු අයියේ..."

පෙරහැර යන්නට පටන් ගත් පසු අවසානයේදී දිලීකාගේ මුවට පණ පෙවෙමින් තිබුණි. ඒ මොහොතේම අවිනාශ්ගේ ශරීරයේ විවිධ ස්ථාන කලා එල්ලවී ආ පහර කිහිපයක්ම අතරමග නැවතීණි.

"බේර ගත්තා...?"

"ඔව්.. එයා තමයි මාව බේරගත්තේ..? එයා නොහිටින්න මට වෙන්න ඕන හැම දෙයක්ම මේ වෙනකොට වෙලා, ඉවරවෙන්න තිබුණා.."

"කාගෙන්ද ඔයාව බේරගත්තේ..?"

දිලීකාගේ වමත, පයිනස් වනාන්තරය දෙසට දිගු වූවාය. ඇයගේ සොයුරන් හතර දෙනා ඒ මොහොතේම, ඇගේ එල්ලය දිගේ වනාන්තරය දෙසට පා එසවූහ. අවිනාශ් හා දිලීකා මුහුණින් මුහුණ බලා ගනින්දී, අනතුරුව, වනාන්තරය පුරා ලතෝනි දුන්නේ කිහිප දෙනෙකු වේදනාවෙන් ලතෝනි දෙන හඩයි..

"මං කිව්වෙ ඔයාට... අපේ අයියලා වසයි කියලා..."

මෙච්චර වෙලා, උපන් ගොලුවා වගේ ඉදන් දැන් කතා කරන්න අගෙන. අවිනාශ්ට සිතුනේ එසේය..

"ඇහෙන විදියට නම්, අර කොල්ලන්ගෙ පණ කෙන්දවත් ඉතුරු කරන පාටක් නෑ වගේ..."

අවිනාශ් කියූ දේ සැබැවින්ම නිවැරදි එකක් විය. දිලීකා බලෙන් පැහැරගෙන ආ තරුණයන්ට අත් වී තිබුනේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇනපු කතාවේ අනෙත් එකය.

කෙසේ වුවත් තමා තවදුරටත් මෙතන රැදී සිටීමට අවශ්‍යතාවයකුත් නැත. ඇයගේ ආරක්ෂාවට සොහොයුරන් හතර දෙනෙකුම රැදී සිටියි. තවත් කතා කුමටකටද..?

"ඔ... ඔයා යන්නද හදන්නේ...?"

"ඔව්.. දැන් ඉතින් ඔයාට, ඔයාගෙ අයියලා ඉන්නවනේ..."

"ඒ උනාට ඔයත් හිටියොත් හොදයි..."

"ඇ... ඇයි ඒ...?"

"අයියලා ඔයාව දැකපු ගමන් හිතුවෙ වෙනින් දෙයක්නේ.. ඒ ගැන අහලා ඔයත් එක්ක කතා කරයි. ඒ වගේම මේ කරපු උදව්වට එයාලා, ඔයාට මහ හුගක් තෑන්ක්ස් කරයි.."

"හරි වැඩක් නේ...."

"ඇ.... ඇයි...?"

දිලීකාගෙ නිල් ඇස් සංකාවෙන් බරවී ගියාය. ඒ අවිනාශ්ගේ මුවින් පිටවූ වදන්වල තිබූ තද ගතිය නිසාමය.. තමාගේ ජීවිතයට හදිසියේ කඩා වැදුණු හෙණ පහරකින් තමා ගලවාගත් දේව දූතයෙකු පරිද්දෙන් ඈ ඔහුට වශීකෘතව සිටියාය. ඇය ඔහුගෙන් බලාපොරොත්තු වූයේ සුමට සිනිදු වදන්ය..

"තෑන්ක්ස් කරන්න ඕන එයාලා නෙමෙයි.. ඔයානේ..."

සිදුවී ඇති වැරැද්දේ බරපතලකම දිලීකාට වහා වැටහිණි. තමා ඉදිරියේ හුන් මේ ජේත්තුකාරයාගේ සෑම අංග චලනයක්ම තමාගේ සිත අභ්‍යන්තරයටම කා වදින්නේ මන්දයි ඈ නොදැන සිටියාය..

"අ... අනේ මට සමාවෙන්න. දහස් වාරයක් සමාවෙන්න.. ඔයාට මහා හුගක් පින්.. මාව මේ නරකාදියෙන් බේරගත්තට. ඇත්තමයි.. මං කොයිතරම් බයවෙලාද කියනව නම් හිටියේ. කරන්න ඕන හැමදේම මට අමතක උනා..."

"ඒක නම් හරිම අමතක වීමක් තමා..."

ඔවුන්ගේ කතාබහ එතනින් සීමා වූයේ දිලීකාගේ සොයුරන් ඔවුන් සිටි තැනට පැමිණිම නිසාය. සිනාමුසු මුහුණින් තමා දෙස බලා සිටිනා තරුණයන් සතර දෙනාටම අවිනාශ් මද සිනාවක් පෑවේය. පිවිතුරු සිනාවන් දසතින් පිපෙද්දී ඔවුන් සියලු දෙනාම පැමිණ අවිනාශ්ව දැඩි සහෝදරත්වයකින් වැළද ගත්හ. කිසිදා බිදිය නොහැකි වූ සොදුරු මිතු දමක ආරම්භය එසේ සනිටුහන් වෙද්දී, ඌව පළාතම හෙල්ලු අති ප්‍රවේගකාරී සැබැදියාවක ආරම්බය එයම විය.. 


 


 

2 comments:

  1. "මේකව උඹ විතරක් අයිති කරගන්නද හදන්නේ...?"

    ReplyDelete
  2. ඉක්මනට අනික් ටිකකත් දාන්න යාලුවා

    ReplyDelete