Sunday, February 26, 2012

| සමාවෙන්න රත්තරනේ | යෞවන සමින්ද්‍ර රත්නායක |



            හුග දවසකින් සජීවන්ලා හම්බවෙන්න බැරිවුණ නිසා ගැන්සියෙ කොල්ලො ටික හම්බවුණා නම් හොදයි කියලා මට හිතුනා. ඒත් ගෙදරින් පිටවෙලා යන්න බැරි මොකක්දෝ කම්මැලිකමකින් මගේ හිත ගල් කරලා තිබුනා. දෙයියා වුණත් වෙනද වගේ මගෙන් අනවශ්‍ය කිසිම දෙයක් ඇහුවෙ නෑ. ඊයෙ භවන්ත ඇවිල්ලා ගියාමවත් ඒ ගැන මුකුත්ම කිව්වෙ නෑ. එහෙම වුණ එකත් හොදයි. නැත්නම් කණක් ඇහිලා ඉන්න බැරි වෙනව තරමට කච කචේ.. තත්පරෙන් තත්පරේට මං ළගට ඇවිල්ලා අහවි.. බේබි මහත්තයෝ මොකක්ද කාමරේට වෙලා කරන්නේ..? කොහේවත් යන්නෙ නැද්ද කියලා..
                 
"බේබි මහත්තයෝ..."
            
මූ නම් මැරුවත් මැරෙන්න නැති එකෙක්නේ.  මං දැන් මූ ගැන හිතුවා විතරයි.. ඒ පාර මොකද දන්නෑ. මං කතා කරේ නෑ.
                  
"බේබි මහත්තයෝ..."

           
"මොකද දෙයියා... මල වදේ.. මට ඩිංගක් නිදහසේ ඉන්න දීපංකෝ.."
         
"ම... මං මෙච්චර දවසක් බේබි මහතත්යට කරදර කලේ නෑනේ.. ඒත් අද කරදර කරන්නම වෙනවා.."
        
කාමරෙන් එළියෙ ඉදන් ඌ කියන්නේ.. මූ මොන මහප්ප්‍රාණයක් කරන්න හදනවද මංදා.. මූ නම් හිතනවටත් වැඩිය ඇණයක්. මං ඇදෙන් බැහැලා තත්පරේට දෙකට එළියට ආවා. මගේ මූණ ඉස්සරහම දෙයියත්එක්ක ඉදපු කෙනා දැක්කමහ මාව සීතල වෙලා ගියා.. සංජානි.. මායි, සංජානියි මූණෙන් මූණ බලාගෙන ඉන්දෙද්දි දෙයියා හෙමින් සීරුවෙ පඩිපෙළ බැහැලා ගියා. මූ තකහනියක් ගිහින් සංජානිව එක්කං ආවද මංදා. ඒ ජාතියෙ බඩුවනේ..
                    
"ඔ... ඔයා ආවෙ තනියෙමද..?"
          
ලා රෝස පාට වෙලා තිබ්බ සංජානිගෙ කම්මුල් දිහා බලාගනෙ මං ඇහුවා. මගේ අත්මයම පිරික්සන්න හදනවා වගේ මං දිහා බලන් ඉන්න සංජානිගෙ ඇස් දිහා බලන් නැතුව ඉන්න මං හිතාගත්තා. 
             
"ඕ... ඔව් තවියෙම ඔයා ළගට මෙහෙම එන එක වැරැද්දක් කියලා මං දන්නවා.. ඒත් මෙහෙම හරි එන්න තරම් ලොකු හේතුවක් තියෙනවා. ඒකයි මං ආවේ.."
             
සංජානිගෙ ඒ කතාවෙන්ම මගේ හිතට මොකක්දෝ වුණා.. දෙයියනේ.. මායි, සංජානියි අතරෙ සිද්ධ වුණු දේවල් සංජානි භවන්තත් එකක් කියලද..? එහෙම නැත්නම් එයා ගෙදරින් එන්නම ඇවිල්ලද..? ඔය වගේ ප්‍රශ්න දෙක තුනක් මගේ ඔලුවෙ කරකැවුණා. එයා ඊලගට කියන්න යන්නෙ මොනවද කියලා අහන්න මට ඉවසිල්ලක් නැති වුණා.
              
"ම.... මට හුගක් බයයි අනගි.. මට හුගක් බයයි.. මාව බලන්න මනමාලයෙක් එනවා.. මං අද ආවෙත් ඒකමයි.. ගෙදර කවුරුවත් දන්නෙ නෑ මං ඔයා ළගට ආවා කියලා. අ... අනේ මොනවා හරි කරන්න අනගි.. ප්ලීස්..."
                
පුංචි ඇස්දෙකේ කදුළු පුරවගෙන සංජානි පිස්සියක් වගේ කියවගෙන ගියා. වෙන වෙලාවට බොහොම ඉක්මනට ගේමට රෙඩි වෙන අනගිට අද මොනවද වෙලා තියෙන්නේ.. 
                    
"ඔයා කැමති නැද්ද ඒ මනමාලයට..?"
                 
මං එහෙම ඇහුවා විතරයි සංජානිගෙ මූණ තද රතුපාට වුණා. එයා ඇස්දෙක තවත් පුංචි කරලා මං දිහා බැලුවා..
                  
"දෙ... දෙයියනේ ඔයා කොහොමද ඒ වගේ දෙයක් මගෙන් අහන්නේ..? මගේ  හිත කැමති, මගේ හිත ආස කරන හැමදේම තියෙන්නෙ ඔයා ළග.. මගේ ජීවිතේ මං ඉස්සෙල්ලාම පිරිමි ළමයෙකුට කියලා ආදරේ කලේ ඔයාට.. මගේ මේ හිත පුරාම පිරිලා තියෙන ආදරෙත් ඔයාට විතරයි. එහෙම වෙද්දි මං කොහොමද අනගි, වෙන කෙනෙකුට කැමති වෙන්නේ..?"
               
සංජානි මගෙ මූණටම ඇහුවා. එයා අද ඇවිල්ලා තියෙන්නේ මේ හැමදේම බේරගෙන යන්න කියනෙක මට තේරුණා. එකනේ එයා මෙච්චර දවසක් මට නොකියපු එයාගෙ ආදරේ කෙලින්ම අද මට කිව්වේ. ඒත් ඇත්ත ඒක නෙමෙයි කියලා මට හිතුනෙ ටිකකින්ත මොකද මෙච්චර දවසක් මං සංජානිට, ඔය දේ කියන්න දුන්නෙ නෑ නේ. එයා ඉවසලා ඉවසලා බැරිම තැන එන්න ඇති කියලා මට හිතුණා. ඒත් මෙතෙන්දි සංජානිට කියන්න ඕන මොනවද කියලා මට හිතාගන්න බැරිව මං ගොලුවුණා. භවන්ත, එයාගෙ ලොකු නංගිගෙ කතාව මට කියලා නොතිබ්බ නම් සංජානි කියපු ඔය වචන ටික මොන තරම් සතුටක් ගෙනේවිද..? මගෙත් එක්ක මූණෙන් මූණ බලන් ඉදපු සංජානි මේසේ කෙලවරේ තිබ්බ අර රතුපාට පෙට්ටිය ගත්තා. ඒක ඇතුළෙ තියෙන දේවල් මතක් වුණාම මට ආයෙත් නොසන්සුන් වෙලා ගියා.
              
"ඇයි ඔයා කතා නොකරන්නෙ අනගි..? දෙයියන්ගෙ නාමෙට මාව පිස්සියක් කරන්නැතුව මට කියන්න.. මාව අයිති කරගන්න ඔයාට ඕන වුණා. එහෙම නෙමෙයි කියලා කියන්න ඔයාට බෑ. ඔයා මට ආදරේ නැත්නම්, ඇයි මේ ටසල් එක තියාගත්තේ...? ඇයි මේ මගේ හැලුණු ටිකට් එක තියාගත්තේ..? ඇයි මේ ටොෆි කොලේ තියාගත්තේ..? ආ.. අනගි..?"
              
මං සංජානිට තරම්ම ආදරේ කරපු ඒ අජීවී දේවල් පෙන්න පෙන්නා එයා මගෙන් ඇහුවා. ඒ ඇස්වල කදුලු පිරිලා තිබ්බා..
                 
"අතීතය මතක් වෙන්න.."
                 
මං අමාරුවෙන් කියාගත්තා. කදුළු පිරුණු සංජානිගෙ මූණෙ මට හිතාගනන් බැරි අපැහැදිලි හිනාවක් ඇදිලා ගියා.
                   
"ඔයාට  ඕන අතීතය මතක් කර කර ඉන්න විතරයිද දෙයියනේ.. ඒ අතීතය හිමිකරගන්න ඕනෙ නැද්ද..? කියන්න අනගි.. මගේ මූණ දිහා කෙලින් බලාගෙන මට කියන්න.. ඔයාට මාව එපාද..? ඔයා මට ආදරේ නැද්ද..? මට ආසයි ඔයාගෙ කටින්ම ඔව්වට උත්තර දැනගන්න.."
                  
තවත් දුරට නිහඩව ඉන්නවා කියනෙක තේරුමක් නෑ කියලා මටම තේරුණා. මොකද සංජානි මේ තරම් දුරට විවෘත වෙලා ඉන්දේදදි මටත් මොනවා හරි කියන්න ඕන වුණා. හැම පත්තක් ගැනම හිතන්න යද්දි ඉස්සෙල්ලම වෙන්නෙ අපිට අපිවම නැතිවෙන එක..
                 
"ඔයා අහපු දේවල් වලට මට ලේසියෙන්ම උත්තර දෙන්න පුළුවන්. ඒත් ඊට කලින් ඔයාගෙන් අහන්න දෙයක් තියෙනවා සංජානි. මං මේවා ඔයාට කියන්න හිතුවෙ නෑ. ඒත් ඔයා මගේ මූණටම ඔහොම අහද්දි මට නොකියා ඉන්නත් බෑ. මොකද ඔයා හිතන්න පුළුවන් මං ඔයාව ටිකක් දුර එක්කන් ඇවිල්ලා අතෑරලා දැම්මා කියලා.."
                   
"ඉතිං ඇත්ත ඒකම නෙමෙයිද අනගි...? පෙබරවාරි 14 වෙනිදා ඉදලා ඔයා වෙනස් වුණා. ඒකට නෑ කියලා කියන්න ඔයාට බෑ.."
               
පුංචි ලේන්සුවෙන්, ඇස්වලට උනන කදුළු පිහිදාගන්න සංජානිගෙ මං දැක්කෙ පුදුම තරමෙ සුන්දර බවක්.  ඒත් ඒ සුන්දර බව විදගන්න තරම් මම පිං කරලා තිබුණෙ නෑ.
                   
"ම... මට තේරෙන්නෙ නෑ මේවා ඔයාට කොහොම පහදලා දෙන්නද කියලා.. ඔයාගෙ අක්කට වුණ දේ ගැන ඔයා හොදටම දන්නවා. අක්කා ගියා පස්සෙ ගෙදර ඇතිවුණ තත්වේ කොහොමද කියලත් ඔයා දන්නවා. අක්කයි, වික්‍රමුයි කරා වගේ දෙයක් අපිට කරන්න බෑ. ඔයාට තේරෙනවද මංදා මං කියන දේ.. අක්කා කරපු වැඩෙන් පස්සේ, යාංතමට හොදවෙලා තියෙන අයියගෙයි, අම්මගෙයි හිත් ආයෙත් කඩලා බිදලා දාන්න පුළුවන්ද සංජානි..? අනිත්තෙක අක්කා කෙරුව වගේ දෙයක් මං කවදාවත් කරන්නෑ කියලා ඔයා අම්මා ළග දිවුරුවෙ නැද්ද.?"
                 
සංජානි මං දිහා බැලුවෙ කිසිම හැගීමක් නෑ වගේ.. ඕන දෙයක් වුණාවෙ කියන දේ ඒ මූණෙ ලියැවිලා තිබුණා..
                  
"ඔය කියන දේවල් මෙතනට ආදාල වෙන්නෑ අනගි.. මට ඕනෙ ඔයා විතරයි.. ඔයාට මාව එපා නම් කෙලින්ම මට ඒ දේ කියන්න.. ඊටපස්සෙ කරන්න ඕන දේ මං තීරණේ කරන්නම්.."
              
එන්න එන්නම සංජානිගෙ කටහඩට එකතුවෙන මුරණ්ඩුකම මට හොදටම තේරුණා. මේ හැමදෙයක්ම දරාගෙන මං ඉන්නෙත් අමාරුවෙන්.. ඇයි මේ කෙල්ල ඒක ගැන හිතන්නැත්තේ..?
  
"ම... මං ඔයාව එපා කියලා කවදාවත් කියන්නෙ නෑ.. ඒත් මං කියන දේ ඩිංගක් තේරුම් ගන්න බලන්න. මං කොහොමද භවන්තට ද්‍රොහි වෙන්නේ..? මං කොහොමද ආන්ටිගෙ විශ්වාසෙ කඩන්නේ..? එයාලා දෙන්නා මාව හුගක් විශ්වාස කරනවා සංජානි.."

"අයියයි, අම්මයි ඔයාව විශ්වාස කරන හන්දද, දැක්ක දවසෙ ඉදලා මගේ පස්සෙන් ඔයා ආවේ..? අර මිනිස්සු දෙන්නෙක් මාව ඇදන් යන්න හදද්දි මාව බේරගත්තේ..? ඇයි අර ටසල් එක තියාගෙන ඉන්නේ. දෙයියන්ගෙ නාමෙට එවා හැමදෙයක්ම විසිකරලා දාන්න.. ඔයා මට ලොකු බොරුවක් කලා අනගි.. ඔයා මට ආදරේ කලේ නෑ. ඔයා ගැන හිතන්න දීළා මාව අතරමං කරලා දැම්මා. අනේ... ඔයා මට මේ මොකක්ද කලේ අනගි...?"
   
සංජානි කෑගහලා මගෙන් ඇහුවා. හිතේ හරි කරන් ඉදපු බැදීඹ් එකින් එක ලිහිලා යන්න හදනවා කියලා මට තේරුණා. කදුළු වලින් නෑවිලා ගිහින් තිබුණ සංජානිගෙ මූණෙ කදුළු පිහිදාන ගමන් මං එයාගෙ අතින් අල්ලගත්තා..
  
"මේ බලන්න සංජානි... මෙහෙම කතා කරලා අපිට මේ ප්‍රශ්නෙට උත්තර හම්බවෙන්නෙ නෑ.. අපිට කවදාවත් එකතුවෙන්න බෑ.. මට ඒ දේ කරන්නත් බෑ.. ඉස්සෙල්ලා ගෙදරට මුල්තැන දෙන්න.. ගෙදර ගිහින් තව ටිකක් හිතන්න.. අම්මගෙයි, භවන්තගෙයි විශ්වාසේ කඩන එක ලොකු පව් වැඩක්.."

හුගාක් අමාරුවෙන් මං ඒ ටික කියාගත්තේ.. මගේ ඔලුව දැන් යකාගෙ කම්මල වගේ..

"එහෙනම් මගේ හිත කඩපු එක පව් වැඩක් නෙමෙනේ... මට කරපු මේ හැමදේමත් හිතේ තියාගෙන මං යන්නම්.. ඔයා හැමදාටම හිනාවෙලා ඉන්න.. මං ආයෙ එන්නෑ...."

එහෙම කියලා සංජානි තත්පරේට දෙකට මගෙන් ඈත් වුණා. ඒ එක්කමයි දෙයියා පඩිපෙල නැගගෙන මං ළගට ආවේ.. ලොකෙ ලොකුම හොල්මන දැක්කා වගේ දෙයියා මගේ මූණ දිහා බලන් හිටියා. උගේ මූණ අමුතු වෙලා ගිහින් තිබුණා..

"බේබි මහත්තයා.... ඇයි මේ..?"

ඔලුව හොදටම අවුල් වෙලා තියෙන මේ වෙලාවේ දෙියයා ඇවිල්ලා හරස් ප්‍රශ්න අහනකොට මට සාදාරණ කේනිතයක් ආවා. ඒත් ඒ කේන්තිය දෙයියගෙ පිටින් යවන්න බැරි හින්දා, කාමරේට යනවා කියලා මං හැරුණා..
  
"බේබි මහත්තයෝ, මං මේ ඔයාගෙන් අහන්නේ.. මේ සිද්ධවෙන දේවල්වල තේරුම මොකක්ද..? සංජානි බේබි හොදටම අඩ අඩා යන්න ගියේ.. පව් මහත්තයෝ... මහත්තයට පණටත් වැඩිය ආදරේ කරන ඒ වගේ පුංචි කෙලල්ට ඔහොම කරන එක හරි නෑ.."
  
දෙයියගෙ කතාව මගේ හිත ඇතුලටම වැදුණා. කාමරේට යන්න ගියපු මං ආයෙ දෙයියා දිහාට හැරුණෙ ඒකයි..
  
"ඒ පවුලෙ තියෙන ප්‍රශ්න උඹට තේරෙන්නෙ නෑ දෙයියා... එතන හුගාක ලොකු ප්‍රශ්නයක් තියෙනවා.."
  
"මොන ප්‍රශ්නෙ තිබ්බත් ඒ අහිංසක කෙල්ලට දුකක් දෙන්නද ලොකු මහත්තයා හදන්නේ..? එදා භවන්ත මහත්තයලත් එක්ක මෙහේ ආපු දවසෙ සංජානි බේබි කොයි තරම් දුකෙන්ද හිටියේ.. පව් බේබි මහත්තයෝ... පුංචි කෙල්ලෙක්ව ඔය තරම් රිද්දන එක පව්.. මහත්තයම දන්නවනේ, එයා මහත්තයට කොයිතරම් ආදරෙයිද කියලා.."
  
"උඹ හිතන්නෙ මං සංජානිට ආදරේ නෑ කියලද දෙයියා.. ආ.. උඹම කියපං බලන්න.. උඹට පේන්නෙ එයා මට ආදරෙයි කියලා විතරද..? මං මේ විදවන ඒවා උඹට පේන්නෙ නැද්ද..?"

"බේබි මහත්තයා මේ කරන්නෙ තේරුමක් නැති වැඩක්. මෙහෙම ඉදලා හරියන්නෙ නෑ. ගිහින් භවන්ත මහත්තයට කියන්න.."

"මොනවද මං කියන්නේ...?"

"සංජානි බේබිට ආදරෙයි කියලා.. සංජානි බේබිව බදින්න ඕනෙ කියලා.. වැඩේ ඉවරයි නේ.."

යාන්තම් හිර කරන් ඉදපු මගේ කේන්තිය දෙයියගෙ කතාවෙන් පස්සෙ ආයෙ වැඩිවුණා. මෙච්චර කියලත් මූට තෙරෙන්නෙ නැති එකනේ වැඩේ.. මට මල කියන්නෙ මලේ මල..

"උඹට පිස්සුද යකෝ...! භවන්තගෙ ලොකු නංගිගෙ වෙඩින් එක ගන්න ඔන්න මෙන්න තියලා කියෙද්ද, ඒකි පැනලා ගිහින් තිබුණෙ, භවන්තගෙ හොදම යාළුවෙක් එක්ක. ඊට පස්සෙ හුග කාලයක් යනකන් භවන්තට යාලුවෙක් හිටියෙ නෑ. දැන් භවන්තගෙ හොදම යාලුවා මම. සංජානිව වෙන කෙනෙක් බදින්නයි හදන්නේ. එහෙම තියෙද්දි මං කොහොමද මේ මැද්දට පනින්නේ..? මං කොහොමද භවන්තට ද්‍රොහි වෙන්නේ..? වෙච්ච හැමදෙයක්ම භවන්ත මට කියලා තියෙද්දි මං කොහොමද එයාගෙන් සංජානිව ඉල්ලනනේ..?"

"එහෙම කියලා ඉස් ඉස්සෙල්ලම හිතට ආපු ආදරේ මරලා දාන්නද හදන්නේ..? ආ බේබි මහත්තයෝ..?"

"ඔය ගැන තවත් කතා කරන්න එපා.. මට වෙන කරන්න දෙයක් නෑ..."

"බේබි මහත්තයත් එක්ක මේ ගැන කතා කරලා වැඩක් නෑ.. මං යනවා භවන්ත මහත්තයා මුණගැහෙන්න.."

"දෙයියා..... මං උඹට එක පාරක් කිව්වා.. භවන්තට මේවා කියන්න ඕනෙ නෑ.. තේරුණානේ... හැමදේම මං තීරණේ කරලා ඉවරයි.. ආයෙ ඔය ගැන මට ඇහෙන්න කතා කෙරුවොත් දෙනවා දෙකක් කුඩු වෙන්න.."

මට කේන්ති යන එක තරම් දෙයක් තවත් නෑ කියලා දන්න දෙයියා, තවත් මේ ගැන කතා කරන එක ගැන මට උපරිමේට තදවෙලයි තිබුණේ. ඉස්සෙල්ලා සංජානි ඇවිත් හිතේ තිබ්බ හැමදෙයක්ම කියවලා ගියා.. දැන් මූත් හදන්නෙ මාව කන්න.. තවත් ඉවසනවා කියන එක නම් බෙරු..

"බේබි මහත්තයට, භවන්ත මහතත්යත් එක්ක තියෙන යාලුකම ලොකුයි. මට ඊටවැඩිය වටිනවා බේබි මහත්තයගෙ ආදරේ.. මේ හැමදේටම වඩා මං කැමතියි බේබි මහත්තයා සතුටින් ඉන්නවා දකින්න.. ඒක හන්දා මං එකම එක පාරක්, භවන්ත මහත්තයව හම්බවෙලා මේ ගැන......."

මෙච්චර වෙලා මං හිතේ බොහොම අමාරුවෙන් හිර කරන් ඉදපු ඉවසීමෙ රතුකට්ට පැන්නා. මං හැරුණ ගමන් දයේයගෙ කම්මුලට පාරක් ගැහුවා. දෙයියා එක අතකින් කම්මුල අල්ලගෙන මං දිහා බැලුවෙ කිසිම දෙයක් අදහාගන්න බැරුව වගේ..

"දැන් උඹට තේරුණා නේ දෙයියා.. තවත් ඒ ගැන වචනයක්වත් කතා කරන්න්න එපා... ඇත්තමයි.. මං උඹව මරනවා.. මට ඕන ආදරයක් නෑ යකෝ....... මට මෙහෙම ඉන්න දීපං..."

"ඉන්න දෙන්නම් බේබි මහත්තයා.. ඉන්න දෙන්නම්.. ඒත් ඇයි මගේ මේ කම්මුලටත් ගැහුවෙ නැත්තේ.? ආ... ගහන්න.. මේ කම්මුලටත්... ආ... ගහන්න.."
  
මගේ ළගටම ආපු දෙයියා, උගේ අනිත් කම්මුලත් මගේ දිහාට හැරෙව්වා. මගේ අතින් වැදුනු පාරට දෙයියගෙ කම්මුලේ, මගේ ඇගිලි පහම තද රතුපාටට පේන්න තිබුණා. මං කරේ අනිත් පැත්ත බලාගත්තු එක. තවත් මෙතන හිටියොත් මං මොනවා කරයිද මංදා. මේ පහුවුණ කාලෙ පුරාම මං මගේ සුපුරුදු ගතිපැවතුම් අතෑරලා දාලා තිබුණා. ඒ හැමදෙයක්ම සිද්ද වුණේ සංජානි නිසා කියලා මං දැනගෙන හිටියා. සංජානිව හම්බවෙන්න කලින් ඉදපු අනගි රඹුක්වැල්ලට ආයෙත් පණ දෙන්න මං හිතාගත්තා. මොකද ජීවිතේ කවදාවත් මට සංජානිව ලබාගන්න බෑ කියලා මං තේරුම් ගත්ත හින්දා..

"දෙයියා......"

 පැය භාගෙකින් විතර මං කෑගැහුවා.. දෙයියා හිටියෙ මං ළගම. ගුටි කාලත් ඌ මගේ ළගින් ඈත්වෙලා තිබුණෙ නෑ..

"ඇයි බේබි මහත්තයෝ...?"

උඹට දැන් තියෙන ලොකුම හිතේ අමාරුව මොකක්ද කියලා මං දන්නවා. ඒ මං මෙහේ ඉදන් සංජානි දිහා බල බල විදවන එකනේ.. ඒක හින්දා මං තීරණයක් ගත්තා.. මගෙත් එක්ක යන්න ලෑස්තිවෙයන්..

"කො.. කොහෙද..?"

"හරස් ප්‍රශ්න එපා.. අපි යන්නෙ තාත්තා ගාවට.. හෙට උදේ මැඩ්රාස් වලට ෆලයිට් එකක් තියෙනවද බලපං..."

මං කිව්ව දෙයින් දෙයියා ගල් ගැහිලා ගියා. ඌ හීනෙකින්වත් හිතන්නෙ නැතුව ඇති මං ඉන්දියාවට යයි කියලා මේ වගේ වෙලාවක. ඒත් තව දුරටත් මං ලංකාවෙ ඉන්න එකෙන් මේ හැමදේම අවුල්වෙනවා කියලා මට තේරුණා. මොකද තව එකම එක පාරක් හරි මගේ මූන ඉස්සරහට සංජානි ආවොත්, මගේ හැම තීරණයක්ම කැඩෙනවා කියලා මං දැනන් හිටියා. ඒක හින්දා ඊට කලින් ඉක්මන් වෙන්න මට ඕන වුණා. ඔය අතරෙ තමයි ෆෝන් එක රින්ග් වුනේ. මේ වෙලාවෙ කවුද කියලා හිත හිතාම මං රිසීවර් එක අතට ගත්තා.. එහා පැත්තෙන් ඇහුණු කටහඩින් මගේ හිතට ආවේ මහා විශාල සනසීමක්..
   
"තාත්තා....."
   
හිත හොදටම අවුල්වෙලා තියෙන මේ වගේ වෙලාවක, තාත්තා කතා කරපු එක නම් කියලවත් කරගන්න බැරි වැඩක් වුණා...
  
"අනගි... ඔයා සනීපෙන් ඉන්නවද පුතේ..?"
   
ටෙලිෆෝන් කම්බි දිගේ ගලාගෙන ආපු තාත්තගෙ ආදරේ පිරුණු කටහඩට මගේ ඇස්වලට කදුලු උනාගෙන ආවා. මේ හිතේ ගොඩ ගැහිල තියෙන කිසිම දෙයක් තාත්තට නොකියා මං සතුටින් ඉනනවා කියලා පෙන්නන් මං උත්සාහ ගත්තා. තාත්තා මං ඉස්සරහා හිටිය නම් මට ඒ රගපෑම කරන්න බැරිවේවි. ඒත් දැන් තාත්තයි, මායි අතරේ දුර ප්‍රමාණෙ අනුව මට ඒ දේ කරන්න පුළුවන් වුණා..
   
"ඔ.. ඔව් තාත්තා, දෙයියත්තෙක්ක මං සතුටින් ඉන්නවා.. ඔයා නැතුව මට හුගක් පාලුයි තාත්තා..."
   
"මටත් ඔයා නැතුව පාලුයි අනගි... ඔන්න ඔයා අප්සට් යන්නැත්තං මං ඔයාට පුංචි මැසේජ් එකක් දෙන්නද..?"
       
තාත්තා ඒ ප්‍රශ්නෙ ඇහුව තාලේ මට ඇල්ලුවෙ නෑ. තාත්තගෙ ගාම්භීර කටහඩ, ඒ අන්තිම හරිය කියවෙද්දි වේවලලා ගියා කියලා මට හිතුනා..
      
"ඕන දෙයක් කියන්න තාත්තේ.. මං අවුල් වෙන්නෙ නෑ.. රඹුක්වැල්ල මන්ත්‍රීතුමාගෙ එකම පුතව, ලෙසියෙන් අවුල් කරන්න බෑ.. ඉතින් කියන්න මං අහගෙන ඉන්නේ..?"
       
රසිවරේ එහා පැත්තෙන් මහා බරට හුස්මක් පාතට දාන හඩ මට හොදට ඇහුණා. තාත්තා කියන්න යන්නෙ මොනවද..?
       
"අම්මා, ආයේ ලංකාවට එන එකක් නෑ පුතා.. එයා එහේදී මැරි කරලා කියලා මට ආරංචි වුනා... හ්... හ්...."
      
පපවු මැද්දටම වැදුනු පාර මං දරාගත්තෙ හුගාක් අමාරුවෙන්. හිත ඇතුළ ගිනි ගන්නවා කියලා මට තේරුණා. කමක් නෑ.. මේ අනගි රඹුක්වැල්ලට ජීවිතේ තිබ්බ අන්තිම බලාපොරොත්තුවත් නැතිවුනා. පහුවලො ගියපු කාලෙදි මට අම්මා ගැන ඒ තරම් නොහිතුණේ සංජානි මගේ ලෝකේ පුරාම ජිවත්වුන හින්දා. ඒත් මට කවදාවත් භවන්තගෙ හිත රිද්දලා සංජානිව ලබාගන්න බැරි නිසාම, ආයෙත් අම්මා ගැන මං හිතන්න ගත්තා. ඒත්.. දැන් මේ මොකද වෙලා තියෙන්නේ..?
         
"අ.... අනගි.. කතා කරන්න පුතේ.. ඔයාට දුක හිතුණා නේද..? මට මේ දේ ඔයාට නොකියා ඉන්නයි තිබුණේ.."
        
"දුක හිතුනෙ නෑ කියලා මට බොරු කියන්න බෑනේ තාත්තා...  හැමදාම අම්මා අද ඒවි.. හෙට ඒවි කියලා බලාපොරොත්තු තියාගෙන ඉන්නට වැඩිය, ඔහොම දැනගත්තු එකත් හොදයි.. දැන් මං දන්නවනේ එයාව මට නැතිවුණා කියලා.. කමක් නෑ තාත්තා.. කවුරු නැතිවුණත් ඔයා මගේ ළගින් ඉන්නවනේ.. මට ඒ ඇති.."
        
"ඔවු පුතේ ඔව්... අවුරුදු හතේ ඉදලා මං ඔයාව බලාගත්තා.. ඒක ඉස්සරහටත් එහෙමයි.. මං ඔයාව දාලා කොහේවත් යන්නෙ නෑ.. අපි හිටියා වගේම සංතෝසෙන් ඉදිමු.."
            
තාත්තගෙ ගාම්භීර කටහඩ ආයෙත් මට ඇහුණා.. මං එහෙම කතා කරපු එකත් හොදයි. නැත්නම් තාත්තා වුණත් අවුල් වෙනවා, මං අප්සට් කියලා දැනගත්තොත්. එහෙම නම් මං වෙච්චර දවසක් අම්මා ගැන හිත හිතා හිටියට අම්මා මං ගැන බිංදුවක්වත් හිතලා නෑ. අම්මා ගැන කියලා, මං තාත්තගෙ හිත රිදෙන්න කීපාරක් නම් කතා කරාද..? මගේ හිතට ආවේ කියාගනන් බැරි පසුතැවීමක්...
         
"තාත්තා දන්නවද වැඩක්...?"
         
ඒ ප්‍රශ්නෙ අහනකොට මං හුගක් සන්සුන් වෙලා හිටියේ..
          
"ම්... මොකක්ද අනගි..?"
       
"මං හෙට දෙයියත් එකක්ක මැඩ්රාස් එනවා ඔයාව බලන්න.."
       
"ව...වට්.. ඔයා විහිලු කරනවද අනගි..? "
    
"නෑ තාත්තා මේක ජෝක් එකක් නෙමේ.. අපි එනවා.. මං හෙට එයාර්පෝට් එකට ගිහින් ඔයාට ෆෝන් කරන්නම්. මටයි, දෙයියටයි ඔයාගෙ හොටෙල් එකට එන්න පුළුවන් නේ.."
           
මං කිව්ව දෙයින් තාත්තා හුගක් සන්තෝස වුණා කියලා මට දැණුනා. තාත්තට ඕන වුණේ හැමදාම මාව තාත්තා ළගින් තියාගන්න.. රිසිවර් එක තියලා ඉවරවෙලා මං දෙයියා දිහා බැලුවා.. උගේ මූණ ගන්න දෙයක් නෑ.. මාර විදියට අප්සට් වෙලා..
               
"දැන් එතකොට යන්න විතරයි තියෙන්නේ...?"

මගේ මූණ දිහා බලාගෙනම දෙයියා ඇහුවා.. 

"ඔව්... ඇයි...? වෙන මුකුත් අඩුපාඩුවක් තියෙනවා වගේ කියලා උඹට පේනවද.. ආ..?"

"න්.... න්හෑ.. මෙ.. මේ.."

"ආයෙත් සංජානි ගැන කතා කරන්නද යන්නේ..? ඒ ගැන කතා කරන්න එපා දෙයියා.. මං උඹට කලිනුත් කිව්වනේ.. මං මේ පුළුවන් තරම් හොදින් කියන්නේ.. මාව තේරුම් ගන්න බලපං.. හැබැයි මේක ලාස්ට් වොනිං එක.. භවන්තලගෙ ගෙදරට ෆෝන් කරලා අහුවනේන එපා.. හෙට එයාර්පොට් යනකන් උඹ ඉන්න ඕන මගෙත් එක්ක.."

"බේබි මහත්තයගෙ කැමැත්තක්.."

දෙයියා ඒ ටික කිව්වෙ හුගක් හිතේ අමාරුවෙන්.. ඊටත් වැඩිය හිතේ අමාරුවක් හිතේ දරාගෙන මං කාමරේට ආවා..


 

4 comments: